මේ භයානක ළදරු උපකරණ 8 ගැන ඔබ දැනුවත්ද?

lead image

දෙමාපියන් ලෙස මේ භයානක ළදරු උපකරණ ගැන ඔබ දැනුවත්වීම වැදගත් වන්නේ ඉන් අපි නොසිතන අනපේක්ෂිත අනතුරු වලට දරුවන් ගොඳුරු වීමට ඇති ඉඩකඩ නිසයි.

දෙමාපියන් ලෙස මේ භයානක ළදරු උපකරණ ගැන ඔබ දැනුවත්වීම වැදගත් වන්නේ ඉන් අපි නොසිතන අනපේක්ෂිත අනතුරු වලට දරුවන් ගොඳුරු වීමට ඇති ඉඩකඩ නිසයි.

1. පැත්තෙන් වැටීමට ඉඩ ඇති ළදරු තොටිලි

1. Drop-side cots

මෙවැනි තොටිලි නිසා ඇමරිකාවේ ළදරු මරණ 30ක් පමණ වසර 2000 සිට වාර්තා වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂක පනත මගින් 2011 දී මෙවැනි නිෂ්පාදන නිෂ්පාදනය තහනම් කර තිබෙනවා.

ආරක්‍ෂිත උපාය

හැම පැත්තක්ම සම්පුර්ණයෙන් ආවරණය කළ ළදරු තොටිල්ලක් තෝරාගන්න. එහි මෝස්තරය සරල එකක් වීම වැදගත්. මන්ද සංකීර්ණ නිෂ්පාදනයකින් අනාරක්ෂිත අනතුරු ඇතිවීමේ සම්භාවිතාවය වැඩියි. එක් පැත්තකින් වැටීමට ඇති ළදරු නිෂ්පාදනයක් මිලදී ගන්නේ නම් එය නිතර පහත නොවැටෙන ලෙස ආධාරකයක් ලබාදෙන්න. අනෙක් අතට පාවිච්චි කරන ලද ළදරු තොටිල්ලක් ලබා ගන්න විට වසර ගණනක් පැරණි ළදරු තොටිල්ලක් භාවිතා කිරීමෙන් වළකින්න.

2. ළදරු තොටිල්ලට ආවරණ මෙට්ට තෝරා ගැනීම (කොට් බම්පර්ස්)

2. Cot bumpers

මේවා මිලදී නොගත යුත්තේ ඇයි?

මෙම මෙට්ට දරුවන්ගේ හිස නොවැදී ආරක්ෂා වීමට යොදා ගත්තත් ක්ෂණික මරණ ඇතිවීමට මෙය හේතුවක් වන්න පුළුවන්. වොෂින්ටන් වෛද්‍ය සරසවියේ මහාචාර්ය වෛද්‍ය බ්‍රැඩ්ලි නාච් පවසන ආකාරයට ඔහු 2007 දී කරන ලද පර්යේෂණයකින් කොට් බම්පර්ස් වල ඇති අනාරක්ෂිත බව සඳහන් කරනවා. ඔහු ඉතා තදින් කියා සිටින්නේ “එය ඉතාම භයානකයි. පාවිච්චි කරන්න එපා” යනුවෙනි. ඒ වගේම ඇමරිකන් ඇකඩමි ඔෆ් ප්‍රිඩ් ඇට්‍රික්ස් විසින්ද මෙම කොට් බම්පර්ස් භාවිතය නුසුදුසු බව සඳහන් කරනවා.

ආරක්‍ෂිත උපාය

බම්පර්ස් වෙනුවට ඝනකම ඇඳ ඇතිරිලි හා තියුණු දාර නැති ළදරු තොටිල්ලක් තෝරා ගන්න.

3. නින්දේදී දරුවා වටා තබන රෝල කොට්ට

3. Sleep positioners/ anti-reflux wedges

මේවා මගින්ද නින්දේදී දරුවන්ගේ හුස්ම සිරවීමට ඇති නිසා අනාරක්‍ෂිත බව සොයාගෙන තියෙනවා.

ආරක්‍ෂිත උපාය

දරුවන් පිටදී  නිදන පෘෂ්ටයට ස්පර්ශ වනසේ පැතලි මෙට්ටයක දරුවා නිදිකල යුතු බව විශේෂඥයන් නිර්දේශ කරනවා.

4. බ්ලැන්කට් හා කොට්ට

4. Blankets and pillows

ලස්සන මෘදු බ්ලැන්කට් හා කොට්ට දරුවා සමග තැබීමෙන් සුරතල් හුරුබුහුටි බවක් ගෙන දෙනවා. නමුත් මේ මගින් දරුවාගේ නාසය තද වීමේ අවධානමක් තිබෙනවා.

ආරක්‍ෂිත පියවර

දරුවන්ගේ ඇඟ වසන්න තද බ්ලැන්කට් හෝ බර බ්ලැන්කට් තෝරා ගන්න එපා. ඔබට තෑගි ලැබුණු ඒවා ඇත්නම් දරුවා අවදිවී ඉන්න අවස්ථාවන් වලදී යොදා ගැනීම කරන්න පුළුවන්.

5. හතර පැත්තෙන් ආරක්ෂාවක් නැති ළදරු මේස

5. Changing tables with less than four sides

ළදරුවන්ගේ ඇඳුම් මාරු කිරීම වැනි දේවල් සඳහා මෙම මේස භාවිතා කරන අතර මිනිත්තුවකට අඩු කාලයකින් වුවත් අනාරක්ෂිත මේසයකින් දරුවෙකු වැටීමේ ඉඩකඩ තියෙනවා.

 ආරක්‍ෂිත පියවර

හතර පැත්තම ආරක්‍ෂිත මේසයක් තෝරා ගන්න. එහි පොළවටත් ආරක්‍ෂිත ඇතිරුමක් දමන්න පුළුවන්. අනෙක් අතට කිසිවිටකත් දරුවා තනිව දමා යාම නොකළ යුතු වෙනවා.

6. අනාරක්ෂිත ගෘහ භාණ්ඩ

6. Unsecured items of furniture

මේවා ගැන සිතිය යුත්තේ ඇයි?

සමහර විට රූපවාහිනිය තබන මේසය දරුවන්ගේ ඇඟට පෙරළුණ අවස්ථා වාර්තා වෙන අතර එයින් දරුවාට මරණය පවා ළඟා වන්නට පුළුවන්. 2000 සිට 2008 දක්වා එක්සත් රාජධානියේ මෙවැනි අනතුරු 200ක් පමණ වාර්තා වන අතර ඉන් 93% ක්ම මෙවැනි ගෘහ භාණ්ඩ ආශ්‍රිතව වන අනතුරු ලෙස සඳහන් වෙනවා.

ආරක්‍ෂිත පියවර

මෙවැනි ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවා ආරක්‍ෂිත දැයි සොයා බලන්න. අනාරක්ෂිත ගෘහ භාණ්ඩ දරුවන්ට ළඟා විය නොහැකි ආරක්‍ෂිත ස්ථාන වල තබන්න.

7. වෝකර්

අත්හැරිය යුත්තේ ඇයි?

වෝකර් එකකින් දරුවන්ට ඇවිදීම හා හිට ගැනීම පහසු කළත් පඩිපෙල් ආශ්‍රිතව මෙවැනි වෝකර් දරුවා සමග ළඟා වීම ඉතා අනතුරු දායක වෙනවා. ඒවායෙන් දරුවාගේ මාංශ පේශීන් වර්ධනයට ද බාධා ඇති කරන බව සඳහන් වෙනවා. වෝකර් එකක් මත දරුවා රැඳවිමෙන් දරුවා ගන්න උත්සාහය අඩුවෙන අතර එය මාංශ පේශීන්ට දැනෙනවා. ඒ නිසා ඇවිදීමේදී ක්‍රියාත්මක වන නිවැරදි මාංශ පේශින් එහිදී ක්‍රියාත්මක නොවන්නට පුළුවන්.

ආරක්‍ෂිත පියවර

ස්ථිර ශක්තිමත් මතුපිටක් ඇති දරුවාට අල්ලාගෙන යා හැකි ප්ලේ බාත් එකක් වැනි දෙයක් තෝරා ගැනීම සුදුසුයි.

8. බාත් සිට්

8. Bath seats

ඔබ එය අත්හැරිය යුත්තේ ඇයි?

දරුවාට බාත් ටබ් එකක ඉඳගැනීමට ඉන් රුකුලක් ලැබුනත් දරුවා ලිස්සා යාමට ඇති ඉඩකඩ වැඩියි. ඇමරිකාවේ පාරිභෝගික ආරක්‍ෂිත අධිකාරිය මගින් මෙවැනි අනතුරු මගින් මරණ 174 ක් වාර්තා වන බවත් 1983-2009 දක්වා සිදුවීම 300ක් පමණ වාර්තා වන බවත් සඳහන් වෙනවා. හුඟක් අවස්ථාවන් වල අනතුරු බහුලව සිදුවී තියෙනවා.

ආරක්‍ෂිත පිළියම

සාමාන්‍ය බාත් ටබ් එකක් තෝරාගෙන එහි තබන ස්ථානයට ඝනකම ඇති පාපිස්සක් හෝ ඇතිරුමක් යොදන්න. දරුවා බාත් ටබ් එකෙහි ඉන්න විට ඔහුට පිටුපා සිටීම හෝ ඔහු තනිකර යන්න කිසිසේත් නොකළ යුතු වෙනවා.

ඔබ නොසිතන අනතුරු ගැන ඔබව නිතර දැනුවත් කරන්න අපේ දරුවන් ආරක්ෂාව වෙනුවෙන්මයි. මේ theAsianparent Sri Lanka තවත් සුවිශේෂී සටහනක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ