දරුවාගේ නාසය සිරවීම: මෙන්න බුලත් කොළයෙන් බෙහෙතක්

බබාගේ නාසය සිරවූ විට මේ අම්මා කලේ කුමක්ද ?

*දරුවෙකුගේ රෝගී වූ සෑම විටෙකම පළමුව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීමට  මතක තබා ගන්න.

දරුවාගේ නාසය සිරවීම වුනාහම ඒක අම්මාටයි බබාටයි දෙන්නාටම අසීරුයි. දරුවන්ට එමනිසා හුස්ම ගැනීමට, කෑමට හා නිදා ගැනීමට අපහසු වන  අතර දරුවාගේ මේ අරගල දකින අම්මා ඒ නිසා වේදනාවට පත් වෙනවා .

එමනිසා, බොහෝ මව්වරුන්  තම කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස  සහ නාසය සිරවීම  වැනි මෘදු රෝග වලින් පෙළෙන විට  ඒ සඳහා නිවසේ කල හැකි  අත් බෙහෙත් සෙවීමට උත්සාහ කරනවා.

ෂිකින් ජයිස් නැමැති මව විසින් ඇයගේ කුඩා දරුවාගේ සිර වූ නාසය සදහා ඇත්තෙන්ම මෙය අත්හදා බැලුවා. ඇයගේ දරුවාගේ නාසයට පහසුවක් ලබා දීමට ඇය බුලත් කොළ භාවිතයෙන් සාම්ප්‍රදායික අත් බෙහෙතක්  භාවිතා කළා.

අපි පිළිගන්න ඕනී, ඇයගේ පෝස්ට් එක නිසා අපි කුතුහලයට පත්වුණා. නාසයෙන්  සියල්ල පිටතට පැමිණි ඇති  අයුරු  බලන්න.

දරුවාගේ නාසය සිරවීම

මෙන්න ඒ සදහා  ඇය කළ දෙය:

• බුලත් කොළ 4-5 ක් ගෙන ඒවා උණුසුම් වන තෙක්  මෘදුව තම්බාගන්න.

• මෙන්තොල් අඩංගු බාම් එකක් (vicks) දරුවාගේ පපුවේ තුනී තට්ටුවක් ඇතිවෙන සේ ආලේප කරන්න.

• ඊළඟට උණුසුම් බුලත් කොළ වලින් ඒ ප්‍රදේශය  ආවරණය කර විනාඩි 10-15 ක් තබන්න.

ඇය පවසන්නේ ප්‍රතිඵල  ඇත්තෙන්ම විශිෂ්ට බවයි (පින්තූරවල දැකිය හැකි පරිදි). ඒ වගේම ශේෂ්මල ඉවත් කරමින්  සැබවින්ම එය අවහිර නැති කිරීමට  උදව් වෙනවා.

බුලත් කොළ වල අඩංගු සුවකිරිමේ සංඝටක 

සාම්ප්‍රදායිකව  (ආයුර්වේද හා චීන වෛද්‍ය ක්‍රම දෙක තුලම ) බුලත්  කොළ උදරයේ  ඇතිවන වේදනාව සහ බිබිලි  හා අනෙකුත් සම තත්වයන් මගින්  ඇතිවෙන රතු පැහැවීම්ස් හා වේදනා තත්වයන්  අඩු කිරීමට යොදා ගනී. ඒවායේ  විෂබීජනාශක සංඝටක  ඇති බව විශ්වාස කෙරේ.

South Asian Journal of Cancer හි පළ කරන ලද ලිපියකට අනුව:

බුලත් කොළ වල වැදගත්කම පූරාණ  ආයුර්වේද පොත් වල විස්තර කර ඇත. බුලත් කොළ භාවිතය එහි සුවකිරිමේ සංඝටක නිසා ශතවර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධව ඇත.

චීන ග්‍රාමීය වෛද්‍ය විද්‍යාවේදී බුලත් කොළ විවිධ ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අතර විෂ ඉවත් කිරීමේ, ප්‍රතිඔක්සිකරණය කිරීමේ හා විචලනය වීමේ සංඝටක  ඇති බව සැලකේ.

මුඛ සෞඛ්‍යාරක්ෂාව සඳහා කොළ නිස්සාරක, පෙරා ගත් සංයෝග කටයුතු කිරීම හා දියවැඩියාවට එරෙහිවීම, හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ කිරීම , ප්‍රතිආසාධිත /ප්‍රතිශක්තිකරණ, තුවාල සුව කිරීම ,හෙපටෝ ආරක්ෂිත, ආසාදන වලට එරෙහි වීම ආදී බුලත් කොළය ගැන පර්යේෂණ වල  රාශියක් කර ඇත .

බුලත් කොල නිස්සාරක හා පෙරා ගත් සාරය සමග  ප්‍රති ආසාදිත ,පිළිකා මර්දනය කරන සහ ප්‍රතිශක්තිකරණ වැනි ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම්  සම්බන්ධ වෙලා ඇති බවට දෙමාපියන් පිළිගන්නවා.

බුලත් කොළ වලින් ලබාගත් තෙල්  උනුසුම් කාරක නිසා ඒ මගින් ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවන බැවින් නාසයේ තදබදය අඩු කර ගත හැකි බව විශ්වාස කරනවා .

ආරක්ෂක ඉඟි

මවුවරුනි සහ පියවරුනි , බොහෝ නිවෙස් අත් බෙහෙත් මෙන් මෙයද වෛද්‍යවරයකු  විසින් වෛද්‍ය ආයතනයක් මගින් තහවුරු කර නැත.

එසේම, මෙන්තෝල් අඩංගු  ආලේපන ප්‍රවේශමෙන්  භාවිතා කළ යුතු අතර, වයස අවුරුදු දෙකකට අඩු ළදරුවන්ට  එය ආලේප නොකළ යුතු වේ. ඔබට වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය  නම්, කරුණාකර ඔබේ දරුවාගේ වෛද්‍යවරයා  සමඟ පරීක්ෂා කරන්න.

* වගකීම් භාර ගැනීම: අප සමාගම මෙය බිළිඳුන්ගේ නාස් තදබදය අඩු කිරීමේ ක්‍රමයක්  ලෙස  ඉදිරිපත් නොකරයි. මේ මවකගේ අත්බෙහෙතක්  බෙදා ගැනීමක් පමණයි.

ළදරුවන්ගේ ඕනෑම සෞඛ්‍ය  තත්වයක් සඳහා ඔබ පළමුව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු විය යුතුය.

අම්මලාගේ නිවස් වල තියෙන අත්බෙහෙත් ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri Lanka  වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී