මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

කසාද බැඳපු මුල් දවස් වල ජීවිතයේ මධුසමය ගෙවුණු ඒ කාලයේ විවාහයේ මිහිරිතම අවධිය. කෝ දැන් ඒ සොඳුරු කාලය කොහේ ගියාද?

විවාහ වී කාලයත් සමඟ විවාහය ඒකාකාරී වෙත්ම ඒ මධුර කාලය කෙමින් ගිලිහිලා යනවා වගේ දැනෙනවා. බොහෝ ස්වාමි පුරුෂයින් නිතරම තමන්ගෙන් අසන්නේ "මොකද මේ කොයි වෙලේ බැලුවත් මගේ බිරිඳ කේන්තියෙන්?" කියාය.

බිරිඳට කේන්ති ගන්නට ඕනෑම හේතුවක් ඇති. දරුවෙක් බිම මොනවහරි හැලුවත්, ස්වාමියාට යමක් අමතක වුනත්, පුංචි දෙකට පවා රකුසු ඇසින් බලාන ඉන්නේ පිපිරෙන්නට බලා සිටින රත් වුනු අබ ඇටයක් වගෙයි.

ඉතින් මේ සුභ ආරංචි ස්වාමිපුරුශයින්ටයි! ඔබේ සිතේ සංකුලතාවය අපට හොඳ හැටි තෙරෙනවා. ඉතින් ඒ පැටලුම් ලිහා දෙන්න තමයි අද මේ ලිපිය ලියන්නේ.

ඉතින් මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්? කාන්තාවන්ට කේන්තිය දැනෙන ආකාර පිලිබඳ පංචි විග්‍රයහක් සමඟම අපි ඒ ගැන කියා දෙන්නයි යන්නේ.

කාන්තාවන්ගේ කේන්තිය තේරුම් ගැනීම

ඔබේ බිරිඳගේ කේන්තිය තේරුම් ගන්න උත්සහ කරන්නට කලින්, කේන්තිය නමැති මේ ප්‍රභල හැඟීම  පිරිමින්ට සහ කාන්තාවන්ට දැනෙන ආකාර වල වෙනස මුලින්ම ඔබ තේරුම් ගත යුතු වනවා.

වහරේ කියන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට කේන්ති යන බවයි. නමුත් මේ කතාවේ අත්තක් නැහැ. අධ්‍යයන වලින් පෙන්වන්නේ කාන්තා පිරිමි දෙකොට්ඨාශයටම එකම සන්ක්යාතයකින් මෙම ආවේගය දැනෙන බවයි.

වෙනස් වන්නේ මේ දෙගොල්ලන් එම කේන්තිය පිට කරන ආකාරයි.

කෙටියෙන් කිවහොත් පිරිමින් තම කේන්තිය ප්‍රසිද්ධියේ පිට කරන්නට පෙළඹෙන අතර කාන්තාවන් එම කේන්තිය යටපත් කරගන්නවා.

සැන්ඩ්රා තෝමස් නමැති මනෝවිද්‍යා මනෝ විද්යාඥයයා පවසන්නේ සම්ප්‍රදායික ලෙස කේන්තිය පිට කිරීම පුරුෂයාගේ පුරුෂාධිපත්‍යයේ සලකුණක් ලෙසයි.

නමුත් කාන්තාවන්ට එලෙස හැසිරීම සම්ප්‍රදානුකුලව එතරම් සුදුසු වුයේ නැහැ. එය අයගේ ලාලිත්‍යයට හානිදායක හැසිරීමක් ලෙස සැලකුණා. මේ නිසා කාන්තාවන්ගේ කේන්තිය වෙනත් ආකාර වලින් පිට කෙරුණා - සුලභව මුහුණ දික් කරගෙන හෝ බුම්බාගෙන සිටීම ආකාර වලින්.

ඇමරිකාවේ මේ පිළිබඳව කල අධ්‍යයනයකින් හෙළි වූයේ කාන්තාවකගේ කේන්තියට මුලික වූයේ ඇය වටා සිටින්නන්ගේ බෙලහීන බව, අයුක්තිය, අසාධාරණය සහ වගකීම් රහිතව කටයුතු කිරීම වැනි දේවල් කියාය.

කාන්තාවගේ කේන්තිය පිට වන ආකාර පිරිමි අයගෙන් වෙනස් වන තවත් විධි තිබෙනවා.

  • දිගු කාලයක් තිස්සේ කේන්තිය පැවතීම
  • වැඩිපුර නුරුස්නා ගතිය තිබීම
  • කේන්තිය පිට කිරීමට පසුබට වීම

ඉතින්, කාන්තාවන්ට කේන්තිය දැනෙන ක්‍රම හා ඔවුන් කේන්තිය පිට කරන ආකාර ගැන යම් අවබෝධයක් දැන් ඔබට ලැබෙන්නට ඇති. ඔබේ ඊළඟ, වඩාත් වැදගත් ගැටලුවට දැන් පිළිතුරු හොයමු:

බිරිඳ කේන්තියෙන්

මොකද මේ හැමතිස්සෙම ඔබේ බිරිඳ කේන්තියෙන්? මේ ඊට ඉතා වලංගු හේතු තුනක්
  1. ඔබ හිතන්නේවත් නැති හේතු නිසා ඇය සිටින්නේ අතිශයින් විඩාපත්ව හෙම්බත් වෙලා.

ඇතැම්විට දවස පුරා දරුවන්ගේ පාඩම් වැඩ, පාසලෙන් ගෙදරට, ගෙදරින් පන්ති වලට උඩට පහලට ගොස් හෙම්බත් වෙලා වෙන්න පුළුවන්. ඇතැම් විට ඇගේ කාර්යාල කටයුතු වලින් හෙම්බත් වී නිවසට ආවා වන්නට උළුවන්.

ඇය නිදි මරා සිටින්නේ නම් ඇයට වෙනදාට වඩා මහන්සි දැනෙනවා වෙන්නට පුළුවන්.

පුංචි දරුවන්ගේ ඉවරයක් නැති සන්ඩු බේරලා ඇය හෙම්බත්ව සිටිනවා වන්නට ඇති.

ඇතැම් විට ඔබෙන්ම වූ අත්වැරදීමක් හෝ නොසැලකිලිමත් කමක් නිසා ඇය කෝපාවිෂ්ට වී සිටිනවා වන්නට පුළුවන්. ඔබ ඇය දුන් බදු ලැයිස්තුව ගේන්නට අමතක කලාවත්ද? දැන් ඒ වගකීම අගේ කර මතද?

ගෙදර උදව්වට සිටින කෙනාට දහස් වාරයක් එකම දේ කියන්නට සිද්ද වෙලා වන්නට පුළුවන්.

මේ මෙකි නොකී දේවල් අගේ කේන්තියට මුලාරම්භය වන්නට පුළුවන්. හෙම්බත් වීම, මහන්සිය නිසා මානසික ආතතිය ඇති වනවා, විඩාපත් වනවා. මේ විඩාපත් බව ඕනෑම කාන්තාවකට කේන්තිය උත්පාදනය කරනවා.

ඉතින් බලන්න හැම වෙලාවේම ඔබේ බිරිඳ කේන්තියෙන් සිටීම පුදුම වෙන්න කාරනාවක් නෙවෙයි නේද?

දැන් මේ ගැන ස්වාමිපුරුෂයින්ට කල හැක්කේ මොනවාද?
  • ඇයට ඔබට හැකි පුංචිම විධියට හෝ උදව් කරන්න.

ඔබේ බිරිඳ දරුවාට මව්කිරි දෙන්නට සැරසේ නම් ඇයට වතුර වීදුරුවක් ගෙනත් දෙන්න. ඇය එහි නිරත වෙනකල් අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කරන්න, ඔවුන් බලාගන්න. දරුවන් කෑ දඩබ්බර වනවා නම් ඔවුන්ට විනය උගන්වන්න.

ගෙදර අඩු පාඩු ටිකක් බලා ගෙදරට අවශ්‍ය බඩු බාහිර තිබේ නම් ඒවා ගෙනත් දෙන්න. ඇය ඔබට පනවන දෙයක් කරන එක අතපසු කරන්න එපා.

කාන්තාවන් කේන්තිය යටපත් කරගන්නන් බව අමතක කරන්නට එපා. ඇයගේ ආවේගයට හේතුකාරක එකතු වීම අවම කරන්නට ඔබට පුළුවන්.

  • ඇයගේ විඩාපත් බව අඩු කරන්නට පුළුවන් මාර්ග සොයා බලන්න. මෙය ඇයගේ ගෙලට උරහිස් වලට දෙන මෘදු සම්භාහනයක් වුවත් කමක් නැහැ. ඇයට දවසක නිවාඩුවක් දෙන්න. සතියක් නම් කෙතරම් අගේද? ඇය කැමති දෙයක් කරදෙන්න. ඇය ඔබගේම බිරිඳයි. නිර්මාණශීලි වෙන්න. ඇයව සතුටු කිරීම ඔබට විනෝදයක් ගෙන දේවි.
  • ඇයගේ මහන්සිය සුලුකර තකන්නට එපා.

ඇයට මහන්සි බව පෙනේ නම් ඔබ සැපපහසු ලෙස පැත්තකට වී ජංගම දුරකතනයේ ක්‍රීඩා සෙල්ලං කරමින් ඉන්න එපා. අඩුම තරමින් "ඔයාට මහන්සියි  නේද? මට කරන්න පුළුවන් උදව්වක් තියේනාවද " කියා ඇසීම පමණක් යට අස්වැසිල්ලක් ගෙන දෙවි.

  1. අදෘශ්‍යමාන ශ්‍රමයේ අසාධාරණය

කාර්යාලයේ වැඩ, දරුවන්ගේ වැඩ, ගේදොර වැඩ, දරුවන්ගේ පාඩම් වැඩ, ගෙදරට බදු මුට්ටු ගෙන එම, රෙදිපිළි සෝදා වේලා නමා තැබීම, ගේදොර මිදුල පිරිසිඳු ඉරීම, ඉවුම් පිහුම්, දරුවන්ගේ එන්නත් සටහන්, අනෙකුත් කාර්යයන්, උපන්දින සද, තෑගි බෝග.... තව ලිවීමට දේ බොහොමයි

ඔබ මේ ලැයිස්තුව කියවනවා නම් ඒ තිබෙන්න දෘශ්‍යමාන ලැයිස්තුව පමණයි. අදෘශ්‍යමාන ලැයිස්තුව පේන්නට නොමැති විඩාව ගෙනදෙන රාජකාරී ගොඩකි.

දැන් දැන් නිවෙස් වල ගේදොර වැඩ බොහෝ විට ගෙදර සාමාජිකයින් අතර බෙදා ගැනෙනවා. ඒ කෙසේ වෙතත් ගෙදර කාන්තාව කොහොමත් ගෙදරක වැඩ වලින් වැඩිපුර බරක් අදිනවා.

මෙම අදෘශ්‍යමාන ලැයිස්තුව වෙහෙස ගෙන දෙන්නේ ශාරීරිකව පමණක් නොවේ. එහි වැඩි මහන්සිය මානසිකවයි.

එම ලැයිස්තුවත් සමඟ මහන්සිය ගලා එන්නේ නිතැතින්මයි. මෙය දවසින් දවස, වසරින් වසර එක්කාසු වෙලා වෙලා අධික කෙන්තියකට පෙරළෙනවා.

ස්වාමිපුරුෂයින්ට කල හැක්කේ මොනවාද?
  • ඔබගේ බිරිඳගෙන් සිදුවන අදෘශ්‍යමාන ශ්‍රමය නිතර අගය කරන්න. ඇයගේ ශ්‍රමය සහ කැපවීම ඔබ දකිනා බව ඇයට පෙන්වන්න. ඇය පොඩි නින්දකින් නැගිට්ට ගමන් වුවද ඇයට මහන්සි දැනෙන්නේ ඇයිදැයි යන්න ගැන මවිත වනවාට වඩා ඇයව තේරුම් ගන්න උත්සාහ කරන්න.
  • ඔබ තවත් පියවරක් ඉදිරියට යන්න. මේ අදෘශ්‍යමාන ශ්‍රමයට ඇයට දායක වන්න. ඇයගේ කර මත අටවුණු බරෙන් මදක් ඇය නිදහස් කරන්න. ගෙදරට අවශ්‍ය දෑ මිලදී ගැනීමට, දරුවන්ගේ වැඩ බැලීමට ඔබටත් හැකි බව ඇයට පෙන්වන්න. එමගින් ඇගේ ආත්ම ශක්තිය වැඩි වනු ඇත.
  • ඔබේ දරුවන්ට ගෙදර දොරේ සාමුහිකව වැඩ කරන්නට, උදව් පදව් කරන්නට කියා දෙන්න. ගෙදර දොරේ සුළු සුළු වැඩ දරුවන්ට පවරන්න. දුලා පුතාලට එක සේ ගෙදර වැඩට දායක වන්නට කියා දෙන්න. පිරිමි දරුවන්ට ගෙදර වැඩ කිරීම සුදුසු නැතැයි කියවෙන සම්ප්‍රදායික මත වලින් දරුවන් ඇත් කරන්න.

බිරිඳ කේන්තියෙන්

  1. මව් පදවිය නිසා ඇතිවිය හැකි බෙලහීනතාවය

මෙය වරදවා තේරුම් ගන්නට එපා. මව්පදවිය උත්තරීතරයි. නමුත්, එය මව්වරුනට කිරුළු පළඳිනවා සේම කිරුළු ඉවත් කරන්නටත් සමත් තත්වයක්. මෙය පුරුෂයින්ට තේරුම් ගත නොහැකි යතාර්ථයක්.

මව්පදවිය ලැබීම මානසිකව, අධ්‍යාත්මිකව හා ශාරීරිකව පවා අභිමානයක් ගෙන දෙන්නක්. එමෙන්ම මව්පදවිය නිසා මවකට අහිමි වන දේවල් නැතුව නොවේ.

තමන්ට කැමති දේ කැමති ආකාරයට කැමති වෙලාවට කල නොහැකි වීම, තම මුළු ජ්ජිවිතයම තම දරුවන්ට කැප කරන්නට වීම වැනි දේ තුලින් ඇයට යවම අහිමි වන සෙයක් දැනීමද විසු වනවා.

ඔබේ බිරිඳට අගේ සිරුරවත් ඇයට කැමති ආකාරයෙන් පාලනය වන්නේ නැහැ. ඇගේ පියයුරු වලට හිමිකම් කියන්නේ අගේ දරුවා, ඇගේ විශාල වූ උදරය, යට ආගන්තුකයි. ඇයට අවශ්‍ය වූ විට කන්නටවත්, බොන්නටවත් අඩුම තරමින් බහිශ්‍රාවය කරන්නට වත් ඇයට නිදහසක් නැහැ. ඇගේ රුව කැඩපතෙන් දකිද්දී පවා යට තදබල කලකිරීමක් ඇතිවන්නට් පුළුවන්.

ඔබේ බිරිඳ ගන්නා කුඩාම තීරණයක් පවා ඇගේ දරුවන් මත රැඳෙනු ඇත. ඇය නැවත රැකියාවට යන්නේ නම් කලින් තිබු අභිමානයෙන් ඇයට කටයුතු කිරීම අපහසු වනු ඇත. කලින් ගෙදර යාම, හදිස්සි අවශ්‍යතා ආදී මෙකි නොකී උපකාර ඉල්ලීමට යට සිදුවනු ඇත.

ඇය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කළහොත්, ඇයට නිදහසේ එලියට බැසීමට අවස්තාවක් නොලැබෙනු ඇත. ඇල් නොවුණු තේ එකක් වත් බීමට අසීරු වනු ඇත.

ඇතැම් කාන්තාවන් මේ හැම අභියෝගයක්ම ශක්තියක් කරගනිමින් ඉදිරියට ඇදෙනවා. නමුත් අනෙක් අය එසේ නැහැ. මේ ආතතියෙන් කාලයක් තිස්සේ මිරිකී තමන් ගැනම වෛරයක් ඇතිවන්නට පටන් ගන්නවා. මේ තත්වය දිගු කාලින කෙන්තියකට මුල පුරනවා.

ස්වාමිපුරුෂයින්ට කල හැක්කේ මොනවාද?

ඔබට දරු ප්‍රසුතියක් කරන්නටවත්, මව්කිරි දීමටවත් නොහැකි බව අප දනිමු. නමුත් මේ අත්දැකීම් හා අභියෝග තුළ ඔබේ බිරිඳ සමඟ කරට කර ඉන්නට ඔබට හැකියාවක් තිබෙනවා.

දරුවාගේ කිරිටි පැම්පර් මාරු කිරීම, දරුවා නැහැවීම, දරුවා නින්දට දැමීම වැනි තවත් කල හැකි දේවල් අප්‍රමානයි. ඔබ ක්‍රියාශීලිව ඔබේ බිරිඳගේ කරට කර සිටීම ඔබගේත් බිරිඳගේත් දෙදෙනාගේම අත්මෂක්තියට රුකුලක් වනවා.

  • ඔබේ බිරිඳගේ තීරණ වලට ඔබේ සහයෝගය දෙන්න.

ඇය නැවත රැකියාවට හයන්න උත්සහ කරනවා නම් අයව හෙලා දකින්නට එපා. දරු සුරැකුම් මධ්‍යස්ථානයක සහය අවශ්‍ය වේනම්, ය හා එක වී ඊට පිලියෙමක් සොයන්න.

  • ඇයගෙන් ඇය ගැන විමසන්න

අපි හැමෝම දරුවන් ගැන පුර්ණ අවධානය යොමු කරනන් පෙළඹෙනවා. ඒත් ඔබේ බිරිඳ ගැන? දරුවන්ගේ මව... ඇය අසනීපයෙන් නම් ඇයගේ ඇඟටත් අමාරු ඇති. ඇගේ දුක සැප අයගෙන් විමසන්න.

කාන්තාවන් ඇත්තෙන්ම ව්‍යාකුල ජීවින් කොට්ඨාශයකි. නමුත් ඇත්තවශයෙන්ම කාන්තා අපි ව්‍යාකුල නැහැ.

ඇගේ අදෘශ්‍යමාන ශ්‍රමය දැකීමෙන්කි, ඇයගේ දෛනික කාර්යයට සහයෝගය දීමෙන්, ඇයව ඇගයීමට ලක් කරන්න.

ඇය හා සමූහයක් නොහොත් කණ්ඩායම් ලෙස ගෙදර වැඩට උර දෙන්න. ක්‍රමයෙන් ඔබ දකීවි කේන්තිය කියන දේ ඇගේ අහලකවත් නැති බව.

උත්සහ කර බලන්න, මේ ගැන අපි සහතික වනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්රකාශිතයි.

පරිවර්තනයනිලුෆ පෙරේරා

Written by

Niloufer Perera