ගෙදර හැදූ පොල් තලපය-මුළුතැන්ගෙයි විස්කම් පායි, විනාඩියෙන් පොල් කිරි මවයි

අද කාලයේ කාර්යබහුල අම්මලාට කාලය ඉතිරි කරත හැකි ඕනෑම ඉඟියක්අ මහමෙරක් සේ වටිනවා. මේ රෙසිපිය ඔබේ එදිනෙදා ජිවිතයේ ඉවුම් පිහුම් වලට මහත් රුකුලක් වනවා නියතයි.

කාර්‍යබහුල මව්වරුන්ට පහසු රහසක් කියන්නයි මම මේ සුදානම් වෙන්නේ. මේ රහස අපිත් එක්ක බෙදා ගත්තේ ගමේ සමිති  සමාගම් වලට සහභාගී වෙමින් ඒ තුලින් ලබා ගන්නා දැනුම අපිට තිලිණ කරන පාදුක්කේ කල්‍යාණි වීරකෝන් මහත්මියයි.

පොල් තලපය: අවශ්‍ය ද්‍රව්‍ය

•පොල් ගෙඩියක් පමණයි.

සාදන ක්‍රමය

• පොල් ගෙඩියක් ගාගන්න.

• මේ පොල් ටික (සර සර ගාන තෙක්) අව්වේ හෝ අවන් එකේ සෙල්සියස් 85 ක උෂ්ණත්වයක විනාඩි 15 ක් වේලා ගන්න.

අවශ්‍ය නම් මෙසේ වියලා ගත් පොල් ඔබට මිලට ගත් හැක.

• ජලය කවලම් නොකර මෙම පොල්ටික ග්‍රයින්ඩර් එකේ ක්‍රීම් වනතුරු අඹරා ගන්න.

•දැන් මෙම ක්‍රීම් එක භාජනයක අසුරා ශීතකරණයේ තබන්න.

• අවශ්‍ය වු විට පහත පරිදි ජලයේ දියකර පොල් කිරි සකස් කරගත හැකිය.

පොල් තලපය 1 කොටසට ජල කොටස් 5 කට දිය කිරීමෙන් මිටිකිරිද

පොල් තලපය 1 කොටසට ජල කොටස් 10 කට දිය කිරීමෙන් දිය කිරිද සකස් කරගත හැක.

බලන්න වසවිෂ නැති පොල්කිරි කොතරම් පහසුවෙන් සකස් කර ගන්න පුලුවන්ද කියලා. රැකියාවට යන මවකට මෙය කදිම ක්‍රමයක් වේවි.

ඔබට ස්තුතියි කල්‍යාණි වීරකෝන් මහත්මිය