සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

lead image

මේ තත්වය ඇතිවෙන්න හේතූන් හා එය වළක්වා ගත හැකි හේතූනුත් අපි සොයා බැලුවා.

බිරිඳව රැවටීම: තමන්ගේ බිරිඳ ගැබ්ගෙන ඉන්න විට සමහර පිරිමින් ඇයව රවට්ටනේ ඇයි? මේ තත්වය ඇතිවෙන්න හේතූන් හා එය වළක්වා ගත හැකි හේතූනුත් අපි සොයා බැලුවා. එය ඔබේ ගර්භණි සමයේ ස්වභාවයත් වටහා ගැනීම වැදගත්.

වර්තමානයේ ඔබගේ හෝ ප්‍රසිද්ධ අයගේ පවා සැමියන් තම බිරිඳව රැවටීම -  විශේෂයෙන් බිරිඳ ගැබ්ගෙන ඇති සමයේ ඇයව රවටා ඇති කතා අහන්න ලැබෙනවා.

බිරිඳව රැවටීම: සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

The Secrets of Happily Married Women නම් ග්‍රන්ථයේ කතෘ වෛද්‍ය ස්කොට් හෝල්ට්ස්මන් විසින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රැවටීම විය හැකි තත්වයක් ලෙස සඳහන් කරනවා.

හුඟක් පිරිමින් හට ලිංගිකව ඇති සබඳතාවය, සබඳතාවයක සමීපත්වයට හේතු වෙනවා. නමුත් මෙවැනි අයට තමන්ගේ සහකාරිය විසින් මදකට වුවත් ඈත්කර තැබීමෙන් ශාරීරිකව හා මානසිකව ඔවුන්ව ඉවත දැමූ ආකල්පයක් දැනෙන බව හෝල්ට්ස්මන් පවසනවා.

ඒ වගේ දරුවා ඉපදුන පසු ඇය ඔහුට වඩා දරුවව වැදගත් කරගනීවි යැයි සිතනවා. කාන්තාවන්ට ගර්භණි සමයේ දැනෙන වෙනස්කම් හා හැඟීම් වල වෙනස්කම් සමගම පිරිමින්ටත් එවැනි හැඟීම් දැනෙන්න ගන්නවා.

මේ අතර ලිංගික සබඳතා වලින් ඔවුන්ව ඈත් කර තැබීම ඔවුන්ට දැනෙන්න ගන්නවා. දරුවාගේ ආරක්ෂාව ගැන සිතා මෙය සිදුවුවත් ඉන් ඔවුන් ව්‍යාකූල වෙනවා. ඒ වගේම දිනෙන් දින වන අලුත් වෙනස්කම් වලටත් ඔවුන් තරමක් නොසන්සුන් වෙනවා.

මෙය සාමාන්‍යයෙන් ගර්භණි කාන්තාවන්ට ඇතිවිය හැකි කාරණයක් වුවත් අනෙක් අතට ලිංගිකව වඩාත් සංතෘප්තියක් පිරිමින් ගර්භණි කාන්තාවන් තුළින් ලබන බව සත්‍යක්. ඒත් එසේනම් ඔවුන් ඇයව රවට්ටනේ ඇයි? එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයා මතයි.

රවටන පුද්ගලයා ඇය ගර්භණි වුවත් නැතත් එය කරනවා. නමුත් ඇගේ ගර්භණි භාවය ඔවුන්ට නිදහසට කරුණක් සේ තබා ගන්නවා. නමුත් ඒ නිසාම ඔවුන්ගේ රහස හෙළිවෙනවා. නමුත් මේ නිසා සමාජයේ පිරිමින් කෙරෙහි නරක නමක් ඇතිවෙනවා.

ගර්භණි සමය තුළ ඔබේ සබඳතාවය හොඳින් පවත්වා ගන්නේ කෙසේද?

මුලින්ම, පිරිමීන්ට විශේෂ පණිවිඩයක්: ඔබේ බිරිඳ ගැබ් ගෙන ඉන්න විට ඔබත් තේරුම් ගත යුතු කාරණා රාශියක් ඇත. මින් වැදගත්ම වන්නේ ගැබ්ගෙන ඉන්න කාලයේ ඔබේ බිරිඳ ගේ ශරීරයේ වෙනස්කම් විශාල ප්‍රමාණයක් වෙනවා. ඇගේ හෝමෝනද වැඩි වශයෙන් සිරුරේ පැතිරී යනවා. ඇයට මහන්සිය ඉක්මනට දැනෙනවා. සමහර විට ඉස්සර වගේ ලිංගික රුචියක් නැතුව ඇති. ඉතින් ඔබත් දයාබර ස්වාමිපුරුෂයෙක් හැටියට මේ වෙනස් වීම් තේරුම් ගත යුතුමයි.

ආදර හැඟීම් වලට වෙලාවක් වෙන් කර ගන්න

සතියකට සැරයක්වත් ගෙදරින් එළියට යන්න සැලසුම් කරගන්න. පළමු මස තුළ ගෙදරම ගත කරන්නත් පුළුවන්.

අහඹු සිදුවීම්

ඔහු නොදැනුවත්වම ඔහුව සිපගන්න. නැතිනම් සිදුවූ රසවත් සිදුවීමක් ඔහුට කියන්න. නැත්නම් ඔහුව අතිශයින් සතුටු වෙන ඔහු කැමති විහිළුවක් කරන්න.

දරුවාගේ වැඩකටයුතු ගැන කතා කරන අතර තුර සතුට රඳවා ගන්න

දරුවාගේ පරීක්ෂණ වලට වෛද්‍ය හමුවට ගිය පසු දවල් ආහාරය පිටතින් ගන්න පුළුවන්. දරුවාගේ බඩු ටිකක් ගන්න යන ගමන් කැමති අවන්හලකට යන්න.

ටිකක් ඉස්සර වගේ දඟකාර වෙන්න

ඔහුට ඔබ ගැන අනුරාගය ඉපදෙන කතාවක් හරි වැකියක් හරි ඔහුගේ සාක්කුවට දමන්න. දවස පුරා ඔබ ගැන හිතන්න එය ඔහුට මතකයක් ගෙන දෙයි.

කතාවට මග පාදන්න

එක එක පණිවිඩ, ගෙදර එළවළු ලැයිස්තුව හෝ වෙනත් දෙයක් ගැන කිහිප විටක් මතක් කරනවාට වඩා අතරතුර ඔබ ඔහුට ආදරය බව කියන්න. SMS පණිවිඩයක් තබන්න. ඔබ ඔහු එනතුරු නොඉවසිල්ලෙන් සිටින බව කියන්න. 

කතාකරන්න

සබඳතාවයක වැදගත්ම දේ සන්නිවේදනයයි. විශේෂයෙන් ගර්භණි කාලය තුළ එය හුඟක් වැදගත්. එකම දේ කතාකරනවට වඩා වෙනස් දේවල් මාතෘකා කරගන්න. බබා ඉපදුනහමත් ඒ දේවල් එලෙස කරගෙන යන්න. එය තරමක් අමාරු වුනත් ඉතා වැදගත් බව සිතන්න.

ආයිත් මධුසමයකට යන්න

බබා ඉපදෙන්න කලින් දිනයක් වෙන්කරගෙන වෛද්‍ය නිර්දේශය මත නිස්කලංක තැනක නිවාඩුවක් ගත කරන්න යන්න.

අනපේක්ෂිත දේවල් කෙරෙහි බලාපොරොත්තු වෙනවාට වඩා ඒවාට විසඳුම්සෙවීමෙන් අපිට සැනසුම ළඟා කර ගැනීම පහසුයි. ඔබට දැනෙන හැඟීම් අපටත් එලෙසම දැනෙන නිසා theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ