දුවෙක් බිහි කරනවාට වඩා පුතෙක් බිහි කරන එක අමාරුද?

පුතෙක් බිහි කිරීම වඩාත් වේදනාකාරී බව අධ්‍යයනයකින් තහවුරු වෙයි. මේ ඒ ගැන තොරතුරුයි.
ළදරු නාම උත්පාදකය
ස්ත්‍රී පුරුෂ භාවය
අකුර
ප්‍රභේදය
සොයාගත් ළදරු නම්
සොයාගත නොහැක
පුතෙක් බිහි කිරිම කල අවස්ථාවේ අත්දැකීම් ගැන මතකය පවා මවුවරුන්ට බියජනක වෙන්න පුළුවන්. ඒ අතරම, ගොඩාක් අම්මලා තමන්ගේ දරුවාට ජීවිතය දෙන්න දරුණු වේදනාවන් විද දරා ගන්නවා.
නමුත් ඔබේ දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව ඔබේ දරු ප්‍රසූතියේ වේදනාව අඩු වැඩි වීමට බලපාන බව ඔබ දැන සිටියාද?
දියණියක් බිහි කිරීමේදී විදින වේදනාවට සාපේක්ෂව පුතෙක් බිහි කිරීමේදී වැඩි වේදනාවක් ලැබෙන බව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.
පුතෙක් බිහි කිරිම ගැන පරීක්ෂණය වලින් කියවෙන්නේ මොකද්ද ?
ග්රැනඩා විශ්ව විද්‍යාලයේ (UGR) පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ග්‍රැනාඩා හි සැන් සිසිලියෝ සායනික රෝහල කරන ලද අධ්‍යයනයක් කරන ලදී.එය පදනම් කරගත් ලිපියක් ළමා පර්යේෂණ සඟරාවේ පල වුනා.
ජේවියර් ඩයස් කැස්ත්‍රෝ ( Javier Diaz Castro) සහ ජුලියෝ ඔචෝවා හෙරේරා (Julio Ochoa Herrera)මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂකයන් වුනා.
මෙම පර්යේෂණය ඔවුන් දියත් කලේ UGR හි කායික විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්වයි.
ගැහැණු දරුවෙකු බිහි කිරීමට වඩා පිරිමි දරුවෙකු බිහි කිරීම වඩා වේදනාකාරීද යන්න සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ වුනා.
දියණියක් බිහිකිරීමට සාපේක්ෂව පුතෙක් බිහි කිරිම වඩා වේදනාකාරී වන්නේ ඇයි?
පුතෙක් බිහි කිරිම: වෙනත් අවදානම්
පිරිමි ළමයෙකු බිහි කිරීමේදී ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව විවිධ අධ්‍යයනවලින් කියවෙන දේවල් අපි බලමු.
- පිරිමි දරුවන් නියමිත දිනට වඩා කලින් උපත ලබන්න පුළුවන් . ඒ මඟින් දරුවාට බොහෝ සංකූලතා ඇති කරනවා.
- පුතුන් නොමේරූ දරු උපතක් ලැබීමට බොහෝ ඉඩ තියෙනවා.
- ගර්භණී අවධියේ සති 20 සිට 24 දක්වා කාලය තුළ පිරිමි ළදරුවන් බිහිවීමේ අවදානම සියයට 27 කින් වැඩි වෙනවා.
- ගර්භණී අවධියේ සති 30 ත් 33 ත් අතර පිරිමි දරු උපත් සිදුවීමේ සම්භාවිතාව සියයට 24 කින් වැඩි වෙනවා.
- තවද, ගර්භණී අවධියේ සති 34 සිට 36 අතර පිරිමි දරුවන් බිහිවීම සියයට 17 කින් ඉහළ වෙනවා.
- පිරිමි දරුවන් කුස දරා සිටින ගර්භණී මවුවරුන්ට දරු ප්‍රසුතියේදී ගර්භණී දියවැඩියාව, පූර්ව එක්ලම්ප්සියාව (pre-eclampsia) සහ අධි රුධිර පීඩනය (high blood pressure) ඇතිවීමේ අවදානම වැඩි වෙනවා.