"පොස්ට් එකක් ටැග් කළහම ඒක නොදැක්කා වගේ ඉන්න එපා": බිරිඳක් සැමියාට කියන සංවේදී කතාව

ඔබත් ඔබේ wifeගේ facebook tags නොදැක්කා වගේ ඉන්නවද? එහෙම නොකරන ලෙසට මෙන්න ඉල්ලීමක්

ඔබ අන්තර්ජාලයේ සමහර විට සමාජ ජාල තුල කාලය ගෙවන්නේ නැතුව වෙන්න ඇති. මේ නිසාම අනෙක් අතට ඔබේ බිරිඳ ඇගේ තොරතුරු හා පවුලේ තොරතුරු අන් අය හා බෙදාගන්නේ ඇයි දැයි ඔබට සිතන්න පුළුවන්.

ඊට ඔබවත් ටැග් කරන්නේ ඇයි දැයි ඔබ සිතන්න පුළුවන්. දරුවන්ගේ සුරතල් වැඩ, සමහර විට කෑම මේසයේ රූපයක්  වෙන්න පුළුවන්.

ඔබට නම් එය නුරුස්සන දෙයක් වන්නට පුළුවන්. සමහර විට ඊට ප්‍රතිචාර දක්වන්න ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවත් වෙන්න පුළුවන්.

ඔබ කිසි ගණනකට නොගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඔබේ බිරිඳ ඔබව ටැග් කරන්නේ හේතුවක් ඇතිව වෙන්න පුළුවන්. දරුවාගේ සුරතල් ක්‍රියාකාරකමක පින්තූරයක් ඔබට ටැග් කරන්නේ ඇය විඳින ආඩම්බරය ඔබත් විඳින බව දන්නා නිසයි. ඔබ දරුවාගේ පියා නිසයි. එය ලෝකයම දැනගැනීම ඇයට සතුටක්.

ටැග් එකට පුංචි කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි ‘love’ සටහනක් හරි දමන්න අමතක කරන්න එපා. ඇය බලාපොරොත්තු වන්නේ පුංචි අවධානයක් විතරයි.

සමහර විට විශ්වාසය ගැන හෝ සබඳතා ගැන ඔබට කියාගන්න බැරි අදහස් ඇය ෆේස්බුක් සටහනක් ලෙස ඔබ වෙනුවෙන් තබන්න පුළුවන්.

ඔබව එහි ටැග් කරන්නේ ඔබ එය කියවීමට නැඹුරු කිරීමට බව වටහා ගන්න. මේ දවස් වල ඔබත් සමග ඇය සතුටින් කල් නොගෙවන්නට මෙයත් හේතුවක් වන්නට පුළුවන්.

ඔබ ඒ ගැන අදහසක් නොදැක්වවත් පසුව ඔබ එය දුටු බව ඇයට කියන්න පුළුවන්. ඇගේ හැඟීම් ඔබට තේරුණු බව හඟවන්න පුළුවන්.

සමහර විට ඔබව ටැග් කළ සටහන පියවරුන්ගේ දිනය හෝ ඔබ දෙදෙනාගේ විවාහ සංවත්සරය වන්නට පුළුවන්. ඔබ ඒ ගැන විමතියක් දක්වන්නට පුළුවන්.

ඇය ඔබ වෙනුවෙන් දරුවන් සමග එක්ව හදන කෑමක් ලෝකය සමග බෙදාගන්නේ ආඩම්බරයෙන් වෙන්න පුළුවන්.

ඇයට එය විතරක් මදි.

ඒ නිසා ඇය ඉතා ආඩම්බරයෙන් කිසිදු පැකිලීමකින් තොරව එය ලෝකයට කියන්නේ ඇගේ සිතේ ඔබ තුළ ඇති ආදරය නිසයි. කොයිතරම් දරුවන් එක්ක වැඩ රාජකාරි අතර සිරවුනත් පියවරුන්ගේ දිනයට ලස්සන කේක් එකක් හදලා එය අනිත් අයටත් පෙන්වන්න ඇය කැමතියි. සතුටුයි.

ඔබ විවාහ සංවත්සරය ගැන ඔබ දෙදෙනාගේ බැඳීම ගැන අප ලෝකයට කියන්නේ ඇත්තටම ඇය ඒ බැඳීම ගැන සතුටට  පත්වන නිසයි. එය ඇය ඇයගේ ආදරය ප්‍රකාශ කරන තවත් ක්‍රමයක්.

ඉතින් ඒ ගැන කමෙන්ට් එකක් දන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඒත් එහෙම කළොත් ඇය ඒ ගැන අහනකම් නොයිඳ එයට කමෙන්ට් කරන්නේ කෙසේදැයි ඇගෙන් ඇසීම නම් කරන්න එපා.

ඒ වෙනුවට ඇයට ස්තූතියි කියන්න. ඇය සිප වැළඳ ගන්න.

ඇය හුඟක් සතුටට පත්වෙනවා. ඒ ටැග් එක නොසලකා හරින්න එපා.

මෙය කියවන සැමියන් අපි දන්නවා හුඟක් විට ආදරය අපි කියනවට වඩා හොඳින් පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් කාන්තාවන් ලෙස දැනෙන දේවල් හුඟක් විට පොදුයි. මෙවැනි පුංචි දේවල් ලොකු ප්‍රශ්න වන වෙලාවල් තියෙනවා. මොකද අපි හැමෝම සංවේදී මිනිසුන් නිසා.

ඉතින් ඊළඟ වාරයේ ඇයට මේ ගැන ආදරණීය ප්‍රතිචාරයක් දක්වන්න. ඉන් දවසම වෙනස් වන බව නම් සත්‍යක්. පුංචි ටැග් එකක් වුනත් ඔබෙන් ලැබෙන ඇගයීම ඇයට හුඟක් වටිනා බව තේරුම් ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ