පොඩ්ඩෝ රහ කර කර කන්න කැමති බිත්තර රයිස්!

lead image

පොඩ්ඩෝ විවිධ රසයෙන් කෑම කන්න ආසයි. අපි බත් එකේ රසය ටිකක් වෙනස් කරලා බලමුද ? මේක ඉතාම පහසු මෙන්ම ඉක්මනින්ම හදා ගන්න පුලුවන් බත් එකක්

පොඩ්ඩෝ විවිධ රසයෙන් කෑම කන්න ආසයි. අපි බත් එකේ රසය ටිකක් වෙනස් කරලා බලමුද ? මේක ඉතාම පහසු මෙන්ම ඉක්මනින්ම හදා ගන්න පුලුවන් බිත්තර ෆ්‍රයිඩ් රයිස් (egg fried rice) එකක්: 

බිත්තර ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු බත් පීරිසියක්

හීනියට ලියා ගත් කරපිංචා හා ලූණු

බිත්තර 01

රස අනුව ලුණු

තෙල්

බිත්තර රයිස් සාදන ක්‍රමය

• භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් කරගන්න.

• තෙල් රත්වෙන විට එයට හීනියට ලියා ගත් ලූණු හා කරපිංචා යොදන්න.

• ලූණු හා කරපිංචා රන්වන් පාට වෙනවිට එයට බිත්තරය එකතු කර හොදින් හැදි ගාන්න.

• දැන් බත් හා රස අනුව ලුණු එකතු කර හොදින් කලවම් කරන්න.

දැන් හදලා ඉවරයි . දැන් ලස්සනට පිරිසියකට පිලිගන්වලා එයට පොඩ්ඩා කැමති වෙයිද බලන්න.

බලන්න:

බිත්තර මිලෙන් අඩු, රසවත් සහ වට්ටෝරු රැසකට සකස් කරගත හැකි ආහාරයක්. ඒ වගේම තරුණ දරුවෙකු කලබලයෙන් සිටින අවසථාවක එක බිත්තරයක් ආහාරයට ලබා දෙන්න. මෙය ඔහුට සන්සුන් බව ලබා දෙන අතර හොඳ පෝෂණයක්ද ලැබෙනවා.

  • කෝලින් - මොලය වර්ධනය කිරීම , ක්‍රියාකිරීම හා මතක ශක්තිය ඇති කරනවා.
  • ෆොලේට් - රතු රුධිර සෛල නිෂ්පාදනය හා පාලනය.
  • අයන් - සෛල වලට ඔක්සිජන් වහනය කරනවා.
  • ලුතින් සහ ඇසියන්තින් - පෙනීම දියුණු කිරීම සහ UV කිරණ වලට එරෙහිව ක්‍රියා කර ඇස් ආරක්ෂා කරනවා.
  • නයිසින් - සාමාන්‍ය ස්නායු ක්‍රියාකාරිත්වය දියුණු කර ශක්තිය මුදා හැරීමට උදවු වෙනවා.
  • ඔමේගා-3 ෆැට්ස් - රුධිර කොලෙස්ටරෝල් ඉහළ දමනවා.
  • ප්‍රෝටීන් - ශරීර ශක්තිය පවත්වා ගැනීමට උදව් වෙනවා.
  • රිබෝෆ්ලෙවින් - ශරීරයේ පටක නිරෝගීව තබනවා.
  • විටමින් A - පිළිකා වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් B12 - හෘදයාබාධ වලට එරෙහිව ක්‍රියා කරනවා.
  • විටමින් D - අස්ථි සහ දත් නිරෝගීමත් කරනවා.
  • විටමින් E - ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
  • සින්ක් - ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

කුඩා දරුවන්ට සමබර ආහාර වේලක් අවශ්‍යයි. එයට බිත්තරයක් එක් කිරීමෙන් ආහාර වේල අංග සම්පූර්ණ වන අතර ඉන් දරුවට හැම අතින්ම ප්‍රතිඵල ලැබෙන බව මතක තබාගත යුතු වැදගත් කාරණයක්.

බ්‍රිතාන්‍ය පෝෂණ පදනම උපදෙස් දෙන පරිදි බිත්තර පෝෂ්‍යදායි ආහාරයන්ට ඇතුලත් වෙනවා. තරුණ දරුවන්ගේ විවිධ ආහාර පුරුදු වලට එය ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට අවශ්‍ය සියලුම විටමින් සහ මිනරල් ලැබෙනවා.

නමුත් හැමවෙලාවෙම ඔවුන්ට ඉඩ දෙන්න ඕනේ පවුල සමග විවිධ රස හා විවිධ ආකාරයෙන් රස බලන්න.