theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්

3 අවම කියවීම
පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්

පෙර පාසැලෙන් එහි දර්ශනය තුළින් දෙමාපියන්ගේ ප්රඥා මහිමයද වඩවන්න පුළුවන්. මේ තිබෙන්නේ පෙර පාසල් ගුරුවරුන්ගෙන් මව්පියන්ට ඉගෙන ගත හැකි රුවන් වැකි කිහිපයකි.

පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය ස්වාධීනත්වය, අත්හදා බැලීම් සහ නිර්මාණශීලීත්වය සහ සහයෝගීතාව යන වටිනාකම් මත පදනම් වී ඇත.

පෙර පාසැල් පන්ති කාමරයක් තුළ දරුවන් රැදී සිටින්නේ ගවේෂණය කිරීමට හා ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟාවීමට ඉඩ සලසන ලද අවකාශයක් තුළය. ඒ මනා අධීක්ෂණයක් යටතේ සිදු වන දරුවන්ගේ වයස් වලට සරිලන ක්‍රියා මාලාවක් තුළින්.

නමුත් මෙම මොන්ටිසෝරි දර්ශනය පන්ති කාමරයෙන් ඔබ්බට ගොස්, දෙමාපියන්ටද ධනාත්මකව උපකාර කළ හැකි බව ඔබ දන්නවාද?

මේ තිබෙන්නේ මව්පිය ඔබට පෙර පාසලෙන් උකහා ගත හැකි දරුවන් සඳහා යෝග්‍ය රුවන් වැකි කිහිපයක්!

1. “ඔබ මේ කර්තව්ය සඳහා කළ කැප වීම සහ උත්සාහය ප්‍රශංසනීයයි”

දරුවෙකුගේ ප්‍රතිඵල පමණක් නොව උත්සාහයත් අගය කිරීම දරුවාගේ ආත්ම ශක්තිය ප්‍රගුණ කිරීමට මහත් සේ වැදගත් වනවා. මේ උත්සාහය අගය කිරීමේ ක්‍රියාදාමය පෙර පාසැල් තුළ විශේෂයෙන් අනුගමනය කරන ක්‍රියාවලියක් වනවා.

නිදසුනක් ලෙස දරුවකු තම සෙල්ලම් බඩු හැකි ලෙස නිශ්චිත ස්ථාන වල තැබීමට දරන හෝ දැරූ උත්සාහය බෙහෙවින් අගය කල හැකි වනවා. එමෙන්ම දරුවකු චිත්‍රයක් හෝ අත්වැඩක් නිර්මාණය කිරීමේදී ඉහි අවසන් නිර්මාණය පමණක් නොව ඒ නිර්මාණය සඳහා  දරණ උත්සාහද බෙහෙවින් අගය කිරීම දරුවකුට ඉතාමත්ම වටිනවා ඇත.

2. ඔබ මේ ගැන මොකද කිතන්නේ? ඔබට මේ ගැන මොනවද හැඟෙන්නේ?

දරුවන්ගේ සිතිවිලි සහ හැඟීම් ගැන ඔවුන්ගෙන් විමසීම දරුවන් තුළ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට මහඟු අත්වැලක් වනවා. මෙය දරුවන්ගේ විවේචනාත්මක චින්තනය ගොඩනැගීමට පමණක් නොව, සන්නිවේදන කුසලතාවන් ඉහළ නංවා දරුවාට තම පෞරුෂය හා ස්වභාවය තේරුම් ගැනීමට උදව් වනවා.

3. ඔබට මෙම කාර්යය සාර්ථකව නිම කරන්නට උදව් වන්නට මට කල හැක්කේ කුමක්ද?

පෙර පාසල් වල දරුවන් තුල ස්වාධීනත්වය ස්ථාපිත කිරීමත්, වගකීම් ගැනීමට හුරු කිරීමත් සිදු කරන අතරම යම් කර්තවයක් තනිව කරගන්නට අපහසු නම් වෙනත් අයගෙන් උදව් ඉල්ලීමටද හුරු කරනු ලබනවා.

දරුවන්ට උදව් අවශ්‍යදැයි ඔවුන්ගෙන් ඇසීමෙන් දරුවන්ට ස්වාධින තීරණ ගැනීමටත් සහයෝගයෙන් ක්‍රියා කිරීමට අවකාශය සැලසීමත් යන දෙකම සිදු කෙරනවා.

4. “අපේ ගෙදරදී අපි....”  

නිවසක නීතිරීති, විනය මාලාවන් ස්ථාපිත කරන්නේ නම් පෙර පාසැල් ගුරුවරිය එය කරන ක්‍රමය අනුකරණය කිරීම වඩාත්ම සාර්ථක ක්‍රමයයි. පෙර පාසල් ගුරුතුමියක් විසින් දරුවන්ට මෙසේ කියනු ඇති “දරුවනි, අපගේ පන්තියේ අපි හැමෝම ‘කරුණාකර (please), බොහොම ස්තුතියි (Thank you) යන වචන පාවිච්චි කර අප පන්තියේ සියලු දෙනාටම එක සේ ගරු කරනවා.”

මේ අකාරයෙන් ඔබ දරුවන්ට නිරී රීති නිතර මතක් කරගැනීමට උදව් වනවා පමණක් නොව, ඔවුන් සමාජය වැළඳගන්න, සමාජයට ප්‍රසන්න පුද්ගලයින් බවටද පත් කරනවා. මෙය එම වයසට ඉතාම යෝග්‍ය දෙයක්.

5. “ඔයා වැඩක නියැලිලා ඉන්න බව මට පේනවා. ඒ නිසා මම ඔයාට බාධා කරන්නේ නැහැ.”

බාධාවකින් තොරව යම්  වැඩක නියැලීමට දරුවන්ට ඉඩ දීම පෙර පාසැල් ක්‍රමයේ වැදගත් අංගයක්. මෙහිදී තවත් උනන්දු වී දරුවන්ගේ අවධානය යොමු කිරීමේ හැකියාව ගැඹුරින් සංවර්ධනය කිරීමේ අවස්ථාවද සැලසෙනවා.

ළමයෙක් චිත්‍ර ඇඳීම ඇඳීම හෝ සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකාරකම් වලට බාධා පමුණුවනවා වෙනුවට ඔවුන් නිරීක්ෂණය කිරීමට උත්සාහ කළ කිරීම වඩාත් සුදුසු වනවා. මේ තුළින් දරුවාගේ විශේෂ උත්සාහයන් සටහන් කරගෙන ක්රියාකාරකම් අවසන් වූ පසු දරුවාට ඒ ගැන ප්‍රශංසා කරන්නට සුදානම් වන්නට පුළුවන්.

අවසාන වශයෙන්, "දරුවා පසුපස සිටිමින් නිරීක්ෂණය කිරීම" පෙර පාසැල් වලින් අනුගමනය කරන තවත් වැදගත් සංකල්පයක්. ඔවුන් සම දරුවෙකුගේම විශේෂිත බව ගැන හොඳ අවධානයකින් පසු වන අතර සැම දරුවකුටම අවේනික වූ පෞරුෂයත් යමක් ඉගෙනීමට ගන්නා කාලයත් වැනි සේවල් පිලිබඳ මනා අවබෝධයකින් කටයුතු කරනවා.

ඉතින් කුමන අධ්‍යාපන මට්ටමකට හෝ කුමන පරිසරයක හැදී වැදුනත් දෙමාපියන්ට දරුවන්ගේ ගුරුවරුන්ගෙන් උගත් හැකි දේ බොහෝමයි. සියලු දේට වඩා වැදගත් වන්නේ දෙමාපිය ගුරු-දෙගුරු සහයෝගිතාවය වන අතර අලුත් දේ දැනගැනීමට විවෘත මනසයි. මේ තුළින් දරුවන්ව හොඳින් සමබර පරිසරයකට හුරු කරනු ලබනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • පෙර පාසැල්
  • /
  • පෙර පාසලෙන් දෙමාපියන්ට උගත හැකි දරුවන්ට වටිනා වැකි 5ක්
බෙදාගන්න :
  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

    ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

  • දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

    දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

  • ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

    ඔබත් Facebook නොහොත් ෆේස්බුක් නිසා කනස්සල්ලෙන් පසුවන මවක් හෝ පියෙක්ද?

  • දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

    දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it