බබාව වඩාගෙන ඉන්න එකෙන් එයාව නරක් කරනවද?

lead image

පුංචි කිරිකැටියාගේ සුරතල් විඳීම තරම් හොඳ කාලයක් දෙමාපියන්ට නැති තරම්. එහි ගෙවෙන හැම තප්පරයක්ම නැවුම් වෙන්නේ ඒ නිසයි. ඒ නැවුම් බව විඳින්න

අලුතෙන් දෙමාපියන් වුන අයට එහෙන් මෙහෙන් ඇහෙන අවවාද වල ඉවරයක් නැහැ. ඒ වගේ ඇසු අදහසක් තමයි “ඕනෑවට වඩා බබාව වඩාගෙන ඉන්න එපා එයාව නරක් වෙනවා”.

මගේ දුව ඉපදුනාම මගේ නෑයන් යාලුවෝ මට විවිධ උපදෙස් දුන්නා. ඊට පස්සේ සූප්පුව දරුවට හුරු කරන එක ගැන කියන්න ගත්තා. පස්සේ දරුවාව ඕනෑවට වඩා වඩාගෙන ඉඳලා නිකං නරක් කර ගන්නවා කියලා කිව්වා. මේ පැටියව දැක්කහම වඩාගන්නෙ නැතුව ඉන්න පුළුවන්ද? ඒත් අම්මා කෙනෙක්ගේ ස්පර්ශය දරුවෙකුට නරකක් වෙනවද? නමුත් ඔවුන්ට ඒ හැම එකටම උත්තර තියෙනවා.

මම ඇයව වඩාගෙන ඉන්නවට වඩා ඒ වෙලාවේ විවේක ගන්න එක හොඳයි. ඇය අඬනකොට ඇයව වඩාගන්න යෑමෙන් මේක පුරුද්දක් කරගෙන හැම වෙලාවේම එයා ඒක කරන්න ගන්නවා. ඒ වගේම අම්මා හැම වෙලාවෙම එයා ළඟ නැති බවත් මම ප්‍රසූත නිවාඩු අවසන් වෙලා සේවයට යනකොට ඇය හුඟක් පෙරලි කරන්න ඉඩ තියෙනවලු.

ඉතින් මට මේකට තර්ක කරන්න තරම් කරුණු තිබුණේ නැහැ. මේ මොහොත හැමදාම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ හැම මොහොතක්ම වටිනවා. දැන් අවුරුදු 8 ක්ම ගතවෙලා. තාමත් මගේ කම්මුල් සිඹිමින් දුවන පනින දුව දැක්කහම මට ඇගේ වරදක් පෙන්නේ නැහැ.හුඟක් අම්මලා මාත් එක්ක එකඟ වෙයි කියලා මට හිතෙනවා.

ඔබ දන්නවද? මෑතකදී කළ පර්යේෂණ වලට අනුව මේ අම්මගේ ක්‍රමය ඉතා සාර්ථක බවත් විශේෂයෙන් අඩු මාසයෙන් ඉපදෙන දරුවන්ට සමට සම ස්පර්ශ වීම මගින් අධික්‍රියාකාරිත්වය හා නුරුස්සන ගති ඇති වෙන්නේ නැහැ කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම තවත් අධ්‍යනයකදී දරුවන්ගේ මුල් කාලයේදී සම්පූර්ණ කාලය සමට සම ගැටෙන සේ හා පපුවේ උණුසුම ළඟ වැඩීම නිසා හා මව්කිරි ලබාදීම නිසා දරුවාගේ හැඬීම අඩුවන අතර ඉතා යහපත් ප්‍රතිඵල ගෙනදෙන බව කියවෙනවා.

ඒ වගේ දරුවාව තමන් ළඟම වඩාගෙන තියාගැනීම නිසා නිතර දරුවට කිරි දීමත් කරන්න පුළුවන්. දරුවා වඩාගැනීම, සිපගැනීම, තුරුල් කර ගැනීම, උණුසුම්ව තැබීම වැනි හැම දෙයකින්ම ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මේ අතරට

  • දෙමාපියන්ගේ ස්පර්ශය , ආදරය පිළිගැනීම හා ආරක්ෂාව දනවනවා.
  • වැඩිය කරදර කරන්නේ නැහැ වගේම පහසුවෙන් ඉන්නවා.
  • මොලයේ වර්ධනය හොඳින් සිදුවෙනවා.
  • අඩු මාසයෙන් ඉපදුන දරුවන් හා අනෙක් දරුවන්ගේ වර්ධනය වේගවත් කරනවා.
  • දෙමපියන්වත් සැහැල්ලු කරන අතර ප්‍රසූත පසු විශාදය ඇතිවීම වළකනවා.

ඉතින් ඊළඟ දවසේ ටිකක් කරුණු දන්නවා කියලා හිතලා කතා කරන නැන්දා හරි අක්කා කෙනෙක් හරි දරුවා වඩාගෙන ඉන්න එක ගැන ඔබට ඇඟිල්ල දික් කරනවා නම් දැන් දෙපාරක් හිතන්න දෙයක් නැහැ.

පුංචි කිරිකැටියාගේ සුරතල් විඳීම තරම් හොඳ කාලයක් දෙමාපියන්ට නැති තරම්. එහි ගෙවෙන හැම තප්පරයක්ම නැවුම් වෙන්නේ ඒ නිසයි. ඒ නැවුම් බව විඳින්න මේ ආදරය ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka වෙතිනුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ