බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය

lead image

ඉතාම දුර්ලභ තත්වයක් වන මේ සිදුවීම වාර්තා වී ඇති ඇත්තේ අවස්ථා 26 කදී පමණයි.

පහත ඡායාරූපය දුටු සැනින් කෙනෙකුට සිතෙන්නේ බිලිඳාගේ පාද ගර්භාෂ බිත්තිය පසාරු කර පිටතට නෙරා ඇති සෙයක්. ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ ගර්භාෂ බිත්තියේ පලුදු වීමක් හේතුවෙන් දරුවා වැඩෙන ඇම්නියොටික් මලුවෙන් පිටතට නෙරා ඒමකි.

මෙම තත්වය වාර්තා වී අවස්ථා 26කදී පමණයි.

මෙය පෙනුමට භයංකර විය හැකි අතර කිසිදු වෙනසක් නොදැනුනු මව්වරුන් තමන්ගේ කුස තුල වන මේ විපර්යාසය ගැන දැනුවත් වුයේ ගර්භණි සමය තුළ සායන වාරයේදී සිදු කල වෛද්‍ය පරික්ෂාවේදී පමණි. ප්‍රංශයේ ඇන්ජර්ස් සරසවියේ රෝහලේ වෛද්‍ය පීයර්-එම්මානුවෙල් බුවට් (Dr. Pierre-Emmanuel Bouet) පවසන පරිදි මෙම තත්ත්වය "ඉතාම දුර්ලභ" ය. එය වාර්තා වන්නේ ලොව පුරා වාර්තා වූ සිද්ධීන් 26ක පමණි.

ආචාර්ය බුටේගේ කණ්ඩායමේ වාර්තාව අනුව මෙම මව ඇයගේ 6 වන දරුවට ගැබ් ගෙන තිබු අතර මින් පෙර දරුවන් පස් දෙනා ප්‍රසුත කර තිබුනේ සිසේරියන් සැත්කම් හරහාය. මේ හේතුවෙන් ඇගේ ගර්භාෂ බිත්තිය දුර්වලව තිබී ඇති බව අනාවරණය විය. ඔහු තවදුරටත් පැවසුයේ සිසේරියන් සැත්කමේදී සිදු කල පෙර කැපුම් ශක්තිමත්ව යලි පාස්සා තිබු අතර එම කැළැල් වටා ඇති ප්‍රදේශය දුර්වලව තිබු බවත් කාන්තාවගේ ගර්භණී කාලය තුළ ක්‍රියාකාරී වූ තෙරපීම් මෙම ගර්භාෂ බිත්තියේ පලුදු වීමට හේතු වී ඇති බවය.

ඇම්නියොටික් මලුවද පලුදු වීමේ අවධානමක් ඇත

වෛද්‍යවරුන් මෙම කාන්තාවටත් ඇගේ ස්වාමිපුරුශයාටත් තත්වය ආශ්‍රිත අවදානම් තත්ත්ව ගැන දැනුවත් කළා. ඇම්නියොටික් මලුවේ පලුදු වීමටත් වැඩි අවධානමක් ඇතුළුව ගර්භාෂ ඉරීම, නොමේරු උපතක්, වැදෑමහ ඇක්රීටා තත්වය හෝ ප්‍රසුතියෙන් පසු වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ඉවත් නොහැකි වීමේ අවධානම ආදිය ඇති බව පෙන්වා දුන්නා.

බුවට් තවදුරටත් කියා සිටියේ යම් හෙයකින් ඇම්නියොටික් මලුවේ පලුදු වීමක් ඇති වුවහොත් හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවත් දරුවත් බේරා ගැනීමට උත්සාහ කල හැකි බවයි. නමුත් මෙය ගර්භණී සමයේ මුල් අවධියේ සිදු වුවහොත් දරුවාගේ ජීවිතය බේරා ගනිමී අවධානමක් ඇති බවත් කියා සිටියා.

වාර්තා වලට අනුව කාන්තාව හා අගේ ස්වාමියා වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙම කළලය නොහොත් දරුවා තබාගැනීමට තීරණය කළා.

ගර්භනී සමයේ 30 වන සතිය වන විට කළලය කෙතරම් වැඩි ඇත්දැයි කිවහොත් දරුවාගේ උදරය පවා ගර්භාෂ බිත්තියෙන් පිටතට වැඩි තිබුනා. නමුත් අවසානයේ වාසනාවන්ත ලෙස දරුවා සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙන් රාත්තල් 3ක බරක් ඇතිව ප්‍රසූත කල බව වාර්තා වනවා.  

ඔබ මවිත කරවන මේ ඡායාරූපය බලන්න 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා