theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ කාමරයේ බිත්ති වල ගාන තීන්ත පාට විද්‍යාත්මකව තෝරන්නේ මෙහෙමයි

4 අවම කියවීම
බෙදාගන්න :
•••
බබාගේ කාමරයේ බිත්ති වල ගාන තීන්ත පාට විද්‍යාත්මකව තෝරන්නේ මෙහෙමයි

පුංචි බබාගේ කාමරය නැතිනම් පෙරපාසල් යන පුතාගේ කාමරයට තීන්ත ආලේප කරන්න ඉස්සෙල්ලා වර්ණ සහ ඒවාගේ තේරුම් ගැන ටිකක් සොයා බලන්න.

බබාගේ කාමරය වෙනස් කරන්න ඔබ අලුත් පාටක් බිත්ති මත ගලවන්න කල්පනා කරමින් ඉන්නවද?

මනෝවිද්‍යාඥයන්ට අනුව අප තෝරා ගන්නා වර්ණ ඇගේ හැසිරීමට හා සිතුවිලි වලට බලපෑමක් ඇතිකරනවා. සමහර වර්ණ සමග ගැටීමෙන් මොලයේ උද්දීපනය, නින්ද, මතක ශක්තිය වැඩිවීම, අධ්‍යන කටයුතු සාර්ථක වීම හා ශරීරයේ වර්ණයටත් ඉවහල් වෙනවා.

බබාගේ කාමරය නැතිනම් පෙරපාසල් යන පුතාගේ කාමරයට තීන්ත ආලේප කරන්න ඉස්සෙල්ලා වර්ණ ගැන ටිකක් සොයා බලන්න.

බබාගේ කාමරයේ බිත්ති වල ගාන තීන්ත පාට විද්‍යාත්මකව තෝරන්නේ මෙහෙමයි

1. නිල් පාට - විවේකය හා සැහැල්ලුව

හුඟක් පිරිමි දරුවන් නිල් පාටට කැමතියි. නිල් පාට ආලේප කළ කාමරයක ඉන්න විට ශරීරයේ උෂ්ණත්වය අඩුකරන බව වගේම ලානිල් පැහැය සිතට සන්සුන් බවක් ගෙන දෙනවා. හුඟක් දඟ, තරමක් මුරණ්ඩු දරුවන්ගේ කාමරයකට ලානිල් පාට ගැලපෙනවා.

නමුත් මෙවැනි ලා වර්ණ උපරිම අවුරුදු 2 ක් පමණ පවතිනවා. ඒ නිසා තරමක් තද පාටින් පාට කරන්න පුළුවන්. ෆෙන්ෂුයි වලට අනුව ලානිල් පැහැය නිදහස, සැනසීම, නිස්කලංක බව ලබා දෙනවා.

බබාගේ කාමරයේ බිත්ති වල ගාන තීන්ත පාට විද්‍යාත්මකව තෝරන්නේ මෙහෙමයි

2. කහ පාට - සතුට, ජීවමාන බව, ශක්තිමත් බව

කහ කියන්නේ බලාපොරොත්තුවේ වර්ණය. අධ්‍යනයකට අනුව මේ වර්ණය උද්යෝගය උනන්දුව වැඩිකරනවා. ඒ වගේම අවධානයත් ඇති කරනවා. ඒ වගේම තද කහ තුළින් මතක ශක්තිය වැඩි කරනවා. ඔබේ දරුවාගේ ක්‍රියාවන් වල ධනාත්මක හා උද්යෝගී බව කහ වර්ණය තුළ ගැවසෙන විට වැඩි බවත් ඔබට දැනේවි. නමුත් ඉතා තද කහ පැහැය මගින් තරහව හා නුරුස්සන ගති ඇතිවන බවත් මතකයේ තබා ගන්න.

3. දම් පැහැය - සුඛෝපභෝගී බව, නිසංසල බව

පුංචි දුලට හුඟක් ගැලපෙනවා. දම් පාට මොලයෙන් කරන ක්‍රියාකාරකම් වලට සහය වෙනවා. දම් පැහැය ලැවෙන්ඩර් මල මතකයට ගෙන එනවා. එයත් හරියටම සිත් ඇදගන්නා සෞමය සුවඳකින් යුක්තයි. එම වර්ණය ශුද්ධ වු සිත නිවන ගුණයෙන් යුක්තයි. සමස්තයක් ලෙස සිත උද්දීපනය කරන උද්යෝගය සතුට රඳවන ලස්සන වර්ණයක්.

4. බබාගේ කාමරය: රතු - ආශාව, සංවේදී බව, බලාපොරොත්තුව ඇති කරනවා

රතු පැහැය මගින් නිතරම බලාපොරොත්තු දල්වන්න ඔබට ක්‍රියාකාරීව තබන වර්ණයක්. හුඟක් දුරට රතු වර්ණය වැඩිහිටියන්ගේ කාමරයට නැතිනම් කෑම කාමරයටත්  සුදුසුයි. රතු පැහැය මගින් තරමක් කම්මැලි ක්‍රියාකාරී නැති දරුවන්ට ජවයක් ලබා දෙනවා. නමුත් අධික්‍රියාකාරී දරුවෙක් ඉන්නවනම් මේ පැහැය මගහැරීම සුදුසුයි.

බබාගේ කාමරය

5. කොළ - නිහඬ, නැවුම් හා ස්වභාව ධර්මය හා යා කරයි

කොළපාට ගැවසෙන විට බබාගේ කාමරය තුළ වුවත් අපට සොබා දහම මතක් කරනවා. ඒ මගින් නැවුම් බවක් ලබාදෙනවා. සමහර විට ඔබේ දරුවා කොළ පැහැති පලතුරු, එළවළු වලට හුඟක් අසා කරන්නත් පුළුවන්. විශේෂඥයන්ට අනුව කොළ පැහැය දරුවන්ගේ කියවීම් වේගය හා වඩා ධනාත්මකව සිතීමේ හැකියාව වර්ධනය කරන බව සොයාගෙන තිබෙනවා. ෆෙන්ෂුයි වලට අනුවත් කොළ පැහැය සාමය , නිදහස, විවේකය ලැබෙන බව පවසනවා.

6. රෝස - ආදරණිය, කාන්තාවන්ට කැමති හිතෙන වර්ණයක්

දූලගේ කාමරයට රෝස පැහැය හුඟක් හොඳයි. එමගින් ඔවුන් තුළ අවබෝධය ඇති කරවනවා. දූලාට ලස්සන වගේම සන්සුන් බව මේ නිසා දැනෙනවා. 

7. අළුපාට - හැඟීම්බර

අළු පැහැය වර්තමානයේ ප්‍රචලිත වන වර්ණයක්. මේ පැහැය නිවෙස් වලට ගෞරවනීය, අතීතය සිහි කරවන බවක් ගෙන එනවා. අළු පැහැය අනෙක් වස්තූන් ඉස්මතු කර පෙන්වන්න උදවු වෙනවා. යමක් ඉස්මතු කර පෙන්වන්න ඔබට අළු පැහැය යොදාගන්න පුළුවන්.

8. බබාගේ කාමරය රිදී පාට- දීප්තිය , තාක්ෂණය

රිදී පැහැය අළු හා තද නිල් පැහැය සමග හොඳින් මුසු වෙනවා. නවීන තාක්ෂණයේ ගෘහ භාණ්ඩ සමග රිදී පැහැය කදිමට මුසු වෙනවා. ෆෙන්සුයි වලට අනුවත් අසිමිත බව හා අයිතිය හඟවන බව පැවසෙනවා.

9. කළු - ශක්තිය, බලය, අයිතිය

කළු පැහැය බලාපොරොත්තු නැති කරන ව්‍යාකූල පැහැයක් ලෙස කවුරුත් හිතනවා. නමුත් දරුවන්ගේ නිර්මාණ ඉස්මතු කර පෙන්වන්න කළු සුදුසුයි. ඒ වගේම කළු පාට කොටසක් කාමරය තුළ ඉතිරි කිරීමෙන් දරුවන්ට ලියන්න ඉගෙන ගන්නත් පුළුවන්. එය   නිර්මාණයන් කරන විශේෂ තුනක් වෙනවා. ඒ වගේම තරු දිලිසෙන රූපත් පෙනුමටත් කළු කදිමයි.

10. බබාගේ කාමරය සුදු - පිරිසිදු, ශුද්ධ, අහිංසක බව

සුදු පැහැයට ඕනෑම තැනක් විශාල කර පෙන්වනවා. ඒ වගේම ශුද්ධ, පිරිසිදු බවේ සංකේතයයි. පසුබිම හොඳින් ඉස්මතු කරන්න සුදු පැහැය සුදුසුයි. තද පැහැයෙන් යුතු වස්තූන් එක් කිරීමෙන් හොඳ නිමාවක් හා පෙනුමක් ලබාගන්න පුළුවන්.

සොබාදහම හා බැඳුනු වර්ණ අපේ ජිවිතයේ කොටසක්. පාට පාට ජිවිතයක් සතුට සැනසුම නිසා පවතිනවා.  theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඔබට ප්‍රර්ථනා කරන්නේ සතුටමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • බබාගේ කාමරයේ බිත්ති වල ගාන තීන්ත පාට විද්‍යාත්මකව තෝරන්නේ මෙහෙමයි
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • බබාගේ කාමරයට ෆෑන් එකක් ඕනෙද?

    බබාගේ කාමරයට ෆෑන් එකක් ඕනෙද?

  • ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

    ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

single
  • බබාගේ කාමරයට ෆෑන් එකක් ඕනෙද?

    බබාගේ කාමරයට ෆෑන් එකක් ඕනෙද?

  • ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

    ගැබිණි මවට හා අලුත් පැටියාට වර්ණ වල බලපෑම් මෙන්න

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor