theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

4 අවම කියවීම
බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්නබබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

කෑම කන්න හොර බබාලට විසිතුරු මල් රටා වලින් ලස්සන කර කෑම පිඟන් සකස් කරගත හැක්කේ මෙහෙමයි.

බබාලට කෑම කැවීම දිනපතා රාජකාරි වලින් අම්මලාට අමාරුම කාර්යය යැයි කීවොත් බොහෝ අම්මලා එකඟ වනවා නියතයි. අද ඔබත් සමඟ බෙදා ගන්නේ අප සමඟ නිතරම නොයෙක් නිර්මාණශීලි අදහස් බෙදා ගන්න අම්මි කෙනෙක්ගේ තවත් අපුර්ව නිර්මාණයක්. පසුගිය ලිපි හරහා බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්, ගෙදරදීම ක්ලේ හදා ගන්නා හැටි  වැනි දෑ අපට කියා දුන් චමාලි මදනායක අද අපත් සමඟ බෙදා ගන්නේ බබාලට කෑම සදා දීමේදී නොයෙක් විසිතුරු මල් රටා වගේ දරුවනට පිළිගැන්විය හැකි විවිධ රටා කිහිපයක්.   

පාට පාට           මල්

ලස්සන පොඩි  මල්

සුවද හමන      මල්

කාටද ඕනා       මල්

මම මෙහෙම කියනකොටම අපේ පුතා "මට ඕනා මට ඕනා කිව්වා" පොඩි දරැවෝ එක්ක සතුටු වෙන්න හරි සරල උපක්‍රම තියෙන්නේ, කෑම කවා ගන්නත් මම මේ වගේ ඒවා පාවිච්චි කරනවා.කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක කවියක්ද කියලා, ඇත්තටම මට නම් කවි ලියන්න බෑ ඒත් හිතට ආපු වචන ටිකක් හදලා කිව්වේ, පුතාට කෑම පිගාන දෙන්න ඕනා නිසයි.අද මම ගේන්නේ මල් ගොඩාක් එක්ක මල් මල් කෑම පිඟන් ටිකක් අරන්.හැමෝම ආසා වෙයි කියලා හිතනවා.පොඩි අය විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක් ආසා කරනවා නේ මල් වලට.

ඔන්න අද මම කෑම පිඟන් 4ක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. මල් ගැන නම් විවිද නිර්මාන මවන්න පුලුවන් ඒ තරම් ගොඩාක් තියෙනවා.මම තෝරා ගත් කීපයක් ගෙනාවා.එක පිගානකින් දෙන දැනුමට වඩා මට හිතුනා මම කරපු හැම කෑම පිගානක්ම යාලුවෝ අතර බෙදා ගන්න.දැන් ගොඩාක් අම්මාවරැන් ෆුඩ් ආට් ඉතා ආසාවෙන් කරන නිසා, එයාලට තවත් අදහස් ගන්න තමයි අද මම පිඟන් 4ක්ම ගෙනාවේ.

"පොඩි දරැවොත් මල් වගේ කියනවානේ"

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

ඉතිං අද අපි මල් වලින්ම ලස්සනට පිඟන් සකස්කර ගන්න හැටි බලමු.

1. උදේ කෑම පිඟාන

මම මෙහිදී සැන්විච්පාන් ජාති දෙකක් භාවිතා කරා.( මෙහේ තියෙනවා සාමාන්‍ය සැන්විච් පාන් එක සහ ඇට වලින් හදපු සැන්විච් පාන්)

චීස්, හැම් පෙත්තක් , ජෑම් , නුර්ටෙල්ලා, බටර්

සැරසීමට  සැලඩ් කොල චෙරි ටොමාටෝ ගෙඩියක්, ගර්කින් කොලපාට පොත්ත අරගත්තා.

මල් කැපීමට මම කුකීස් හදන මල් කටර් එකක් ගත්තා.පසු ගිය වතාවෙත් මම කිව්වා ඉතා සුලු ගානකට මෙවැනි කටර් ටිකක් ගත්තාට ඔබට පාඩුවක් නෑ කියා.

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

2 පලතුරැ පිඟාන 

මෙහිදී පොඩි පොල් කටුවක් තුලට මල් ටික ලස්සනට අඩුක් කරා.දැන් හිතන්න එපා මේ මල් වට්ටිය නම් අපිට හදන්න බෑ කියලා.මේක ටිකක් සියුම් වැඩක්.මෙහෙම අමාරැ නම් මල් කටර් එකක් භාවිතා කර මල් කපන්න පුලුවන්.මම ටිකක් ලස්සනට මල් වට්ටියක්ම හැදුවා පලතුරැ කීපයක් භාවිතා කරමින්(ස්ටෝබෙරි ඒක මම රෝස මලක් විදියට කැපුවා, රතු මිදි හා බ්ලු බෙරි ගෙඩි කීපයක් චූටි පිහයකින් දැති කැපුවා.මේ එක ගෙඩියෙන් මල් දෙකක් එනවා, කෙසෙල් ගෙඩි පෙති කීපයක් කපලා පිහියෙන්ම මලක් කපා ගත්තා, දෙලුම් ඇට ටිකක් ගලවා මල මැදින් තියා මල් ටික ලස්සන කරා.) යාලුවනේ මම ටිකක් පලතුරැ පාවිච්චි කරාට ඔයාලට තියෙන පලතුරැ එක් වර්ගයක් හෝ මෙහෙම පොඩි ලස්සනක් එක් කර දෙන්න..

 

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

3 දවල් කෑම පිඟාන

මල් පොච්චියක් විදියට මම මේ පිගාන සකසා ගත්තා.බත් තමා පොච්චියට ගත්තේ තම්බාගත් කැරට් අලයකින් පෝච්චියට පොඩි ඩිසයින් එකක් දැම්මා.

කුකීස් මල් කටර් එකක් අරන් ඒකට පරිප්පු , සුකිනි මැල්ලුම් , බීට් රෑට් බත් සමග කලවම් කරගෙන ඒ ඇතුලට චූටි හැන්දකින් පුරවා ලස්සන පාට පා ට මල් සකසා ගත්තා.තම්බා ගත් බිත්තරයක්  ගෙන චූටි පිහියකින් දැති කපා එයත් මල් දෙකක් විදියට තැන් දෙකකින් තිබ්බා.තම්බා ගත් කැරට් අලයද හීනි පෙති කපා මලක් අකාරයට තැබුවා.තව චෙරි ටොමැටෝ ගෙඩියක් කපා ලස්සන කර සැලඩ් කොල කීපයකින් මම කොල ආකාරයට කපා මල් පොච්චියේ තැනින් තැන තැබුවා.

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

4 සැලඩ් පිඟාන

එලවලු වර්ග කීපයකින් සකසා ගත් පිගානක්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ගර්කින් ( පිපිඤ්ඤා)

අමු කැරට්

චූටි තක්කාලි පාට දෙකකින්

බෙල්පෙපර් චූටි කෑලි කීපයක්.

ගර්කින් සහ කැරට් පෙති කපා මල් ආකාරයෙන් තැබුවා.චූටි තක්කාලි දෙකට පලා එයද මලක්සේ සකසා කර, සැලඩ් කොල සහ බෙල් පෙපර් වලින් පිගාන ලස්සන කරගත්තා.

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

අද ලස්සන මල් වලින් කරපු විවිද පිඟන් ඔයාලට බලා අදහසක් ගන්නයි මම ඉදිරිපත් කරේ.ෆුඩ් ආට් වලින් දරැවන්ට ගොඩාක් දේවල්ඉගෙන ගන්න පුලුවන් බව දැන් ගොඩාක් අම්මලා දන්නවා.මෙවැනි දේ වලින් දරැවෝ ගොඩාක් සතුටු වන බව මම අත්දැකීමෙන් දන්නා මවක්.පුතා හරිම ආසාවෙන් ඒවා විස්තර කර කර කන එක තරම් සතුටක් තියේද ???අම්මා කෙනෙක්ට.කන බොන වෙලාවට අම්මා දරැවා සමගමයි ඉන්නේ, ෆුඩ් ආට් එකක තියෙන ගොඩාක් දේවල් අම්මට විස්තර කරන්න පුලුවන්.විශේෂයෙන්ම පාට ඒ වගේම කෑමට ගත් එලවලු හෝ පලතුරැ වල නම්. හැඩතල සහ අද පිගානේ නම් මල් කීයක් තියෙනවද?? ඔය වගේ දේවල් වලින් දරැවා ගොඩාක් දැනුම රැස් කර ගන්නවා.තවමත් දරැවන් සමග මෙවැනි දෙයක් නොකරපු අම්මලා ඉන්නවා නම් ලස්සන ෆුඩ් ආට් එකක් කර දරැවන් සමග සතුටුවන්න

බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න

මේ සුන්දර විසිතුරු මල් රටාවන් අපට එවූ චමාලිට ගොඩක්ම ස්තුතියි. මේ රටාවන් පහසුවෙන් හදා ගෙන ඔබේ දරුවා ඒවා රස විඳි හැටි අපට ලියා එවන්න. 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාගේ කෑම විසිතුරු මල් රටා වලින් පිළිගන්වන්න
බෙදාගන්න :
  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • චොක් චිප් කුකීස් ගෙදරදීම සාදන ක්‍රමය

    චොක් චිප් කුකීස් ගෙදරදීම සාදන ක්‍රමය

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • චොක් චිප් කුකීස් ගෙදරදීම සාදන ක්‍රමය

    චොක් චිප් කුකීස් ගෙදරදීම සාදන ක්‍රමය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it