බිල් ගේට්ස්ට අනුව ඔබේ දරුවාට ජංගම දුරකථනයක් දියයුතු හොඳම වයස දන්නවාද?  

lead image

ඔබට ඒ වයස කීයද කියලා හිතාගන්න පුළුවන්ද?

බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වගේම නුතන පරිඝනක ක්ෂේත්‍රයේ ආරම්භකයා ලෙසත් පිළිගැනෙනවා.

ඒ වගේම තාක්ෂණය ගැන කතා කරන විට ඔහුට නොදෙවැනි කෙනෙක් නැහැ. ඉතින් තමන්ගේ දරුවට ස්මාර්ට් ෆෝන් එකක් දිය යුතු වයස ගැන ඔහුට හොඳ දැනුමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෑතකදී මේ සුපිරි ධනපතියා විසින් දරුවන්ට ෆෝන් ලබානොදිය යුතු බව සඳහන් කරනවා.

තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙක් හා උපදේශකයෙක් වන බිල් ගේට්ස්ගේ මේ අදහස් නිතර උදාහරණයට ගනිමින් ඔවුන් අන්තර්ජාලය පරිහරණය කිරීම ගැනත් අදහස් පවසනවා.

බිල් හා මිලින්ඩා විසින් දරුවන්ට දමන වාරණ

  • ඔවුන්ගේ දරුවන් තිදෙනාට අවුරුදු 14ක් වන තුරු ජංගම දුරකථන තහනම් කෙරුණා.
  • තිරයන් ඉදිරිපිට ගෙවන කාලය අඩුකර වැඩිකාලයක් පවුල සමග ගත කරන්න යොමු කළා.
  • කෑම මේසයේදී දුරකථනය තහනම් වුණා.
  • පරිඝනකය, රූපවාහිනිය ළඟ කාලය රඳවනවාට වඩා වෙලාවකින් දරුවන්ට නින්දට යාමට හුරු කළා.

තිරයන් ඉදිරියේ ගත කිරීම දරුවන්ට අහිතකර ඇයි?

දරුවන් තම අවධානය රූපවාහිනී තිරයකටම පමණක් දෙමින් ඔබේ හඬට වත් ප්‍රතිචාර නොදක්වා සිටීම ඇත්තටම දෙමාපියන්ට කේන්ති ගෙන දෙන කාරණයක්. නමුත් ඉන් ඔවුන්ට වන හානිය ඊටත් වඩා බැරෑරුම්.

  • පරිඝනක ක්‍රීඩා හා අන්තර්ජාලයේ හැසිරෙන අයුතු පුද්ගලයන් හෝ අයුතු තොරතුරු වලට දරුවා නිරාවරණය වීම.
  • තරුණ දරුවන්ගේ මොලයේ වර්ධනය බාල වීම.
  • දරුවන් කම්මැලි භාවයට පත් වීම. දරුවන් අම්මා කියන කතාවකට ඇහුම්කන් දෙන විට ඔහුට හුඟක් අවධානය දෙමින් මොලය වෙහෙසීමට සිදුවන නමුත් තාක්ෂණික මෙවලම් පහසුවෙන් සිදුවෙනවා.
  • සමාජය සමග ගැටීමටත්, නිවැරදි මිතුරන් තෝරා ගැනීමටත් අපහසු වෙනවා.
  • ජීවිත කාලය පුරාම ඊට ඇබ්බැහි වීම නිසා බොහෝ අතුරු ප්‍රතිඵල ඇති වෙනවා.

තාක්ෂණය සම්පූර්ණයෙන්ම දරුවන්ට අහිතකර නැතත් එය පාලනයක් ඇතිව දරුවන්ට ලබාදීම දෙමාපියන් ලෙස අප වගකීමෙන් කළයුතු කාරණයක්. ඒ වගේම දරුවන් නිරන්තරයෙන් කරන දේවල් ගැන අවධානයෙන් සිටීම තවත් වැදගත් කාරණයක්.

theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙන ආවේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ