බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්

lead image

ඇයගේ දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවක් හා කැස්සක් ඇති බව ඇය සිතුවා. නමුත් පැය කිහිපයකට  පසුව එහි බරපතල යමක් ඇති බව  ඇයට දැනුනා.

මව්වරුනි, පියවරුනි, ඔබ බ්‍රොන්කියොලයිටිස් ගැන කවදා හෝ අසා තිබේද? එක් මවක් නිතර වැරදියට හදුනාගන්නා මෙම තත්වය සොයාගත්තා. ඇය ෆේස්බුක් පෝස්ට් එකක තම අත්දැකීම් බෙදාගත්තා. එය 25000 කට වැඩි වාරයක් ෂෙයාර් වුනා.

ළදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ දෙමව්පියන් ඇමතූ බෙත් ෆොස්ටර් විසින් අනතුරුදායක හා නිතර මග හැරෙන තත්වයක් වු බ්‍රොන්කයිටීස් වලට  එරෙහිව අනතුරු ඇඟවුවා.

"එය සරල කැස්සක් හා සෙම්ප්‍රතිශ්‍යාවකින් පටන් ගන්නවා.  පැයක් ඇතුළත එය බොහෝ සේ වර්ධනය විය හැකිය." ඇගේ දියණිය වන මායා හුස්ම ගැනීමට වෙහෙස වුන ආකාරය, ඇයගේ උදරය වේගයෙන් උස් පහත් වුනේ  කොහොමද  යන්නත් මතක් කරමින් ඇය ලියනවා.

"මම අගහරුවාදා  ඇයව වෛද්‍යවරයා වෙත ගෙන ගිය අතර, එහිදි ඇයගේ    ඇසට යෙදීමට  ඖෂධයක් නිර්දේශ කලා, ඒ මොහොතේදී  ඇය ගැටලුකාරීත්වයක් පෙන්නුවේ නැහැ ." ඇය තවදුරටත්  කියා සිටියාය.

කැස්ස දරුණු වී දම් පාට හැරීමෙන් පසුව ඇයට බ්‍රොන්කියොලයිටිස් (bronchiolitis) බව සොයා ගත්තා.

bronchiolitis 1 බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්

බ්‍රොන්කියොලයිටිස්

ඔවුන් නත්තල් සාදයක ​​සිටියදී, දියණියට එකවරම  දරුණු කැස්සක් ඇති  වුනා

තත්පර 15 ක් පමණ ඇයගේ මුහුණ දම් පාට වුනා. "දරුවාගේ තත්වය සීතල දේශගුණය නිසා සිදුවුවක් බව සිතා වුන් ෆෝස්ටර් සිහිපත් කලා.

වෛද්‍යවරුන්ගේ  අංශයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසුව වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ඇය දරුවා වහාම රෝහල වෙත ගෙන ගියා.

එහි සිටි එක් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් ඔවුන්ගේ  දරුවාගේ අසනීප තත්වය බරපතළ දෙයක් බව පැවසුවා.

"ඇය ගිලන් රථය තුලදී  අවසන් වුණේ නැත්තේ ඇයි කියලා ඔවුන් පුදුම වුනා කියලා මට කිව්වා. ඒ මොහොත වෙනතුරු මෙම තත්ත්වය කොතරම් බරපතළදැයි අදහසක් අපට තිබුනේ නැහැ," ෆෝස්ටර් කිව්වා.

2017 දෙසැම්බර් මාසයේදී ඇය තම අත්දැකීම හුවමාරු කර ගත්තා. ඔවුන් සතියක්  රෝහලේ ගත කිරීමට සිදු වුනා. මේ කාලය අතරතුර මායාව, ළමා වාට්ටුව දැඩි සත්කාර ඒකාකයේ ඔක්සිජන්, ආහාර ලබාදෙන  නල සහ නින්ද යෑමට ඖෂධ ලබ දීම ඇතුලු  මැෂින් බොහොමයකට සම්බන්ධ කර තිබුනා. "

2017 නොවැම්බර් මාසයේදී උපත ලැබූ මායාට වයස මාසයක් විය.

අවසාන වශයෙන්, ෆොස්ටර් දෙමාපියන් ගෙන් ඉල්ලා සිටින්නේ  සුළු සෙම්ප්‍රතිශ්‍යාව කදී හෝ කැස්සකදී වුවද සැලකිලිමත් වෙන ලෙසයි.

ඇය අවසනයේදී මෙසේ ලියයි: "හදවත බිදී යෑම තරම් කිසිවක් නොවේ. "ඔබේ දරුවාට සුළු කැස්සක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් තිබුණත්, පරීක්ෂා කර බලන්න. මීට පෙර බ්‍රොන්කියොලයිටිස් ගැන අපි නොදැන සිටි මේ තොරතුරු අනෙක් අයත් එක්ක බෙදාගන්න."

 දෙමාපියන් විසින් දැන සිටිය යුතු බ්‍රොන්කියොලයිටිස් වල සලකුණු

ළමුන් තුළ බ්‍රොන්කියොලයිටිස් යනු පෙණහළු වල (බ්රොන්කියොලස්) කුඩාම වායු හුවමාරු නාල  ඉදිමීමට හෝ තදබදයට ලක්වීමයි.

බොහෝ විට වයස මාස තුනට සිට නවය දක්වා දරුවන් මෙයාට ගොදුරු වෙන අතර වඩාත් අවදානමට ලක් වන අය:

•මව්කිරි ලබානොදුන් දරුවන් 

•නොමේරූ ලෙස උපන් දරුවන් 

• හදවතේ හා පෙනහළු වල ගැටළු ඇතිව උපන් දරුවන් 

•අවදානම් සහිත ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහිත ළදරුවන්

• දුම් වැටි වල දුමට නිරාවරණය වූ දරුවන් 

•වෛරසය පවතින  ස්ථානවල සිටින දරුවන් 

මව්වරුනි  සහ පියවරුනි , බ්‍රොන්කියොලයිටිස් රෝගය බොහෝ විට සාමාන්‍ය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ පෙන්වයි. නමුත් එයට අමතර ලක්ෂණ ඇත.

•ශ්වසනයේ ගැටළු 

• හතිය හා පෙණහලු වලින් වියළි , රළු ශබ්දයක් ඇති වීම 

•ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් සමේ ඇතිවෙන නිල් පැහැති පෙනුම

•තෙහෙට්ටුව

•කැස්ස

•හුස්මගන්නා විට ඉල ඇට ගිලී යෑම  (දරුවන් තුළ)

•හුස්ම ගැනීමේදී නාස්පුඩු විශාල වීම  (ළදරුවන්)

•වේගයෙන් හුස්ම ගැනීම

කුඩා ළමුන් සඳහා රෝහල් ගත කිරීම බොහෝ විට අවශ්‍ය  වේ. ඔවුන්ගේ රෝහලේ රැඳී සිටියදී, ඔවුන්ට  ඔක්සිජන් ලබාදීම, නෙබ්‍යුලයිස් කිරීම සහ තරල එන්නත් කිරීමේ ප්‍රතිකාර වලට යොමු වීමට සිදුවේ. ඔබේ දරුවාගේ බ්‍රොන්කියොලයිටිස් තත්වයට  වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධද උපකාරී වේ.

රෝහලෙන් පිටවීමෙන් පසු, බ්‍රොන්කියොලයිටිස් රෝගය ඇති අයට විවේකය හා සජලනය  අවශ්‍ය වේ.

ඔබේ නිවස රසායනික ද්‍රව්‍ය වලින් සහ දුමෙන් තොර කරන්න.  කාමරය තුල තෙතමනය පවත්වා ගන්නා උපකරණ භාවිතයද සුදුසු වේ.

සාමාන්‍යයෙන්  දරුවන් සුව වීමට  සතියක් පමණ ගත වේ.

නොසිතු මොහොතක පැමිණිය හැකි බ්‍රොන්කයිටීස් මාරයා හදුනාගන්න මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී