පුංචි පැටියාගේ සිනහවෙන් එයාගේ වර්ධනය ගැන ඔබට ඉඟි කියාපානවා

සිනහව ජීවිතය සතුටින් පුරවනවා වගේම ඔබේ පැටියාගේ ජීවිතය සතුටින් පුරවන්නත් මේ ලිපිය සකස් කළා.

ඉතාලි සංස්කෘතිය තුළ අලුත උපන් දරුවෙකුගේ සිනහව දේව දුතයන් ගැන සිහින මැවීමක් ලෙස හඳුන්වන ප්‍රසිද්ධ කියමනක්.

ඉපදුන මොහොතේ ඉඳන් පුංචි පැටියාගේ සිනහව සුන්දර වගේම ඉන් හුඟක් දේවල් කියාපානවා. එමගින් පැටියාගේ කායික වගේම මානසික වර්ධනය ගැන ඔබට ඉඟි පවසන බව විශේෂඥයන් පවසනවා.

ඇමරිකා එක්සත්ජනපදයේ ජොන්සන් ස්ටේට් විද්‍යාලයේ සංවර්ධනය පිළිබඳ මනෝ වෛද්‍යවරුන් කුඩා දරුවන්ට හඬ අසා ප්‍රතිචාර දක්වමින් සිනාසීමට හැකියාවක් නැති බවත්, ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් ඉදිරියේ සිටින විට ඔවුන් ඊට සිනාසීම සිදුවිය හැකි බව පැවසෙනවා.

නමුත් ඔවුන්ගේ පරිකල්පනයට වඩා වෙනස් යමක් ඔවුන්ට දකින්නට ලැබුණා. මාස 5 ක් වයසැති දරුවෙකුට යම්කිසි හාස්‍ය ජනක සිදුවීමකට සිනාසීමට හැකියාව ඇති බවට උදාහරණයක් ලෙස යමෙක් හිස මත පොතක් සමබරව තියාගෙන යන ආකාරය දකින විට සිනාසීම වැනි දෙයකට වෙන කවුරුත් සිනා නොවුනත් ඔවුන්ට සිනාසීමට හැකි බව සොයා ගැනුණා.

නිරන්තරයෙන් මතුවන සිනහව “දේවදුතයන් සමග සිනාසීම”

අම්මලා ආසාවෙන් බලාගෙන ඉන්නේ පුංචි පැටියාගේ පළවෙනි සිනහව බලන්නයි. හුඟක් වෙලාවට අලුත උපන් පුංචි පැටවුන් නින්දේදීත් අවදියේදීත් මේ වගේ හිනාවෙනවා. මන්ද ඔවුන් මේ කාලයේ ලෝකය හා ඍජුව සම්බන්ධ වන්නේ නැහැ. මේ සිනහවන්ට හේතුවක් කියන්න බැහැ. මියාමි ජෝකින්ග්ලි සරසවියේ මහාචාර්ය වෛද්‍ය මෙසින්ජර් පවසනවා. සමහරුන් කියන්නේ කිරි බීම, බඩේ ගෑස් ඇතිවීම වැනි දේවල් හා මෙම සිනහව අතර සම්බන්ධයක් නැති බවයි.

හුඟක් වෙලාවට මොලයේ ප්‍රකෘති කොටසින් ආවේගයක් හා සිනහවක් ඉපදීමට සමත් වුනත් මේවා මගින් එකිනෙකට සබඳතාවයක් ඇතැයි දක්වන්න බැහැ. ඒ නිසාම ඉතාලි ව්‍යවහාරය තුළ මෙය දේවදුතයන්ගේ හා ළදරුවන්ගේ සිනාසීම ලෙස හඳුන්වනවා.

සමාජයේ අනෙක් සමග සිනාසීම

ඔබේ පැටියට සති 6 ක සිට 8 ක් පමණ වන විට ඔබේ හඬට වගේම මුහුණ දුටු විට සිනාසෙන්න ගන්නවා. ඒ වගේම තනිව ඉන්න විට හෝ හුඟක් දෙනෙක් ඉන්න විටත් ඔහු වැඩිපුර සිනාසෙන්නේ නැහැ. නමුත් ඔහුගේ ප්‍රියතම චරිතය වන අම්මා තාත්තා වැනි අය ඉන්න විට ප්‍රතිචාර වෙනස් වෙනවා.

මාස 3 ක් පමණ වන විට බබා එක්ක වැඩිහිටියෙකු සිනාසෙමින් ඉඳලා එකවර එය නැවතුන විට බබා දුක්වෙනවා. ඒ වගේම මේ වයසේදී දරුවන් දෙමාපියන් එක්ක සිනාසෙමින් ඉඳලා එකවරම ඉවත බලාගන්න පුළුවන්. ප්‍රවිණයන් කියන්නේ ඔවුන් විවේකයක් ගැනීම පිණිස එකම අයෙකු අතර ඇති සම්බන්ධය කැඩීමට මෙය කරන බවයි.

කම්මුල් දල්වා සිනාසීම

මාස 2-6 දක්වා කාලය තුළ කම්මුල් විදහා සිනාසෙන්න ගන්නවා. විශේෂයෙන් දෙමාපියන්ට දරුවන් මෙලෙස ප්‍රතිචාර දක්වනවා. මේ සිනහවෙන් දරුවාගේ හැඟීම් කියාපාන බව විශේෂඥයන පවසනවා.

කට ඇරලා විනෝදයෙන් සිනාසීම

මාස 8 ක් පමණ වන විට පැටියව මෘදු ලෙස කිචි කැවීමෙන් එයා කට ඇරලා කම්මුල් විදහාලා ඉතා ප්‍රබෝධයෙන් සිනාසෙනවා. මෙලෙස සිනාසෙන්නේ දරුවා සතුටින් සිටින විටත් ඔහු කැමති දෙයකට වැඩිහිටියන් එක්ව ක්‍රීඩා කරන විටත් බව විශේෂඥයන් පවසනවා. 

කලින් සිතා සිනාසීම

දරුවන් මාස 6 ක් පමණ වන විට මිනිසුන් සමග වගේම ඔවුන්ගේ සෙල්ලම් බඩු සමගත් සබඳතා ගොඩනගා ගන්නවා. උදාහරණයක් ලෙස වෙලාවකට ඔවුන් සෙල්ලම් බඩු සමග සිනාසීම හා සිනාසෙන්නේ නැතිව ඉන්නවා. මෙයින් කියන්නේ දැන් ඔවුන් හැඟීමක් ඇතිව අවශ්‍ය විට සිනාසීමට දන්නා බව යැයි වෛද්‍ය මෙසින්ජර් පවසනවා.

මෙවැනි සිනහවකින් දරුවෙකුගේ වර්ධනයේ ලක්ෂණයක් බව 1990 දී පරීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබුවා. පරීක්ෂකයන් එය මාස8-12 දක්වා දරුවන් සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීමටත් ඔවුන්ගේ අම්මලාට පසෙකින් සිටීමටත් සලස්වා තිබෙනවා. සෙල්ලම් බඩු වලින් හඬ නිකුත්වන විට දරුවන් සිනාසුන බවත් තරමක් වයසින් වැඩි දරුවන් පසුපස හැරී තම අම්මා සමගත් සිනාසුන බව කියවෙනවා.

හඬ නගා සිනාසීම

දරුවන් කතා කිරීමට පෙර හාස්‍ය ජනක සිදුවීම් වලට සිනාසෙන්න දන්නා බව පර්යේෂකයන් සඳහන් කරනවා. එක්සත් රාජධානියේ පෝට්ස් මවුත් සරසවියේ සංවර්ධන මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය වාසුදේවී රෙඩි පවසන ආකාරයට මාස 9 ට අඩු සමහර දරුවන් වැඩිහිටියන් සමග සමහර හාස්‍ය ජනක අවස්ථාවන් වලට හඬ නගා සිනාසෙනවා. එසේ හාස්‍ය ජනක ක්‍රියාකාරකම් වලට ඔවුන් මෙලෙස ප්‍රතිචාර දක්වන්න පුළුවන්. පුංචි දරුවන් මේ කාලය තුළ තමන් අවට සිටින අය ගැන අවබෝධයක් ලබාගන්නා අතරම එසේ ඔවුන්ගේ වර්ධනය කියාපාන ලක්ෂණයක්. සමහර දරුවන් මාස 7ක් පමණ සිට හාස්‍ය ජනක සිදුවීම් වලට සිනාසෙන අතර වැඩිහිටියන් ඊට ප්‍රතිචාර නොදක්වන විට සිනාසීම නැවැත්වීමටත් දන්නවා.

විශේෂඥයන් පවසන ආකාරයට එතරම් කුඩා කාලයේ සිටම දරුවන් මිනිසුන්ගේ හැඟීම් වලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇති බවත් අවස්ථාවන් අනුව හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාවක් දක්වන බවද පැවසෙනවා.

නමුත් ඔබේ පැටියා මේ කියන ආකාරයෙන් අවධීන් වල සිනාසුනේ නැතත් ඔබ කලබල විය යුතු නැහැ. මහාචාර්ය මෙසෙන්ජර් ට අනුව සතුටින් සන්සුන්ව ඔවුන් සමග ගෙවන මොහොත ගත කරන්නැයි ඔහු පවසනවා.

සිනහව ජීවිතය සතුටින් පුරවනවා වගේම ඔබේ පැටියාගේ ජීවිතය සතුටින් පුරවන්නත් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ