බිරිඳගේ මානසික පීඩනය දෙගුණ තෙගුණ කරන්නේ දරුවන් නොවේ සැමියයි!

lead image

බිරිඳගේ මානසික පීඩනය දෙගුණ තෙගුණ කරන සැමියන් නැතුවාම නොවේ. වැඩි විස්තර මෙතනින්...

පුංචි දරුවන් සිටින අම්මලාගේ මානසික ආතතිය උච්ච බව අපි කවුරුත් නොදන්නා කරුණක් නොවේ. ඔලුව කොයි වෙලෙත් යකාගේ කම්මල වගෙයි.

අම්මලාගේ ඔලුව විකාර කරන්නේ ගෙදර වටේ දුව පැන ඇවිදින පුංචි දඟ මලු ටික කියා ඔබ හිතනවා ඇති. නමුත් ඔබ ඇතැම් විට දන්නවා ඇති, නොදන්නවා නම් ඔන්න... අම්මගේ හිසට බරත් පිදනයත් වැඩි වන්නේ දරුවන්ට වඩා සැමියාගෙන් කියා පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා.

ඇත්තවශයෙන්ම, දරුවන්ට වඩා දෙගුණයක ප්‍රමාණයක් සැමියන් විසින් තම බිරිඳගේ මානසික පීඩනය වැඩි කරන බවට සොයාගෙන තිබෙනවා.

විවිධ ක්‍රම වලින් සැමියන් තම බිරින්දෑවරුන්ගේ මානසික ආතතියට දායක වනවා. ඇතැම් විට බිරිඳට ගේදොර වැඩ වලට උදව් වීමේදී මුළු වටපිටාවම හැඩි කිරීමෙන් මානසික ආතතියට ලක් කරනවා.

තවත් විටක බිරිඳගෙන් ප්‍රයෝගික නොවන හෝ පමණට වඩා යම් යම් දේ බලාපොරොත්තු වීමෙන් බිරිඳගේ මානසික පීඩනය වැඩි කරනවා. වඩා ආන්තික වන්නේ අවශය වෙලාවට සැමියාගේ ඔහු පෙනී නොසිටීමත්, මානසික සහය, චපල බව සහ අරමුණු විරහිත වීම සහ සහයෝගයක් නොමැති කම හා උවමනාවට වඩා තම රැකියාවට පමණක් යොමු වී සිටීම ආදියයි.

නමුත් මෙම අධ්යයනය මගින් ස්වාමිපුරුෂයන් විසින් බිරිඳට ඇති කරන තවත් ආකාරයේ මානසික ආතතිය පෙන්වා දෙනවා.එනම් දරුවන් ලොකු මහත් කිරීමෙහි ලා ක්‍රියාශීලීව සහභාගි නොවීමෙන් ස්වාමිපුරුෂයන් විසින් ඇති කරන පීඩනයයි!

ඔව්, නූතන සමාජයේ සම අයිතිය, කාන්තා අයිතිවාසිකම්, කාන්තා බලය ආදිය කෙරෙහි සටන් කෙරෙන යුගයක, මව් පිය වගකීම් සම සමව බෙදිය යුතු යැයි ඔබ සිතනවා ඇති. නැහැ. මෙය මෙසේ සිදුවන්නේ නැහැ. මොනවා කලත් බහුතරයක් නිවෙස් වල දරුවන් සම්බන්ධ වගකීම් වැඩිපුර ඇත්තේ බිරිඳගේ කර පිටයි. මෙය බිරිඳ තුල අසීමිත මානසික ආතතියක් ඇති කරනවා.

බිරිඳගේ මානසික පීඩනයට හේතු වන්නේ  සැමියන් විසින් පිතෘත්වෙහි ලා කිසිඳු වගකීමක් නොගැනීමයි.  තමන්  වීම දෙමාපියන් වීම නිසා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සෑහෙන තරම් ප්රමානවත් නොවී සිටීම නිසා මවිතයට පත් වේ.

සහයෝගය හීන වීම

තනි අතින් අත්පුඩි ගසන්නට බැහැ. ඒ වගේම තමයි දරුවන් ලොකු මහත් කිරීමේදී මාපිය දෙදෙනාගේම සහයෝගය අවශ්‍ය වන අතර දෙදෙනා එක සේ කැපවී දරුවන් ලොකු මහත් කිරීම පවුල් ජිවිතයක් තුළ වඩාත් සාර්ථක ක්‍රමවේදයකි. නමුත් දරුමල්ලන්ගේ වැඩ පල බහුතරයක් මවගේ කර මත නිරායාසයෙන්ම පැටවීම සාමාන්‍ය සංසිද්ධියක් වනවා.

මෙම අධ්යයනය සඳහා සමීක්ෂනයට ලක් කළ කාන්තාවන්ගෙන් 45% ක් කියා සිටියේ තම දරුවන් නිසා ඇතිවන මානසික ආතතියට වඩා ඔවුන්ගේ සැමියන්ගෙන් ඇති වන ආතතිය බොහෝ විශාල බවයි.

මීට ප්‍රතිචාර වශයෙන් සැමියන් කියා සිටියේ භාර්යාවන් උදව් ඉල්ලීමට නොදන්නා බවත් දරුවන්ගේ සියලුම කටයුතු තනිව කරගත හැකි යැයි භාර්යාවන් විශ්වාස කරන බවත්ය. දෙපාර්ශ්ව අතර සන්නිවේදනයේ ගැටළු ඇති බව අපට නිගමනය කරන්නට හැකි වුවත් මව්වරුන් මීට එකඟ වුනේම නැහැ.

මව්වරුන්ගේ අදහස්

මව්වරුන්ට ඇති මානසික පිදනයත්, ඊට ස්වාමි පුරුෂයන් හේතු විය හැකිද යන්නත් අපි මව්වරුන් ඉදිරියේ අසා සිටියා. මේ  ඔවුනට කීමට තිබූ දෙයයි

1. තවම පොඩි ළමයි වගෙයි

මගේ 8 හැවිරිදි පුතා ගේපුරා ඇවිදිමින් කෝලම් කරනවා නම් මට ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද එයා තවම පරිනත නොවූ පුංචි දරුවෙක්. ඒත්,  දරුවාගේ තාත්තා? දරුවන්ගේ සහ ගේදොර වැඩ කටයුතු ගැන කුමක් හෝ කී විට ඒක විහිලුවට අරන් හිනා වෙන එක මට නම් එපා වෙලා තියෙන්නේ.

මා දකින විධියට ඔහු මට නොකිආ කියන්නේ මගේ දුක ඔහුට ඇසෙන බවත්, එනමුත් ඔහු ප්‍රශ්ණය විසඳන්නට හෝ මට ලේසි වන්නට කිසිඳු අමතර වගකීමක් නොගන්නා බවත්ය.

මම හිතන්නේ ගෘහ මුලිකයා හැටියට ගැටලු සඳහා තර්කානුකූල විසඳුම් සොයා ගැනීම සඳහා තම භාර්යයාවන් සමග එක්ව වැඩ කිරීමට උත්සාහ කිරීම ස්වාමිපුරුෂයාගේ වගකීමක් වනවා.

මෙය කරන්නට නොහැකි නම් මාව විහිලුවකට ලක් කොට අවක්ඥාසහගත යමක් කියනවාට වඩා හොඳයි මොකුත්ම නොකියා සිටිනවා නම්.

2. නෑ ඔයා මට උදව්වක් කරනවා නෙවෙයි

දරුවාට කතන්දර කීමත්, දරුවා ඇඳට දැමීම හෝ දරුවාට කැවීම මට කරන උපකාරයක් වන්නේ කොහොමද?

ඒ කියන්නේ ඔහු දුරකතනයේ ගේම් ගසමින් නොනත්වා TV බලන අතරතුර ඉහත කී වැඩ රාජකාරි සියල්ලම මට පමණක් සිමා වූ කාර්යභාරයක් කියා ඔහු ලොකු උපකල්පනයක් කරනවා නොවේද?

දරුවන්ගේ මෙන්ම ගෙදර වැඩ කටයුතු වලට මා මෙන්ම මගේ සමියාත් දායක විය යුතු බව ඔහු තේරුම් නොගැනීම නිසා මම ලොකු මානසික පීඩනයකට පත්වී සිටිනවා.

දෙදෙනා එකතු වී දරුවන් ගෙනෙන්නට කටයුතු කළා වගේම දරුවන් ලොකු මහත් කිරීමටත් දෙදෙනා එක සේ දායක විය යුතු වනවා. ඒක ඔහු මට කරන උදව්වක් වන්නේ නැහැ.

3. මහන්සි දැනෙන්නේ ඔයාට විතරක් නෙවෙයි

මේ අම්මට තේරුම් ගන්නට බැරිව තිබූ කාරණයක් තමා දෙදෙනෙක් වැඩට ගියත් එක්කෙනෙක්ට වැඩිපුර විවේකයක් වුවමනා වෙන්නේ කොහොමද කියා.

කෙලින්ම කියනවා නම් ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම හරි හම්බ කරල ගෙදරට අවශ්‍ය අඩු පාඩු සපුරාලීමට මහන්සි වනවා. එක සමාන ලෙස දවස පුර වැඩපොළේ මහන්සි වී ගෙදර එනවා. ස්වාමි පුරුෂයාට ඇල වෙලා විවේක ගන්නට හැකි වුනත් බිරිඳ දවසේ ඉතිරි වැඩ සේරම කර කෑම බිම පිළියෙළ කර තව වැඩ කෝටියක් කරන්නට මුල පුරනවා. මෙය  අසාධාරණද කියා හිතට එකඟව සිතා බලන්න.

බිරිඳ රැකියාවක් නොකලත් ගෙදර දොරේ රාජකාරි වලිට සුළු ලෙස හෝ දායක වී ගෙදර ආ පසු ඇයට යම් හෝ සහනයක් දෙන්නට ස්වාමිපුරුෂයන්ට වගකීමක් තියෙනවා.

රැකියාවට යෑමෙන් ලැබෙන්නේ වෙනසක්. එය අනෙක් වැඩිහිටියන් සමඟ ආශ්‍රය කිරීමට ඉඩ සලසන අතර සැනසිල්ලේ කාම ටික කන්නට තේ එකක් බොන්නට විතරක් නෙවෙයි වැසිකිලියට යන්නටත් ඉඩ ලැබෙනවා. ගෙදර ඉන්නවා කියන්නේ නිරන්තරයෙන්ම අවිවේකි රාජකාරියක්. පුංචි විවේකයක් ගන්නට ගැහැණු අපිත් අකමැති නැහැ නේද?

4. මම කන් කරච්චලයක් කියල නම් කියන්න එපා

ගැහැණු අපි හරිම කන් කරච්චලයක් කියල නිතර කියන්නට පිරිමි පුරුදු වෙලා තියෙනවා. මානසික පිඩනයට පත් වුනාම දුක කියන එක සාමාන්‍ය දෙයක් කියා ඔවුන්ට අමතක වෙනවා වන්නට පුළුවන්.

එයාල හිතනවා නම් අපි දුක කියන එකෙන් සතුටක් ලබනවා කියා එය මොන තරම් විහිල්ලුවක්ද? හිතට ගතට දැනෙන අමාරුව අහන ඉන්න එක ඔය හැටි අමාරු නම්, එය දරාගන්න අපට මොන තරම් අමාරු ඇත්දැයි මොහ්තකට හෝ ඔවුන්ට හිතෙනවා නම්...

පොඩි දරුවන්ට නම් මේ කියන දේ ඊළඟ තත්පරේ මතක නැහැ. උගුරේ ලේ රස එනකල් ඔවුන්ට එකම දේ යලි යලිත් කියන්න වෙන්නේ ඔවුන්ගේ මතක ශක්තිය දියුණු වෙමින් පවතින නිසා.

නමුත් ස්වාමි පුරුෂයින්? ඔවුන්ට නම් තිබෙන්නේ නින්ද යාමේ රෝගය වන්නට පුළුවන්. මේ කියන දේ මොහොතකින් අමතක වන ඔවුන් යලි යලිත් අපිටම ඇද කියන්නේ ඔවුන්ට එය මතක් කලේ නැති නෝක්කාඩු කියමින්.

රතු කට්ට ඉහලටම නැග්ගට ඔවුන් කියන්නේ  'හරි, හරි, මට කරන්න ඕනේ මොනවද කියලා මට කියන්න’.

සැමියෙනි, මට කියන්න කණගාටුයි නමුත් ඔබ කළ යුතු සම දේම ඇඟිල්ලෙන් ඇන කීමට මට අවශ්‍ය නැහැ. සෑම ප්‍රශ්නයකටම විසඳුම් සොයාගන්නා වන්නටත් මට අවශ්‍ය නැහැ. නිවසට සහ මට අවශ්‍ය මොනවාදැයි තේරුම් ගැනීමට උත්සාහයක් ගැනීමත් ඊට සංවේදී මා ඔබෙන් බලාපොරොත්තු වන්නේ.

යමෙක් ගේදොර වැඩ වලට සහභාගී වනවා නම්, අනෙකා කෙරෙහි සංවේදී නම් කළ යුතු දේ අවශ්‍ය වෙලාවට කිරීමට ඔහුට නිරායාසයෙන්ම හැකියාව ලැබෙනවා.

හොඳ මවක් සහ පියවරුන්, පහසු කාරනාවක් නොවේ.

අද කාලයේ දරුවන් සිටීම මානසික ආතතියට සහ ශාරීරික අපහසුතවලට පාස්පෝට් එකක් වැනිය.

ඉතින් ප්‍රවේසම් නූනොත් ඔබටත් මෙම තත්වයට මුහුණ දෙන්නට සිදු වේවි. සුවිශේෂී වන්නේ දෙදෙනා අතර හොඳ සන්නිවෙදනයයි.

මව්වරුනි තාත්තලාගෙන් අපරික්ෂාකාරී ස්වභාවයක් හෝ වගකීම් පහර හරින සෙයක් දිස්වන්නට පුළුවන්. නමුත් මේ බොහෝ පිරිමින්ගේ ස්වභාවයයි.

මෙය නිදහසට කාරනාවක් නූවත් ඔබේ අවශ්‍යතාව අටුවා ටීකා නැතිව පැහැදිලිව කියා සිටීමෙන් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ මාතෘක මානසික ආතතියට විශාල සහනයක් ලබාගන්න පුළුවන්.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා