පුංචි පුතෙකුට ආසියිද?

lead image

පුංචි පුතෙක් පවුලට එක්කර ගන්න හිතන ඔබට මේ ඉඟි වැදගත් වේවි.

පුංචි පුතෙක් පවුලට එක්කර ගන්න හිතන ඔබට පුතෙක් පිලිසිඳ ගැනීම ගැන මේ ඉඟි වැදගත් වේවි. හුඟක් වෙලාවට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දෙමාපියන් කියන්නේ දුවෙක් වුනත් පුතෙක් වුනත් කමක් නැහැ. ඒ නිරෝගී දරුවෙක් නම් කියලයි.

ඔබේ ආදරයට පුතෙක් වුනත් දුවෙක් වුනත් සීමාවක් නැති වුනත්, දුවෙක් ඉන්නකොට පුතෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න ඔබට මේ පුතෙක් පිලිසිඳ ගැනීම ගැන ඉඟි වටිනා බව අපි දන්නවා.

පුතෙක් පිලිසිඳ ගැනීම 

1. ඔබේ අර්තව චක්‍රය ගැන දැනුවත් වෙන්න

කවුරුත් දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඔවුන්ගේ චක්‍රය ගැන දැනුවත් වෙනවා. නමුත් පුතෙක් ලබාගන්න හිතනවා නම් එක තවත් වැදගත්. පුතෙක් ලබාගන්න හිතනවා නම් එය චක්‍රයේ ඩිම්බ නිෂ්පාදනය වන කාලයට ඉතාම අසන්න විය යුතු වෙනවා. පිරිමින්ගේ පිරිමි ශුක්‍රාණු ඉක්මනින් නිපදවෙන්නා සේම ඉක්මනින් මැරෙනවා.

නමුත් (Y-chromosome) ගැහැණු ශුක්‍රාණු එසේ නැහැ. එහි ඩිම්බය සමග එක්වීමට කාලය ගන්නවා. ඩිම්බ නිෂ්පාදනයට ආසන්න කාලයේ ඔබ එක් වුනොත් ඔබ පිරිමි ශුක්‍රාණු සඳහා වැඩි ඉඩක් ලබාදෙනවා.

වැදගත් ඉඟිය - චක්‍රය මැදදී ඔබට එය දැනෙනවා. සමහර විට ලිංගේන්ද්‍රිය අවට වේදනාවක් වැනි ඉඟි දැනෙනවා. නැත්නම් අවට ප්‍රදේශය මේ දිනවල තෙත ස්වභාවයක් ගන්නවා.

2. චීන ස්ත්‍රී පුරුෂ වගුව

චීන ස්ත්‍රී පුරුෂ වගුව දැන් කාලාන්තරයක් පුරා ලොව පුරා ප්‍රචලිතයි. බොහෝ දුරට එය 99% ක් පමණ සාර්ථක වී තිබෙන බවට සාක්ෂි තියෙනවා. මිට මවගේ වයස හා පිළිසිඳ ගැනීමට අදහස් කරන මාසය හා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අයත් වෙනවා. ඔබට පිළිසිඳ ගැනීමට සුදුසුම මාසය තෝරා ගෙන මේ ක්‍රමය උත්සාහ කර බලන්නත් පුළුවන්.

3. ඔබේ ආදරය කෙතරම් ගැඹුරුද?

ඔබට පිරිමි දරුවෙක් අවශ්‍යනම් මිෂනරි ආකාරයට හැසිරීම වැදගත් හා Shettles ක්‍රමය අනුගමනය කළහැකිය. ගැඹුරු එක්වීමක් තුළින් පිරිමි ශුක්‍රාණු ඩිම්බ ළඟට ළං කිරීම පහසු කරනවා. මේ නිසා ඔබේ සැමියා සමග ගැඹුරු එක්වීමක අවශ්‍යතාවය තිබෙනවා.

Shettles ක්‍රමය මගින් 75% ක සාර්ථකත්වයක් හා කැනේඩියානු ලියාපදිංචි හෙදියකට අනුව  Shettles ක්‍රමය ස්ත්‍රී පුරුෂ බව තේරීමේ සැලසුමට අනුව 95% සාර්ථකත්වයක් ලබා තිබෙනවා.  

4. පුතෙක් පිලිසිඳ ගැනීම: පසුබිම සකස් කරන්න

පිරිමි ශුක්‍රාණු නිපදවීමේ කාර්යට පෝෂණීය ආහාරද වැදගත් වෙනවා. මේ නිසා ඔහුට

  • හැමදාම කැඳ වර්ග ලබාදෙන්න
  • නැවුම් පලතුරු හා එළවළු ගන්න
  • සීනි සහ පෙර සකසන ලද කෑම වලින් ඉවත් වෙන්න උදවු කරන්න

WebMD කරන ලද සමීක්ෂණයකට අනුව ගර්භණි මව්වරුන්ගෙන් පොටෑසියම් බහුල හා උදෑසන සීරියල් ගන්නා අයට පිරිමි දරුවන් ලැබීමේ සම්භාවිතාව වැඩි බව සොයාගෙන තියෙනවා.

නමුත් විශේෂයෙන් දක්වන ආකාරයට ඊට හේතුව කැලරි වල වැඩිවීමද නැතිනම් පොටෑසියම් වල ප්‍රතිඵලයක්ද යන්න පැහැදිලි නැති බව පවසනවා. ඒ වගේම සුරතාන්තයේදී එහි PH අගය වැදගත් වන අතර ඔබේ සැමියා සමග අවබෝධයෙන් බිරිඳ පළමුව සුරතාන්තය කරා යාම වැදගත් වෙනවා.

5. ශරීරය උණුසුම්ව පැවතීම

උණුවතුර නෑම, දිගු වේලාවක් ඉඳගෙන සිටීම වැනි දේවලින් ශුක්‍රාණු උණුසුම් වෙනවා. ඉන් ශුක්‍රාණු වල සාමාන්‍ය වේගය අඩු කරනවා. ඉන් ඩිම්බය කරා යාම ප්‍රමාද වන අතර පිරිමි ශුක්‍රාණු ඉන්පසුව ළඟා වීමෙන් ඩිම්බය සමග එක් වෙනවා.

6. කැෆේන් අඩංගු පානයක් ගැනීම

සංසර්ගයට පෙර කෝපි පානයක් මගින් ශුක්‍රාණු වල ගමන අපේක්ෂිත ලෙස සිදුවෙනවා. ඉන් Y ශුක්‍රාණු ක්‍රියාකාරී වෙන බවත් විද්‍යාත්මකව සනාථ කරනවා.

 7. පුතෙක් පිලිසිඳ ගැනීම: ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගැනීමට ක්‍රියාත්මක වන ආකාරය

සංසේචනයේදී  මිලියන 200 කට වඩා ශුක්‍රාණු  විනාශවන අතර මෙලෙස විද්‍යානුකූල එක්වීමේ කාර්ය සාර්ථක වීම හරියටම නිවැරදි වීමේ අවස්ථාව ඇතත් එය නිශ්චිත නැහැ. ඒ නිසා මේ ස්වභාවික ක්‍රමයන් ක්‍රියාවට නැංවීමෙන් ඔබේ අපේක්ෂාවන් ඉටු වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ක්‍රමයන් හරි ගියේ නැතත් ඔබට දුවෙක් හරි පුතෙක් හරි ලැබෙනවා. ඉන් සතුටු වෙන්න පුළුවන්.

ඔබේ අපේක්ෂාවන් වෙනුවෙන් theAsianparent Sri Lanka මේ අදහස් ගෙන ආවේ දරුසුරතල් බලන්නට සිහින මවන ඔබ වෙනුවෙනුයි.     

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ