අනේ බබාගේ තාත්තී, මට උදවු කරන්නේ නැද්ද?

සැමියා ඔබට උදව් කරන්නේ නැති සේ හැඟෙනවාද? මේ විධියට හිතුවොත් පුළුවන් ඔබේ සිතැඟි තහවුරු කරගන්න.

අද මවකගෙන් ලිපියක් විශේෂාංගය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය වෙත අයේෂා චතුරාණි සිරිබද්දන විසින් සපයන ලද ලිපියක්. අද සමාජයේ මවුවරුන්ගේ ඉතා සුලභ අත්දැකීමක් හරහා වටිනා අදහස් කිහිපයක් ඔබ හා බෙදාගන්නා අයේෂාගේ මේ ලිපිය ඔබට මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.

බබාගේ තාත්තාගෙන් උදව්වක් නැති එක ඔලුවට බරක් 

ගොඩාක් අලුත් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබාව බලාගන්න තමන්ගේ මහත්තයා ගෙන් ලැබෙන  සහයෝගය මදියි කියන එක. දරුවෙක් පවුලට අලුතින් ආවම ඉතින් වැඩ ගොඩාක් වැඩි වෙනවානේ...අලුත් අම්මා තාත්තගෙනුත් ලොකු සහයෝගයක් බලාපොරොත්තු වෙනවා.සමහර තාත්තලා ඉන්නවා හැමදෙයක්ම හොයලා බලලා හිතලා කරනවා, අලුත් අම්මට ගොඩාක් උදවු කරනවා...ඒත් සමහර තාත්තලා ට නම් කිසිම දෙයක් හිතලා කරන්න බෑ...උදවු කරන්න තේරෙන්නේ නෑ...ගොඩාක් තාත්තලා එහෙම තමයි....ඒක හරිම සාමාන්‍ය දෙයක්....ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ඕක.

මට දෝනික්කියෝ දෙන්නෙක් ඉන්නවා..ඒත් මගේ ලොකුම බබා තමයි දූලාගේ අප්පච්චි ....එයා දුවලට වගේම මටත් පන වගේ ආදරේ.....දරුවන් වෙනුවෙන් මුලු ලෝකයක් එක්ක උනත් සටන් කරාවි...ඒත් අඩන බබාව හදිසියකදි නලව ගන්න තේරෙන්නේ නෑ..හදිසියකට චූටි බබාගේ නැපී එකක් මාරු කරගන්නත් එයාට ආමාරුයි...ඒකෙන් කියන්නේ එයා ආදරේ නෑ කියන එක නෙමෙයි...එයාගේ මුලු ජීවිතේම අපි තුන් දෙනා.ඒත් එයාට පුලුවන් විදියට උදවු කරනවා...ඒක මට ඕනම විදිය නොවෙන්න පුලුවන් ...ඒත් කරන්න පුලුවන් හැම විදියටම හැම වැඩකදීම මට,දරුවන්ට උදවු කරනවා,මොකද අපි ලංකාවෙනුත් පිට ,කිසිම වැඩිහිටි කෙනෙක් නැතුව දරුවනුත් හදාගෙන ඉන්න නිසා,අපිට එකිනෙකාට උදවු කරගන්නම වෙනවා.

කාන්තාවක් වී ඉපිද සිටින්නේ මව් පදවිය ලබන්න 

ජීව විද්යාත්මකව (Biologically) ගැහැනු ඉපදිලා තියෙන්නේ අම්මා කෙනෙක් වෙන්න, මිනිස් පැවැත්ම ඉදිරියට ගෙන යන්න. ශරීරය මනස,සිතිවිලි හැම දේම සකස් වෙලා තියෙන්නේ ඒකට හරියන්න,ශරීරයේ හැම අංගයක්ම සකස් වෙලා තියෙන්නේ දරුවෙක් දරන්න,ගර්භාෂයක් පිහිටලා,ස්ථන ග්‍රන්ථ පිහිටලා,සිතිවිලි මුදු මොලොක් වෙලා,දරා ගැනීම වැඩි වෙලා තියෙන්නේ ඒ ක්‍රියාවලියට...

පිරිමි අය සකස් වෙලා ඉන්නේ වෙනස් විදියට,ගෙදර ආර්ථිකය සකස් කරන්න ,පවුලේ ආරක්ෂාව...ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ...ඒවට හරි යන්න තමයි එයාලගේ ශරීරය ,මනස,සිතිවිලි හැමදේම සකස් වෙලා තියෙන්නේ ...

ඒත් අද සමාජය වෙනස් වෙලා,අම්මලා දරුවෝ හදනවා විතරක්ම නෙමෙයි.රැකියාවලුත් කරනවා,ඉගෙන ගන්නවා...ඒක නිසාම අම්මාගෙ හා තාත්තාගෙ රාජකාරිත් සංකීර්ණ වෙලා.

ඉතින් දරුවෙක් පවුලට ආවම වගකීම් ගොඩාක් එක්ක, වැඩ ගොඩකුත් වැඩි වෙනවා,

විශේෂයෙන්ම අම්මාගේ...තාත්තගෙත් එහෙමම තමයි...

අපි අම්මලා..වැඩ වැඩි උනාම හරිම පීඩාවකට පත් වෙනවා...අනිත් අය අපිට උදවු කරන්නේ නෑ කියලා තරහ ගන්නවා...අනේ ඉතින් මේ තරහ ගොඩාක් වෙලාවට පිට වෙන්නේ ලගම ඉන්න දරුවන්ගේ අප්පච්චි ගෙන්...ඔන්න ගැටුමට මුල...

සැමියාගේ පුංචි ක්‍රියාවන් අගය කරන්න

ඉතින් හිතලා බලලා උදවු නොකරන තාත්තලාගෙන් රංඩු කරන්නේ නැතුව ගෙදර වැඩට සහයෝගය ගන්න උදවු වෙන පොඩි කරුනු ටිකක් ඉදිරි ලිපියකින් ඔබ සමඟ බෙදාගන්නට අදහස් කරනවා. ඒ හමු වන තෙක්, බබාගේ තාත්තාව තේරුම් අරන් ඔහු පවුල වෙනුවෙන් කරන පුංචි ක්‍රියාවක් හෝ අගය කිරීමට හුරු වීමෙන් ඔබට මහත් සැනසීමක් ලැබෙන බවට මම සහතික වනවා.

 

මෙම රසවත් මෙන්ම හරවත් ලිපියෙන් අප දෑස් විවර කර සැමියෙකුගේ සවිය දෙස වෙනත්ම කෝණයකින් බලන්නට අපට ආරාධනා කල අයේෂා චතුරාණි සිරිබද්දන වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. දැනට ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන අයේෂා පූර්ව ළමාවිය අධ්‍යාපන වේදිනියක්(Educator of Early childhood Education and care)ලෙස ඔස්ට්‍රෙලියාවේ ප්‍රමුඛ ආයතනක පූර්ණ කාලීනව සේවය කරනවා.