පියවරුනි,මෙන්න මේ අවස්ථා හතරේදී ඔබේ බිරිදට සවන් දෙන්න

පියවරුනි ,සැමියනි, මෙන්න මේ අවස්ථා හතරේදී ඔබේ ආදරණීය බිරිදට ඔබේ අවධානයත් , ඔබ විසින් ඇයට සවන් දීමත් අවශ්‍ය වෙනවා .

අපේ එදිනෙදා ජීවිතයේ වැඩත් එක්ක එක්කෙනෙකුට සම්පුර්ණ අවධානය දෙන්න අපහසුයි. නමුත් සම්බන්ධතා වලදි  හොදින් සවන් දීම හා දැඩි අවධානය තුලින් හොද අදහස් හුවමාරු  කර ගැනීමක් සිදුවෙනවා .

Dr.Vikki Starkට අනුව (Psychology Today, Cautious Couple) බිරිඳ සැමියා හා ගත කරන කාලය අඩුවීම නිසා සාර්ථක සම්බන්ධතාවයන් අසාර්ථකත්වයට පත් විය හැකි බව පෙන්වා දෙයි.

ඒ වගේම වගකීමක් ලෙස නොසලකා ඔබේ බිරිඳට ඔබේ අවධානය අවශ්‍ය සෑම අවස්ථාවකම එය ලබා දීම වැදගත් වේ.

Family Share අනුව ඔබගේ බිරිඳට වැඩි අවධානය දිය යුතු අවස්ථා මෙන්න

1. ඇය මුලු දවසම දරුවන් හා ගත කරන විට

ඔබේ බිරිඳ නිවසේ සිටින මවක් නම් ඇයට වැඩිහිටි අවධානය ලැබෙන්නේ දවස අවසානයේ පමණි. ඔබ දවසේ වෙහෙසට පත්ව සිටියත්, වෙනත් කථා බහක සිටියත් ඇයගේ දවස කොහොමද කියා අසන්න.

මෙය රැකියාවක් කරන බිරිදක් සිටින සැමියෙක්ටත් අදාල වේ. මොකද එයාලාත් නිවසට පැමිණි පසු ඔබත් සමග සුහද කථා බහක යෙදෙන්න කැමතියි. ඒ සදහා පැය ගණන් ගත නොවේ. ඇය වෙත යොමු වු විනාඩි ගණනක අවධානය අර්ථාන්විත ප්‍රතිඵල ලබා ගත හැක.

ඇය නිහඬව,සිනහා නොවී සිටින විට

විවාහක යුවල , විශේෂයෙන් විවාහ වී බොහෝ කල් එකට ජීවත් වු අයට තමාගේ සහකරු පීඩනයෙන් හෝ දුකින් සිටින විට එය වටහා ගන්න පුලුවන්.

ඇය ලගට ගොස් සිප ගෙන ඇගේ ගැටලුව කුමක්දැයි අසන්න. ඇය එය පවසන්න තවම සුදානම් නැතිනම් ඉවසන්න. ඒ වගේම ඔබ ඇයට ඕනෑම වෙලාවක සවන් දෙන්න සුදානම් බව අගවන්න .එවිට ඇයට කතාබහක යෙදීමට අවශ්‍ය විටෙක ඔබ සවන්දීමට සුදානම් බව ඇය තේරුම් ගනිවි.

ඇය සතුටින් පිරි දවසක් ගෙවු විට

ඇය දුකෙන් සිටින විට වාගේම සතුටින් සිටින විටත් ඇයට ඔබගේ අවධානය අවශ්‍ය වේ. ඇයගේ දවස කොහොමදැයි අසන්න.ඇයගේ ප්‍රීතිමත් දවස ගතකල හැටි පවසන්න ඉඩ දෙන්න. ඇයගේ සතුට සමරන්න. ඇයගේ ප්‍රීතිමත් දවස ගැන ඔබ හා පවසමින් ඔබ හා සතුටින් ඉන්න ඇයට ඉඩදෙන්න.

ඔබ නින්දට යන විට

නින්දට යෑමට පෙර ඔබේ බිරිඳට පවසන්න යමක් තිබේදැයි විමසිලිමත් වන්න. ඔබට ගෙදර ආ විගසම හෝ රාත්‍රී කෑම මේසයේදී  ඇය හා කථා කරන්න අවස්ථාවක් නැති වෙන්න පුලුවන්.

නමුත් නින්දට පෙර ඇය හා සුහද කතාබහක යෙදෙන්න ඔබට පුලුවන්. ඔබේ දවස, ඔබේ ඊලග සතියේ සැලසුම්, වැදගත් තීරණ පිලිබඳ එකිනෙකාගේ අදහස් දැක්වීම හෝ ඔබ රස විදින පොතක්, චිත්‍රපටයක් ගැන කතාබහක යෙදෙන්න පුලුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී