මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා . ඒ ඇයි?

ඔබේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා නම්  එය "ගැබයෙන්  මෙලොවට "පැමිණීම නිසා වු වෙනස්වීම ඔහුට දරාගන්න අසීරූ වුවා විය හැකිය.

සෑම දරුවෙක්ම තම දෙමාපියන්ට කරදර ඇති කරන බව අපි හැමෝම දන්නවා. සමහරු මව්කිරි බීමේදී නොසංසුන් , අනෙක් අය නිදාගැනීමේදී  නමුත් ඔබේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා නම්, මෙය විශේෂයෙන්ම දෙමාපියන්ට වෙහෙසකර විය හැකිය.

ඔබේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා නම්, ඔබට විවේකයක් ලබා ගැනීමට ඔබේ දරුවා නිදාගන්නා තුරු ඉන්න වෙනවා.

කෙසේ වෙතත්, මෙය අසාමාන්‍ය  නොවේ. බොහෝ ළදරුවන් සඳහා (විශේෂයෙන් ම ඔවුන් ඉතා කුඩා අවධියේදී) ඔසවා ගෙන ඉන්නවාට ඇති කැමැත්ත සාමාන්‍ය වේ.

බිලිඳුන්ට සිය ජීවිතයේ පළමු මාස ​​කිහිපය තුල ශාරීරික සම්බන්ධතා ඉතා සාධාරණ ප්‍රමාණයකට අවශ්‍ය  වෙනවා සමහර විශේෂඥයින්  මෙම සංසිද්ධිය 'හතරවෙනි තෛමාසිකය ' ලෙස හඳුන්වනවා.

මෙම කාල පරිච්ඡේදයේ දී ඔබ බොහෝ විට දරුවා ඔසවා තබා ගැනීම තීරණාත්මක  වෙනවා.

මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා:  හතර වෙනි  තෛමාසිකයේ බලපෑම

දරුවාට ගැබෙන්  මෙලොවට පුරුදු වීම ඉතා අභියෝගාත්මක විය හැකිය. ඔවුන් පිටත ලෝකයට අවම ලෙස සූදානම් වී ඇත.

ගර්භනී මාස නවය තුළ ඔවුන් සුරක්ෂිත, අඳුරු, උණුසුමක  (සෙල්සියස් අංශක 37) ජිවත් වෙනවා . ඔවුන්ට  නැපි අදින්න අවශ්‍ය නැහැ. ඔවුන් වැඩි කාලයක්  නිදාගෙන හා ගුලිවෙලා ඉන්නවා.

නමුත් ප්‍රසුතියෙන් පසු මෙම දේවල් වලින්  බොහොමයක්  හදිස්සියේ වෙනස් වෙනවා.

ඔබේ දරුවාට දැන් නව ශබ්ද සහ නව පුද්ගලයින්ට හුරුවෙන්න වෙන අතර උඩුකුරුව දිගහැරී නිදාගන්න වෙනවා. ඔහු  ගර්භාෂයේ සිටි කාලයේ ස්පර්ශ වු ආකාරයට  තවදුරටත් තම මවව ස්පර්ශ  වෙන්නේ නැහැ.

මේ සියලු සාධක ඔහුව ඉතාම කනස්සල්ලට පත් කරන  අතර ඔහු තනි වී සිටින විට අනතුරු ඇඟවීමක්  ඇති වෙනවා. ඒ නිසා ඔබේ දරුවා ඇත්තටම ඔබට කරදරයක් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. 

පළමු මාස ​​කිහිපය තුළ ඔහු නව ලෝකයට ගැලපීමට ප්‍රගතියක් ලබා ගන්නා අතරතුර, ඔහු බිම සිටින විට  කලබලයට පත්වේ.

ඒ නිසා විශේෂයෙන්ම පළමු මාස ​​කිහිපය තුළ ඔබට හැකි තාක් දුරට ඔහුව ඔසවා තබාගන්න. එබැවින් ඔබ  ඔබේ දරුවා සෑම විටම ඔසවා සිටීමට  කියන බව ඔබට පෙනෙනු ඇත.

මගේ දරුවා සුරක්ෂිත බව දැනෙන්න සලස්වන්නේ කෙසේද?

ඔබේ දරුවා සනසනු පිණිස ඔවුන්ට   කනස්සල්ලෙන් පීඩාවක් ඇති නොවෙන්න , ඔබට "ගර්භාෂය තුල ලෝකය" නැවත ඇති කළ හැකිය. එයින් අදහස් වන්නේ ඔහු තවමත් ගර්භාෂයේ තුල සුරක්ෂිත පරිසරයේ සිටින බව දැනෙන පරිදි ක්‍රියාකාරකම් කිහිපයක් කල හැකි බවය.

ඔබේ දරුවා හැම වෙලාවේම ඔසවාගෙන සිටීමට කියනවා නම්, ඔහු පාලනය  කල හැකි ක්‍රම කිහිපයක් මෙන්න,

1. ගර්භාෂයේ  චලනයන්

ඔබ ගැබ්ගෙන සිටින විට, ඔබ චලනය වන විට ඔබේ දරුවාට  මෘදු චලනයන්  දැනෙනවා . එහෙත්, පිටත ලෝකයට පැමිණි පසු ඔහුට ඇදමත උඩුකුරුව සිටීමට වෙන නිසා  එම ආරක්ෂිත රිද්මයානුකූල චලනයන් ඔහුට දැනෙන්නේ  නැහැ .

ඔහුව සැනසීමට නම්, ඔහුව පැත්තෙන් පැත්තට  නැලවීමට හෝ රංගනයක යෙදීමට උත්සාහ කළ හැකිය. ඔබට ඔහු සමඟ සෙමින් ඇවිදින්න පුළුවන්.මෙම ක්‍රියාවන්ගෙන් බොහොමයක් ගර්භාෂ චලනයන් නැවත ඇති කිරීමක් කරනවා . ඒ මගින් ඔහුට ආරක්ෂාවක් දැනෙනවා.

2. ශබ්දය

මව් කුසේදීම දරුවන් තම මවගේ හඩ අසනවා. නමුත් ඔවුන් පිටතට පැමිණි පසු, ඔවුන්ට බොහෝ දේ පැහැදිලිව අසන්නට හැක. මෙය මුලින්ම අවුල් සහගත විය හැක.

ඔවුන්ට ආරක්ෂිත හැඟීමක් ඇති කිරීම සඳහා හොඳ විකල්පයක් වන්නේ ඔවුන්ට මෘදු සංගීතයක් ඇසීමට සැලැස්වීමයි. සමහර විට ඔවුන් මෘදු  සංගීතයට  කැමති  නොවන්න පුළුවන්, ඒ නිසා ශබ්දය සංඛ්‍යාත ඇසීමට සැලැස්වීම විකල්පයක් විය හැකිය. දියරැළි  හෝ සුළං ශබ්ද උපක්‍රම වේ.

3. ඔබේ දරුවාගේ ඉරියව්ව

ඔබේ අලුත උපන් දරුවා සන්සුන් කිරීම සඳහා තවත් ක්‍රමයක් වන්නේ වෙනස් ඉරියව් වලින් දරුවා  ඔසවාගෙන සිටීමට උත්සහ  කිරීමයි. නිදසුනක් වශයෙන්, ඔබට දරුවා යටිකුරුව සිටින සේ ඔසවා සිටිය හැක.

විකල්පයක් ලෙස, ඔබට දරුවාව ඔබේ සම ස්පර්ශ වනසේ  පපුවට සමීපව ඔසවා සිටින්න පුළුවන්. මේ ආකාරයෙන් ඔහුට නැවත ආරක්ෂාවක් දැනෙන  අතර ඔහු ඔබට තවත්  සමීප වනු ඇත.

4. ආහාර රටාව

ඔබේ දරුවා කුසගිනියි නම්, ඔබට ඔහු සන්සුන් කිරීමට ආහාර ලබාදීම  හැර කළ හැකි කිසිවක් නැත. එමනිසා සෑම අවස්ථාකදීම දරුවා ප්‍රමුඛ වී මව්කිරි ලබාදීම  සිදු කරන්න. ඔවුන්ගේ කුසගින්න  ඔබට පෙන්වීමටත්  හා ඉල්ලීම මත ඔවුන්ට මව්කිරි ලබාදීමත් කරන්න .

සමහර විට ඔබේ දරුවාට කුසගින්නක් නැති අතර සැනසීමක් ලබාගැනීමට ඉක්මනින් කිරි උගුරක් බොන්න අවශ්‍ය වේවි. මෙය ඔබේ කිරි සහ මව්කිරි දීමට පහසුවෙන්ම උදව් කිරීමට උපකාරී වේ. මෙය ඔබට මව්කිරි ලබාදීම පහසු කරාවි.

5. නලවන්න.

ඔබේ දරුවාගේ අත් පා සෙලවීම  සීමා කිරීම සඳහා සුවපහසු බ්ලැන්කට්ටුවක ඔතා තැබීම නැලවීමයි. මේ නිසා ඔහු, සුරක්ෂිත හා උණුසුම් හැඟීමක් ඇති වෙනවා. ඔහුට තවම ගර්භාෂය තුල සිටින නිසා  ඔබ නොසිටන සෑම අවස්ථාවකදීම ඔහුගේ කනස්සල්ල අඩු කර ගැනීමට මෙය හොඳ ක්‍රමයක් වේ.

ඔබේ දරුවා ආවරණය කරන ආකාරය ගැන  ප්‍රවේශම් වන්න. එය ඉතා තදින් නොකල යුතු අතර දරුවා තනියම පෙරලීම  පටන් ගැනීමට  පෙර එය නැවැත්විය යුතුය.

6. ගැඹුරු ස්නානය

සමහර දවස්වල උණුසුම් ගැඹුරු ස්නානයකට ඔබේ දරුවාට සැනසීම  ලබාදිය හැක. ඔබට ඔබේ දරුවා සමඟ ස්නානයට  හැකි නම් වඩා හොඳයි. ඔබේ සම සමග ස්පර්ශයෙන් ඔහුට  අතිශයින්ම ආරක්ෂිත හැඟීමක් ඇති කළ හැකිය.

ආරක්ෂාවට අමතරව, සමේ සිට සම ස්පර්ශය මඟින් ඔක්සිටොසින් නිදහස් කරයි. එමෙන්ම දරුවා මෙන්ම මාපියන්ද සතුටට පත්වෙයි.

7. ළදරුවා රදවනය

ඔබේ දරුවා ළදරු රදවනයක රැගෙන යාම  සන්සුන් කිරීමට සහ දරුවා නලවා ගැනීමට  පහසුවක් කිරීම සඳහා විශිෂ්ට ක්‍රමයකි. ඇත්ත වශයෙන්ම, මෙම ලිපියෙහි අපි සඳහන් කර සිටියේ "ඔබේ දරුවා ළදරු රදවනයක තබා ගැනීමෙන් දරුවාට ඔබේ අතේ සිටියදී දැනෙන සුරක්ෂිතතාවය දැනෙනු ඇත."

1986 අධ්‍යයනයකට අනුව, දිනපතා වැඩි ප්‍රමාණයක් ඔසවා සිටින ළදරුවන්, ආහාර ලබාදීම  හා හැඬීම වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පමණක් ඔසවා ගන්නා ළදරුවන්ට සාපේක්ෂව නොසංසුන් බව අඩු වේ.

නිශ්චිතවම, අධ්‍යනය  සොයාගත් පරිදි වැඩිපුර ඔසවාගෙන සිටින දරුවන්  43% ක් අඩුවෙන් හැඩීම හා නොසංසුන් බව ඇතිවුනි.

8. එක්ව නිදාගැනීම

ඔබේ දරුවාට ආරක්ෂිත හැඟීමක් ඇති කර ගැනීමට තවත් ප්‍රබල මෙවලමක් වන්නේ ඔහු සමඟ එක්ව නිදාගැනීමයි. එක්ව නිදාගන්නා ළදරුවන් ඉක්මනින් නිදාගන්නවා මෙන්ම වැඩි වේලාවක් නිදාගනියි.

ඔබ ඔබේ දරුවා සමඟ නිදාගෙන සිටින නිසා ඔබේ දරුවා රාත්‍රියේ බිය වී හඩා වැටීම වැළැක්වීමට ඔබට පුළුවන. එක්ව නිදාගැනීම රාත්‍රිය පුරා ආහාර සැපයීම පහසු කරමින් මව්කිරි දීම ප්‍රවර්ධනය කරනවා.

ඔබේ දරුවා ඔසවාගෙන  ඉන්න කියනවා නම්, ඔහුව ඔසවාගෙන ඉන්න.

මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ යටින් පවතින ගැටලුව හඳුනා ගැනීමයි. ඔබේ දරුවා වෙන් වෙන විට ඇතිවෙන  කනස්සල්ල අත්දකිනවාද  නැත්තම්  ඔහු සැනසීමක් සොයන්නේදැයි ඔබෙන්ම විමසන්න.

ඔබේ අලුත උපන් දරුවාගේ  ජීවිතයේ පළමු මාස කිහිපය  තුල  ඔබ මේ සියල්ල ඉබේම  සිදු කළ හැකිය. ඔබ දරුවා සමග ඉතා කිට්ටු  රැකබලා ගැනීමේ ක්‍රම වේදයක් අනුගමනය කරනවා විය හැකිය. ඔබ එසේ නම්, ඔබට කරදර විය යුතු නැත. ඔබේ දරුවා ඔබ  අසලින්ම සිටිනු ඇත.

ඔබේ දරුවා ඔසවා තබාගැනීම ඔහුව නරක් කිරීමක් යැයි කිසිදාක නොසිතීම වැදගත් වේ.   සමහර මිනිසුන් පැමිණ එයට විරුද්ධව අවවාද කරාවි. නමුත් නිශ්චිතවම එය එසේ නොවේ.

ඔබට ඔබේ දරුවා නරක් කිරීම කල නොහැක. ඔබේ දරුවා වැඩිපුර ඔසවා සිටීමෙන් එවැන්නක් සිදුනොවේ.  තම දරුවා සුරතල් කිරීම කරන්න අකමැති මවක් වේද?

ඔබේ දරුවා ඔසවා තබාගැනීම ගැන ඔබට සතුටුයි නම්, ඔහු ඉක්මනින් සංසුන්  වෙයි නම්, ඔබට අවශ්‍ය  වනතෙක් එය කරන්න.

ඔබ මහන්සියි නම්, ඔබේ ස්වාමිපුරුෂයාට එය පවරන්න, ඔහුට යම් කාලයක්  දරුවාව ඔසවා තබාගත හැකිය.  අධික අවශ්‍යතා ඇති දරුවෙක් සිටින විට, ඔබටද මද විවේකයක් අවශ්‍ය  වේ. එබැවින් ඔබේ දරුවා සෑම විටම ඔසවා තබා ගැනීමට අවශ්‍ය වන විටදී උදවු ලබාගන්න .

දැන් එය මද අපහසුතාවයක් දනවන්න පුළුවන් වුවත් ඔබේ දෑතේ ඔබේ දරුවා ඉක්මනින්ම වර්ධනය වන බවත්  මතක තබා ගන්න.  එය අසීරූ නම් එය ඉක්මනින්ම  ගෙවී යන බව මතක තබා ගන්න. මේ ගෙවීයන කාලය ඔබේ දරුවා සමග ප්‍රීතියෙන් ගෙවන්න.

ඔබේ දරුවා නිතර  ඔසවාගෙන ඉන්න කියනවා නම් the Asianparent Sri Lanka ගෙන ආ මේ උපදෙස් ඔබට වැදගත් වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී