බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

බොලිවුඩ් සුප්‍රකට නිළියන් 7ත් දෙනෙක් දරුවන් බලාගනිමින් තමන්ගේ රැකියාවත් එකවගේ හොඳින් කරගෙන යන්නේ කොහොමද කියලා දැනගන්න මෙම ලිපිය කියවන්න.

බොලිවුඩ් අම්මලා තමන්ගේ වෘත්තීය පවත්වාගෙන යන ගමන් ඒගොල්ලෝ දරුවන් රැකබලා ගන්න හැටි මාධ්‍යට අදහස් දක්වා තිබුණා. මෙතරම් ජනප්‍රිය සිනමා තාරකාවන් දරුවන් බලාගනිමින් තමන්ගේ රැකියාවත් එකවගේ හොඳින් කරගෙන යන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරනවා ඇති.

නමුත් බොලිවුඩ් අම්මලා මේ කාර්යයන් දෙකම ඉතා සමබරව කරගෙන යන හැටි ඔවුන්ගේ අදහස් වලින් පෙනෙන්නම තියෙන අතර මේ හැම අම්මා කෙනෙකුටම එක සුවිශේෂී ක්‍රමයක් ඇති බව පෙනෙන්නට තියෙනවා.

අයිශ්වර්යා රායි බච්චන්

Aishwarya-Rai-Bachchan

ඇය සම්පූර්ණයෙන්ම තමන්ගේ රැකියාව වන රඟපෑම අත්නොහැරම ඇගේ දරුවගේ වැඩ කටයුතුත් කරගන්නවා. නමුත් ඇගේ ක්‍රමය සම්ප්‍රදායික බවකුයි පෙනෙන්නට තියෙන්නේ. සඟරාවකට ඊමේල් මගින් කරන ලද සංවාදයකදී ඇය කියා සිටියේ සැලසුම් සහගත වීම ඇගේ ප්‍රධානම කර්තව්‍ය බවයි.

මව් පදවිය කියන්නේ පූර්ණ කාලින රැකියාවක් වගේ තමයි. එක් වරකට එක දෙයකට වඩා කරන්න නම් හුඟක් සැලසුම් කිරීම වගේම පවුලේ අයගේ සහයෝගයත් අවශ්‍යයි. ඇය අලුත් අම්මලාට කියන්නේ “කොයිතරම් කාලය ගත වුවත් ඔබ මව් පදවිය විඳින්න. මව් පදවිය අශිර්වාදයක් ලෙස හැමවිටම සිතිය යුතුයි. හැමදේම සැලසුම් කළොත් සියල්ල සමබර ලෙස කරගෙන යන්න පුළුවන්”.

ෂුෂ්මිතා සෙන්

Sushmita-Sen (1)

ෂුෂ්මිතා සෙන් කියන්නේ බුද්ධියත් සුන්දරත්වයත් එක ලෙස හිමි කාන්තාවක්. ඇය ඇගේ පළමු දියණිය හදාවඩා ගන්න ගත්තේ ඇය සිනමා කර්මාන්තයට පිවිසුණු මුල් කාලයේදීමයි. ප්‍රසිද්ධිය සමග ඇය දරුවන් බලාකියා ගන්නා ආකාරය ගැන කතාවට ලක්වුණා. ඇය කියන්නේ දරුවන් රැකබලා ගැනීම කියන්නේ නිතරම අලුත් දේවල් ඔබේ දරුවා ගැන ඉගෙන ගනිමින් ඔවුන්ගේ හැසිරීම හා චර්යාවන් ඔපමට්ටම් කිරීම කියලයි.

ඇය සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මම ආරම්භයේ ලස්සන, හැබැයි තදින් තීරණ වලට එළඹෙන නමුත් අම්මා කෙනෙක් විදිහට හිටියත් මම පසුව දුවගෙන් ඉගෙන ගත්තා තරමක් තදින් ඉඳලා ඇයව තේරුම් ගෙන හැසිරවිය යුතු බව.

කාජල් දේව්ගන්

Kajol

සුන්දර සුපිරි තරුවක්. අම්මා කෙනෙක් වගේම හොඳ බිරිඳක්. කාජල්ට මේ හැමදේම තියෙන බවයි පෙන්නේ. ඇය මේ හැම දේම සමබර කරගන්න හුඟක් මහන්සි වෙන අතර දරුවන්ගේ හැසිරීම හරියට පුරුදු පුහුණු කිරීම නම් ඇයට සුවිශේෂීයි. ඇය මේ ගැන සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ මම කියන දේ ගලක කෙටුව අකුරු වගේ. ආයිත් ඊට පැහැදිළි කිරීම් වෙනස් කිරීම් නැහැ. මම හුඟක් ආඩම්බරයි. මොකද මගේ දරුවෝ මං කියන දේවල් වලින් 70% ක්ම අහනවා. අනෙක් 30% සංවාද, පුංචි රණ්ඩු වලින් සම්මතයකට පත් වෙනවා. මං හිතන්නේ ඒ විදිහ හොඳයි කියලයි.

කරිෂ්මා කපූර්

karisma

කරිෂ්මගේ විශ්වාසය ගැන එතරම් අදහසක් නොදැක්වුවත් ඇය දරුවන් බලාකියාගන්නා ආකාරයට දරුවන් රැකබලාගැනීමට විනිවිද භාවය වගේම අවංකබව තමයි ඇය වැදගත් කොටම සලකන්නේ. මම තදින් ක්‍රියාකරන අම්මා කෙනෙක් නෙවෙයි. නමුත් හැසිරීම නම් අත්‍යවශ්‍යයි. කලට වෙලාවට නිසි ලෙස වැඩකරන්න දරුවෝ ඉගෙන ගත යුතුයි. දැන් මගේ දරුවනුත් ඊට හුරු වෙලා.

මං හිතන්නේ දරුවන්ට මිතුරියක් වීම තමයි වැදගත්. නිවසේ සීමාවන් පැනවීමත් අවශ්‍යයි. මගේ දෙමාපියන් ඊට හොඳ උදාහරණයි. මගේ අම්මා මගේ හොඳම මිතුරිය වුණා.

මධුරි ඩික්සිත් නේනා

බොලිවුඩ්

බොලිවුඩ් අම්මලා

නර්තනයෙන් නෙත් මවිත කරන, සිනහවෙන් ලොවක් ආකර්ෂණය කරන මේ අම්මා එයාගේ දරුවන්ව හැම දෙයකටම පුරුදු කරනවා. ඇය හැමදාම දරුවන්ව වෙළඳපොලෙන් බඩු ගන්න එක්කන් යනවා. ඇගේ ප්‍රධානතම ඉලක්කය අධ්‍යාපනය හා සෞක්‍යයි.

සමහර විට කවුරුත් විශ්වාස නොකරාවි මම ඔවුන්ට දවසට දෙපාරක් දත් මැදීමේ සිට හොඳ පුරුදු හැමදේම තදින්ම පිළිපැදීමට කියලා දෙනවා. ඒක කොයිතරම් රෑ වෙලා මහන්සිවෙලා ආවත් කළයුතුමයි. සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න ඇය වරක් සාකච්ඡාවකදී කිව්වා.

බොලිවුඩ් අම්මලා: සොනාලි බෙන්ද්‍රේ බෙහ්ල්

බොලිවුඩ් අම්මලා

මේ නවයුගයේ අම්මා නවීන ගුරුකුලයක අදහස් තමයි දක්වන්නේ. දරුවන් රැක බලාගැනීම කියලා මම නම් හිතන්නේ හොඳ යාළුකමක් ඇතිකර ගැනීම කියලයි. නමුත් ඔබේ දෙමාපිය පදවිය අමතක කළයුතු නැහැ.

ඇය කියන ආකාරයට මගේ පුතාට මගෙන් ඕනෙම දෙයක් ඉල්ලන්න පුළුවන්. නමුත් මම එයාගේ අම්මා බව ඔහු මතක නොකළ යුතුයි. මගේ ගුරුකුලයේ මතය අනුව නම් මගේ පුතා ශක්තිවන්තව ඉන්න නම් මම ඔහු හා සමානව ශක්තිමත් විය යුතුයි. ඉතින් අපි දෙන්නම ජිම් යනවා.

ශ්‍රීදේවි කපූර්

බොලිවුඩ්

90 දශකයේ තාරකාවිය. ඇය ඇගේ තරුගුණ වගේම මවක් වීමත් එතරම්ම සාර්ථකව කළහැකි බව පෙන්වා තියෙනවා. ඇය කියන්නේ ඇය වැඩිය තද ක්‍රියාපිළිවෙතක් අනුගමනය නොකරන නිසා ඇයට පීඩනයක් නැති බවයි.

මම හැමතිස්සෙම ඔවුන්ට කියලා තියෙන්නේ නිතරම ප්‍රබෝධයෙන් හා ආචාරශීලි ලෙස හැසිරෙන්න කියලයි. ඔවුන් හරිම නිහතමානියි. ඔවුන් උවමනාවට වඩා නරක් කරලා නැහැ. ඉතින් මේ උත්සාහය අවබෝධය මත ඇති වූ දෙයක්.

තරුවක් වුනත් මව් පදවිය හැමටම එක සමානයි. ඔබට ඔවුන්ගෙන් ඔබේ මව් පදවිය පෝෂණය කරගන්න ඔබේ දැනුම අනුව හරි දේ තෝරාගන්න හැකි වේයැයි theAsianparent Sri Lanka විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Deepshikha Punj

කතන්දර ලිපි