බිරිඳගේ ලිංගිකත්වය ගැන තම සැමියා දැනසිටී නම් ඇය සතුටු වන කාරණා 10 ක්

ලිංගිකත්වය ගැන ආසියාතික කාන්තාවන් වැඩිපුර විවෘතව කතා නොකරන බව අපි දන්නවා. ඒ නිසා සැමියන් වෙනුවෙන් බිරින්දෑවරුන්ගේ සිතැඟි සඳහන් කරන්න අපි සිතුවා.

සැමියන් බිරිඳකගෙන් අපේක්ෂා කරන දේවල් පිළිබඳ පළමු ලිපියට ප්‍රතිචාරයක් ලෙස බොහෝ දෙනා එය බිරිඳකගේ අපේක්ෂාවන් පිළිබඳ අදහස් දක්වන්න ලිපියක්ද පළකරන්න යැයි ඉල්ලීමක් කර තිබුණා.

ලිංගිකත්වය ගැන ආසියාතික කාන්තාවන් වැඩිපුර විවෘතව කතා නොකරන බව අපි දන්නවා. ඒ නිසා සැමියන් වෙනුවෙන් බිරින්දෑවරුන්ගේ සිතැඟි සඳහන් කරන්න අපි සිතුවා.

මානසික සූදානමක් කාන්තාවකට අවශ්‍යයි

ලිංගික එක්වීමක් සඳහා කාන්තාවන්ට කායික මෙන්ම මානසික සූදානමක් අවශ්‍ය වෙනවා. සමහර විට ඔබ දෙදෙනාගේ යුග දිවිය තුළ ලිංගික ජීවිතයේ කිසිඳු සතුටක් ඇතැයි ඔබ කළකිරී හිඳින්නට පුළුවන්. නමුත් ඇය සමග නිදහසේ කතා කරන්න, ගත කරන්න කාලය වෙන්කර ගන්න. ඔබ දෙදෙනා පමණක් තනිව රාත්‍රී කෑමකට යාමෙන් මනස නිදහස් වීම ඇයට වැදගත් වන අතර එය ඔබේ ලිංගික ජීවිතයට ද වැදගත් වෙනවා.

ඒ වෙනුවෙන් ස්තූති කරන්න එපා

එක්වීමෙන් පසු ස්තූති කිරීම ඔබ කළයුතු නැහැ. එය හරියට ගෙවීමකින් ගන්න සේවාවක් ලෙස ඇයට සිතෙන්නට පුළුවන්. එය වචනයෙන් නොකියන ඉරියව් වලින් ඔබට හඟවන්න පුළුවන්.

අලුත් අත්දැකීම් විඳින්න ඇයත් කැමතියි

හැමදාම එකම ලෙස හැසිරීමට වඩා වෙනස් ආකාරයෙන් එක්වන්න ඔබේ බිරිඳත් කැමතියි. ඒ ගැන ඇයට කීමෙන් ඇය තුළ ඔබ ගැන විශ්වාසයක් ඇතිවෙනවා. මේ ගැන පළවෙන ලිපි කියවීම වැදගත් වන්නේ ඒ නිසයි.

බැහැ කීම හා ඊට සවන් දෙන්න. ඇයට කාලයක් දෙන්න

එක් වීමකින් පසු නැවත ඊට සූදානම් වීමට කාලයක් දෙන්න. ඇගේ උවමනාවන් අසා දැනගෙන ඒ අනුව ක්‍රියා කරන්න. ඉන් පසු ඇය තුළ ඊට නැවත කැමැත්තක් ඇතිවන්නට පුළුවන්.

ඔබේ පෞද්ගලික ලිංගිකත්වය ගැන කතා කරන්න

ඒ ගැන කතා කිරීමෙන් ඇයට ඔබ කෙරෙහි හැඟීම් පහළ වෙනවා. ඇසට ඇස හමුවන ලෙස ආදරණීයව දෙදෙනාට කතා කරන්න.

ගෙදර දොර වැඩට උදව් දීමත් ඊට වැදගත්

ලිංගික ජීවිතය තුළ දී ගෘහනියක ලෙස ඇයට නිරන්තරයෙන් වෙහෙසට පත්වෙනවා වෙනුවට සැමියාගෙන් ලැබෙන උදව්වත් ඇයව සතුටු කරවන බව බොහෝ බිරින්දෑවරුන් ලිංගික උපදේශකවරයාට පවසා තිබෙනවා. ඉන් ලැබෙන මානසික සතුට ලිංගික ජීවිතයේ බැඳීම වැඩි කරනවා.

රළු බවට සමහර අවස්ථාවන් වල කැමති වෙනවා

හැමවිටම ආදරණීය ශෘංගාරාත්මක එක්විමකට වඩා ඉඳහිට රළු එක්වීම් වලටත් කාන්තාවන් ප්‍රිය කරනවා.

ඔබ තවදුරටත් යෞවනියක් නොවෙයි

බොහෝ කාන්තාවන් ලිංගික උපදේශන වෛද්‍යවරුන්ට පවසන්නේ ඇතැම් පිරිමි නව යෞවනයන් ලිංගික අත්දැකීමක් සොයන ලෙස හැසිරීම ඔවුන් එතරම් කැමැත්තක් නොදක්වන බවයි.

වෙනත් උපක්‍රම යොදාගන්න

වියළි බව ආදියට වෙළඳපළේ ඇති ආලේපන පාවිච්චිය මගින් කාන්තාවන් ඔබ ගැන වැරදියට හිතන්නේ නැහැ. එය ඔබේ අත්දැකීම තවත් යහපත් කරනවා. 

ඇයත් උපක්‍රම යොදන විට ඊට තැති ගන්න එපා

ඇයත් ඔබ දෙදෙනාගේ සතුට වෙනුවෙන් යම් යම් නව අත්හදාබැලීම් සිදු කළත් ඔබ ඒ ගැන ධනාත්මක ඇය හා කතා කරන්න.

විවාහ ජීවිතයේදී දෙදෙනාගේ හැම හැඟීමක්ම තේරුම් ගැනීම අනවශ්‍ය සබඳතා හා අනියම් සබඳතා ඇතිවීමට මගපෑදීම අවහිර කරනවා.

ඔබේ පවුලේ සතුට වෙනුවෙන් බුද්ධිමත් ලෙස මේ කරුණු ගැන ඔබ සිතා බලනු ඇතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.