theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පුංචි පැටියාගේ විශ්වාසය ඔබටද? මෙන්න ආදරණීය සලකුණු

3 අවම කියවීම
ඔබේ පුංචි පැටියාගේ විශ්වාසය ඔබටද? මෙන්න ආදරණීය සලකුණුඔබේ පුංචි පැටියාගේ විශ්වාසය ඔබටද? මෙන්න ආදරණීය සලකුණු

බබාගේ විශ්වාසයේ සලකුණු මෙන්න.

බබාගේ විශ්වාසයේ සලකුණු ඔබත් දැනගන්න කැමතිද ? 

මාස නවයක් කුස දරාගෙන හිටි පුංචි පැටියාත් සමග ඔබට විශ්මයජනක වුත් ශක්තිමත් වුත් බැදීමක් තියෙනවා. ඒත් අලුත උපන් පුංචි පැටියාටත් ඔබ ගැන එහෙම හිතෙනවාද? ඔහු ඔබව විශ්වාස කරන බවට සලකුණු මොනවාද?

පුංචි පැටියා මේ ලෝකේට බිහිවුනාට පස්සේ එයාගේ අවට පරිසරයට පුරුදු වෙන්න ටිකක් කල් යනවා. පසුගිය මාස නවයක් පුරා උණුසුම , ආරක්ෂාව ලැබුන නිවස ඔවුන් දාලා වඩා විසල් තැනකට ඇවිත් තියෙනවා. ඒ වගේම ඔවුන්ට අවිනිශ්චිතතාවයක් ඇතිවෙලා තියෙනවා.

ඔවුන්ට අලුත් පරිසරය සුවපහසු වෙද්දී ඔවුන් එය වෙත විශ්වාසය ගොඩ නගන්නට පටන් ගන්නවා.

ඔබේ පුංචි පැටියා ඔබව විශ්වාස කරන බවට සලකුණු

1. ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියා කරනවා.

ඔවුන්ට ඔබේ අතට එන්න ඕනී වුනාහම අත් දෙක ඔසවා ඒ බව අගවනවා නේද ඒක තමයි දෙන්න පුළුවන් සුන්දරම උදාහරණය, ඉතාම පුංචි වයසේ සිට  අනෙක් අය ඔවුන්ව ඔසවා ගෙන සිටින විට පවා ඔවුන් මෙය කරනවා.

පුංචි දරුවෝ ඔවුන්ගේ අවශ්‍යතා සදහා  අම්මාව ගෙන්න ගන්න  බලාපොරොත්තුවෙන් අඩනවා. අම්මා කෙනෙක් විදියට බබා අඩන්නේ බඩගින්නටද නැත්තම් නිදිමතටද යන්න කොතරම් ඉක්මනින් ඉගෙන ගත්‍තාද කියලා ඔබ දන්නවා.

2. ආරක්ෂාවටත්, සහතික වීමටත් ඔහු ඔබව හොයනවා.

ආගන්තුකයෙක් පැමිණි විට ඔබේ පුංචි පැටියාට ඔහු පිලිබඳ  අවිනිශ්චිතතාවයක් දැනෙනවා නම් ඔහු ඔහුගේ හිස ඔබේ උරහිසේ සගවා ගන්නවා.

මීට අමතරව ඔහු ප්‍රතික්‍රියා දැක්වීමට පෙර ඒ සදහා ඔබගේ ප්‍රතිචාරය බලයි. ඔහු ළදරු කරත්තය මත සිටින විට කවුරුන් හෝ ඔහුව ඔසවා  ගන්න හදන විට ඒ සදහා ඔබගේ ප්‍රතිචාරය බැලීමට ඔහු ඔබ දෙස බලයි. ඔබේ ස්වාමියා ඔහුව ඔසවා ගන්නට උත්සහ කරන  විට ඔහු සතුටින් දුව පැන සිටිවි යැයි මින් අදහස් කරන්නේ නැහැ. නමුත් ඔබ සිනාසෙනවා නම් ඔබ සුවපහසුවෙන් බව පෙනෙනවා නම් ඔහු බොහෝ විට එසේ කරන්නට ඉඩ තියෙනවා.

3. ඇය ඔබ දෙස බලා සිටිනවා

ඉතා කුඩා වයසකදී සිට පවා පුංචි දරුවන් ඔවුන්ගේ දෙමාපියන් දෙස බලා ඉන්න හරිම ආසයි. හිතාමතාම එසේ අයෙක් දෙස බලාසිටීම ඔවුන් අපහසුතාවයට පත් කරන බව ( සැබැවින්ම එසේ නොවුනත් ) පැවසීමට තරම් ඔබට හිතෙන්න ඉඩ තියෙනවා. අලුත උපන් දරුවන්ගේ දෘෂ්ටි පථය දියුණු වෙමින් පවතින නිසා වුවත් ඔවුන් වයසෙන් වැඩෙද්දී පවා ඔවුන්ට යමක් වඩා හොදින් දැන ගැනීමට අවැසි වු විට මෙසේ එක එල්ලේ බලා සිටීමට ඉඩ තියෙනවා.

4. ඔබ දැකුමෙන් ඔහු සතුටට පත්වෙනවා.

සති හයක් තරම් වු මුලික අවධියේදී ඔබට පුංචි පැටියාගේ මුහුණේ ශක්තිමත්  හැගීම්  ප්‍රකාශ කිරීම් දකින්නට පුළුවන්. දත් නැති පුංචි කට ඇරලා ඔවුන් ඔබට සිනාසෙන විට ඔබත් සිනාසී ඔවුන්ව දිරිමත් කලහොත් ඔබට තවත් පුළුල් සිනාවක් ලැබේවි.

මාස දෙකක් වනවිට ඔවුන් ඔබ සමග කතා කරන්න උත්සහ දරාවි. මාස කිහිපයක ඉදලා ඔබ පුංචි බබාට බොහෝ කථා කිරීමෙන් , ඔබේ දරුවාට  ශබ්ද කරමින් ප්‍රතිචාර දැක්වීමෙන් ඔබේ පුංචි පැටියාට ඔබත් සමග සංවාදයක යෙදෙනවා වගේ හැගීමක් ඇතිවෙනවා.

5.ඇය ඔබව සිපගන්නවා.

මව්වරුනි, ඔහු ඔබට ලබා දෙන එක සිපගැනීමකින් ඔබේ හදවත මුදුමොලොක් වෙනවා කියලා අපි දන්නවා. ඔබ ඔහුත් ඔබේ සහකරුත් සිපගෙන ආදරය ප්‍රකාශ කරනවා  දැකීමෙන් ඔබේ පුංචි පැටියා එය ආදරය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස දකිනවා. ඇයට සිපගෙන ආදරය ප්‍රකාශ කරන්න අවැසි වන්නේ  අන්න ඒ නිසයි.

පුංචි පැටියා මේ ලෝකෙන් විශ්වාස කරන්නේ අම්මාව, ඒ නිසා ඔබට ඒ විශ්වාසය අත්විදින්න පහසුවෙන මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ඔබේ ලගම හිතවතිය theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබේ පුංචි පැටියාගේ විශ්වාසය ඔබටද? මෙන්න ආදරණීය සලකුණු
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

    සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

    සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it