theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිලිඳුන් කරන මේ අමුතු ක්‍රියා ගැන ඔබත් වද වෙනවාද?

4 අවම කියවීම
බිලිඳුන් කරන මේ අමුතු ක්‍රියා ගැන ඔබත් වද වෙනවාද?බිලිඳුන් කරන මේ අමුතු ක්‍රියා ගැන ඔබත් වද වෙනවාද?

ඔබ කවදා හරි බිලිඳුන් කරන අමුතු ක්‍රියා දැක ඔවුන් එසේ කරන්නේ ඇයිදැයි පුදුම වී තිබෙනවාද ? ඔබේ කුතුහලයට මෙන්න අපෙන් පිළිතුරු ..

ඔබ කවදාහරි බිලිඳුන් කරන අමුතු ක්‍රියා (ඔබේම පුංචි  පැටියාද ඇතුලුව) දැක  "මම  බිහි කළේ මොන වගේ කෙනෙක් දැයි?"ඔබ ගැනම පුදුම වෙනවා නම්,  කණගාටු  නොවන්න, එය හිනා වී ඉවත ලන්න! ඔබේ දරුවා සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. මෙය බිලිඳුන් කරන දේවල් වේ.

සමහර වෙලාවට  බිලිඳුන් පුදුම විදිහට හැසිරෙන්නේ ඇයි? ඔවුන්ට ජීවිතයේ අත්දැකීම් කිසිවක් නැති අතර ඔවුන් තමන්ව ලෝකයට හුරුපුරුදු  කරමින්  සිටියි. පෙනෙන විදිහට බිලිඳුන් කරන  අමුතු දේවල් බොහෝ විට ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේ කොටසකි.

මෙන්න බිලිඳුන් කරන අමුතු ක්‍රියා: 

1. ඔවුන්  තමන්වම බොහෝ ස්පර්ශ කිරීම

මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි.  ඔබ ඔබේ දරුවාගේ ඩයපර් එක මාරු කරන විට  ඔවුන් අත් ඔවුන්ගේ රහස් ප්‍රදේශය වෙත    ගමන් කරයි නම් මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි. ඔවුන් දවස  පුරා මෙය සිදු කලද, කරදර වීමට කිසිවක්  එහි නැත. ඔවුන් තම ශරීරය ගවේෂණය කරමින්  තමන්වම  හොඳින් දැන හඳුනා ගනිමින්  සිටීයි. මෙහි  කිසිදු වැරැද්දක් නොමැති  අතර එය ඔවුන්  වර්ධනය වත්ම එම පුරුද්ද ගිලිහි යනු ඇත.

2. නින්දෙන් ගැස්සීම

ඔබ කවදා හෝ නින්දේදී වැටෙන  බව     සිහිනෙන්  දැක ගැස්සී අවදිවෙනවාද? බිලිඳුන් පවා මෙය අත්දකිති. ඒ නිසා ඔබේ කුඩා දරුවාව නිදාගෙන සිටිනවා විට ඔවුන් හදිසියේම ගැස්සී අත්  දෙපැත්තට තල්ලු කරන්නේ නම් එයට බය වෙන්න එපා. මෙය Moro reflex ලෙස හැඳින්වේ.

3.  ඔවුන් ඉද ගන්නේ නැතිව සිටගෙන සිටීම

මැදියම් රැයේ තොටිල්ලේ සිටගෙන  සිටීම දරුවන් කරන අමුතු  දෙයකි.

ඔබේ දරුවාගේ  පළමු උපන් දිනය  ආසන්නයේදී දරුවා මැදියම් රැයේ හඩනු අසා ඔබ කාමරයට යනවිට  ඔවුන් තොටිල්ලේ  සිටගෙන සිටිනු දකින්නට ලැබිය හැක. මෙසේ සිදුවන්නේ නම්, ඔබගේ පුංචි පැටියාට සිටගෙන  සිටීමට ඉගෙන ගැනීමට අවස්ථාව ඇති නමුත්  වාඩිවෙන්නේ කෙසේදැයි  තවම  ඉගෙන ගෙන නොමැත .

වාඩිවීම  කුඩා දරුවන්  තමන් විසින්ම ඉගෙන  ගත යුතුය. ඒ නිසා ඔවුන්ට උපකාර කිරීමට ඉක්මන් නොවන්න. දවස තුල  ඔවුන්ට  වාඩිවීම හෝ සිටගැනීමට පුරුදු වීමට ඉඩ සලසා දිය යුතු  අතර, එවිට රාත්‍රියේදී  සිටගත්  විට වාඩි වී නැවත නිදාගන්නට ඔවුන්ට  හැකි වේවි.

4. නිතර  ඇතිවෙන ඉක්කාව

ඔබේ දරුවා පළමු වතාවට ඉක්කා ගැසු විට  එය ලෝකයේ ඇති සුන්දරම  දෙයක් ලෙස ඔබ සිතනු ඇත. නමුත් මේ ඉක්කා ගැසීම දෙකක හෝ තුනක සිට  මිනිත්තු දෙකක් හෝ තුනක් බවට පත්වෙන විට   එය සාමාන්‍ය දැයි   ඔබ පුදුම වේවි. ඔව් එහෙම  තමයි.

ළදරුන්ගේ ඉක්කන් ටිකක් අභිරහස් ස්වරූපයක්  ගත්ත නමුත් ඔවුන් තවමත් හුස්ම ගැනීමට හා ගිලීමට ඉගෙනීම  පටන්ගෙන ඇති බැවින් එය සම්පූර්ණයෙන්ම පරිපූර්ණ  වී නැති බැවින්  මෙසේ ඉක්කා ඇති වීමට ඉඩ ඇති බවට න්‍යායයක් ඇත. මව්කිරි දීම හෝ බෝතලයෙන් කිරි දීම මේ සදහා විසදුමක්  විය හැක.

5. දැඩි ග්‍රහණය

ඔබේ දරුවා  ආදරයෙන්  ඔබේ ඇඟිල්ලෙන් අල්ලාගෙන සිටින විට කවදාහරි එය දැඩි ලෙස ග්‍රහණය කර තිබේද? විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ආරක්ෂාකාරී වීමට අවශ්‍ය වු විට තම මව තදින් ග්‍රහණය කරගැනීම   අපේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ ප්‍රවේසම්කාරී ස්වභාවයක් බවයි.

ඇත්ත වශයෙන්ම, පර්යේෂණයකින් පෙනී යන්නේ දරුවා තම මවගේ ඇඟිල්ලට ඇල්ලූ විට ඔහුගේ හදවතේ රිද්මය  අඩු වී සැහැල්ලු තත්වයට පත්වේ.

6. හිස වද්දවා ගැනීම

ඔබේ දරුවා නැවත නැවතත් සිය හිසා ඔහුගේ තොටිල්ලේ  වද්දවා ගන්නවා දුටුවොත් , මෙය (සාමාන්‍යයෙන් පළමුවෙන්ම කම්පනයට පත්වුනත්) සාමාන්‍ය දෙයක් වේ.

බොහෝ විද්වතුන් සිතන්නේ මෙම චලනය  හිස ඉදිරියට පසුපසට සෙලවීමක්  ඇති වන බැවින් එය සැනසීමක් ලබාදෙන  අතරම  එය ඔබේ දරුවාගේ චලනය හා සමබරතාව පිලිබඳ හැගීම වර්ධය වීම  උත්තේජනය  කරන  බවයි . නමුත් ඔහුට රිදේවියැයි ඔබ කනස්සල්ලට පත් වෙනවා නම් ඔහුගේ තොටිල්ල  හොඳින් කුෂන් අතුරා ආරක්ෂිත  කරන්න.

7. අමුතු ශබ්ද ඇති කිරීම

සමහර ළදරුවන් ගොරවන අතර අනෙක්  ළදරුවන්   ඉතා නිහඬව සිටිති. නමුත් සමහර ළදරුවන් අමුතුම ශබ්දයන් ඇති කරන  අතර එම ශබ්දය එන  වෙනත් දෙයක්  කාමරයේ තිබේදැයි ඔබ කල්පනා කරනවා.

ඔබට ඇසෙන  ශබ්දය ඇසීමෙන් ඔබ කම්පනයට පත්වෙන්න එපා. බිලිඳුන් පුංචි පුංචි පිපිරෙන් ශබ්ද, විසිල්ට් ශබ්ද , මෙන්ම ගොරවන ශබ්ද  , හුස්ම ගැනමේදි හෝ නිදාගැනීමේදී  ඇතිවෙන අනෙකුත් හුරුබුහුටි (නමුත් සමහර විට කුතුහලය ඇතිකරන ) ශබ්ද  ඇති කරයි.

8. ආපස්සට  දණගෑම

මයිකල් මුවර්ට විසින් ලැරී කිංට  (සහ මුළු මහත් ලෝකයටම)  පැවසු පරිදි  ඔහු වයස අවුරුදු දෙකක් වනතුරු  ආපස්සට දණ ගෑ නිසා අමුතුම ගතිගුණ වලින් හෙබි කුඩා දරුවෙකු වු බවයි . නමුත් මෙය සම්පුර්ණයෙන්ම  අමුතු දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, දරුවාගේ දෑත් පාද වලට  වඩා ශක්තිමත් වන  අතර, ඒ හේතුවෙන් ඔහුගේ පාද ඉදිරියට තල්ලු කිරීම වෙනවා වෙනුවට අත් මගින් ඔහුව ආපස්සට  තල්ලු වීම සිදු කරයි.

9. ඔවුන් ලෙඩ නැති වුවත් කිවිසුම් හැරීම

ඔබේ දරුවා තවමත් ලොව පුරා  ඇති බොහෝ උත්තේජකයන්ට ඔහුගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි. කිවිසුම් යැවීම  යනු ඔහුගේ ශරීරයේ නාසයේ අනවශ්‍ය  අංශු ඉවත් කිරීමයි. සමහර විට ඔබ ඔබේ දරුවා දීප්තිමත් හිරු සහිත දිනක පිටතට ගෙන ආ විට ඔහු කිවිසුම් කිරීමට පටන් ගත හැකිය. මෙයට  සැබවින්   අසාත්මිකතාවයක්  නොව හිරු හේතු වේ. මෙය ආලෝකයට ප්‍රතිචාර දක්වන  කිවිසුමක් ලෙස හැඳින්වේ.

එහෙනම් දරුවන් කරන මුලුමනින් ම ආගන්තුක මෙන්ම  අමුතුම ලැයිස්තුවක් ඔබ සතුව ඇත. ඔබට අපේ ලැයිස්තුවට යමක් එකතු කළ හැකිද?

මේ වගේ දරුවාගේ අමුතු හැසිරීම් වලින් ඔබ කම්පනයට පත් වුනාද? එසේනම් the Asianparent Sri Lanka මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ ඔබේ සිතේ සැනසිල්ල වෙනුවෙන් මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • බිලිඳුන් කරන මේ අමුතු ක්‍රියා ගැන ඔබත් වද වෙනවාද?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it