බබාලගේ පැම්පස් බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

lead image

පැම්පස් නොහොත් ඩයපර් බැහැර කිරීමේ ප්‍රශ්ණය අදින් ඉවරයි. මෙය භාවිතා කිරීමෙන් මසකට ඔබ ඉතිරි කරන මුදල කෙතරම්ද කියා අපටත් කියන්න.

පසුගියදා කසළ කළමනාකරණය පිළිබඳව අප පළ කල ලිපියෙන් පැම්පර්ස් නොහොත් බබාලගෙ ඩයපර්ස් බැහැර කිරීම ගැන  වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්නට අප පොරොන්දු වුනා.

මීට අමතරව බොහෝ පවුවරුන් පවා මේ ප්‍රශ්ණය අප වෙත යොමු කරන්නේ බොහෝ විට පැම්පර්ස්/ඩයපර්ස් බැහැර කරන්නේ කුමන කසළ වර්ගීකරණ කාන්ඩයටද  යන්න දැන ගැනීම සඳහා.

පොදුවේ නිපදවන පැම්පර්ස්/ඩයපර්ස් නිවැරදිවම කුමන කාණ්ඩයට අයත් වෙනවාද යන්න පිළිබඳව විවිධ මත පළ වුනත් මේවායේ පොලිතීන්, ජෙල් යනාදිය අන්තර්ගත වන නිසා මා යෝජනා කරන්නේ මේවා ප්ලාස්ටික් ඝණයට අයත් වන බවයි. පැම්පර්ස්/ඩයපර්ස් තුල ඇති මළ අපද්‍රව්‍ය වැසිකිලියට දමා පැම්පරය/දයපරය හොඳින් වෙලා මෙම ප්ලාස්ටික් කුණු බාල්දියට බහාලන ලෙසයි යෝජනා කෙරෙන්නේ.  

නමුත් අද කතා කරන්නට යන්නේ මීට බොහෝ වෙනස්, ඔබට මෙන්ම බබාටත් පහසු, පරිසර  හිතකාමී, කසළ බැහැර කිරීමකින් තොර වූ වීසඳුමක් ගැනයි.  ඔව් ඔබට නම් මෙය හිතා ගන්නට බැරිව ඇති. නමුත් මේ කියන්නේ Cloth Diapers නොහොත් රෙදි ඩයපර් ගැනයි. මෙය පුංචි බබාලට අප සාමාන්‍යයෙන් අන්ඳන disposable ඩයපර් එකට වඩා වෙනස්.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/06/Article 34 Media 360x239.png බබාලගේ පැම්පස් බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

Cloth Diapers (රෙදි ඩයපර්) නිපදවා ඇත්තේ යළි යලිත් සෝදා පාවිච්චි කල හැකි වන පරිදිය.

ඉතින් බලමු මෙම Cloth Diapers (රෙදි ඩයපර්) පාවිච්චි කිරීමේදී ඇති වන විශේෂ වාසි මොනවාද කියා.

  1. අඩු මිලට වැඩි වාසියක්

පැම්පස් සාමාන්‍යයෙන් මිල අධික බව අප කවුරුත් දන්නවා. ඉවතලන පැම්පර් එකක් මිලට නැවත නැවතත් පාවිච්චි කල හැකි ඩයපර් එකක් මිලදීගැනීමෙන් මසකට ඔබට ඉතිරි කරගත හැකි මුදල් ප්‍රමාණය ගණනය කරන්නට ඔබට බාර කරනවා.

  1. වැඩිපුර අවශෝෂණ හැකියාව

සාමාන්‍යයෙන් ඉවතලන පැම්පර් එකකට වඩා අවශෝෂණ හැකියාවක් Cloth Diapers (රෙදි ඩයපර්) එකක් තුල තිබෙනවා. මෙතුළින් අපද්‍රව්‍ය ඉවතට ලීක් වීමේ සම්භාවිතාවත් ඉවතලන පැම්පර් එකට වඩා බොහෝ අඩු වනවා.

  1. රසායනික ද්‍රව්‍ය විරහිත වීම

ඉවත දැමිය හැකි පැම්පර් වල අවශෝෂණ හැකියාව වැඩි කිරීම සඳහා ජෙල් වර්ග වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා වන අතර මේවා කිරිකැටියාගේ මෘදු මෙලෙක් සමට එතරම් හිතකර නැති බව අප දන්නවා.  Cloth Diapers (රෙදි ඩයපර්) වල එවැනි රසායනික ද්‍රව්‍ය නොමැති අතර ස්වභාවික අමුද්‍රව්‍ය වලින් අවශෝෂණ හැකියාව වැඩි කර තිබීම ඉතා හිතකරයි.

  1. සුව පහසුව

පොලිතින් වර්ගයකින් නිමැවුණු ඉවත දැමිය හැකි පැම්පස් විශේෂයෙන්ම ශ්‍රී ලකාවේ දේශගුණය තුල පැළඳවීමෙන් දරුවාට සුව පහසුවට එය එතරම් උපකාර වන්නේ නැති මුත් එයට වඩා සැහැල්ලු හා අඩු තට්ටු ප්‍රමාණයකින් යුත් Cloth Diapers (රෙදි ඩයපර්) පැළඳවීමෙන් දරුවාට සාපේක්ෂව ඇති වන අපහසුතාවය අඩුයි.

  1. පරිසර හිතකර බව

නැවත පාවිච්චිය නිසා මේවා පිලිස්සීමෙන් පරිසරයට එකතු වන කාබන් මෙන්ම පරිසර උෂ්ණත්වය පවා සිදු නොවීම නිසා මේවා පාවිච්චියෙන් දස දහසක් මාපියවරුන් පරිසරයට කරනු ලබන්නේ මිල කල නොහැකි සේවයක් මෙන්ම පරිසර ආරක්ෂාවක්.

  1. කසළ එකතු නොවීම

ඉවත ලන පැම්පස් භාවිතයෙන් ඉවතලන කසළ ප්‍රමාණය කෙතරම්ද? Cloth Diapers (රෙදි ඩයපර්) පාවිච්චිය තුළින් මෙම ප්‍රශ්ණයට ලැබෙන සහනය එමටයි.

කසළ වර්ගීකරණය, බැහැර කිරීම ආදිය ලංකාවේ දැවෙන ප්‍රශ්ණයක්. මෙම Cloth Diapers (රෙදි ඩයපර්)  පාවිච්චියෙන් එම ප්‍රශ්ණය විසඳෙන එකම කෙතරම් අගනේද?

  1. අලංකාර පෙනුම

වවිධ ප්‍රමාණ මෙන්ම විවිධ වර්ණ වලින් හා මුද්‍රිත හැඩ වලින්  හෙබි Cloth Diapers (රෙදි ඩයපර්) විවිධත්වයෙන් ඇන්දවීමෙන් මොළකැටියාව අලංකාරවත් කරන්නට පුළුවන්.  අප පුංචි කාලගේ බබාලට ඇන්දවූ නැපි වලට වඩා මේවා වෙනස් වන අතර නුතන ලෝකයට ගැලපෙන මෝස්තරාණුකුලව නිපදවා ඇත. 

Cloth Diapers (රෙදි ඩයපර්) අන්දවන්නට තීරණය කරන ඔබට ලංකාවේ මේවා අලෙවි කරන්නන් බොහොමයක් සොයා ගන්නට හැකි වේවි.

අද  සිටම ඔබේ දරුවාට  Cloth Diapers (රෙදි ඩයපර්) පාවිච්චි කිරීමට Kids Cloth Diapers වෙතින් ඔබේ නිවසටම Cloth Diapers (රෙදි ඩයපර්)  ගෙන්වා ගන්න පුළුවන්.

ඔවුන් අලෙවි කරන Cloth Diapers (රෙදි ඩයපර්) පිලිබඳ වැඩි විස්තර මෙතනින්  https://www.facebook.com/Happy-Kid-Cloth-Diapers-148083245739123/ ලබා ගන්න පුලුවන්.