හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

lead image

පුංචි පැටියාට ඉස්සෙල්ලාම ඇවිදිද්දී මොනවා හිතේවිද?

දණ ගාලා , දණ ගාලා මගේ පුංචි දණහිස් රිදෙනවා. අනේ මටත් අනෙක් අයට වගේ ඇවිදින්න පුළුවන් නම්...

ඒත් එහෙම කරන්න මගේ පුංචි හිතට බයයි. අනේ මං වැටෙයිද? ඒත් ඉතින් මම ඇවිදින්නත් එපැයි. අම්මායි ආච්චි අම්මායි දෙන්නම ඒකට ඇගිලි ගැන ගැන ඉන්නේ. 

ආච්චි අම්මා පේන්න නැහැ. මම මේ පුටුව අල්ලන් නැගිටින්න ඕනේ. මේ තියෙන්නේ මගේ පුංචි බයිසිකලය , හපොයි යාන්තමින් නැගිට්ටා. දැන් අතහැරලා චුට්ටක් හිටගෙන ඉදලා බලන්න ඕනී. ඔන්න මාව වැනෙනෝ, වැටෙයිද මන්දා.

චුට්ටක් ඇවිදලා බලන්නත් මගේ දග හිතට හිතෙනවා. ඔන්න මගේ කකුලක් ඉස්සුවා ටිකක් ඉස්සරහින් තිබ්බා. අනෙක් කකුලත් උස්සලා තිබ්බා මෙන්න මාව ඉස්සරාහට යනවෝ.

" අම්මේ මෙන්නෝ, මල්ලී ඇවිදිනෝ"

අක්කා කෑගහගෙන දිව්වා.

" අනේ දෙවියනේ"

ආච්චි අම්මා කිව්වේ සතුටින්: 

" ආසයි මං, ආසයි මං"

මං එහෙම කිය කිය රවුමක් ඇවිද්දා.

අම්මා නිකන් හිටියේ නෑ දිගට හරහට පොටෝ ගත්තා.මං ඉතින් වැඩ චුට්ටක් දාලා ඇවිදින්න හිතුවා විතරයි අයියෝ මං වැටුනා දෙවියනේ .

" අනේ මගේ රන් කද වැටුනා නේද?"

ආච්චි අම්මා දුවලා ඇවිත් මාව වඩාගෙන ආදරයෙන් ඉම්බා.