theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

3 අවම කියවීම
බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

අපි නිතරම දරුවන්ගේ කෑම, වර්ධනය හා අනෙකුත් දේවල් ගැන කතා කරනවා වගේම මුඛ සෞක්‍ය ගැන කතා කිරීමත් ඉතා වැදගත්.

දරුවන් ඉපදුන විට අපි හැමදේම ගැන හුඟක් දැනුවත් වෙනවා. ඔවුන්ගේ එන්නත්, ඇඳුම්, කෑම, වැනි හැමදේම. නමුත් අපි දත් ගැනත් එහෙම හිතනවද? නැහැ, මොකද තාම ඒවා ඇවිල්ලා නැහැනෙ. නමුත් වෛද්‍ය මතය අනුව දරුවන්ගේ විදුරුමස් හා දිව පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. මන්ද ඉන් බැක්ටීරියා ශරීරයට ඇතුල්වන්නට පුළුවන්.

මගේ දරුවාගේ දත් ශක්තිමත්ව හා නිරෝගිව තබාගන්න මම කරන දේවල් මම ඔබට කියන්නම්

1. කිරි දීමෙන් පසු හැමවිටම විදුරුමස් පිස දමන්න

දරුවන් පළවෙනි මාස හයේ මව් කිරි විතරක් බීමත් විදුරුමස් වල බැක්ටීරියා ඇතිවෙන්නෙ නැහැ කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා හැම උදේකම හා රාත්‍රියකම බබාගේ විදුරුමස් පිස දැමීම වැදගත් වන්නේ ඒ නිසයි. ඊට මෘදු තෙත රෙදි කැබැල්ලක් තෝරා ගෙන ඉතා සුමුදු ලෙස පිස දැමීම කරන්න පුළුවන්.

2. ඇලෙන සුළු හා සීනි අඩංගු කෑම වලින් ඈත් කළා

චොක්ලට්, ටොෆි විතරක් නෙමෙයි පොටෙටෝ චිප්ස්, කොන්ෆ්ලෙක්ස් වගේ දේවල් වුනත් දත් නරක් කරන්න මුල් වෙන්න පුළුවන්. මේවයේ කුඩා කැබලි දත් මුල් අතර රැඳීම සිදුවෙනවා. ඒ නිසා එනමලය මත රැඳීමෙන් ඇලෙන සුළු ගතිය නිසා ඉවත් කිරීම අපහසු වෙනවා. මේ නිසා කිරි දත් එන කාලයේ පටන් මුව පිරිසිදු වතුරින් සේදීම  හෝ මැදීම වැදගත් වෙනවා.

3. කෑම කෑමට හා බීමට පසු කට සෝදවන්න

මෙය පුරුද්දක් ලෙස දරුවා කෑම ගැනීම හෝ බීම බීමෙන් පසු කිරීමට හුරු කරන්න. මේ නිසා දත් හා විදුරුමස් මත කෑම කැබලි ඇලීම අඩුවෙනවා. නැතිනම් පුංචිම බබාලගේ විදුරුමස් පෙර කියූ ආකාරයට පිස දැමීම කරන්න පුළුවන්.

4. රෑ කිරි බෝතලය ටික ටික අඩු කළා

හුඟක් වෙලාවට කිරි බෝතලය හෝ මව්කිරි සමග නින්දට යන දරුවන් හුඟක් ඉන්නවා.  මම මගේ බබාගේ විදුරුමස් පිස දැමීමත් ලොකු වෙනකොට වතුර ටිකක් කිරි වලට පස්සේ පොවන්නත් මම කටයුතු කළා. ඒත් ක්‍රමයෙන් මම රෑ කිරි බෝතලය බොන එක අඩු කරලා නින්දට හුඟක් ඉස්සෙල්ලා හොඳ කිරි එකක් බොන්න හුරු කළා. නැතිනම් කිරි, දත් මත තැවරිලා ඒවා ඇසිඩ් බවට හැරීමෙන් දත් නරක් වෙනවා. අවුරුදු 5 ක් වෙනකොට නින්දට පැයකට විතර ඉස්සෙල්ලා කිරි බොන්නත් ඉන්පසුව මුව සෝදන්නත් දැන් ඇය පුරුදු වෙලා.

5. කිරි දත් වැටෙනකන් ඉන්න එපා

හුඟක් අම්මලා කිරි දත් වැටෙනකම්ම ඉන්නවා දන්ත වෛද්‍යවරයෙකු ළඟට දරුවන් ගෙනියන්න. දරුවන්ගේ දත් නරක් වීම නිසා දත්මුල් පවා අසාදනය වන නිසා ඒවා අලුතෙන් එන දත් වලට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා කිරිදත් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්.

6. දිනකට දෙවරක් උදේ රාත්‍රී දත් මැදීම වැදගත්

පුංචි දරුවන්ගේ දත් රාත්‍රියට මැදිය යුතු බව දන්ත වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීම නිසා මම මුලදී පුදුමයට පත් වුණා. ඔබේ උදෑසන වාරය අතපසු කළත් රාත්‍රී වාරය අතපසු කිරීම නොකළ යුතුම වෙනවා. ඔබේ දරුවා දත් මැදීම කළ පසු එක වරක් හෝ නිසි ලෙස මැදීම ඔබේ අතින් කළයුතු වෙනවා.

7. දන්ත වෛද්‍යවරයෙකු නිතර මුණ ගැසුණා

පෙර කිව්වා වගේ කිරි දත් වැටෙන තුරු දන්ත වෛද්‍යවරයා හමුවීම පමා කරන්න එපා. මගේ පුතා අවුරුදු 11/2 දී දන්ත වෛද්‍යවරයා ළඟට රැගෙන ගිය විට ඉතා පුදුම අත්දැකීමක් ලැබුවා. දත් මතින් තවත් දත් වැඩෙන බව වෛද්‍යවරයා හඳුනා ගත්තා. ගලවා ඉවත් කිරීම හොඳ නැති බව කීම මිත්‍යා මතයක් වුනත් අවශ්‍ය උපදෙස් නිසා මට නිසි පිළියම් යොදන්න පුළුවන් වුණා. මේ මගින් වේදනාවන් හා අසාදනය වීම් වළකා ගන්න පහසුයි.

ශරීරයේ හැම අවයවයක් මගින්ම වැදගත් කාර්යයක් සිදුවෙන නිසාම දත් වලටත් ජීවිතයේ වැදගත් තැනක් හිමි විය යුතු වෙනවා. ඒ නිසා ඒවා පරික්ෂාව හා ආරක්ෂාව ඉතා වැදගත් බව ඔබට මතක්කර දෙන්නට theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.  

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

Avantika Kukreti

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්
බෙදාගන්න :
  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it