පුතුන් ලද දෙමව්පියන් ඔවුන්ගේ හැගීම් වලට සහාය ලබාදීම අත්‍යාවශ්‍යයි.

lead image

මෑත අධ්‍යයනයන් වලට අනුව, පුතුන් ලද දෙමව්පියන් දියණියන් සිටින අයට වඩා හැගීම් වලට  සහාය ලබාදීම  කල යුතු වේ. මෙන්න හේතුව.

ගැහැනු දරුවන්  පිරිමි දරුවන්ට වඩා වේගයෙන් වර්ධනය වන බව රහසක් නොවේ. ගැහැණු ළමයින් කලින්ම උස යන  බව හදුනාගෙන  ඇත. හැසිරීම සලකන විට ගැහැණු දරුවන් පරිණත වෙන බව දැනුවත්ය.

මේ වර්ධනයේ සහ සංවර්ධනයේ ඇති වෙනස්කම් නිසා දෙමාපියන් දරුවන්ට හැගීම් වලට  සහාය ලබාදීම  සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි. ළදරු අවධියේ  පවා සංවර්ධනයේ අසමානතාව  දැක ගත හැකිය.

ගැහැනු ළමයින්ට වඩා පිරිමි ළමුන්ගේ හැගීම් පහසුවෙන් බිදෙන සුළුයි.

එක්සත් ජනපදයේ සෞඛ්‍ය ජාතික පුස්තකාලයේ ප්‍රකාශයට පත් කරන ලද බිදුනු මිනිසා නමැති පර්යේෂණයකට අනුව, පිරිමි දරුවාගේ මොළය වඩාත් දුර්වල වන අතර ඔවුන්ගේ මවගේ සිතුවිලි හා හැඟීම් ලබාගන්න කැමතියි.

ඔවුන් ඉපදෙන විට, ඔවුන්ගේ මොළය අවම වශයෙන් සති හයක්වත් යන විට වැඩි දියුණු වෙන බව සොයාගෙන තිබෙන අතර කුඩා ගැහැණු දරුවෙකුගේ මොළය තරම් සංවර්ධනය නොමැත.

මෙම වාසිය කුඩා ගැහැණු ළමුන්ට ඔවුන්ගේ වර්ධනයෙහි සෑම අදියරකින්ම ඉදිරියට ගෙන යමින්, ශාරීරිකව පමණක් නොව, සමාජ හැගීම්  පරිණත තත්වයට පත් වෙමින් පිරිමි දරුවන්ව පසු බැසීමකට ලක් කිරීමට හේතු වෙනු ඇත.

ජෛව විද්‍යාත්මක සාධක වලට අමතරව, දෙමාපියන් ඔවුන්ව අදාළ කරන  ආකාරයද ඔවුන්ගේ හැගීම්  වර්ධනය කෙරෙහි බලපෑම් කරයි.

පොදුවේ ගත් කල, දියණියන් ලද දෙමව්පියන් ඇයව මානසිකව පෝෂණය කරනවා . පිරිමි ළමයින්ට රළු වෙන්න යනුවෙන් පවසනු ලබනවා.

නමුත්, පිරිමි ළමුන්ගේ දෙමව්පියන් හැගීම් වලට සහාය ලබාදීම සදහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු වේ.

ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්  වැඩියෙන් සංවේදී වේ.

මම හැම විටම මෙය සත්‍ය  බව දැන සිටියා. පුංචි ගැහැණු ළමයෙක් ලෙස මගේ අම්මා මා හා මගේ සහෝදරයා කරුණාවන්තව හා අපගේ හැඟීම් ප්‍රකාශ කිරීමට දිරි ගැන්වුවා.

මගේ වයස අවුරුදු අටක් වු පුංචි සහෝදරයා ඔහුගේ පන්තියේ ළමයින්ට වඩා කුඩා වූ අතර ඔහුව හිංසනයට ලක් වුනා.

ඔහුගේ ගුරුතුමා විශ්වාස කල විසදුම වුයේ ඔහුට දැඩි වීමට ඉගැන්වීමයි. අනිත් නෑදෑයින්ද නිතරම දැඩි ලෙස පහර දීමට ඔහුට උගන්වනු ලැබීය.

කෙසේ වෙතත් අපේ අම්මා, ඔහුගේ සංවේදී ගුණාංග අගය කිරීමට ඉගැන්වූ අතර ඒවා දුර්වලකමක් ලෙස නොසැලකුවා.

අවුරුදු 20 කට පසු ඔහු තමාගේම ව්‍යාපාරයක්  පවත්වාගෙන යන හොඳ නායකයෙක් බවට පත්වුනා.

ඔහු අදහස් කිරිමකින් තොරව තමාගේම ආකාරයෙන් දැඩි ලෙස කටයුතු කරයි.

මෙය දරුවන්ගේ හැගීම් වලට සහාය ලබාදීම සඳහා වන එකම දෙය නම්, ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට එය අවශ්‍යයි, ඒ එයට සාමාන්‍යයෙන් ප්‍රමුඛතාවයක් නොලැබෙන නිසයි.

දෘඩ වීම තුලින් පුරුෂාධිකාරිත්වය ඇති විය හැකි බව ඔබේ පුතුන්ට ඉගැන්වීම

පිරිමි ළමයින්ව  දෘඩ බාහිර පෙනුමක් ඇති කිරීම දිරිගැන්වීම තුලින් පිරිමි ළමුන්ගේ සංවේදීතාව පෙන්වීම හා ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම නොදැනුවත්වම අධෛර්යමත් කරන අතර පුරුෂාධිකාරිත්වය ඇතිවීම සදහා එය මුල් විය හැකිය.

දැඩි වීම බොහෝවිට අප නොදැනුවත්ව වුවද, අපි අපේ දරුවන්ට සම්බන්ධ වන විට ස්ථීර ආකෘතියකට නැඹුරු වන අතර ස්ත්‍රී පුරුෂ කාර්යභාරය උපකල්පනය කරනවා.

අපේ දරුවන්ට ලබා දෙන සෙල්ලම් බඩු තුලින්  මෙය පැහැදිලි වේ. පොෂණීය ගුණාංග ප්‍රවර්ධනය කරන බොනික්කන් වැනි සෙල්ලම් බඩු ගැහැණු ළමයින්ට ලබා දෙන අතර පෞරුෂත්වය ප්‍රවර්ධනය කරන සෙල්ලම් කාර් හෝ සංගීත උපකරණ වැනි සෙල්ලම් බඩු පිරිමි ළමයින්ට  ලබා දෙනු ලබයි.

දෙමාපියන් දරුවන්ට ලබා දෙන හැගීම් සදහා වු සහාය ද දෙමාපියන් පිරිමි ළමයින්ට හා ගැහැණු ළමුන්ටද විවිධ ආකාරයෙන් කථා කරන ආකාරය  තුලින් දැක ගත හැකිය.

පීඩියැක්රික් හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, මව්වරුන් තමන්ගේ ගැහැණු දරුවන්ට කථා කිරීමට විශේෂයෙන්  ඔවුන්ගේ ජීවිතයේ මුල් මාස ​​කිහිපය තුළ වැඩි කාලයක් ගන්නවා.

විනය හැසිරවීම සම්බන්ධයෙන් ගත් විට ඇතැම් දෙමාපියන් ගැහැණු ළමයින්ව සම්බන්ධයෙන් වඩා මෘදු වන අතර පිරිමි ළමයින් සම්බන්ධයෙන් වඩා ස්ථීර වේ.

ඒර්මි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වලින් පෙනී යන්නේ පියා තම දියණියන්ට ගායනා කිරීම හා සිනහා වීමේ පුරුද්දක් ඇති අතර පුතුන් සමඟ කාරණාවට අදාල හඩින් කථා කරන අතර ජයග්‍රහණයන් ප්‍රශංසා කිරීම පිළිබඳව අවධාරණය කරනු ලබයි.

දරුවන්ට අනාගතයට හා  එහි ඇති අභියෝගයන්ට මුහුණදීමට ඔවුන්ට උපකාර කිරීමට හැගීම් සදහා සහාය දීම වැදගත් වෙනවා.

තමන්ගේ පුතුන් සඳහා දෙමාපියන්ට වැඩියෙන්  හැගීම් සදහා සහය දීම කලහැක්කේ කෙසේද?

ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීම යනු ඔවුන්ගේ ජීවිතයේ සෑම අදියරක්ම ගත කිරීමට සහාය වන හැඟීම් කළමනාකරණය කිරීමේ මාර්ගයන් වර්ධනය කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහාය සහ මඟ පෙන්වීම ලබා දීමයි.

මානසික සෞඛ්‍ය සම්පන්න පුතෙකු හදාවඩා ගැනීමට උත්සාහ කරන විට සලකා බැලිය යුතු කරුණු කිහිපයක් මෙහි දැක්වේ.

ඔවුන්ගේ අරගල පිළිගන්න. බිය හෝ අනාරක්ෂිත බව වැනි දේ නිසා  ඔවුන්ගේ සටන් ​​නොසළකා හැරීම, ප්‍රතික්ෂේප කිරීම  මගින් ඔවුන් ඉවත්ව නොයනු ඇත. ඔබේ පුතා මුහුණ දෙන දුෂ්කරතාවන් පිළිගනිමින් නිසි මග පෙන්වීම සඳහා මාර්ගය සකස් කිරීමට පහසු කරන අතර, මෙම අරගලයන්  නිසා ඔහුගේ හැගීම් සංවර්ධනය බාධාවීම වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔවුන්ගේ හැඟීම් තහවුරු කරන්න. ඔහුගේ හැඟීම් ගැන සැලකිලිමත් බව ඔහුට සහතික කරන්න. ඔබේ පුතා සංවේදීතාව පෙන්වන විට නොසලකා නොහැරිය යුතුයි. "හැගීම් පුහුණු කිරීම" අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදීය. "නරක හැඟීමක්" කියා දෙයක් නැත. ඔවුන්ව කනස්සල්ලට පත් කරන ඒ්වා වලංගු වන අතර අවධානය යොමු කල යුතු වේ.

ප්‍රතික්‍රියා නොකරන්න. නමුත් විනිශ්චයකින් තොරව පරාවර්තනය කරන්න. ඔබේ මතය ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් වඩාත් ප්‍රතික්‍රියාශීලී නොවී මුලින්ම සවන් දෙන්න උත්සාහ කරන්න. සවන් දීම දරුවන්ට හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමට උපකාරී වන අතර, ඔවුන්ගේ හැගීම් වාග්මාලාව ගවේෂණය කිරීම සදහා දිරිගන්වයි.

අවශ්‍ය නම් අන් අයගේ උපකාර ගන්න. දෙමව්පියන් වශයෙන්, ඔබේ දරුවන්ගේ දේවල් වලදී අන් අයගේ මඟ පෙන්වීම අවශ්‍ය බව පිළිගැනීමට අපහසු විය හැකිය. නමුත් සමහර අවස්ථාවලදී මෙසේ කිරීමට සිදුවෙනු ඇත. අවශ්‍ය වු  විට මානසික පීඩනය හා කාංසාව කළමනාකරණය කිරීම සඳහා වෘත්තීය සහාය ලබා ගැනීම හෝ පළපුරුදු  නැදෑයෙකුගේ උපකාරය ලබා ගැනීමට පසුබට නොවන්න.

ගුණාත්මක කාලයක් එක්ව ගත කිරීම විශේෂයෙන් ඔවුන් අසීරු කාල ගත කරන අවස්ථා වලදී,   ඔවුන් වෙත අවධානය යොමු කිරීම සඳහා ඔබට දවසේ පැය කිහිපයක් නිදහසක් ලැබීම තරම් වෙන කිසිවක් නැත. මෙය ඔබගේ අවස්ථාව මත පීඩනය අඩු කරන අතර විනෝදජනක හා සැහැල්ලු බැඳීමක් හා සන්නිවේදනයක් ඇති කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.

විවෘත වීමට ඔවුන්ව පීඩනයට පත් නොකරන්න. ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ වේගයකින් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. ඔවුන් කතා කිරීමට සූදානම්ව සිටින විට ඔබ ඔවුන් වෙනුවෙන් එහි සිටින බවට සහතික වන්න.

ඔබේ මානසික සෞඛ්‍ය ගැන බලාගන්න. සියල්ලටම වඩා, ඔබේම හැගීම් වල යහ පැවැත්ම රැකබලා ගන්න. මෙම අංශයෙන් ඔබ සෞඛ්‍ය සම්පන්නව සිටින බවට වග බලා ගැනීම ඔබේ දරුවාගේ අවශ්‍යතා වඩා හොඳින් රැකබලා ගැනීමට ඔබට උපකාරී වේ.  හොඳින් සකස්වුන, හැගීම් පිළිබද තේරූම් ගත්  වැඩිහිටියන් බවට පත්වීමට දරුවන්ට උපකාර කිරීම සඳහා ප්‍රීතිමත් සහ තෘප්තිමත් දෙමාපියන්ට අවශ්‍ය වේ.

පුතුන් ලද දෙමව්පියන් සදහා හොද හැගීම් වලින් පිරි පුන් පුතෙකු දයාද කරන්න මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී