theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ දරුවාගේ මුරන්ඬු බව මට දැන් ඇති වෙලා

4 අවම කියවීම
මගේ දරුවාගේ මුරන්ඬු බව මට දැන් ඇති වෙලාමගේ දරුවාගේ මුරන්ඬු බව මට දැන් ඇති වෙලා

ජීවිතය සෞඛ්‍ය සම්පන්නව සහ ආරක්ෂාකාරී ලෙස ගෙවන්නට උවමනා වන දේවල් අත්‍යාවශ්‍ය නොහොත් 'තිබිය යුතු' දේවල් වන අතර ජිවිතයේ සතුටක් හෝ තෘප්තියක් ඇති කල හැකි දේවල් 'තිබුනොත් හොඳ' දේවල් වනවා.

"මට ටැබ් එකක් ඕනේ!"

"මට ෆෝන් එකක් ඕනේ!"

"මට i-phone එකක් ඕනේ!"

"මට ඒ app එක ඕනේ!"

ඉවරයක් නැති "ඔනෑ" කම් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් එක වගෙයි. ප්‍රශ්නය නම් මේවා 'අත්‍යාවශ්‍ය' දේවල්ද යන්නයි.   මේ ප්‍රශ්නය මුලින්ම අපි අපගෙන්ම අසා බැලිය යුතු ප්‍රශ්නයක්.

ඔබේ දරුවාට ඔබ ඉල්ලන ඉල්ලන දේ අරන් දී තිබෙනවද? ආර්ථික අපහසුකම් මැද්දේ දරුවාගේ සුව පහසුව අඩු පාඩුවක් නැතිව සැකෙවින් ලබා දුන්නද? දරුවාට ඇති දේවල් හෑල්ලු කර සලකනවාද?

ඉතින් එහෙනම් ඒ ඔබ නොදැනුවත්ව ඇති කළ තත්වය වෙනස් කල හැකි ආකාරයයි මේ

'තිබිය යුතු' සහ 'තිබුනොත් හොඳ' අභ්‍යාසය

තිබිය යුතු යන්නෙන් අදහස් කරන්නේ අත්‍යාවශ්‍ය දේවල්. ඉතින් කුඩා කල පටන් දරුවට මෙම අත්‍යාවශ්‍ය නොහොත් 'තිබිය යුතු' සහ 'තිබුනොත් හොඳ' දේවල් සාකච්චා කර වටහා දෙන්න.

ජීවිතය සෞඛ්‍ය සම්පන්නව සහ ආරක්ෂාකාරී ලෙස ගෙවන්නට උවමනා වන දේවල් අත්‍යාවශ්‍ය නොහොත් 'තිබිය යුතු' දේවල් වන අතර ජිවිතයේ සතුටක් හෝ තෘප්තියක් ඇති කල හැකි දේවල් 'තිබුනොත් හොඳ' දේවල් වනවා. ඇපල් ගෙඩියක් තිබිය යුතු දෙයක් විය හැකි අතර  ඇපල් i-phone එකක් තිබුනොත් හොඳ දෙයක් වන්නේ මේ නිසා බව තේරුම් කර දිය යුතුයි.

දරුවා සමඟ කල හැකි තවත් අභ්‍යාසයක් වන්නේ පුවත් පතකින් යම් යම් දේවල් වල පින්තුරු කපා    'තිබිය යුතු' සහ 'තිබුනොත් හොඳ' තීරු යටතේ අලවන්නට දීමයි. මෙවන් අභ්‍යාස තුළින් ජිවිතයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දේවල් සහ එසේ නොවන දේවල් ගැන අවබෝධයක් දරුවාට ලැබෙනවා. මුදල් වැය කළ යුතුම දේවල් ගැන අවබෝධයක් ලැබෙන්නට පටන් ගන්නවා.

පැතුම් ලැයිස්තුවක් පිළියෙළ කරන්න

දරුවාගේ සිහින පැතුම් එක් වරම සංසිඳුවන්නට කඩිනම් කරන්නට එපා. දරුවා කැමති දේවල්, ආශාවන්, සිහින ගැන ලැයිස්තුවක් හෝ පොතක් තබා සටහන් කිරීමට යොමු කරන්න. ඇතැම් ආශාවන්, සෙල්ලම් බඩු, ෆෝන් ආදී දේවල් කෙටි කාලයකින්ම ඔවුන්ගේ ආශාවන් වලින් ගිලිහෙනවා. ඒවායේ කල් ඉකුත් වන ස්වභාවයක් ගන්නවා. ඉතින් මෙම ලැයිස්තුවෙන් දරුවා සතුටු කරන යමක් දරුවාගේ උපන් දිනයේදී හෝ විශේෂ අවස්ථාවකදී තිලිණ කරන්නට ඔබට පුළුවන්.

මේ ලැයිස්තුව ඔස්සේ දරුවට මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන්නටත් පුළුවන්. මෙය ඔවුන්ගේ සිහින පැතුම් ඉටු කිරීම ස්වඋත්සාහයෙන් කිරීමට දිරිමත් කල හැකි මගක් වනවා.

දරුවාගේ ආශාවන් ගැන සිහින ඇති කරන්න

අපි සාමාන්‍යයෙන් කරන්නේ දරුවා යමක් ඉල්ලු විට "අනේ ඕක ඔයා දවස් දෙකයි පාවිච්චි කරන්නේ", "ඕකට සල්ලි වියදම් කරන එක තේරුමක් නැහැ" හෝ "ඔයා ඕක නාස්ති කරගනවා" වැනි දේවල් පවසා දරුවාට එය අරන් දීමෙන් වැළකීමයි.

නමුත් අද සිට ඔබ කල යුත්තේ දරුවාගේ ඉල්ලීම ගැන ප්‍රබෝධයක් ඇති කර ගැනීමයි. ඔබත් දරුවාගේ කෝණයෙන් හිතන්න. යලි එම වයසට ඉගිළ ගොස් ඔබට එම ආශාව ඇති වන අයුරු හිතින් මවාගන්න. දැන් ඔබ දරුවා සමග එම ඉල්ලීම ගැන උද්යෝගයෙන් කතා කරනන. එය සෙල්ලම් බඩුවක් නම් "ශා ඒක නම් හරි ලස්සනයි තමා. ඔයා ඒකට ගොඩක් කැමතියි නේද? කොච්චර හොඳද ඔයාට ඒ වගේ එකක් තිබුනොත්" වැනි දේ පවසන්න. දරුවා තවත් එය ලබා දෙන ලෙස පෙරැත්ත කලොත්, ඔබට එය ලබා ගන්නට බැරි බව පවසන්න.

දරුවාව කෘතඥතාව සම්බන්ධ ආකල්ප වලට හුරු කිරීම ගොඩාක් වැදගත්

සෑම මාස හයකටම වරක්, දරුවා සමඟ ඔහුගේ සෙල්ලම් බඩු, ඇඳුම් පැලඳුම්, පොත් පත් යනාදී දේවල් වල පොඩි පිරික්සිමක යෙදෙන්න. 'අහක දැමිය යුතු' 'තව කෙනෙකුට දිය යුතු' තබා ගත යුතු' ලෙස කොටස් තුනකට මේ දේවල් බෙදාගන්න.

දරුවන්ට තව දුරටත් අවශ්‍ය නොවන දේවල් ලබා ගැනීමට කැමති ළමා අනාථ නිවාස අප්‍රමානයි. එවන් අවශ්‍යතාවන් ඇති අය අප පවුල් වල පවා ඉන්නවා. දරුවට ඒ දේවල් වල මතකයන් අවදි කර, විනෝද වී එම සතුට තවත් දරුවෙක් සමඟ බෙදා ගන්නට ආරාධනා කරන්න. දරුවා සමඟම එම දේවල් අවශ්‍ය කෙනෙකුට ලබා දෙන්නට හුරු කරන්න.

ඔබේ ආගමානුකුලව දරුවාව අධ්‍යාත්මික සිරිත් වලට, යාච්යා වලට හුරු කරන්න. ජිවිතයේ සියලු වරප්‍රසාද වලට දිනපතා ස්තුතිවන්ත වන්නට දරුවා හුරු කරන්න. මෙය ඉතාමත්ම වැදගත්.

රාත්‍රී නින්දට යාමට කලින් මෙවන් තුති දීමේ සිරිත් පුරුදු වලට දරුවා යොමු කරන්න. ජිවිතයේ රසවත් ආහාර, ලස්සන ඇඳුම්, සුන්දර නිවහන, පවුල සහ මිතුරන් ඇතුළු සෑම සුළු වරප්‍රසාදයක් සඳහාම කෘතඥපූර්වක වන්නට  දරුවා හුරු කරන්න.

දරුවා වැඩෙත්ම සිහින පැතුම් ලැයිස්තුවට අමතරව  ස්තුතිවන්ත ලැයිස්තුවක් තබා ගන්නටත් දරුවා යොමු කරන්න. ඔබේ දරුවන්ට ප්‍රීතිමත්, සෞඛ්ය සම්පන්න හා පරිපුර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා මෙවැනි සරල චාරිත්‍ර සහ සිරිත් විරිත් වලින් ඉටු කරන කාර්යය අප්‍රමානයි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මගේ දරුවාගේ මුරන්ඬු බව මට දැන් ඇති වෙලා
බෙදාගන්න :
  • මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

    මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

  • මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

    මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

  • මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

    මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

  • මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

    මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it