ගෙදර වැඩට පුතාලා එක් කරගත යුත්තේ ඇයි කියා ඔබ සිතුවාද?

ගෙදර වැඩට පුතාලා එක් කරගත යුත්තේ ඇයි කියා ඔබ සිතුවාද?

ලොව පුරා කාන්තාවන් හැමදාමත් වැඩ වලින් වැඩි හරියක්ම කරන බව වාර්තාවලින් දක්වනවා. අම්මලා තාත්තලා මොකද හිතන්නේ? මේ පරතරය අපි නැති කළ යුතුයි නේද?

ඔබට පුතාලා නම් ඉන්නේ, ගෙදර වැඩට පුතාලා එකතු කර ගන්න පුළුවන් නම් ඉන් බොහෝ ප්‍රයෝජන අත් විඳින්න පුළුවන්. මේ ලිපිය සැකසෙන්නේ පුතාලව ගෙදර වැඩට එකතු කරගන්න යොමු කර ගත හැකි පුංචි ඉඟි හා අදහස් කිහිපයක් ඔබට කියාදෙන්නයි.

ලොව පුරා කාන්තාවන් හැමදාමත් වැඩ වලින් වැඩි හරියක්ම කරන බව වාර්තාවලින් දක්වනවා.

සමහර අධ්‍යන වාර්තාවන්ට අනුව ගැහැණු දරුවන්ට පිරිමි දරුවන්ට වඩා ගෙදර වැඩ වලට යොමු වන්නට වෙන බව කියනවා. එත් අධ්‍යනයකට අනුව ගැහැණු දරුවෙකුට සතියකට වැඩ දෙකක් ලැබුණත් පිරිමි දරුවන්ට සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබුණු බවයි.

අම්මලා තාත්තලා මොකද හිතන්නේ? මේ පරතරය අපි නැති කළ යුතුයි නේද?

එහෙනම් පිරිමි දරුවන්ටත් ගෙදර පුංචි පුංචි වැඩට උදවු කර ගත්තාට වරදක් නැහැ. අද ඉඳන් පටන් ගමු.

1. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාම්ප්‍රදාය බිදින්න උදවුවක් වේවි

2016 වසරේ අපි ජිවත් වුවත් තාමත් ගැහැණු ළමයි ගෙදර දොර වැඩ ඉගෙන ගන්න ඕනේ කියන මතයේ ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ගැහැණු හෝ පිරිමි දරුවන් මේ ලෝකෙට එනකොටම ඔවුන්ගේ කර්තව්‍යයන් ලියවෙලා ඉවරයිද?

රෙදි සෝදන්න, ගේ අතු ගාන්න, මේ හැම කර්තව්‍යයක්ම ස්ත්‍රීන්ට පමණක් පැවරෙන්නේ ඇයි? ස්ත්‍රී පුරුෂ සම්ප්‍රදායික බව හරිම භයානක තත්වයක්. මේ මගින් ගැහැණු හා පිරිමි දරුවන්ගේ හිතෙත් මේ සම්ප්‍රදායික බව පැළපදියම් වෙනවා. ඉන් පසු ඔහු වැඩෙත්ම ඔවුන් තුළ ඇති නිසැඟ හැකියාවන් දියුණු කර ගැනීම සීමා වෙනවා. ඔවුන්ගේ සිහින වලට ඉගිලෙන්නට ලැබෙන්නේ නැහැ. කිසිම දෙමාපියෙකු තමන්ගේ දරුවා මේ තත්වය අත්විඳිනවාට කැමති නැහැ නේද?

2. ගෙදර වැඩට පුතාලා එකතු කරගැනීම ඔවුනට වගකීම් කියාදෙනවා

 අපේ දරුවෝ හැමෝම වගකීම් සහිත වැඩිහිටියන් ලෙස සමාජයට එනවට අපි කැමතියි. එත් අප විසින්ම ඔවුන්ව නිවසේ වැඩ කටයුතු වලදී හවුල් කර ගත්තේ නැත්නම් ඔවුන්ට ඉතා ලෙහෙසියෙන් වැඩක් කරලා නැතිනම් එය අවුල් කරලා ඔහේ දාලා යන්න පුළුවන් කියලා ඔහුට හිතෙන්න පුළුවන්.

මන්ද ගෙදර ඉන්න ගැහැණු ළමයි මේවා පිරිසිදු කරලා අස්කරලා තියයි කියන නසිකත්වය ඔවුන් තුළ ඇති වෙනවා.

ඉතින් ඒ නිසා ගැහැණු ළමයි ඔවුන්ගේ වගකීම ලෙස ගෙදර දොර වැඩ ඉගෙන ගන්නවා. ඔබට සරල උදාහරණයක් දක්වතොත් හිතන්න දරුවෙක් මුළු ගෙදරම අවුල් කරලා දාලා අනිත් ළමයි එක්ක එයාට කැමති දෙයක් කරනවා වෙන්න පුළුවන්.

මෙහි අභ්‍යන්තරයට කිඳා බැස්සොත් දරුවෙක් තමන් කළ වරද පිළිනොගෙන ඔවුන්ගේ වගකීම පැහැර හැරියා කියලා කියන්න පුළුවන්. මෙය මේ අකාරයටම ඔවුන් වැඩිහිටියන් වූ පසුව වුවත් සිදු වෙන්න පුළුවන්.

ඔබේ පිරිමි දරුවන් ගෙදර දොර වැඩට උදවුකර ගන්නකොට වගකීම් පිලිබඳ ඉතා දැඩි ලෙස ඔවුන් දකින හැටි තේරුම් කර දෙන්න පුළුවන්.

අද ඔබේ පුතාට එයාගේ සෙල්ලම් බඩු ටික සෙල්ලම් කලාට පස්සේ අස් කරන්න පුරුදු කලොත් හෙට දවසේ එයා වැඩිහිටියෙක් වුනහම එයට ඇති වගකීම් පැහැර හරින්නේ නැහැ. දවසක ඔහු සැමියෙක් වුන දවසට, පියෙක් වුන දවසට ඔහු ඔහුගේ වගකීම් වලින් පැනලා යන එකක් නැහැ.

එකෙන් කියන්නේ ඔහුට ඒ ජීවිතය තුළ අමුත්තක් දකින්නේ නැහැ. ඒ නිසා ඔහුට වගකීම් වලින් ලිස්සලා යන්න දෙයක් නැහැ.

3. පාසලේදී ඔහුට එය අත්වැලක් වෙයි

ඔබ ගෙදරදී පුතාව ගෙදර දොර වැඩට උදවු කර ගත්තොත් ඔවුන් පාසලේදී ඉතා හොඳින් දක්ෂතා දක්වාවි. විශේෂඥයන්ට අනුව පිරිමි දරුවන් වැඩිපුර ගෙදර දොර වැඩට පුහුණු විය යුතු බවත් එමගින් ඔවුන්ට ලැබෙන ආත්ම විශ්වාසය නිසා පාසලේදී ඔහු කිසිසේත්ම පසුබාන්නේ නැති බවත් කියනවා. 

ඔබේ පුතා එයා විසින්ම කාමරය අස් කරගෙන කාමරේ කුණු ඉවත් කරලා ඇඳුම් නිසි තැන තියලා පිළිවෙලට ඉන්නවා නම් ඔහුට තරවටු කරමින් ඔහු පිටුපස යන්නට ඔබට සිදු වන්නේ නැහැ.

විශේෂයෙන් පාසලේදී කළ නොහැකි වූ වැඩ හා පාසලේ ව්‍යාපෘතීන් ආදියට ඔබේ තල්ලුව නිතරම උවමනා වෙන එකක නැහැ. මේ නිසා අප මුලින් කියපු වගකීම් දරාගැනීමේ හැකියාව මින් වැඩි වෙනවා.

4. ඔවුන්ට කරුණාව, දයාව පහදා දෙන්න

ඉස්සර කාළේ නම් පිරිමි දරුවන් ඔවුන්ගේ මව්වරු උදේ සිට රාත්‍රිය වෙන තුරු එක ලෙස වැඩ කල හැටි දන්නවා. සමහර විට ඔවුන් අම්මාට උදවු කරන්න නොහිතන්න ඇති.

ඒ වගේම අම්මලාත් එහෙම බලාපොරොත්තු නොවෙන්නත් ඇති. එම පිරිමි දරුවාම දවසක වැඩිහිටියෙකු වෙලා ඔහුට වෙලාවට කෑම මේසයට නාවහම ඔහුගේ බිරිඳට කෑ මොර දෙනවා. නැතිනම් ඔහුගේ ඇඳුම් ටික නවලා නැහැ කියලා චෝදනා කරනවා.

පුරුෂාධිපත්‍යයයෙන් ඇත් වෙලා අපේ දරුවන් මානුෂීය ගුණ වලින් පිරි හා අන් අයව වටහා ගන්න දරුවන් කරන්නට නම් එය ඇරඹිය යුත්තේ ඔබේ නිවසින්මයි. මුලින්ම මෙය සුළු ප්‍රමාණ කාර්යයක් වෙන්න පුළුවන්.

නමුත් එයට විනෝදයත් මුසු කරමින්  ගේ අස්පස් කරන්න, රෑ කෑම හදන විට ඔවුන්ව එක් කර ගැනීමෙන් ඔවුන් හැමදාමත් මේ වැඩ කරලා දෙන්නද කියලා  අහන්න පුළුවන්.

එහිදී දෙමාපියන් විදිහට ඔබ අනුගමනය කල විදිහ ජය ගන්නවා. මන්ද ඔබ එය ඉටු කරගන්නේ දරුවන්ට අනුකම්පා විරහිත විදිහට කටයුතු කරලා නෙමෙයි.

මේ දේවල් කෙමෙන් හුරු කරද්දී පිරිමි දරුවන් පිළිවෙලකට ඒකාග්‍රතාවයෙන් වැඩ නොකරන එක වළක්වන්න ඔබට ටිකක් තදින් ඉන්න පුළුවන්. නැතිනම් ඔවුන් පිළිවෙල ඉගෙන ගන්නේ නැහැ කවදාවත්.

ගෙදර වැඩට පුතාලා ගේ වයස අනුව උදවු ලබා ගන්න

වයස අවුරුදු දෙකක දරුවෙකුට කුණු ටිකක් අස් කරන්න බැහැ. ඒ නිසා වයසට සුදුසු උදවුවක් ගැනීමට හොඳින් කල්පනා කළ යුතු වෙනවා.

එය සතුටින් කරන්න 

දරුවන්ට යමක් විනෝදය සමග කරන්න ලැබුනොත් එය ඔවුන්ට බරපතල වැඩක් වැඩක් ලෙස හැඟෙන්නේ නැහැ. ඊට අදහස් කිහිපයක්

  1. දරුවාට ඔවුන් කැමතිම සින්දුවක් කියමින් යමක් පිරිසිදු කරන විට කරන්න දෙන්න.  බොහෝ දරුවන් තරමක් ලොකු වූ විටත්, දෙදෙනෙක් ඉන්න විට එකටත් ගායනා කරන්න ඔවුන්ට පුළුවන්.
  2. අස්පස් කිරීම ක්‍රීඩාවක් බවට පෙරලන්න. ඔවුන්ගේ බ්ලොක්ස් හා ලෝගෝ ඉක්මනින්ම අස් කරන කෙනා දිනන බව කියන්න. නැත්නම් පාට අනුව වෙන් කරන්න කියන්න පුළුවන්.
  3. රෙදි සෝදන්නට සුදානම් වන විට පාට අනුව රෙදි තෝරන්න ඔබට උවමනා නම්
    ක්‍රීඩාවක් ලෙස දරුවන්ට පාට තෝරන්න කියනවා.ඉන් පසු මුලින්ම තෝරන කෙනා ජයග්‍රාහකයා බව පවසනවා.

ඔවුන්ට කාර්යය අනුව ප්‍රසාද ලකුණු ලබා දෙන්න. මසකට වරක් ලේඛනයක් සාදා ඔවුන් කළ හොඳ වැඩ වලට තරු ලබා දෙන්න. සමහර විට ජයග්‍රහණය සඳහා ඔවුන් කැමති කෑමක්, නැතිනම් විනෝද ගමනක් ඔවුන්ට ලබාදෙන්න පුළුවන්.

දරුවන් සමග වැඩ කරන විට දෙමාපියනුත් ඔවුන්ගේ සිතුවිලි තේරුම් ගැනීම වැදගත්. නිතරම ඔවුන්ව අගයන්න පුළුවන් නම් ඔවුන් උද්යෝගිමත් වෙනවා.

theAsianparent Sri Lanka ඔබට මේ කරුණු මතක් කළේ විශේෂයෙන් පිරිමි දරුවන් ඉන්න අම්මලාට ටිකක් හිතන්නයි. ඉගෙන ගන්නයි. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ