බබාගේ සම පැහැපත් කර එහි ඇති වැඩිපුර රෝම ඉවත් කරගන්නේ කෙසේද?

lead image

රූපලාවණ්‍ය විශේෂඥ Shahnaz Hussian බොහෝ  දෙමව්පියන් ඇයගෙන් අසන  ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා.

කුඩා ළදරුවන්ට හා කුඩා දරුවන්ට තිබෙන්නේ මෘදු සමකි. එයට මෘදු සබන්, ෂැම්පු හෝ අනෙකුත් මූල ද්‍රව්‍ය භාවිතා කර මෘදු ලෙස සත්කාර කළ යුතු බව කීම අවශ්‍ය නොවේ.

නෑමට පෙර තෙල් ගා සම සම්බාහනය මගින් සම සිනිදු හා පිරිසිදුව තබා ගනිමින් දීර්ඝ කාලයක් පවතිනවා. ශරීරයට ඇති ප්‍රතිලාභ වලට අමතරව සම්බාහනය  නිරෝගි හැඟීම් සංවර්ධනයේදී වැදගත් කොටසක් ඉටු කරනවා. රුධිර සංසරණය, මාංශපේශීන් ශක්තිමත් කිරීම, වර්ධනයට සම්බාහනය උදව් කරනවා. ඒ වගේම සමයේ දුඹුරු පැහැය ඉවත් කිරීමට එය උදව් කරනවා.

ඇත්තටම ඔලිව් තෙල් හා තල ඇට තෙල්  සම මෘදු කිරීමට හේතු වෙනවා. තල ඇට තෙල් වල SPF අඩංගු බැවින් හිරු රැසින් හානි වු සමට උදව් කරනවා.

දරුවාගේ සමේ ඇති වැඩිපුර රෝම ඉවත් කර ගන්නෙ කෙසේ ද?

බොහෝ කරදරකාරී මව්වරුන් ඔවුන්ගේ ළදරුවන්ගේ හා දරුවන්ගේ සම පැහැපත් කිරීම හා ළදරුවන්ගේ හා දරුවන්ගේ මුහුණේ හා ශරීරයේ ඇති අමතර රෝම ඉවත් කිරීම ගැන උපදෙස් විමසා මට ලියනවා.

• සැබවින්ම රෝම ඉවත්  කරන ක්‍රම දරුවන්ට යොදාගන්න බැහැ. කඩල පිටි හා කිරි සම මත ඇතිල්ලීමෙන් රෝම වර්ධනය අඩාල කරන අතර බබාගේ සම දීප්තිමත් කරගන්න පුළුවන්.

• යෝගට් ආලේප කර විනාඩි 15 කින් සෝදා හැරීමෙන් බබාගේ සම පැහැපත් වෙනවා. කහ ස්වල්පයක් යෝගට් එකට එකතු කරන්න.

• ඔබ තිරිගු පිටි හා කිරි මිශ්‍රකර චපාති  සෑදීමට ගන්නා මෝලීය මෙන්  මෝලියක් සාදා ගන්න. එය ශරීරයේ ආලේප කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය ඔබේ අතින් අල්ලාගෙන නෑමට පෙර දරුවාගේ  සම තෙත මාත්තු කරන ආකාරයට මෘදුව තවන්න. කාලෙකට පසුව සමයේ දුඹුරු පැහැය ඉවත් වන අතර රෝම වැවීම අඩාල  කිරීමට ද මෙය උදව් කරයි.

සමේ සෞඛ්‍යය වැදගත් වෙනවා

සමේ පැහැය ගැන කරදරකාරී නොවන ලෙස මම මව්වරුන්ට පැවසුවා. ඔවුන්ගේ  කරදරකාරී ස්වරූපය දරුවන් වෙතට ගොස් ඔවුන්ගේ ආත්ම අභිමානය අඩු අඩුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සම ගැන සංකීර්ණත්වයක් ඇතුව එම ළමුන් වර්ධනය වෙනවා. එවිට  ආත්ම විශ්වාසය සහිතව ඔවුන් වර්ධනය වන්නේ කෙසේද?

ඒ වර්ණය ගැන නොවේ. එය සම හා ශරීරයේ සෞඛ්‍ය ගැන වෙනවා. ඒක වැදගත්, ශ්‍රී ලංකාව තුල පැහැපත් සමකට තැනක් ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එම නිසා හිරු එළියෙන්  දුර්වර්ණ වූ දුඹුරු පැහැය ඉවත් කිරීම හා සම පැහැපත් කිරීම වැදගත් කාර්යයක් ද වෙනවා .

1. දරුවන්ට ෆෙයානස් ක්‍රීම් භාවිතා නොකළ යුතුයි. එහි සමට හානි ඇතිවිය හැකි සමහර රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැක.

2. ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය සුදුසු වෙයි. කුංකුම,පිපිඤ්ඤා, කහ,යෝගට් බටර් මිල්ක් හා කිරි යනාදිය සම පැහැපත් කිරීමට උදව් වේ. මේවා ෆෙයානස් ක්‍රීම් වලට වඩා ආරක්ෂාකාරී වන අතර සමට වෙනත් ක්‍රමවලින් ප්‍රතිලාභ ලබා දේ.

3. කපු පුළුන් භාවිතා කර ශිතකල කිරි දිනපතා ආලේප කිරීමෙන් සම මෘදු  කිරීමට උදව් කරන අතර දිනපතා කාලයක් තිස්සේ භාවිතා  කිරීමෙන් සම පැහැපත්වේ. එය මෘදු සමකට කදිම මෘදු   ආලේපනයකි.

4. උණුවතුරට කුංකුම ටිකක් එකතු කර පැය දෙකක් පමණ පසෙකින්  තබන්න. කපු පුළුන් භාවිතා කර ඉන්පසු සමේ ආලේප කරන්න. කාලයක් තිස්සේ භාවිතයෙන් සම පැහැපත් වන බව පැවසෙනවා.

පුංචි දරුවන්ගෙ සම හා අනවශ්‍ය රෝම හා සම්බන්ධ  ගැටලු සම්බන්ධයෙන් අම්මලා කලබල කාරී විය යුතු නැහැ. ඒවාට පිළියම් තියෙනවා මේ බව මතක් කරන්නේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී