theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

4 අවම කියවීම
බෙදාගන්න :
•••
පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

දරුවන් පෙර පාසැලේ පළමු දවසට මුහුණ දෙන්න මෙසේ පුරුදු කරමු

පෙර පාසැල් යැවීමට පෙර පාසල පළමු දිනයට සූදානම් කිරීම ඔබේ දරුවාගේ ජීවිතයේ විශාල සංසිද්ධියක් වන අතර  එය  ඔබව ටික කාලයකට කනස්සල්ලෙන් තැබිය  ඇති  හැකිය.

පළමු වතාවට පෙර පාසලට යෑම බොහෝ විට ඔබගේ දරුවා ඔබෙන් ඈත්ව සිටින පළමු අත්දැකීම  වේ. ඒ නිසා ඔබේ දරුවාටත්, ඔබටත් එය මදක් බියජනක දෙයක්  වෙනවා.

මෙන්න ඒ අනියත බිය ඉවත් කර  ඔබත් ඔබේ  දරුවාත්  ධනාත්මක පෙර පාසල්  ගමනක් සදහා සුදානම් කරන  පියවර 9 ක්. 

පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

1. ඔබේ දරුවාව පෙර පාසැල් නැරඹීමට ගෙන යන්න.

ඔබ පෙර පාසල තීරණය කලා නම්, ඔබේ දරුවා එම පෙර පාසලට ගෙන ගොස්  පරිසරය හා ගුරුවරුන් හුරු කරවීම හොඳ අදහසක් වේ.

මේ ආකාරයෙන් පෙර පාසල් ගමන සදහා සුදානම් කිරීම සහ  ඔබේ දරුවා ඒ සදහා දක්වන ප්‍රතිචාර   නිරීක්ෂණය තුලින් පසුකාලීනව ඇය නව පරිසරයට හුරුවීමේදී ගැටළු ඇතිවේද යන්න පිළිබඳ ඔබට හොඳ අදහසක් ගත හැකිය . මෙම සංචාරය දරුවාට අනාගතය පිළිබඳ හැඟීමකින් අවසන් කරන්න. "ඔයා ඒ අලුත් ඉස්කෝලේට කැමතිද? " ඔයාට ආයෙමත්  මෙහි එන්න ඕනෙද? "

2. පෙර පාසැල් ආශ්‍රිත ක්‍රියාකාරකම්  වල ඔබේ දරුවා නිරත කරන්න.

පෙර පාසල් ජීවිතයට  ඇයව මානසිකව සූදානම් කිරීම සඳහා පෙර පාසල සම්බන්ධ ක්‍රියාකාරකම්  හෝ සාකච්ඡා  පවත්වන්න. ' පාසැල තුල මගේ පළමු දිනය ' යන පොත  ඇයට කියවන්න.

රසවත්  දිවා ආහාර පෙට්ටියක් සකස් කිරීම සඳහා හෝ ඇය ගුරුවරයා හා ඔබ සිසුවා වන  පුංචි සෙල්ලමක්  ඇය හා කිරීම තුලින්  විනෝදජනක පෙර පාසැල් ක්‍රියාකාරකම් අත්හදා බැලීමට උත්සාහ කරන්න. පෙර පාසල තුළ ඇයගේ පළමු දිනට අවම වශයෙන් දින 3 කට පෙර මෙය සිදු කරන්න.

3. උදේට කලබලකාරී වෙන්න  එපා

ඒ දිනයේ ඔබේ දරුවා  උදෑසන වේලාසනින් අවදි  කරන්න. නමුත් උදෑසන පුරා ඔබ කලබලකාරී විය  යුතු නැත.

සුපුරුදු  ලෙස උදෑසන ආහාරය නිදහසේ ගනිමින් සුපුරුදු උදෑසන චර්යා අනුගමනය  කරන්න. ඔබේ දරුවාගේ පළමු පෙර පාසැල් දිනය ආතතිය, කලබලකාරී, නොසංසුන් බව  හැගීම් සමග ආරම්භ වීමට ඉඩදෙන්න ඔබට අවශ්‍ය නැහැ.

4. ඔබේ දරුවා සහභාගි  කරගන්න

විශාල කඩඉමට පෙර දිනයේ  ඔබේ දරුවාට ඇයගේ  බෑග් සහ දිවා ආහාර පෙට්ටිය සුදානම් කර ගන්න ඉඩ දෙන්න. පන්ති කාලසටහනෙහි පිටපතක් ඉල්ලා ගන්න, ඔබ ඔබේ දරුවා සමඟ බෑගය අසුරන විට එහි ක්‍රියාදාමයන්  පරීක්ෂා  කරන්න. " ඔයාට  චුට්ටක්  නිදාගන්න  ඕන වුනොත්  මේක ඕනී වේවි"

ඔයා නැගිට්ටාහම මේක ඔයාට ඕනී වේවි."පෙර පාසල සඳහා සූදානම් වීමේ සම්පූර්ණ ක්‍රියාවලියට ඇය සම්බන්ධ වන විට, ඇය පාසල් තුල අපේක්ෂා   කරන  දේට ඇය මානසිකව සුදානම් වේවි.

5. සුවපහසු අරමුණක්  ලබා දෙන්න

ඕනෑම වේලාවක් ඇයට කනස්සල්ලක් හෝ කලකිරීමක් ඇතිවුවහොත් ඇයට  සැනසීමේ හැඟීමක් ලබා දීමට ඇයගේ ප්‍රියතම  දෙයක් බෑගයේ අසුරන්න.

මෙය ඇයගේ සුරතල් සෙල්ලම් වලසා, පොරවනය  හෝ කොට්ටය විය හැකිය. ඔබ දරුවා අසල නැති විට ඒ සැනසීම දෙන දෙය  ඔබේ දරුවා ලගින්ම ඇති බව ඇයට දන්වන්න.

6. පාසල ආරම්භ වීමට කලින් යන්න.

පෙර පාසැල ආරම්භ වීමට කලින් එයට පැමිණ දරුවාට ඒ සදහා හුරුවෙන්න කාලයක් දෙන්න.

ඔබේ දරුවා පෙර පාසලට දැමු මොහොතේ ඔබට උදෑසන රැස්වීමකට කලබලයෙන්  යෑමට   සිදු වන අවස්ථා  මග හැර ගන්න.

7. පෙර පාසල විනෝද ජනකයි යන්නට සූදානම් කරන්න.

ඔබේ දරුවා වයසෙන් වැඩෙමින් සිටියදී මෙසේ වෙන්වීම් තුලින් ඔබ ඇතුලාන්තයම හඩමින් සිටියද සතුට පිරුණු  මුහුණක් මවා ගන්න.  පෙර පාසලට යන අතරතුර ඔබේ දරුවා සමඟ ඔබ ගීත ගායනා කරන්න . මේ මගින් පෙර පාසැල් ගමන විනෝදයෙන් පිරි  ප්‍රීතිමත්  දෙයක් කරනු ඇත.

ඔබ මෙම විනෝදජනක  ක්‍රියා නිතිපතා පවත්වා ගත් විට දරුවාට පෙර පාසල්   ගමන  ප්‍රීතිමත් එකක් වනු ඇත.

8. මම ඔයාව එක්ක  යන්න එන්නම්

පාසැලේ යම් ක්‍රියාකාරකමක් කිරීමෙන් පසු ඔබ  විසින් ඇයව නැවත  රැගෙන  යෑමට  එන බව  පොරොන්දු වෙන්න. (ඇය තවම ඔරලෝසුව කියවන්නේ නැත්නම්) -  දරුවන්ගේ දහවල් ආහාරය අවසන් වු විට හෝ ගුරුවරයා අවසාන පොත කියවා අවසන් වු විට ලෙස පැවසිය හැකිය.

ඔබේ පොරොන්දුව ඉටු කිරීමට සහ එය පොරොන්දු වූ කාලය තුල  කිරීමට වග බලා ගන්න.

 

9. වෙන්වීම කෙටියෙන් සුන්දරව කරන්න.

තනිව දමා යෑමේදී  වෙන්වීම කෙටියෙන් සුන්දරව කරන්න. ඇය ඉක්මනින් වැළඳ ගන්න.  ඇයට ඔබ කොතරම් ආදරය කරනවාද යන්න  කියන්න. එම අවස්ථාව හැසිරවිය හැකි ගුරුවරිය කට  ඇයව භාර දී යන්න. ඇය  අඬමින් සිටියත්, ඔබ නොපෙනී යන ගොස් මිනිත්තු කිහිපයකින් ඇය නැලවේවි.

නමුත් ඔබ හඩයි නම්, දරුවා  දිගු වේලාවක්   හඩාවි. එවිට ඔබේ දරුවා හසුරුවීමට උපකාර කරන   ගුරුවරයාට  තත්වය  අසීරු  කරනු ඇත. සමහර පෙර පාසැල්  මුල් දින කිහිපය තුළදී මවුපියන්ට එහි රැඳී සිටීමින්  ඈතින් සිට ඔවුන්ගේ දරුවා නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා දෙනවා. ඇය ඇතුල් කිරීමෙන්  පසුව ඇයව නොසංසුන් කරමින් ඔබ  ඔබේ දරුවා පරීක්ෂා කිරීම සඳහා සෑම විටම පංති කාමරයට පිවිසීමෙන් වැළකී සිටිය යුතුය.

දරුවාගේ ජීවිතයේ පළමු පියවර පිටත ලෝකයට තබන මුල් අවස්ථාවේ ඒ සදහා අම්මාටයි බබාටයි ශක්තිමත්ව එයට මුහුණ දීමට අවැසි මේ උපදෙස් ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • පෙර පාසලට දරුවා ඇරලන විට ඔබ කළ යුතු හා නොකළ යුතු දේවල්

    පෙර පාසලට දරුවා ඇරලන විට ඔබ කළ යුතු හා නොකළ යුතු දේවල්

  • දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

    දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

single
  • පෙර පාසලට දරුවා ඇරලන විට ඔබ කළ යුතු හා නොකළ යුතු දේවල්

    පෙර පාසලට දරුවා ඇරලන විට ඔබ කළ යුතු හා නොකළ යුතු දේවල්

  • දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

    දිවා සුරැකුම් මධ්‍යස්ථානය වලින් දැකිය හැකි අනතුරු දායක කරුණු 10 ක්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor