මගේ බබා කෑම කටේ තියාගෙන ගිලින්නේ නැතුව ඉන්නවා. මම මොනවද කරන්නේ?

සායනික මනෝ වෛද්‍යවරියක් වන රේචල් ටෑන් මේ ගැටලුව ගැන ඇගේ ප්‍රවීණ අදහස් දක්වනවා. ඒ ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

හුඟක් පුංචි දරුවන් ඉන්න අම්මලා අතර මේක බහුල ප්‍රශ්නයක්. ඔවුන් කෑම ගබඩා කරගන්නවා. ලෝක යුද්දයක් ඇතිවෙයි කියලා සිතලා ඔවුන් කෑම ගේ ඇතුලේ ගබඩා කර ගැනීමක් වගේ දෙයක් එහෙම නෙමෙයි මේ කියන්නේ. දරුවන් කෑම හුඟක් වෙලා කටේ තියාගෙන ඉන්න එක ගැනයි අපි මේ කියන්නේ.

මේ වගේ දරුවන් කරනකොට දරුවන් ආහාර ගන්නා වෙලාව දෙමාපියන්ට දරුවන්ට ඉතාම කරදරකාරී මානසික වදයක් බවට පත්වෙනවා. මේ නිසා කෑම කන කාලය පැය ගණන් දක්වා යන අතර දෙමාපියන්ට හුඟක් කේන්ති යන අවස්ථාවනුත් තියෙනවා. දරුවන් මේ නිසා අඬමින් කෑම ගන්න අවස්ථාවන් තියෙනවා.

මේ ගැටලුව ගැන කතා කරන්න සායනික මනෝ වෛද්‍යවරියක් වන රේචල් ටෑන් ට අපි කතා කළා. මේ සුවිශේෂී කාරණය ගැන ඇය පැහැදිළි අදහස් පළකළා.

"හැම කෑම කන වෙලාවකදීම මගේ තුන්හැවිරිදි දුව එයාගේ කෑම කටේ පැත්තක තියාගෙන හුඟක් වෙලා ඉන්නවා. හරියට ලේනෙක් වගේ. කොහොම කෑම ටික ගිල්වන්නද කියලා මට හිතාගන්නවත් බැහැ. ඇය ඕනෑතරම් වෙලාවක් මෙහෙම ඉන්නවා වගේම මට නිතරම කෑම විකන්නත්, ගිලින්නත් ඇයට කියන්න සිදුවෙනවා.

මම හුඟක් දේවල් කරලා මේක නවත්වන්න හැදුවත් ඇය පුටුවට වෙලා දවල් හීන බලනවා වගේ කෑම ටික කටේ තියාගෙන ඉන්නවා. ඇය පැයකටත් වඩා කෑම කන්න ගන්නවා වගේම මේක මට හරිම පීඩාකාරී අවස්ථාවක් වෙලා. එක්තරා කාලයකදී මම කෑම පිඟන අයින්කරන බව ඇයට කීවත් ඇය ඊට කැමති නැහැ. ඇය මට ඊට ඉඩදෙන්නෙත් නැහැ.

ඇය නිතරම මෘදු කෑම කන්න කැමති වුනත් තද කෑම කන්න දැන් ඇයට පුළුවන්. ඒ නිසා ඇය ඉල්ලන කෑමම මම නිතර දෙන්නේ නැහැ වගේම ඇය කනකොට නිතරම කෑම ගිලින්න වතුර ඉල්ලනවා."

මං මේකට මොකද කරන්නේ? ඇයට විකලා ගිලින්න සුදුසු කෑම හා ඉන්පසුව එය ඕනෑවට වඩා තබාගත යුතු නැති බව කියා දෙන්නේ කොහොමද?

පර්යේෂණ ඇසුරෙන් මේ ගැටලුවට රේචල් දෙන උපදෙස් ගැන ඔබත් සිතා බලන්න.

සාමාන්‍යයෙන් දරුවන් මෘදු ආහාර වලටත්, කෑම කවන විට වතුර බොන්නත් කැමති බව මෙහිදී කියවුණා. එහෙනම් ඔබ මුලින්ම මේ බව වෛද්‍යවරයෙකුට හෝ කථනය පිළිබඳ විශේෂඥකුට පෙන්වීම අවශ්‍ය වෙනවා. මෙය ශාරීරික හෝ වෙනත් ගැටලුවක්ද යන්න බව ඉන් දැනගන්න පුළුවන්.

නමුත් ඇයට ශාරීරික ගැටළුවක් නැතිනම් පහත උපදෙස් මේ ගැටලුව මග හරවා ගන්න උදවු වේවි.  මේ කරුණු හේතු ගණනාවක් නිසා වැදගත් වෙනවා.

  • මේ මගින් කෑම ගැනීමට වගේම ජීවිතයේ හැම දෙයකටම කාලයක් ඇති බව කියා දෙනවා.
  • ආකර්ෂණය පාලනය හා යමක් එල්ල කොට ගෙන ක්‍රියා කිරීම ගැන අවබෝධයක් ලැබෙනවා. කෑම කන විට රූපවාහිනිය හෝ අයිපෑඩ් එක එක්ක ඉන්නවා නම් ඔවුන්ගේ අවධානය රැඳෙන්නේ එතනයි.
  • තහනම් කරන දෙය ගැන අවධානයෙන් සිටීම එම කටයුත්ත සාර්ථක වීමට ඇති මාර්ගයයි.

ඔබේ දියණිය කාටුන් එකක් ගැන වැඩි අවධානයෙන් කෑම කන වෙලාවේ ඉන්නවා නම් ඇයට කෑම ගැනීම ගැන අවධානයක් යොමුවන්නේ නැහැ.

 ඒ වගේම කෑමට ගත යුතු දේ හඬ හෝ අත පාලනය කෑම ගිලීම වැනි දේවල් ගැන ඇයට හැඟීමක් නැතිවී යනවා.

ඔබ දරුවා කෑම නොගිලිම ගැන සෙවීමට පෙර ඇය කෑම කටේ රඳවාගෙන තියාගෙන ඉන්න කැමති ඇයි කියලා සෙවීම වටිනවා.

මේ සඳහා කෑම වෙලාවට පෙර හා පසු එන සිදුවීම් ගැන අවබෝධයෙන් ඉන්න. 

ආහාර වෙලාවට පෙර

කෑම වෙලාවට පෙර දරුවා කෙටි කෑම ගන්නවා නම් දරුවාගේ කුස පිරි ඇත්නම් මෙයත් එක හේතුවක් වන්නට පුළුවන්. අමතර ආහාර දෙන එක අඩු කර ප්‍රධාන ආහාර වේල් පෝෂණය වැඩි ලෙස සකසා දෙන්න.

ආහාර ගන්නා විට

දරුවා ආහාර ගන්නා විට ඒ අතර තුර රූපවාහිනිය විකාශය වීම වැනි දේවල් නිසා ලේනෙක් වගේ කන පැටියට වැඩි අවධානයක් දෙන්න. ඇයට කතා කරන්න ඔබට පුළුවන්. ඇය විශේෂයෙන් ආහාර ගිලින විට ඇයට කතා කරන්න. එවිට ඇයට ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුවන්නේ නැහැ.

එවිට ක්‍රමයෙන් ඇය කෑම කටේ තබාගෙන රඳවාගෙන ඉන්නේ නැහැ. අවධානය සමග දරුවා කෑම ගිලින එක නිරායාසයෙන් සිදුවෙන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳින් සතුටින් කතාකරන්න ලැබෙන්නේ කට පුරවාගෙන ඉන්න කොට නොවන බව ඔහුට වටහා දෙන්න. කට පුරවාගෙන ඉන්න කොට අම්මා කතා නොකර ඉන්න වගබලා ගන්න.

කෑමෙන් පසු

කෑමෙන් පසු ඔබ දරුවා අකමැති දෙයක් සිදුවේදැයි ඔබ සැලකිලිමත්ව සිටින්න.

නිදියන එක, නාවන එක වගේ දේවල් වෙන්න පුළුවන්. මීට අකමැති නිසාත් ඔවුන් වැඩි වෙලාවක් කෑම ගැනීමට ගතකරනවා වෙන්න පුළුවන්.

ඒ නිසා ඇයව සතුටු කරන්න යමක් කෑම වේලාවෙන් පසුව ලබාදෙන්න. හොඳින් කෑම කා අවසන් වූ පසු ඔහුට මේ කාලය ලැබෙන බව හඟවන්න. ඉන් පසුව ඔහු අකමැති අනෙක් දේවල් වෙනුවෙන් ඔහුව ඔවුන් කැමතිම දේවල් හා ක්‍රීඩාවන් ගැන කියන්නත් උද්යෝගිමත් කරන්නත් පුළුවන්.

ඒ මගින් මෙය දිනචර්යාවට එක්වෙන අතරම දරුවා ඔබේ විධානයන් අනුගමනය කරන්න කැමති වෙනවා. සාමාන්‍යයෙන් සති දෙකක් පමණ එක ආකාරයකට පුහුණු වීමෙන් දින චරියාවට එය එක්වෙනවා.

කිසිම දෙයක් හරියන්නේ නැතිනම් මේ හැමදෙයකින්ම දරුවා කෑම කටේ සිරකරගෙන සිටීම නවතින්නේ නැතිනම් ප්‍රදේශයේ සිටින ළමා සංවර්ධන උපදේශක හෝ ළමා වෛද්‍යවරයෙකුගෙන් ඒ ගැන උපදෙස් ලබාගන්න.

දරුවන් හොඳින් ආහාර නොගැනීම අම්මලාගේ හිතත් කුසත් නොපිරෙන සංවේදී කාරණයක් නිසාම theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ