රාත්‍රියේ හරියට කිරි ලබාදීම ගැන දෙමාපියන් දැන ගත යුතුම දෙයක්

lead image

“දරුවා කිරි බොන විට ඔබේ මුළු අවධානයම නැතිව ඊට ඉඩ හරින්න හොඳ නැහැ. නමුත් රාත්‍රියට මේක බොහෝ විට සිදුවන්නක්”

“අද මගේ හදිස්සි අනතුරු ඒකකයට දරුවෙක් ගෙනාවේ ජීවිතය නැති වුනාට පසුවයි”. Facebook හරහා මෙලෙස විස්තර කරලා තිබුනේ Dr Chao-Tiao Yumol, පිලිපීනයේ ඉන්න වෛද්‍යවරයෙක්. මං හිතන්නේ බබාට කිරි හිරවීමක් වෙලා තිබුණා. බොහෝ දෙමාපියන් නින්දේදී පැතලි අතට දරුවාව තියලා බෝතලෙන් කිරි දෙනවා". ඔහු මේ තොරතුරු අන්තර්ජාලය හරහා සඳහන් කර තිබුණා.

“අපිට නිදාගෙන වතුර එකක් බොන්න බැහැ. ඉතින් දරුවන්ට පුලුවන්ද?” ඔහු තවදුරටත් කිව්වා. අනික දරුවන්ට ඔවුන්ට අමාරුවක් දැනෙනකොට ඒක කියාගන්න බැහැ. ඉතින් දරුවා හේතුවක් වත් නොදැන කිරි සිරවීමෙන් හුස්මගන්න බැරුව යනවා.

“මම දන්නවා හුඟක් දෙමාපියන්ට බබාට කිරි දීම කළ යුතු පිළිවෙල ගැන හරි වැටහීමක් නැහැ. නමුත් කරුණාකරලා දන්න අයගෙන් හරි මේ ගැන අහලා දැනගෙන මේ වගේ අවධානම් සහගත මරණ වළක්වා ගන්න”.

ඒ වගේම වෛද්‍යවරයා කියන විදිහට කිරි බීමෙන් පසු දරුවාගේ ශ්වසන මාර්ගයේ අමතර කිරි සිරවීම වළක්වන්න දරුවා ඔබේ පපුව මට්ටමට සුළු වේලාවක් නැවත ඔසවා නිදාගැනීමට සලස්වන්න.

ඔබේ සම්පුර්ණ අවධානය නොමැතිව දරුවාට කිරි දීමෙන් වැළකිය යුතු වෙනවා. රූප සටහන් ආශ්‍රයෙන් දක්වන මෙම වෛද්‍යවරයාගේ ප්‍රකාශය Likes 24,000 ක් හා share කිරීම් 30,000 ක් තිබුණා.

මව් කිරි දීමෙන් බොහෝ දුරට හුස්ම ගැනීමේ අපහසුතා, වාතය සිරවීම් අඩුයි. බබාට කිරි බෝතල් කර දීමට වඩා මව් කිරි වල තවත් වටිනාකමක් ලෙස මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්.

බබාට කිරි: ළදරුවන් හා දරුවන්ට සිරවීම ඇතිවීම

පෙනහළු මාර්ගයේ වාතාශ්‍රය අවහිරව ඒ ප්‍රදේශයෙන් කෑම හෝ ද්‍රව ගමන් කිරීමෙන් මෙම සිරවීම් ඇතිවෙන්න පුළුවන්. මෙම සුලබව දකින්න ලැබෙන්නේ උගුරේ මාංශ පේශීන් එතරම් ශක්තිමත් නැති අවස්ථාවන් වලදීයි.

මේ නිසා ගිලීමේ අපහසුතාවය ද ඇති වෙනවා. මීට අමතරව මොලයට වන හානි තල්ලේ පැලීම් හෝ අන්නශ්‍රෝතය හි ගැටළු නිසා මේ තත්වය ඇති වීමට පුළුවන්. අඩු බර සහිත දරුවන් තුළත් මෙය සුලබව දැකිය හැකි තත්වයක්.

සිරවිමක් ඇති බව හඳුනාගත හැකි ලක්ෂණ

  • වැරදී ආකාරයට කිරි ඉරීම.
  • කිරි බීමේදී කැස්ස හා සිරවීම් ඇති වීම.
  • මුහුණ රතු වීම.
  • ඇස් වල කඳුළු.
  • කිරි බොන විට හුස්ම ගැනීම නතර කිරීම.
  • කිරි දීමෙන් පසුවත් අමුතු ශබ්ද, හුස්ම ගැනීම සමග ඇති වීම.

නොදන්නාකම හා නොසැලකිල්ලත් අපි අතින් වෙන්න පුළුවන්. ඉතින් අපේ දරුවන්ට අනතුරු වෙන එක වළක්වා ගන්නයි theAsianparent  Sri Lanka අපි මේ වටිනා තොරතුරු ඔබට ගෙන අවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ