දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම කොදු ඇට පෙළට හානි කරයි.

lead image

දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම තුල ඇතිවිය හැකි අපි නොහිතන දේවල් පිළිබද මේ පුංචි මතක් කිරීමක්.

තරබාරු හෝ බරවැඩි දරුවන් බොහෝ සෞඛ්‍ය තත්ත්වයන්ට ගොදුරු වීමට දැඩි අවදානමක් පවතින බව අප සියලු දෙනාම දන්නවා.

ඉන් සමහරක්  දෙවැනි වර්ගයේ දියවැඩියාව හා හදවත් රෝගී තත්ත්වයන් වේ. මෑතකදී කළ අධ්‍යයනයකින් පෙනී යන්නේ බරවැඩි දරුවන් කොන්දේ අමාරු හා කොදු ඇට  වල අසාමාන්‍යතාවලට ගොදුරු විය හැකි බවයි.

නිව් යෝර්ක් හි පිහිටි ළමා රෝහලක විශේෂඥයන් කොදු ඇට වල අසාමාන්‍යතාවලට මුහුණ දුන් බොහෝ නව යොවුන් දරුවන් තරබාරු හෝ බර වැඩි බව සොයා ගත්තා. අධික ශරීර බර කොදු ඇට  වල රෝග සදහා  හේතු වන බව ඔවුහු නිගමනය කරනවා.

මෙය සහ වෙනත් බොහෝ රෝග වළක්වා ගැනීම සඳහා නිවසේදී සෞඛ්‍ය හා පෝෂණය සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්න.

"ඔබ ආහාරයට ගන්නා දෙය මත ඔබේ නිරෝගීතාව රදා පවතියි." එය අර්ථයෙන්ම සත්‍ය වේ. අධ්‍යයනයන්ට අනුව, බරවැඩි දරුවෙක් තුල කොඳු ඇට පෙළේ ගැටළු වර්ධනය විය හැකිය.

වයස අවුරුදු 12 ත් 20 ත් අතර වයසේ කොන්දේ අමාරු  ඇති ළමයින් 188 පරීක්ෂා කර කරන ලද අතර වෙනත් තත්වයන් මත කොන්දේ අමාරු හැදෙනවාද යන්න එම අධ්‍යනය තුලින් පරීක්ෂා නොකරන ලදී'.

මෙම පින්තූරවලින් පෙන්නුම් කරන පරිදි රෝගීන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට  කොඳු ඇට පෙල පහල කොටසේ අසාමාන්‍යතාවයක් ඇත.

src=https://press.rsna.org/timssnet/rsna/media/pr2009/Burns  OverweightChildren/JPG/AnnularTearOfDiscFibers.jpg දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම කොදු ඇට පෙළට හානි කරයි.

බොහෝ විට, අවිධිමත් හෝ කැඩුණු  කොඳු ඇට  ස්නායු මත පීඩනය යෙදීම නිසා වේදනාව හෝ දුර්වලත්වයන්ට හේතු වේ.

අධ්‍යයනයෙහි වෛද්‍ය ජුදා ජී. බර්න්ස් මෙසේ පැවසීය:

"ඉහළ BMI අගය  සමග කොදු ඇට  වල අසාමාන්‍යතාව වැඩි වීමේ ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කලා. මෙම ප්‍රතිඵල මගින් දරුවන්ගේ BMI අගය  ඉහළ යාම කොදු ඇට  වල අසාමාන්‍යතා ඇතිවීම අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පෙන්නුම් කරනවා . "

ඒ නිසා ඊලග වතාවේ දරුවා කොන්දේ වේදනාව ගැන පවසන විට එය මස් පිඩු පෙරලීමක් හෝඔ වෙනත් යමක් යැයි සිතන්න එපා. එය කොඳු ඇට පෙළේ අසාමාන්‍යතාවයක් නිසා ඇතිවනනක් දැයි දැන ගැනීමට වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම තුල ඇතිවිය හැකි අපි නොහිතන දේවල් පිළිබද මේ පුංචි මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී