පොදු ස්ථාන වල හැසිරෙන ආකාරය පොඩ්ඩාට කියලා දෙමුද?

lead image

උද්වේගකාරී හැසිරීමක් මුලික අවස්ථාවේදී නතර  කර ගැනීම සදහා පොදු ස්ථාන වල ඔබේ දරුවා  තුල හික්මවීම  ඇති කර යුත්තේ මෙහෙමයි.

විශේෂයෙන්ම ඔබ දෙමව්පියන්ට තවමත් අලූත් ම නම්, ඔබේ දරුවන් පොදු ස්ථාන වල උද්වේගකාරී ලෙස හැසිරෙන විට පාලනය කිරීමට අපහසු  බව මම දන්නවා. පොදු ස්ථාන වලදී ඔබේ දරුවා තුල  හික්මවීම ඇතිකරන විට අනිවාර්යයෙන් අභියෝග කිහිපයකට මුහුණ දෙන්න වේවි .

ඒ පොදු ස්ථාන වල දරුවා හික්මවීම සහ ඔබේම නිවසේ රහස්‍යභාවය තුළ දරුවා හික්මවීම අතර පුංචි  වෙනසක් තියෙනවා. ඔහුගේ /ඇයගේ ක්‍රියාවන් පිලිබඳව නරකක් දැනීමට සැලැස්වීමෙන් එය ඔබේ දරුවා කම්පිත හා ලැජ්ජා සහගත අත්දැකීමක් වෙන්න පුළුවන්.

එමනිසා ඊලඟ වතාවේ ඔබේ දරුවා උද්වේගකාරී ලෙස හැසිරෙන සෑම අවස්ථාවකදීම මතක තබා ගැනීමට ඵලදායී ක්‍රම කිහිපයක් මෙහි ඇත.

පොදු ස්ථාන වල ඔබේ දරුවා තුල හික්මවීම  ඇති කරන්නේ කෙසේද?

•කලින්ම පැහැදිලි නිතී සකස් කරන්න.

කෙසේවෙතත්, ඔබේ දරුවා පොදු ස්ථාන වල හික්මවීම  නොකල යුතු අවස්ථාවන් තිබේ. එහෙත් එය සැමවිටම කල යුතු නොවේ. කෙසේ වෙතත්, කලින්ම පැහැදිලි නිතී සකස් කිරීම නිසැකවම වාසිදායක  වනු ඇත.

ඔහු හෝ ඇය පොදු ස්ථාන වල උද්වේගකාරී ලෙස හැසිරෙනවා නම්  ඔබේ දරුවා අවම වශයෙන් කල්පනාකාරී වන පරිදි නිශ්චිත ප්‍රතිවිපාක සහිත නීති රීති සකස් කිරීම යෝග්‍ය වේ. ගෙදරින් පිටත්ව යෑමට පෙර වාඩිවී සුහද පිළිසදරක යෙදෙන්න.

ඔබට ඔහු හෝ ඇය හැසිරෙන අවශ්‍ය  ආකාරය ගැන ඔබේ දරුවාට දන්වන්න. ඒ වගේම, ඕනෑම නරක හැසිරීමකට ප්‍රතිවිපාක ලැබෙන බව දරුවාට කියාදෙන්න. නිදසුනක් වශයෙන්, ඔහු හොදට හැසිරෙන්නේ නැත්තම්, ඉදිරියේ දී ඔහුව පිටතට ගෙන නොයෑමට තීරණය කළ හැකිය.

එපමණක් නොව, ඔබේ දරුවා දවස පුරා හොඳින් හැසිරෙන්න  නම්, ඔවුන්ට කුඩා දිරිගැන්වීම් හෝ ප්‍රශංසා ලබාදීම වැදගත් වේ.

•ඔවුන්ගේ හැගීම් වටහා ගන්න

එවන් කුඩා වයසකදී, ඔබ එකවරම  ඔවුන්ට බැණ වැදුනොත් දරුවන් පහසුවෙන් ලැජ්ජාවට පත් විය හැකිය. ඉතින්, කුමක් හෝ වේවා, ඔහු හෝ ඇයව හික්මවීමට පෙර ඔබේ දරුවාගේ හැඟීම්  පළමුව සැලකිලිමත් වීම  වැදගත් ය.

එසේ කිරීම සඳහා නිවැරදි ක්‍රමයක් වන්නේ ඒවා විවේචනය නොකර, ඔවුන්ගේ හැසිරීම නිවැරදි කිරීමයි.  

ඒ අවසාන ඉලක්කය  ඔහුගේ හෝ ඇයගේ හැසිරීම නිවැරදි නොවන බව ඔබේ දරුවාට දැනගැනීමට ඉඩ දීම වීම නිසයි. ඒ වෙනුවට ඔබේ දරුවාට ඔබ ඔවුන් හැසිරෙනවා දකින්න කැමති ආකාරය කියන්න.

ප්‍රවේශම් වීම ඔබ හා ඔබේ දරුවා ඕනෑම අපහසුතාවයකින් බේරාගැනීමේ ඵලදායී ක්‍රමයකි.

දෙමව්පියන් සහ දරුවා අතර පමණක් පැවතිය යුත්තක් බැවින්, හික්මවීම  සදහා කිසිවෙකු සම්බන්ධ නොවිය යුතුය.  "කරුණාකර ,ඔබට ස්තූති කරන්න" යන වචන  භාවිතා කරන්න සහතික වන්න.  නිශ්චිත වන්න.

ඔබ ඔබේ දරුවා ඔබ කියන දේ නොඅසන තත්වයට  පත්විය  හැකි බැවින්  "මෝඩ" වැනි හිංසාකාරී  වචන භාවිතා නොකරන්න.

•ස්ථිර වන්න

ඔබගේ දරුවා සමග සංවේදී වන ආකාරය දැන ගැනීම වැදගත් වන නමුත්, ඔබේ මතය වෙනස් නොකිරීම  වැදගත් ය.

ඔවුන්ගේ නරක හැසිරීම් වල ප්‍රතිවිපාක පිලිබඳව ඔබ ඔවුන්  දැනුවත්  කල විට, ඔබ දඬුවම ක්‍රියාත්මක  කිරීම හා එය වහාම ලබා දීමට සහතික කර ගැනීම  අවශ්‍ය  වේ.

ඔබ ගෙදරට පැමිණි පසු ඔවුන්ට දඩුවමක් ලැබෙන  බව පැවසීම  ඵල රහිත වේවි. ඒ වනවිටත්  ඔවුන්ට දඬුවම් කරන්නේ ඇයිදැයි අමතක වී තිබිය හැකි  බැවිනි. එමනිසා, ඔවුන්ට එම දඬුවම් කිරීමෙන් විශාල බලපෑමක් ඇතිවන්නේ  නැහැ .

දෙමව්පියන් වීම තුල විශාල වශයෙන් කැපකිරීමට සිදු වී ඇති අතර එයින් අදහස් වන්නේ ඔබ ඔබේ දරුවා කාලය  ලබාදෙමින් ඔවුන් සමග  එකතු  සිටීමට  හැකි බවය.

කෙසේවෙතත්, ඔබේ ක්‍රියාවන් ඔබේ  ප්‍රතිවිපාක පිලිබඳව දැඩිව ක්‍රියා කරන බව ඔබේ දරුවාට පෙන්වා දෙනවා .

•ධනාත්මකව වන්න

ඇතැම් අවස්ථාවලදී ඔබේ දරුවාගේ අයහපත් හැසිරීම  වැඩි විය හැකි නමුත් ඔබගේ සංසුන් බව පවත්වා  ගැනීම ඉතා වැදගත් ය. ඔබගේ දරුවන් අසල සිටින විට ධනාත්මක වන්න. ඔවුන් අධෛර්යමත් කරවන හෝ ඍනාත්මක ආකාරයකින් ඔවුන්ට කතා නොකරන්න.

ඔබේ දරුවාට දෙමව්පියන් ලෙස ඔබ ගැන හොඳ ප්‍රතිරූපයක් නොතිබීම නිසා ඔවුන්ගේ වැරදි හැසිරීම නැවත නැවතත් කරන්න පුළුවන්.

එවිට, ඔබට කලකිරුණු සහ බලාපොරොත්තු සුන් වු බවක් ඇති වේ. මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. ඔබේ සහකරු හෝ සහකාරිය, ළමා රෝග වෛද්‍යවරයකු , පවුලේ සාමාජිකයෙකු හෝ විශ්වාසවන්ත මිතුරෙකු ගෙන් අවවාද හා උපදෙස් ලබාගන්න.

ඒ නිසා ඔබේ දරුවා  ඊළඟ වතාවේදී පොදු ස්ථානය කදී උද්වේගකාරී ලෙස හැසිරුන විට හිතට සහනයක් ගන්න ඔබේ දරුවා  ජීවිතයේ ප්‍රතිවිපාක ගැන  ඉගෙන ගන්නේ මේ මොහොතේ බව මතක තබා ගන්න.

අනෙක් අතට, ඔබ විසින් සකස් කරන ලද මූලික නීති දිගටම  පවත්වා ගත යුතු අතර,  ඔබේ දෛනික දරුවන් හදාවඩා ගැනීමේ  බලාපොරොත්තු ඉගැන්විය යුත්තේ  ඉන් පසුවයි. මෙය ඔබේ දරුවා හොඳින් හික්මවීමක් ඇති කර ගන්නා බවට සහතික  වනු ඇත.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී