ඔබේ බබා අනෙක් අයට පහරදීම නතර කරන්නේ කෙසේද?

lead image

බබා අනෙක් අයට පහරදීම ඔහුගේ සංවර්ධනයේ සම්පුර්ණයෙන්ම  සාමාන්‍ය  අංගයක් වේ.

සෑම දරුවෙකුම ඔහුගේ ජීවිතයේ යම් අවධියකදී  පහර දෙයි. නමුත් බබා අනෙක් අයට පහරදීම දිගින් දිගටම පැවතුනහොත් ගැටළු ඇතිවේ.

මෙය ඔබට කම්පනයක් ඇති කල හැකි නමුත් ඔබේ දරුවා තවත් දරුවෙකුට පහර දෙන විට, එහි බොහෝ විට භයංකර හෝ කනස්සල්ලට කිසිවක් නැත. ඔව්, ඔබ කියවන දේ නිවැරදියි. බබා අනෙක් අයට පහරදීම ඔහුගේ සංවර්ධනයේ සම්පුර්ණයෙන්ම  සාමාන්‍ය  අංගයක් වේ.

බබා අනෙක් අයට පහරදීම: ඔබේ දරුවා අදහස්  ප්‍රකාශ කිරීමට පහර දෙන විට

සෑම දරුවෙකුටම ඔහුගේ ජීවිතයේ යම් අවධියකදී  පහර දෙන බව ඔබ දන්නවා වෙන්න පුළුවන් . ළදරුවන්ගේ  පහර දීම සාමාන්‍ය, පිළිගත හැකි හා සෞඛ්‍ය  සම්පන්න හැසිරීමක්  වේ.

සමහර අවස්ථාවලදී දරුවන්ගේ ආක්‍රමණ වලට බිදුනු පවුල් වාතාවරණයක්, දෙමාපියන්ගේ ලක්ෂණ හා නිවසේ    පාරිසරික සාධක වල වැනි බලපෑම් ඇතිවේ.

එවැනි හැසිරීමකට සමාව දෙන්න. ඒ කුඩා දරුවෙකුට ඔහුගේ තරහා පිට කල හැක්කේ අවට ඇති වස්තූන් හෝ මිනිසුන්ට පහර දීමෙනි.

එහෙත්, ඔබ ඔහුට හිතකර පරිසරයක් නිර්මාණය කල පසුත් ඔහු දිගින් දිගටම  ආක්‍රමණයශීලීත්වය පෙන්වයි නම් ගැටළු මතුවේ. දෙමව්පියන් දයානුකම්පිත සීමාවක් තැබිය යුතු අතර එම ප්‍රශ්නය බරපතල ලෙස විසදීමට කටයුතු කලයුත්තේ එවිටයි.

ඔබේ දරුවාගේ කැමත්ත ඉටු කරවා ගැනීම හා තල්ලු කිරීම,  පහර ගැසීම පිළිගත නොහැකි බව ඔහුට වටහා  දීම සදහා  ඔබ සමබරව කටයුතු කළ යුතුය. ඒ සමඟ ම ඔබ ඔහුගේ අදහස් පිට කිරීමට විවිධ ක්‍රම ඔහුට පෙන්වා දිය යුතුය.

බබා අනෙක් අයට පහරදීම

මගේ දරුවාට ආක්‍රමණශීලිව වෙන විට හෝ පහර දෙන විට මා කළ යුත්තේ කුමක්ද?

දෙමව්පියෙකු වශයෙන් ඔබට එකවර දේවල් දෙකක්   කිරීමට හැකි  විය යුතුය. ඒ ස්ථිර වීම  හා කරුණාවන්ත වීමයි.

අත්, පහර දීම සදහා නොවන බව පැහැදිලි කිරීමෙන් ඔබට ආරම්භ කල හැකිය. ඔබට  මෘදු යන වචනය භාවිතා කරමින් දෑත් මෘදුව භාවිතා කලයුතු බව වටහා දෙන්න.

ඔබ සීමාවන් සැකසූ පසු ඔබගේ අපේක්ෂාවන් ස්ථිරවම බෙදාගත් පසු, ඔබට සංවේදී  වාක්‍ය  කිහිපයකින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

මෙය ඔවුන්ගේ හැඟීම්වලට ගරු කිරිමක් වනු ඇත. එමනිසා සෙල්ලම් බඩුවක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුන් කනස්සල්ලෙන් සිටින බව ඔබ දන්නා බව ඔබට කියන්න පුළුවන්.

නමුත්  බලකිරීම  ඔවුන්ගේ නිවැරදි මාර්ගයට ගැනීම සදහා  විසඳුමක් නොවේ. ආක්‍රමණශීලී හැසිරීම පාලනය කිරීමට ඔබේ දරුවාට ඔහුටම උපකාර කළ හැකි තවත් බොහෝ ක්‍රම තිබේ.

ඔහු වැරදිම හසු කරගැනීමට උත්සාහ නොකරන්න, ඔහු හොඳ දෙයක් කරන විට ධෛර්යමත් කරන්න.

1. ඔබ සංසුන් වෙන්න.

ආක්‍රමණශීලීත්වය පෙන්වන විට ඔබේ දරුවාට  කෑගැසීම හෝ පහර දීම ගැටලුව විසඳීමට මග නොවේ. ඒ වෙනුවට, එය ඔවුන්ව තවත් තරහා ගස්වන අතර ඔහුගේ ආක්‍රමණශීලී බව තවදුරටත් පවත්වා  ගන්න හේතුවක් ලබා දෙයි.

ඒනිසා ඔබේ දරුවා පහර දෙන විට හෝ ආක්‍රමණශීලී බව පෙන්වන විට ඔබ සංසුන් වීම සුදුසු  වේ.  උදාහරණ දක්වමින් ඔහුට ඇති නොවිසදුන ගැටළු විසඳීමට ඇති එකම මග වන්නේ කෝපය  පාලනය කිරීම පමණක් බව ඔහුට පෙන්වාදෙන්න.

අවුරුදු දෙකක පමණ වයස වන ළදරුවන්ට ඔබ  උගන්වන දේ තේරුම්ගන්න පුළුවන්. ඔවුන් නිසැකවම ඔබේ උපදෙස් තේරුම් ගනිවි.

2. පැහැදිලි, පිළිගත හැකි සීමාවන් සකස් කරන්න

බබා අනෙක් අයට පහරදීම කරන  විට හෝ පහර දෙන විට ඔබ  වහාම ප්‍රතිචාර දැක්විය යුතුය. ඔබේ දරුවා ඔහු හෝ ඇය පළමුව පහර දුන් අයගෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්න.

මිනිත්තුවක් දෙකක් නොව හැකි තාක් දුරට ඇයව එම අවස්ථාවෙන්  ඈත් කරන්න.

මේ ආකාරයට  ඔවුන් යම් කෙනෙකුට පහර දෙනවා නම් ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කරනු ලබන බව ඔවුන් දැන ගනු ඇත.

දරුවන්ගේ ක්‍රියාවන්ට ලැබෙන  ප්‍රතිවිපාක දැනගැනීමෙන් දරුවන් ඉක්මනින්ම  ඉගෙන ගනියි. ඔබේ දරුවා අතිශයින්ම ආක්‍රමණශීලී  වනවිට  හෝ පහර  දෙන විට මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

බබා අනෙක් අයට පහරදීම

3. යහපත් හැසිරීම ශක්තිමත් කරන්න.

ඔබේ දරුවා යහපත් වන විටදී මෙන්ම අයහපත් වන අවස්ථා දෙකේදීම  ඔහුට  ඔබේ අවධානය සම්පුර්ණයෙන්ම අවශ්‍ය වෙනවා . ඔහු වරදක් කළ විට එය අල්ලාගැනීමට උත්සාහ නොකරන්න. ඔහු හොඳ දෙයක් කරන විට ඔහුව ධෛර්යමත් කරවන්න.

නිදසුනක් වශයෙන්, ඔබ ඔහුව උද්‍යානයට ගෙන යනවා. වෙනත් දරුවෙකුගේ ඔන්චිල්ලාවෙන් ඉවතට තල්ලු කරනවා  වෙනුවට, ඔබේ දරුවා ඔබ වෙත පැමිණෙන ඔහුට ඔන්චිල්ලා පදින්න අවශ්‍ය බව කියන විට, ඔහුට  ප්‍රශංසා කරන්න.  

ඔහුව ඔසවා ඔන්චිල්ලාවේ තබා ඔහුට උදව් කරන්න. මේ ආකාරයෙන් ඔහුගේ ඉල්ලීම   ආක්‍රමණශීලීත්වයට වඩා වැදගත් බව ඔහු තේරුම් ගනිවි.

4. තර්කානුකූල දඬුවම් දෙන්න

වයස අවුරුදු තුනක් වන විට, ඔබේ දරුවාට ප්‍රතිවිපාක ක්‍රියා කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් ඇත. නිදසුනක් වශයෙන්, ඔබේ දියණිය  තව දරුවෙකුට බෝලයකින් පහර දෙන විට වහාම ඇයව එතැනින් ඉවත් කරන්න.

ඇයට ඉඳගෙන අනෙක් ළමයින්ව නරඹන්න ඉඩදෙන්න.

ඇයට සෙසු අය සමඟ එකතු වීමට ඉඩ දිය යුත්තේ ඇය  සෙල්ලම් කිරීමට සුදානම් විට හා කිසිවෙකුට පහර නොදෙන විට පමණි.

ඔබට ළදරුවන්  සමග හේතු  දක්වන්න   හෝ අන් අය සමග සංවේදී වීමට  ඔවුන්ට බල කළ නොහැක. ඒ එම සංකල්පය තවමත් නොදන්නා නිසායි. නමුත් ඒවායේ ප්‍රතිවිපාක  ඔවුන්ට තේරුම් ගත හැකිය.

5. හික්මවීම  දිගටම පවත්වා ගන්න.

බබා අනෙක් අයට පහරදීම සම්බන්ධයෙන් ඔබේ ප්‍රතික්‍රියාව  ඔබ දිගින්  දිගටම පවත්වා ගන්නා විට, නතර කලයුත්තේ කුමන අවස්ථාවකදැයි ඔවුන් දැන ගනු ඇත.

ඔවුන්ගේ වැරදි වලට ලැබිය හැකි ප්‍රතිචාර  දරුවාට හදුනාගත හැකි ය.

ඔවුන්ගේ වැරදි වැඩ වලට ලැබෙන මෙම ප්‍රතිවිපාක මගින් ඔවුන් අනාගතයේදී එම වැරදි නැවත නැවත කිරීම වළක්වයි.

එමනිසා ඊළඟ වතාවේදී ඔබේ දරුවා කාට හෝ පහර දෙනවා දකින විට, එම විනය ක්‍රියාමාර්ගය නැවත ක්‍රියාත්මක කරන්න.

6. ප්‍රකාශ කිරීම සදහා විකල්ප මාර්ග භාවිතය  ගැන ඔවුන්ට උගන්වන්න.

මුලින්ම ඔබේ දරුවා සංසුන්  වනතුරු  බලා සිටින්න. ඉන්පසු  සන්සුන්ව සිදුවූ පසු සිද්ධිය නැවත මතක් කරන්න. ඔවුන්ගේ නොමනා හැසිරිමට හේතු   ඔහු හෝ ඇයගෙන් විමසන්න.

යමක් හෝ යම් කෙනෙකු සමඟ තරහා යෑම  සාමාන්‍ය  දෙයක් බවත්  පහර දීම මෙම  හැඟීම් ප්‍රකාශ කිරීමට ක්‍රමයක් නොවන බවත් ඔබට පැවසිය හැකිය.

ඒ වෙනුවට, ඔබේ දරුවා හැඟීම් ප්‍රකාශ කිරීමට  වචන භාවිතා කිරීම දිරිගන්වන්න. ඔවුන්ට යමක් කරගන්න අවශ්‍ය  නම්, ඔවුන්ට  අන් අයට පහර දීම වෙනුවට අවශ්‍ය  දේ පවසන්න  පුළුවන්.

එසේම, ඔබේ දරුවාට ඕනෑම වරදකාරී හැසිරීමක්  වෙනුවෙන්  සමාව අයැදීමට ඉගැන්වීමට  වග බලා ගන්න.

ඇත්ත වශයෙන්ම, මුලදී ඔවුන්ට බලකරන්න වේවි. ඔවුන් එය අවංකව කරන්න අපහසු වේවි. එහෙත් ඔවුන් එහි සැබෑ අර්ථය ඉගෙන ගනු ඇත.

ඔබේ දරුවාට රසවත් වගේම  ඔහුව දිගුකාලයක් වැඩක නිතර කරන  තෝරා ගත් ක්‍රියාකාරකම් වලට  උදව් කරන්න.

7. තිර කාලය ගැන සැලකිලිමත් වන්න.

ඔබේ දරුවාට බොහෝ පහර දෙන චරිත ඇති කාටූන් නැරඹම සදහා  හෝ ඩිජිටල් ක්‍රීඩා කිරීම සදහා  මුළු කාලය ගත කිරීම සඳහා  ඉඩ දීම හානිකර විය හැක.

ඇත්ත වශයෙන්ම, අපි මෙම ලිපියේ මුලින් සඳහන් කළේ "විශේෂඥයන් විශ්වාස කරන ආකාරයට  ළදරුවන්ගේ තිර කාලය පාලනයක් නොමැති නම්, දිගු කාලීනව ළදරුවන්ගේ හා දරුවන්ගේ සමස්ත වර්ධනයට  හා සෞඛ්‍යයට  බලපානු ලබයි." එය දරුවාගේ හැසිරීම පිලිබඳ  ගැටළු වලටද හේතු වේ .

ඇමරිකානු ළමා පරීක්ෂණ ඒකකය (AAP) රූපවාහිනිය සහ අනෙකුත් තිරයන්ට  (පරිගණක, දුරකථන, සහ ටැබ්ලට් ඇතුළුව)  එරෙහිව  දෙමාපියන්ට උපදෙස් දෙයි.

ළදරුවන්ට සහ කුඩා දරුවන්ට නිර්මාණාත්මක, සැහැල්ලු  ක්‍රීඩා වල යෙදීම  සඳහා ප්‍රමුඛතාව ලබා දීමට දෙමාපියන්ට  AAP විසින් නිර්දේශ කරනවා .

සමහර මාධ්‍යය වයස මාස 18 ක පමණ  දරුවන්ට අධ්‍යාපනික වටිනාකමක් ලබාදිය හැකි නමුත්  උසස් තත්ත්වයේ වැඩසටහන් සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ.

කුඩා දරුවන්ගේ දෙමාපියන් තම දරුවන් සමග මාධ්‍ය නැරඹිය යුතු අතර ඒ මගින් තමන් නරඹන්නේ කුමක්දැයි දරුවන්ට වටහා ගැනීමට උදව් කල හැකිය.

එබැවින් ආක්‍රමණශීලී හැසිරීම් වලක්වා ගැනීම සඳහා ඔබේ ළදරුවා මාධ්‍යයෙන්  හැකි පමණ ඈත්කර තැබිය යුතුය. ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා විවිධ අදහස් ඉදිරිපත් කිරිමේ ක්‍රම ඔහුට උගන්වන්න.

8. ඔබගේ ළදරුවා ක්‍රියාකාරිව තබා ගන්න

සමහර ළමයින් බොහෝ ශක්තියක් ඇතිනම්  එය  දහනය කරගැනීමට අවස්ථාවක්  නොමැති නම් බොහෝ විට නොසංසුන්  වෙයි. ඔබ ඔබේ දරුවාව හොඳින්ම දන්නා නිසා එවැනි කුඩා ළමයෙකු යමක නිරත කිරීමට  වඩා හොඳයි.

ඔබේ දරුවාට රසවත් වගේම  ඔහුව දිගුකාලයක් වැඩක නිතර කරන  තෝරා ගත් ක්‍රියාකාරකම් වලට  උදව් කරන්න.

ඔබේ කුඩා දරුවාට  තවමත් ශක්තිය ඉතිරිව  ඇති බව   පෙනෙන්නේ  නම්, පිටතට ගෙන ගොස් ද ශක්තිය සියල්ල දැවීම සදහා  දුවන්න ඉඩ දෙන්න

එහෙයින් ඔවුන් නැවත ගෙදරට පැමිණෙන විට, අනෙක් සමඟ සටන් කිරීමට නොහැකි තරම් ඔවුන් වෙහෙසට පත්ව සිටින අතර විරුද්ධත්වයෙන්  තොරව  උපදෙස් අනුගමනය කළ හැකිය.

9. ඔබට අවශ්‍ය  නම් උපකාර ලබා ගන්න

දෙමව්පියෙකු වීම පහසු කාර්යයක් නොවන බව අපි හැමෝම දන්නවා. ඔබ එහි කොතරම් හොඳ වුනත් කමක් නැහැ , සමහර විට ඔබට උදව් අවශ්‍ය විය හැක.විශේෂයෙන්  ඔබේ දරුවා අනිත් අයට පහර දෙන විට හා නිතර ආක්‍රමණශීලී වන විට සත්‍ය වේ.

ඔබේ දරුවාගේ ආක්‍රමණශීලී හැසිරීම පාලනය කිරීමට ඔබට නොහැකි නම් ඔබට යම් උපකාරයක් අවශ්‍ය  විය හැකිය.

ඔබේ දරුවා මනෝ චිකිත්සකයෙකු හෝ ළමා විශේෂඥයෙකු වෙත ගෙන යෑමට පෙර ඔබ නිරීක්ෂණය කළ යුතු කරුණු කිහිපයක් මෙහි දැක්වේ.

ඔබේ දරුවා සති කීපයකට වඩා වැඩි කාලයක් තිස්සේ ආක්‍රමණශීලීව බව පෙන්වයි නම්

ඔබේ දරුවා වෙනත් දරුවන්ව බිය ගන්වනවා නම්

ඔහු / ඇය වැඩිහිටි අයට පහර දෙනවා නම් හෝ  නිතර  ඔවුන්ට  කෑගසයි නම්

ඔහුගේ ආක්‍රමණශීලී හැසිරීම නවත්වා ගැනීමට හෝ ඔහුට අවශ්‍ය  දේ කිසිවක් ඉගැන්වීමට  ඔබට නොහැකි නම්

ඔබ මෙයින් කිසිවක් දැක ඇත්නම්, එය විශේෂඥයෙකුට වෙත ගෙන යායුතු කාලය වේ. මේවා සැගවුන  හැසිරීම පිලිබඳ  ගැටළුව දර්ශකයක් විය හැකි නිසයි . ඔබේ දරුවා යම් දෙයක් ඔබට පැවසීමට උත්සාහ කළත් ඔබ එය තේරුම් ගැනීමට අසමත් වුවා විය හැකිය.

කෙසේ වෙතත්, සම්පූර්ණ පරීක්ෂණයකින් සත්‍ය  අනාවරණය කිරීමට හැකි අතර  ඔහුගේ ආක්‍රමණශීලී ස්වභාවයට වළක්වා  උපකාර වනු ඇත.

ඔබේ පුංචි දඩබ්බරයා නිතර  ආක්‍රමණශීලී නම් the Asianparent Sri Lanka ගෙන ආ මේ උපදෙස් ඔබටයි

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී