පොඩ්ඩත් එක්ක ගමනක් යන්නද හදන්නේ? මේවා අරන් යන්න!

lead image

පොඩ්ඩොත් එක්ක ගමනක් යන හිතන තරම් සුව පහසු නැහැ. එයාලාගේ අවශ්‍යතා ගොඩාක් තියෙනවා. ඒක නිසා ගමනක් යන්න හොද පෙර සුදානමක් අවශ්‍යයි.

පොඩ්ඩොත් එක්ක ගමනක් යන හිතන තරම් සුව පහසු  නැහැ. එයාලාගේ අවශ්‍යතා ගොඩාක් තියෙනවා. ඒක නිසා ගමනක් යන්න හොද පෙර සුදානමක් අවශ්‍යයි .

පොඩ්ඩත් එක්ක ගමනක් යද්දී පහත සදහන් දේවල් ගෙනියන්න අමතක කරන්න එපා.

1. ආහාර

දරුවෙකුට බඩගින්න දැනෙන වේලාව කියන්න බැහැ. එයාලට හැමතැනින්ම හැමදේම කන්න දෙන්නත් බැහැ.විශේෂයෙන් කඩවල කෑම පිරිසිදු මදි.

හොදම දේ තමයි පොඩ්ඩන්ගේ කෑම ටික ගෙදරින්ම හදා ගෙන යන එක. එයාලාගේ කෑම වෙන වෙනම එක එක වේල සදහා අසුරගන්න.ඉතා කුඩා දරුවෙක් නම් බත් තලපය සාදා උණුසුම රැදෙන භාජනයක අසුර ගන්න.

ඊට අමතරව කෙසෙල් ගෙඩි කිහිපයක්,කිරිපිටි බොන ළමුන් සදහා කිරිපිටි බෝතලය, පහසුවෙන් කෑමට ගත හැකි සරල කෑම කිහිපයක්  වගේ වෙනම බෑගයක සුදානම් කර ගන්න.

2.ජලය

පොඩ්ඩන්ට නිතරම ජලය ඕනී වෙනවා. ඒක නිසා උණුකර නිවා ගත් වතුර භාජනයක් ලග තබාගන්න.

එම භාජනය අවසන් වන විට පුරවා දීම සදහා උණු කර නිවාගත් වතුර ප්‍රමාණවත් ප්‍රමාණයක් අසුරා ගන්න. ඊට අමතරව පොඩ්ඩාගේ අත සෝදන්න, ඒ වගේම අවශ්‍ය විට පොඩ්ඩාව සෝද ගන්න වතුර එකකුත් ගන්න අමතක කරන්න එපා.

3. අවශ්‍ය බෙහෙත්

පොඩ්ඩාට නම් බෙහෙත් ඕන වෙන්නේ කොයි වෙලාවෙද කියන්න බැහැ. ඒක නිසා පෙනඩෝල් බෝතලයක්, පිරිටන්  සිරප් බෝතලයක්, ඕඩික්ලෝන්, බෙහෙත් පොවන් ප්‍රමාණයන් සලකුණු කරන ලද කප් එකක් වැනි අත්‍යවශ්‍ය දේ සහිත පුංචි බොක්ස් එකක් සකස් කර අවශ්‍ය විටෙකදී ගමනකට එක් කර ගන්න සුදානම් කර තබා ගන්න.

දරුවාට ගමන් වල යෙදීමේදි වමනය යනවා නම් වෛද්‍ය උපදෙස් මත වමනය වැලැක්වීමට ලබා දෙන බෙහෙතක්  ලබා දීමෙන් අම්මාත් බබාත් දෙන්නාම අපහසුවට පත් නොවේ.

4. අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමයක්( පොටිය,ඩයිපර්,අමතර බෑග්)

පොඩ්ඩන්ට ආහාර වගේම තවත් අවශ්‍යතා තියෙන නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමයක් අනිවාර්යයෙන්ම ඕනි.

ඉතා කුඩා දරුවෙක් නම් ඩයිපර් භාවිතය පහසුයි.නමුත් එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට බෑග් කිහිපයක් අරන් යන්න අමතක කරන්න එපා. ඔබ ඔබේ වාහනයක යනවා නම් බබාගේ පොටිය අරගෙන යන්න මතක තියා ගන්න.

එහෙමත් නැත්තම් ටිකක් ලොකු බබෙක් නම් එයාගේ ඒ අවශ්‍යතා ඉටුකරන ක්‍රමයක් ඔයාට හිතන්න වෙනවා.

5. කොට්ටයක්

පොඩ්ඩාට ගමනක් යනවිට  නිදිමත එන එක සාමාන්‍යයි.එහෙත් වාහන වල සුව පහසුව මදි නිසා නිදිබර වු පොඩ්ඩා අපහසුතාවයට පත්වෙන්න පුලුවන්. ඉතින් හොදම දේ තමයි පොඩ්ඩාව නිදිකරවන්න පුලුවන් කොට්ටයක් අරගෙන යන්න.

6. අමතර ඇදුමක්

 පොඩ්ඩා ඇදුම් කිළුටු කරගන්නේ කොයි වෙලාවේදි  කියන්න බැහැ.එහෙම අවස්ථා වල, එයාගේ ඇදුම් මාරු නොකලොත් එයා අපහසුතාවයට පත්වෙන්න පුලුවන්. හොදම දේ තමයි වැඩිපුර ඇදුමක් දෙකක් අරන් යන එක.

7. පැනල් කිහිපයක්

පැනල් නම් කොහොමත් ඕනි වෙනවා .දරුවාට  සීතලක් දැනුනොත් එයාව ඔතන්න.සමහර වෙලාවට එයාව පිහින්න ඕනී. හුගාක්ම පොඩි පොඩ්ඩෙක් නම් වාහනයෙන් එලියට ගද්දී පැනල් එකක ඔතලා ගන්න එක වඩා හොදයි.

8. බේබී වයිප්ස්, ටිෂු

මේවා ඔක්කොම බබාලාව පිරිසිදු කරන්න ඕනී දේවල්, මේවා අමතක වුනොත් අම්මිලා ඉවරයි .

9. බේබි ක්රීම්, බේබි සබන්

මේවත් දරුවාගේ සනීපාරක්ෂාවට ඕනී වෙනවා.බබාගේ අත් සෝදන්න .බබාව සෝදන්න වුනොත් මේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.

10. හැන්දක් හා අමතර කෝප්පයක්

දරුවාට ආහාර දෙද්දී, මොනවා හරි පිරිසිදු කරන්න ඕනී වුනහම හැන්දක් වගේම අමතර කෝප්පයක් අවශ්‍ය වෙනවා. 

11. උණුවතුර 

දරුවාට හදිසියේ කිරි ටිකක් හදා ගන්න.දරුවාගේ බදුනක් තම්බා ගන්න උණු වතුර ටිකක් අරන් ගියොත් හොදයි.

12. අම්මිටත් අමතර ඇදුමක්

දරුවා නිසා අම්මිගේ ඇදුම කිළුටු වෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒක නිසා අම්මිටත් වැඩිපුර ඇදුමක් ගන්න එක හොදයි .

13 අව් ආවරක හා රේන් කෝට් එකක්

දරුවාට අව් ආවරකයක් ලෙස තොප්පියක් ද වැහිබර දවසක් නම් බබාගේ රේන් කෝට් එකද ගන්න අමතක කරන්න එපා. ඒ අවස්ථා දෙකටම මූණ දෙන්න කුඩයක් ගන්න අමතක කරන්න එපා.

14. බබාගේ පොත

බබාගේ  විස්තර  බොහොමයක්  තියෙන්නේ මේ බබාගේ පොතේ, බබාගේ  හදිසි අවශ්‍යතාවයකදී මේ  පොත අවශ්‍ය වෙන්න පුලුවන්.ඒ වගේම දරුවාගේ විශේෂ රෝග වාර්තා තියෙනවා නම් පොතත් එක්කම ඒවත් ගන්න අමතක කරන්න එපා.

15. සෙල්ලම් බඩු කිහිපයක්

දරුවාට කෑම ටිකක් කවා ගන්න.දරුවා අඩන විට සංසුන් කරගන්න සෙල්ල්ම් බඩු කිහිපයක් ගත්තොත් හොදයි.

මේ පොඩ්ඩත් එක්ක ගමනක් යද්දී අවශ්‍ය වෙන දේවල් කිහිපයක්. ඔබ ඔබේ පෞද්ගලික වාහනයක දුර ගමනක් නම් යන්නේ ළදරු කරත්තය, පුංචි මෙට්ටයක්, මදුරු දැල, කොට් ෂීට් එකක්, එමජන්සි ලෑම්ප්  එක, වැඩිපුර ජලය භාජනයක් ඔබේ කැමැත්ත හා පහසුව අනුව එක්කර ගන්නත් පුලුවන් .

මේ පුංචි දේවල් ඔබට ඔබේ පැටියාටත් ගමන පුරා සුව පහසුව සලසාවි.

ඔබට සුභ ගමන්...