බර අඩු කරන ආහාර වට්ටෝරු දෙකකින් කිලෝ 30ක් අඩු කල මගේ යෝග්‍යතාවයේ කථාව

ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න  වන අතර, ඔබට දිනපතා අවශ්‍ය  ශක්තිය ලබා දෙයි. ඒවායේ  සෞඛ්‍ය සම්පන්න අමුද්‍රව්‍ය  පමණක් අඩංගු වන අතර කිසිවක් සකස් කර හෝ බැද නැති අතර තෙල් අඩංගු නොවේ.

මගේ පුද්ගලික බර අඩු කිරීම ගැන කියන සෑම අවස්ථාවකදීම, මා ඒ සදහා කල විශේෂිත ව්‍යායාම හෝ බර අඩු කරන ආහාර වට්ටෝරු ගැන මගෙන්  අසමින් පණිවිඩ හෝ අදහස් බොහොමයක් මට ලැබෙනවා.

අද මම කලින් පෝස්ට් එකේ සඳහන් කල සෞඛ්‍ය  සම්පන්න ආහාර ගැන කතා කරන අතර මම ඒවා නිවසේදී තනන්නේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. මේ සියල්ල ඉතා සෞඛ්‍ය සම්පන්න වන අතර ඔබේ දරුවන්ට වුවත් ඒවා පහසුවෙන්ම ලබා දිය හැකිය.

ඒවා බර අඩු කර ගැනීමට උපකාරී වන නිසා සෞඛ්‍ය සම්පන්න  ආහාර ලෙස මම සඳහන් කිරීමට හේතු විය.

ඒවා ඉතා සෞඛ්‍ය සම්පන්න  වන අතර, ඔබට දිනපතා අවශ්‍ය  ශක්තිය ලබා දෙයි. ඒවායේ  සෞඛ්‍ය  සම්පන්න අමුද්‍රව්‍ය  පමණක් අඩංගු වන අතර කිසිවක් සකස් කර හෝ බැද නැති අතර තෙල් අඩංගු  නොවේ. ඒ වගේම දරුවන්ට එය ලබා දීමෙන් ඔවුන්ගේ බර අඩු වන  බව ඉන් අදහස් කරයි. දරුවන් දිනපතාම අනෙකුත් සෞඛ්‍ය  සම්පන්න ආහාර වේලක් ආහාර දවස පුරා  ගන්නා නිසා , මේවා ඉතා රසවත්, පිරවූ සහ කල් තබා ගත ගන්නා ද්‍රව්‍ය  වලින්  තොර  වන නිසා එයට ඔවුන් කැමති වන බව මට විශ්වාසයි.

මෙන්න ඒ බර අඩු කරන ආහාර වට්ටෝරු:

1. බර අඩුකරන  ඉන්දියානු තේ (chai)

ඔබට අවශ්‍ය  ද්‍රව්‍ය

කුරුඳු කුඩු

කළු ගම්මිරිස් කුඩු

කහ කුඩු

මහදුරු කුඩු

වියළි ඉඟුරු කුඩු

නැවුම්  කාබනික පැණි (විකල්ප)

දෙහි පෙති (විකල්ප)

සාදන ක්‍රමය :

කුඩු වර්ග සියල්ලම මිශ්‍ර  කර වාතය රහිත  බඳුනක  ගබඩා කර තබන්න. වතුර කෝප්පයක් නටවා ගන්න. එය  තාපයෙන්  ඉවත් කළ පසු, මිශ්‍ර  කුඩු වලින් තේ හැන්දක් එකතු කරන්න.

හොඳට මිශ්‍ර කරන්න. ඔබේ කැමති රසට  අනුව මී පැණි හෝ දෙහි පෙත්තක් එකතු කරන්න.

එය ක්‍රියා කරන්නේ කෙසේද ?

කුරුඳු විෂ ඉවත් කරන අතර, පරිවෘත්තිය ක්‍රියා වැඩි දියුණු කරයි. කළු ගම්මිරිස් ආහාර දිරවීම ඉහල නංවන අතර  බර අඩුකර ගැනීම සඳහා ආධාර කරයි. කහ  විෂබීජ ඉවත් කරන අතර  මහදුරු ජලය රඳවා තබා ගනියි. වියළි ඉඟුරු ආහාර ජීර්ණය වැඩි කරන අතර  මළබද්ධය  වළක්වයි)

2. ඕට්ස් සහ රාගි දෝසා

ඔබට අවශ්‍ය  ද්‍රව්‍ය

පරිප්පු

දුඹුරු හෝ සුදු සහල්

වතුර

රාගී පිටි තේ හැදි කිහිපයක්

සාමාන්‍ය  ඕට්ස් (ඔබට කැමති නම් එය කුඩු කර ගත හැක)

කර කරගත් සෝජී

රස අනුව ලුණු

තෙල්

සාදන ක්‍රමය :

පරිප්පු  සහ සහල්  සමාන ප්‍රමාණයෙන් ගෙන පොඟවා රාත්‍රියක් තබන්න.

උදෑසනම  පේස්ට් එක සෑදිය යුතුය.

තෙල් හැර සෙසු අමුද්‍රව්‍ය  එකතු කරන්න.

භාජනය රත්කර    තෙල් ටිකක් එකතු දමා එහි පේස්ට් එක විසුරවා හරින්න.

එය ක්‍රියා කරන්නේ කෙසේද ?

මෙම  සියලුම අමුද්‍රව්‍ය  සුපිරි සෞඛ්‍ය සම්පන්න සහ සංතෘප්ත වන අතර, ඔබට ශක්තිය  ඉහල නංවා විෂ  ඉවත් කිරීමටද  බර අඩු කර ගැනීමද උපකාරී  වේ.

මම දිනකට ජලය ලීටර් 6 ත් 8 ත් අතර වතුර ප්‍රමාණයක්  පානය කිරීම තවත් රහසකි. මෙය මට විෂ සහිත  ද්‍රව්‍ය  ඉවත් කිරීමට  විසඳුමක් ලබා දෙන අතර කුස පුරවා තබයි. ඒ නිසා මම හදිසියේම කුසගින්නෙන්  පෙළෙන විට හිතකර නොවන ආහාර ගැනීමෙන් වළක්වයි.

The Asianparent Sri Lanka මේ අම්මාගේ බර අඩු කරන ආහාර වට්ටෝරු ගෙන ආවේ තමන්ගේ බර අඩු කර ගැනීමට වෙහෙසෙන මව්වරුන් වෙනුවෙන්මයි .

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී