theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

6 අවම කියවීම
බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

පළමු වරට ඔබේ කිරි කැටියාට දෙන ආහාර ගැන ඔබත් දැනුවත් වෙන්න.

බිළිඳුන්ට දෙන මූලික ආහාර පිළිබඳ සූදානම් වන ඔබටයි මේ උපදෙස්… මාසබ් 6 ක් තරම් වන විට එයා වැඩිහිටියන් කන බොන කෑම ටිකෙන් ටික හුරුකරන්න පුළුවන්. පළමු වරට මේ අත්දැකීමට මුහුණ දෙන ඔබත් හරිම උනන්දුවෙන් ඊට සුදානම් වෙන බව දන්නවා. නමුත් මේ උනන්දුව නිසාම ඔබ උවමනාවටත් වඩා දේවල් දරුවාට වෙළඳපළෙන් මිලදී ගන්නවා වෙන්න පුළුවන්. මොකද මේ වකවානුව ඔබට අන් අයගෙනුත් උපදෙස් හුඟක් ලැබෙන නිසා. නමුත් මේ තත්වය සමබර කරගන්න ඔබට මේ තොරතුරු වැදගත් වේවි.

බිළිඳුන්ට දෙන මූලික ආහාර

මගේ බබා ඝන ආහාර වලට සුදානම්ද? WebMD හි ගීනා ෂෝ ට අනුව මාස 6 ක් වන විට දරුවන් ඝන ආහාර වලට සුදානම්. වයස අදියර අනුව ඇය මේ ගැන විස්තර කරන අතර බිළින්දාගේ දෙතොල් කිරි උරා බිමටම පළමු මාස 6 තුළ සැදී පැහැදී තිබෙනවා. ඒ නිසා කිරි බොන සූප්පුව නැතිනම් මවගේ තනපුඩු වලට මුව සුදානම්ව තිබෙනවා.

  • මේ අවදියේදී ඔහුට කෙනෙකුගේ ආධාරයෙන් හිඳ ගැනීමට පුළුවන්
  • මුව තුළ කෑම රඳවා ගන්න පුළුවන්
  • උපත් බර දෙගුණයක් වී තිබෙනවා
  • ගන්න කෑම ගැන උනන්දුවක් දක්වනවා

මගේ බබාට හොඳම ආහාර තෝරා ගන්නේ කොහොමද ?

මාස 6 සිට දරුවන් ඝන ආහාර කෑමට සුදානම්. එය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මේ නිසා HPB හෙවත් සිංගප්පූරු හෙල්ත් ප්‍රමෝෂන් ආයතනය යකඩ බහුල ආහාර දරුවාට ලබා දීම සුදුසු බව නිර්දේශ කරනවා.

ගෙදරදී හදාගන්න ළදරු ආහාර

බිළිඳුන්ට දෙන මූලික ආහාර

බිළිඳුන්ට දෙන මූලික ආහාර

 

ගෙදරදීම සාදා ගන්න ළදරු ආහාර වල තත්වය ඉතා සිනිදු ලෙස පළමු කාලය තුළ සකසා ගන්න. HPB යෝජනා කරන ආකාරයට මෘදු හා පොඩි කරන ලද මෙන්ම ගාගත් එළවළු දරුවාට දීම සුදුසු වෙනවා. ඒ වගේම ප්‍රෝටීන් බහුල ආහාර ද ආහාරයට එක්කර ගැනීම වැදගත් බව පවසනවා.

දරුවාට තරමක් විකීමට හැකියාව ඇතිවන විට මස් වර්ග ආදිය ඇතුලත් කළහැකි වෙනවා.

දරුවාට දිය හැකි පලතුරු වර්ග කිහිපයක්

අලිගැටපේර – අලිගැටපේර ඉතාම පෝෂ්‍යදායි පලතුරක් වන අතර එහි විටමින් A , C , නයිසින්, ෆොලේට්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් හා කැල්සියම් යන විටමින් වර්ග ඇතුලත් වෙනවා.

පෙයාස් – විටමින් A , C ෆොලේට්, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම් හා කැල්සියම් වැනි විටමින් වර්ග අඩංගුයි වන අතර දරුවාට පළමු ආහාරය ලෙස දීම ඉතා සුදුසුයි.

බතල – විටමින් වර්ග බහුල ආහාරයක් වන අතර A , C ෆොලේට්, මිනරල් හෙවත් පොටෑසියම්, සෙලනියම්,        මැග්නීසියම් හා කැල්සියම් අඩංගු වෙනවා.

වට්ටක්කා – බබාලා හුඟක් කැමති වෙනවා වගේම විටමින් A බහුලයි. බීටා කැරොටින්, පොටසියම්, ප්‍රෝටීන් හා යකඩ අඩංගු වෙනවා.

කෙසෙල් ගෙඩි – විටමින් A , C ෆොලේට්, පොටෑසියම්,  මැග්නීසියම්, කැල්සියම් වැනි විටමින් වර්ග බහුල වෙනවා.

ඔබේ පැටියාට සුපිරි වෙළඳසැලකින් පළමු ආහාරය මිලදී ගන්නා විට හුඟක් ආහාර වර්ග ඔබේ දරුවාගේ වයස අනුව නිර්දේශව තිබෙනවා. ඒ නිසා ඔබ පළමු ආහාර සොයන විට stage 1 ලෙස සඳහන් කර ඇති ආකාර තෝරා ගන්න. මේවා නිසි වයසට සරිලන ලෙස එහි ඝනත්වය හා කැබලි වල ස්වභාවය අනුව සාදා තිබෙනවා. ඔබ පරික්ෂා කළයුතු කරුණු.

  • කල් ඉකුත් වීමේ දිනය
  • සුළං නොයන ලෙස වසා ඇති වැස්ම
  • අඩංගු ද්‍රව්‍ය – එහි සීනි, ලුණු, රස ඛාරක වරණ අඩංගු නොවිය යුතුයි.
  • stage 1 කාණ්ඩයේ ආහාර බොහෝ විට එක අමුද්‍රව්‍යයකින් පමණක් හැදෙනවා.
    උදා: පලතුරක් හෝ එළවළු

ඔබ ඇසුරුම විවෘත කිරීමට පෙර එය හොඳින් සෝදා විවර කරන විට පොප් ශබ්ධයක් ඇසේදැයි එහි නැවුම් බව දැනගැනීමට පරික්ෂා කර බලන්න.

මම ගෙදරදී සාදාගන්න බබාගේ කෑම වලට කාබණික පොහොර යොදා වගාකළ එළවළු යොදා ගැනීම කළ යුතුද ?

බොහෝ දෙමාපියන් දරුවන්ගේ පළමු ආහාර වලට බෙහෙත් නොයෙදු කාබණික නිෂ්පාදන මිල අධික වුවත්, ඒවා දෙන්න කැමැත්තක් දක්වනවා.

‘Dirty dozen’ ලෙස හඳුන්වන මේ කෑම වර්ග ඔබටත් මිලදී ගන්න පුළුවන් නම් හොඳයි. Dirty dozen ගණයට ස්ට්‍රෝබෙරි, බ්ලුබෙරි, ඇපල්, බෙල් පේපර්, චෙරිස්, අල, ආනයනික මිදි වර්ග වැනි දේ ඇතුලත්.

ඔබට තරමක වත්තක් ඇත්නම් මේ එළවළු පලතුරු වාවගන්න උත්සාහ කරන්න. ඔබ මහල් නිවාසයක ජිවත් වුවත් පෝච්චි වල පැළ සිටුවීමට ඔබට කළහැකියි.

බබාගේ කෑම මිලදී ගන්නවාට වඩා මටම හදාගන්න පුළුවන්ද ?

ඇත්තටම පුළුවන්. ළදරු ආහාර පිළියෙළ කිරීම හරිම පහසුයි. ඔබට අල ගෙඩියක් තම්බා පොඩිකර හෝ පිසින ලද එළවළු කැබලි කර පොඩිකර මව් කිරි ස්වල්පයක්, උණු ජලය හෝ සීතල ජලය එක්කර සාදාගන්න පුළුවන්.

  • අලිගැටපේර, කෙසෙල්, පැපොල් වැනි පලතුරු පොඩිකර මව් කිරි හෝ පිටි කිරි සමග මුසු කර නිසි කෑම සාදාගන්න පුළුවන්.
  • ඇපල් හා පෙයාස් සිසිල් කර පොඩිකර තලපයක් ලෙස ලබාදෙන්න
  • එළවළු පිසින විට හුමාලයෙන් තම්බා ගැනීම
  • ළදරු සීරියල් වර්ග ලබාදෙන්නට ඇසුරුමේ ඇති උපදෙස් පිළිපදින්න.
  • ගෙදර අනෙක් අය ගන්න කෑම දරුවාටත් ලබාදෙන්නට ඔවුන්ට සීනි, ලුණු ඇතුල් නොකිරීමට වගබලා ගන්න.

ආර්ථිකයට වාසි වන ලෙසත් කාලය ඉතිරි කර ගැනීමටත් ආහාර ඉතා පොඩියට තලපයක් ලෙස සාදාගැනීමෙන් පසු ශීතකරණයේ තබන්න.

ශීතකළ ආහාර ශිත ගතිය පහව ගිය පසු පමණක් ශීතල යනතුරු සිට රත් කර ආහාරයට දෙන්න.

පියන ඉවත් කළපසු බිළිඳුන්ට දෙන මූලික ආහාර කොපමණ කල් තබාගත හැකිද?   

Babycenter.com ට අනුව මාළු, මස්, බිත්තර අඩංගු ළදරු ආහාර ශීතකරණය තුළ පැය 24 ක් පමණ තබන්න පුළුවන්. පලතුරු වලින් පමණක් සාදාගන්න ආහාර දවස් 2 ක් පමණ තබන්න පුළුවන්. ඒ වගේම ඇසුරුම පිටත පරික්ෂාකර බලා එහි ඇති උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත්.

අධිශීතකරණ තුළ නම් පලතුරු හා එළවළු වලින් සාදාගත් ළදරු ආහාර මාසයක සිට දෙකක කාලයක් තබාගන්න පුළුවන්. නමුත් ශීතකරණයේ සිසිලස එක ආකාරයෙන්ම පැවතීම වැදගත්. ඒ වගේම ශීතකරණ තුළ ද්‍රව ගතිය වැඩිවන බවද මතකයේ තබාගන්න. නැතිනම් විවෘත කළ පසු ඇසුරුම තවදුරටත් තබා ගත නොහැකි බව දැනේ නම් පිරිසිදු ආහාර ඇසුරුමක තබා ශීතකරණයේ තබන්න. උඩින් යම් අවකාශයක් තබන්න.

දරුවා ඉතිරි කළ ආහාර ශීතකරණයේ තබන්නේ නම් ඊට හැන්ද එකතු නොකළ කොටස පමණක් ශීතකරණයේ තැබීමට වගබලා ගන්න. නැතිනම් එහි බැක්ටීරියාවන් වර්ධනය වීමට ඉඩ තිබෙනවා. නැතිනම් ඇසුරුම තුළින් යම් ප්‍රමාණයක් තවත් භාජනයකට එක්කර දරුවාට ලබා දීම ඔබට කරන්න පුළුවන්. නැවත කෑම ගැනීමට අවශ්‍ය නම් පිරිසිදු හැන්දක් ඊට භාවිත කර නැවත අවශ්‍ය කොටස වෙන්කර ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කෑම කැවීමෙන් පසු ඉතිරි වන කෑම ඉවත්කර ඇසුරුමේ ඇති කෑම හොඳින් වසා ශීතකරණයේ තබන්න.

 

මයික්‍රෝවේව් එකක බිළිඳුන්ට දෙන මූලික ආහාර රත් කිරීම සුදුසුද ?

ඔව්. ඔබට එය කළහැකියි. නමුත් එය ඉතා ප්‍රවේසම් සහගත ලෙස සිදු කිරීමට සිදුවෙනවා. සමහර විට මයික්‍රෝවේව් එකකින් රත්කරන කෑම ඉතා ඉක්මනින් රත්වන නිසාත් දරුවාගේ කට පිච්චෙන්න පුළුවන්. නැතිනම් ඔබට උණුසුම් වතුර දැමූ භාජනයකට කෑම භාජන දමා රත්කර ගැනීමත් ඉතාම සුදුසු ක්‍රමයක් වෙනවා.

ඒ වගේම මයික්‍රෝවේව් එකක පමණක් භාවිත කළහැකි භාජනයක් යොදාගෙන කෑම රත් කිරීමත් ඉතා වැදගත්. නිතර කෑම දරුවාට ලබා දීමට පෙර උණුසුම පරික්ෂා කරන්න. ඒ වගේම හොඳින් මුසු කර නියම උණුසුම පැමිණි විට දරුවාට පිළිගන්වන්න. තත්පර කිහිපයක් පමණක් රත් කර ගැනීම මේ නිසා ඉතාම සුදුසු වෙනවා.

බිළිඳුන්ට දෙන මූලික ආහාර

බිළිඳුන්ට දෙන මූලික ආහාර ගැන තවත් ඉඟි

  • සිංගප්පුරුවේ HPB ආයතනයට අනුව දරුවන්ට මුල්ම අදියරේ කෑම ලබා දීමෙන් ඔවුන්ට ආහාර ගිලීමට හුරු කිරීම අපේක්ෂා කරන නිසා පළමුව ආහාර හැන්දකින්ද ඉන්පසු ක්‍රමයෙන් ප්‍රමාණය වැඩිකරමින් එය පුරුදු කිරීම කළහැකියි.
  • HPB මෙන්ම ලෝක සෞක්‍ය සංවිධානයද මාස 6 ක් යන තුරු මව් කිරි පමණක් දීම අනුමත කරන බව මතක තබා ගන්න.
  • දරුවාට කෑම දිය යුතු වේලාවන් ගැන සිතනවා නම් ඔහුට බඩගිනි දැනෙන වෙලාවට හා උවමනාවට වඩා බඩගිනි නැති වේලාවන් හා උදෑසන කාලයන් සුදුසු වෙනවා.
  • දරුවා වැඩෙත්ම ඔහුට කෑම තනිව ගැනීමටත් තනිව කෑමට ගත හැකි ආහාර හැකි පමණ හඳුන්වා දීමටත් උදව් වෙන්න.
  • HPB ආයතනය දක්වන ආකාරයට දරුවෙකුට වරකට එක් කෑම වර්ගයක් බැගින් දින තුනක් යන තුරු එක් කෑම වර්ගයක් අත්හදා බැලීම කළයුතු වෙනවා.
  • ඔබේ දරුවා එම අලුත් කෑම වර්ගයට රුචිකත්වයක් දක්වන්නේ නම් හෝ වෙනත් සංකූලතා නොදක්වන්නේ නම් තවත් අලුත් ආහාරයක් කෑම වට්ටෝරුවට එක්කළ හැකියි. පවුලේ අයට සමහර කෑම ගැනීමෙන් වන අසාත්මිකතා ගැන සැලකිල්ලෙන් දරුවාට කෑම ලබා දෙන්න.

ජීවිතයේ සියලු කටයුතු සඳහා කෑම වැදගත්. නමුත් ආරම්භයේ සිට නිසි ලෙස එය දරුවාට හුරු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. ඒ වගකීම සිහිපත් කරමින් ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ කරුණු සොයා ගියා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්
බෙදාගන්න :
  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it