මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

සියලුම සැමියන්ට: හැමවිටම ඔබේ ජිවිතයේ පළමු තැන ඔබේ බිරිදට දෙන්න.

ශක්තිමත් විවාහයක්  සදහා වැදගත්වන්නේ ඔබේ සම්බන්ධතාවය තුල ගොඩ නැගෙන ශක්තිමත් පදනමයි. මෙවැනි ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ කෙසේද? ඒ සදහා පහත පුද්ගලයන් පස්දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය ලබා දීම අනිවාර්යයෙන්ම කල යුතුය.

මේ පස් දෙනාට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුතුයි.

1. ඔබේ දරුවන්

මෙය ඇසෙන විට  ඔබේ හිතට තරහක් ඒවි.එහෙත් මොහොතක් නැවතී මේ ලිපිය කියවන්න . ඔබ ඔබේ දරුවන්ට වඩා ඔබේ බිරිදට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඇයි? ඔබ ඔබේ  බිරිද හා පවත්වන හොද සම්බන්ධතාවය ඍජුවම දරුවන් සමගද හොද සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට මග පාදයි.

තම මාපියන් අතර ඇති ආදරය ,එකිනෙකා කෙරෙහි ඇති සැලකිලිමත් කම මෙන්ම ගෞරවය ආදර්ශයක් කර ගන්නා දරුවන් ඒම ගුණාංග තම සම්බන්ධතා තුලද වර්ධනය කර ගනියි .

බිරිදගේ අවශ්‍යතා වලට වඩා දරුවන්ගේ අවශ්‍යතා ප්‍රමුඛ වෙන අවස්ථාවන්හිදී මෙම තත්වය  අවස්ථානුකූලව වෙනස් වන්න පුලුවන්. ප්‍රයෝගිකව  ඔබ ඔබේ බිරිද ඇති සම්බන්ධතාවයට මුල් තැනදීම ගොඩාක් හොද දෙයක් වේවි.

2.සිත් ගත් කාන්තාවන්

නිලියන්, ජනප්‍රිය කාන්තාවන් ඔබ විසින් අගය කරනවා වන්නට පුලුවන .නමුත් ඔබ ඔබේ බිරිද සමග ඉතා සමීපව සිටියදී  ඔවුන්  ගැන සිතමින් සිටින බව ඔබගේ වර්ණනා ඔස්සේ අනාවරණය වුවහොත් එය ඔබ විසින්  ඔබවම කරදරේ දමා ගැනීමක් වේවි.

ඔබගේ හැගීම් ඇතිවීම සදහා අනෙකුත් කාන්තාවන් දෙස බැලීමට අවශ්‍ය නොවේ.ඒ වගේම ඔබ රූමත් ජනප්‍රිය චරිත කෙරෙහි ආකර්ෂණය වත්ම ඔබ ඔවුන් හා ඔබගේ බිරිද සංසන්දනයට පටන් ගනු ඇත .මොහොතක් බලන්න ඔබගේ සුන්දර ආදරණීය සහකාරිය දෙස ඇය ජීවිතයේ ඔබට ඇයව අවශ්‍ය  සෑම මොහොතකම ඔබ ලගින් හිදිවී.

3. අනෙකුත් කාන්තාවන්

මේක නම් පැහැදිලි කරුණක්, සම්බන්ධතාවයේ ස්වභාවය කෙසේ වුවද කිසිම විටෙක කිසිම කාන්තාවක් ඔබේ බිරිදට වඩා ප්‍රමුඛත්වය දෙන්න එපා. ඔබගේ බිරිදට ඔබගේ ජීවිතයේ පළමු තැන ලබා දිය යුතු අතර  අනෙකුත් කාන්තාවන් අතරින් ප්‍රබල තැන ඇයට නියැතින්ම හිමි විය යුතුය.

4. බිරිදගේ ළගම නැදෑයින් ( විශේෂයෙන්ම මව ,පියා)

 ඔබගේ බිරිද ඇගේ දෙමාපියන් සමග එකගතාවයක් නොමැති  අවස්ථා වල ඔබ හැම විටම බිරිදගේ පැත්ත ගත යුතුය .ඒ ඇය ඔබගේ බිරිද නිසාය.බොහෝ දුරට බිරිදගේ දෙමාපියන් සමග සම්බන්ධතාවය ගැටලු සහගත විය හැකිය. එහිදි ඔබ  ඔවුන් සමග සම්පුර්ණ සම්බන්ධතාවයක් පැවැත්වීම අනිවාර්යය නැත.

විවාහය වෙනස්ම කාරණාවක් වුවත් ඔබේ බිරිද සමග ගැඹුරු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමටත් ඔබගේ සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීමටත් එය වැදගත් වේ.

5. ඔබේ මිතුරන්

ඔබට ඔබේ මිතුරන් වැදගත් වේ.නමුත් ඔබේ විවාහය ඔබේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වන අතර එහිදි ඔබගේ ප්‍රමුඛත්වයන් වෙනස් වේ. එහිදි ඔබගේ දීර්ඝකාලීන මිතුරන් සමග ඇති සම්බන්ධතාවය වුවද මදක් බලපෑමට ලක්විය හැක.

ඒත් ඔවුන් ඔබගේ සත්‍ය මිතුරන් නම් ඔබගේ බිරිද ප්‍රමුඛත්වයට පත්වන වටහා ගනීවි.නමුත් ඔබගේ මිතුරන් හා ඔවුන් හා විනෝදයෙන් ගත කල යුගය අමතක කල යුතුයැයි මෙයින් අදහස් කරන්නේ නැත.

මුලාශ්‍ර- familyshare.com

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී