ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පෞද්ගලික මාතෘ රෝහල් ලැයිස්තුවක්

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පෞද්ගලික මාතෘ රෝහල් ලැයිස්තුවක්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාතෘ රෝහල් ලැයිස්තුවක් තමයි මේ. ඔබේ දරු ප්‍රසූතිය ගැන නිවැරදි රෝහල තෝරාගන්නට මෙම ලිපිය උපකාර වනවා නියතයි

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

දරු ප්‍රසූතියට සූදානම් වන මව්වරුන් මුහුණ දෙන විශාල ගැටළුවක් නම් දරු ප්‍රසුතිය සදහා කොළඹ නගරයේ පුද්ගලික මාතෘ රෝහල් යනවාද නැතිනම් රජයේ රෝහල්කට යනවාද යන්න තීරණය කිරීම. ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාතෘ රෝහල් සැළකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. මේවායින් බහුතරයක් තිබෙන්නෙ කොළඹ නගරයේ. 

මෙම ලිපියෙන් අප පුද්ගලික මාතෘ රෝහල් කිහිපයක් ඔබ වෙත ගෙන එන බැවින් පුද්ගලික රෝහලකට යාමෙන් මවකට ඇතිවන වාසි හා අවාසි කීපිහිපයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වනවා.

මෙහිදී පුද්ගලික රෝහල් හා  රජයේ රෝහල් අතර ඇති මූලික වෙන්ස්කම් කිහිපයක් ගැන සඳහන් කිරීමෙන් ඔබට මේ ගැන තීරණයකට ඒම වඩාත් පහසු වේවි කියා අප විශ්වාස කරනවා.

ප්‍රසුතියෙන් පසු

පුද්ගලික මාතෘ රෝහල් වලින් මවකට ලබාගත හැකි වාසි
1. සුවපහසුව 

පුද්ගලික මාතෘ රෝහල් වල කැපී පෙනෙන අංගයක් වන්නේ සුවපහසුවයි. වෛද්‍ය පරීක්ශන කාමරය, වෛද්‍යවරයා එන තුරු සිටින ස්තානය මෙන්ම රෝහල් වාට්ටු ආදී සෑම කොටසක්ම වායු සමීකරණය කොට ඉතාමත්ම සුවපහසු වටපිටාවක් රෝගියාට හෝ ගැබිනි මවට සලසා දෙනවා. 

2. කාලය ඉතිරි කර ගැනීම

රජයේ රෝහල්වලට වඩා පුද්ගලික රෝහල් වල තවත් ලොකු වෙනසක් වන්නේ මව හමුවීමට බලාපොරොත්තු වන ප්‍රසව හා නාරි වෛද්‍යවරයා හමුවීමට කල් තියා වේලාව වෙන්කරගැනීමට ඇති හැකියාවයි. නියමිත වෛද්‍යවරයා නියමිත කාලයට පැමිණෙන බැවින් තමන්ගේ දවස හොඳින් කළමනාකරණයණය කරගෙන කාලය ඉතිරි කර ගැනීමේ හැකියාව මවකට ලැබෙනවා.

3. තමන් කැමති වෛද්‍යවරයකු හමුවීමේ නිදහස

පුද්ගලික රෝහල් වල තමන් කැමති වෛද්‍යවරයෙක් හමුවීමේ හැකියාව තිබෙනවා. ප්‍රසූතියට පෙර තමන් කැමති ප්‍රසව හා නාරි වෛද්‍යවරයා කල්තියාම තෝරාගැනීමේ පහසුකම පමණක් නොව, දරු ප්‍රසූතියෙන් පසුවද තමන් කැමති ළමා වෛද්‍යවරයෙක් ළමා විශේෂඥ වෛද්‍යවරයකු තෝරා ගැනීමේ හැකියාව මවකට ලැබෙනවා.

4. සැපපහසු නවාතැන්

බොහෝ විට තමන්ට වෙනකරවාගත් කාමරයක් වෙන්කරගැනීමේ හැකියාව පුද්ගලික රෝහල් වලින් ලැබෙනවා. මෙවැනි බොහෝ කාමර රූපවාහිණී, වායු සමීකරණ, ශීතකරණ පවා සවිකළ සුපිරි කාමර පහසුකම් සහිත ඒවායි. මෙවන් රෝහල් ගණනාවක් තිබෙන බැවින් තමන් කැමති රෝහලක් මෙවන් පහසුකම් සහිතව දරු ප්‍රසූතියට තෝරාගැනීමේ හැකියාව මවකට ලැබෙනවා.

5. දවස පුරා රෝගීන් බැලීමේ හැකියාව

රෝහලේ නැවතීමට සිදුවෙන අවස්තා වලදී රෝගීන් බැලීමට නියමිත වෙලාවක් වෙන්කර නොමැති බැවින් තමන්ට කැමති ආකාරයෙන් ඕනෑම වෙලාවක රෝගියා හමුවීමට රෝගියාගේ නෑ හිතවතුන්ට අවකාශ ලැබෙනවා.

6. ගැබිණි මවගේ තනියට කැමති කෙනෙකු ළඟ තියා ගැනීමේ හැකියාව

රජයේ රෝහල් මෙන් නොව, පුද්ගලික රෝහල් වල ගැබිනි මවගේ තනියට තමන්ගේ සැමියා හෝ, මව හෝ තමන්ට  පහසු ඕනෑම කෙනෙක් ළඟ තියා ගැනීමේ නිදහස මවට ලැබෙනවා.

පුද්ගලික මාතෘ රෝහල් වලින් ඇති විය හැකි අවාසි 
අධික මිල

පුද්ගලික රෝහලක විශාලම අවාසිය නම් දරු ප්‍රසූතිය සඳහා දැරිය යුතු වන අධික මිලයි. ඉහත කී පහසුකම් නැතිව වුවත් පළපුරුදු වෛද්‍යවරුන් හරහා නොමිළේම දරු ප්‍රසූතිය සිදු කරගැනිමේ හැකියාව රජයේ රෝහල් වලින් ලැබෙනවා. මේ නිසා අධික මුදලක් වැය කර මෙම සේවාව ලබා ගැනීමේ තීරණය මවත් ඇගේ පවුලේ අයත් බබුද්ධිමත්ව ගත යුතු තීරණයක් වනවා.

ශ්‍රී ලංකාවේ පුද්ගලික මාතෘ රෝහල් ලැයිස්තුවක් තමා මේ
1. නයින් වෙල්ස් රෝහල (Ninewells Hospital)

ලිපිනය: 55/1 කිරිමණ්ඩල මාවත, කොළඹ 5

ගාස්තු:

සාමාන්‍ය ප්‍රසූතිය ගාස්තු: රු. 60,000/- සිට රු. 66,000/- දක්වා

සිසේරියන් සැත්කම: රු. 92,000/- සිට රු. 101,000/- දක්වා

දුරකතන: 011 4520 999

2. ජෝසෆ් ෆ්‍රේසර් රෝහල (Joseph Fraser Memorial Hospital)

ලිපිනය: 55/1 කිරිමණ්ඩල මාවත, කොළඹ 5

දුරකතන: 011 4520 999

3. මැකාති පුද්ගලික මාතෘ රෝහල්  (McCarthy Private Hospital)

ලිපිනය: 100, බාන්ස් පෙදෙස, ​​කොළඹ

දුරකතන: 011 2693 956

4.  ඩර්ඩන්ස් රෝහල (Durdans Hospital) - මාතෘ ඒකකය

ලිපිනය: No. 3 ඇල්ෆ්‍රඩ් පෙදෙස, කොළඹ 03

දුරකතන: 011 2140 000 හෝ ඩර්ඩන්ස් 1344 උපකාරක දුරකථන අංකයට අමතන්න

5. ලංකා රෝහල (Lanka Hospitals) - මාතෘ ඒකකය

ලිපිනය: 578 ඇල්විටිගල මාවත, කොළඹ 5

දුරකතන: 011 5430 000

විශේෂ සේවා: 

ලංකා රෝහලේ මව සහ ළදරු රැකවරණ මධ්‍යස්ථානය සෑම මවකටම සුවිශේෂී අත්දැකීමක් ලබා දෙයි. මෙම ඒකකය ගැබිනි මවකගේ දරුවකු පිළිසිඳගැනීමේ සිට ගර්භණී අවදිය හා දරු ප්‍රසූතිය දක්වා පශ්චාත්-උපත් හා ළමා ප්‍රතිකාර (වයස අවුරුදු 14 දක්වා) දක්වාත් පුළුල් හා පහසු සත්කාර සේවා සපයන අතර වර්තමාන තාක්‍ෂණය ආධාරයෙන් මවට හා දරුවාට ආරක්ෂාව සමඟ උපරිම සේවාවක් සපයයි. 

6. හේමාස් රෝහල (Hemas Hospitals) - මාතෘ ඒකකය

හේමාස් රෝහලේ ගර්භණී අවදිය සහ දරු උපත සඳහා විශේෂිත ඒකකයක් ඇත. ගර්භනී සමය පුරවටමත්, දරු ප්‍රසූතිය හා ඉන් ඔබ්බටත්  හේමාස්හි නාරිවේද විශේෂ මණ්ඩලය මුල සිටම මවට මග පෙන්වනු ඇත. 

හේමාස් රෝහල තලවතුගොඩ ලිපිනය: 647/2 A, පන්නපිටිය පාර, තලාවතුගොඩ

දුරකතන: 011 7888 888

හේමාස් රෝහල වත්තල ලිපිනය : 389 මීගමු පාර, වත්තල 

දුරකතන: 011 7888 888

කෙසේ නමුත් අද නවීන තාක්ෂණය හා අන්තර්ජාලය හරහා doc.lk , www.echanelling.com වැනි වෙනබ් අඩවි හරහා ඔබට අවශ්‍ය වෛද්‍යවරුන් මුණගැසීමට නිවසේ සිටම කාලය වෙන්කරවා ගන්නට පුළුවන්. ඉතින් ඔබේ දරු ප්‍රසූතියට වඩාත් සුදුසු පුද්ගලික රෝහල තෝරාගැනීමට මේ ලිපිය ඉවහල් වූවා යයි අපි විශ්වාස කරනවා.

 

 

Written by

Niloufer Perera