පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න

පුංචි කාලයේ ඉඳන් කියවීමට දරුවන් හුරුවීම තුළින් බොහෝ වැදගත් දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දරුවන් පොත් වලට ආසා කරවීමට මේ කරුණු ගැන සිතා බලන්න.

පුංචි කාලයේ ඉඳන් කියවීමට දරුවන් හුරුවීම තුළින් බොහෝ වැදගත් දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දරුවන් පොත් වලට ආසා කරවීමට මේ කරුණු ගැන සිතා බලන්න.පුංචි කාලයේ ඉඳන්ම කියවීමට දරුවන් පෙළඹීමෙන් ලැබෙන වාසි ගැන බොහෝ පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. නමුත් හුඟක් අය තමන් කියවීමට කැමති වුනත් ඊට කැමැත්ත ඇති ප්‍රමාණයකට කියවීම කළ නොහැකි බව කියනවා. ඇත්තටම ගෙදර වගකීම් ඔබේ ජීවිතයේ පළමු තැනට වැටුනත් ඔබ කියවීමට දක්වන උනන්දුව මගින් දරුවන්ද ඊට යොමු වීම වැඩිවෙනවා.

වාග් කෝෂය වර්ධනය, අධ්‍යාපනික දැනුම, මානසික වර්ධනය වගේම සමාජීය දැනුමත් දරුවන්ට කියවීම තුළින් විශාල ලෙස ලැබෙනවා. හොඳින් කියවන දරුවන් අධ්‍යාපනික වශයෙනුත් ඉහළ දක්ෂතා දක්වනවා. වැඩිය කියවන්නේ නැති දරුවන්ට වඩා ඔවුන්ගේ දැනුමේ විශාල වෙනසක් පෙන්නුම් කරනවා.

දරුවෙකුව සිටම කියවීම පුරුදු කරන්න

පහසුම දෙය වන්නේ බිළිඳු වයසේදී ඔබට ඔවුන්ට ඕනෑම දෙයක් කියවීම කරන්න පුළුවන්. මේ වයසේ දරුවන් උච්චාරණය  මිස එහි සන්ධර්භය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා ඔබටත් බබාටත් දෙදෙනාටම රසවිඳිය හැකි පොත් තෝරා ගෙන කියවන්න පටන් ගන්න.

විවිධ වර්ගයේ පරාසයන් වල පොත් තෝරා ගන්න   

විවිධ පරාසයන් ආවරණය වන පොත් දරුවන් හට තෝරා දෙන්න. ඉන් ඔවුන්ගේ වාග් කෝෂය හා දැනුම එකවිට වර්ධනය වෙනවා. රචනා, හාස්‍ය කතන්දර වගේම අධ්‍යාපනික වටිනාකම් සහිත පොත් මුසුකර කියවීමට උනන්දු කරන්න.

අධ්‍යාපනයේ පළමු පියවර කියවීමයි. ඒ වගේම අධ්‍යාපනික වැදගත්කම් ඇති පොත් රූප සමග ඇතිවිට සතුන් හා ලෝකය ගැන ඉගෙන ගන්න ඔවුන් ආසා කරනවා.

තරමක් තේරෙන වයසේදී පොත් තෝරා ගන්න ඉඩ දෙන්න

දරුවන් රැගෙන පුස්තකාලයට හා පොත් සාප්පුවට යන්න අමතක කරන්න එපා. ඔවුන් කැමති පොත් තෝරාගන්න ඔවුන්ට ඉඩ දෙන්න. ඔබ කරන දේම කරන්න ඔවුන් කැමතියි. ඒ සමගම වැඩිහිටියන් වන විට ඔවුන් හොඳ තේරීම් කරන්න පුරුදු වෙනවා. සමහර විට ඔවුන් පොත් තෝරා ගන්න පෙළඹුනත් පුළුල් මාතෘකා හරහා කියවීමට ක්‍රමයෙන් හුරු කරන්න ඔබට පුළුවන්.

ස්වාධීන ලෙස කියවීමට කාලයක් යොදාගන්න දරුවන් උනන්දු කරන්න

ස්වාධීන ලෙස සෙල්ලම් කරන්න දරුවන් හුරුකරනවා වගේම දරුවන් අවුරුදු 5-6 අතර කාලයේදී තනිව කියවීමට පුරුදු කරන්න පුළුවන්. නමුත් ඔවුන් යමක නිරත කළ යුතු නිසාම පොත් අතට දීම කළයුතු නැහැ.  ඔවුන්ට යම් කාලයක් ලබාදී ඉන්පසුව පොත්වල ඇතුලත් දේ ගැන, ඔවුන් කැමති අකමැති දේ ගැන ඔබට කතා කරන්න පුළුවන්.

පොත් කියවන්න කැමති නැති දරුවන්ට රූප වැඩිපුර ඇති පොත් වලින් යම් අදහසක් ලබාගන්න පුළුවන් නිසා එවැනි පොත් මුලදී තෝරා දෙන්න. සමහර අවස්ථාවන් වලදී මෙය අපහසු වුනත් ඔබත් ඔහු සමග කියවීමට කැමති බවත් කතාව පිළිබඳ කුතුහලයෙන් සිටින බවත් කියන්න. කියවීම විනෝදජනක අංගයක් බවට පත්කර ගන්න දරුවන්ව හුරු කරවන්න.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ