මට ඉන්නේ ලස්සන දුලම දෙන්නෙක්. එත් මට පුතෙක් හිටියා නම්...

මේ අම්මා පුතෙක් ලබන්න මෙච්චර කැමති ඇයි? මෙම ලිපිය කියවා දැනගන්න

මට පුතෙක් හිටියා නම් එයාට ගැහැනුන්ට, අම්මට, බිරිඳට, නංගිට, දුවට ගෞරව කරන හැටි මට කියා දෙන්න තිබුණා. මට ලස්සනම ලස්සන හරිම හොඳ දුවලා දෙන්නෙක් ඉන්නවා. මම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අම්මා කියලා හිතනවා. නමුත් රට පුරා අනාරක්ෂාව පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා වෙද්දී සමහර ඒවා වාර්තා නොවීම සැඟවෙද්දී මටත් පුතෙක් හිටියානම් හොඳයි කියලා හිතෙනවා. ඒත් මේ නිසා මම ගැන වරදවා හිතන්න එපා.

පළවෙනි වර ගැබ් ගත්තහම මම බලාපොරොත්තු වුණේ මට දුවෙක් ලැබේවි කියලයි. එය සඵල වුණා. මාතෘත්වයේ සුන්දරත්වය විඳිමින් හුඟක් අත්දැකීම් ලබමින් මම දෙවැනි වරටත් ගැබ් ගත්තා.

ඒ පාරත් මට දුවෙක් ලැබෙන්න කියලා මම හුඟක් ආසාවෙන් ප්‍රර්ථනා කළා. ඉතින් මගේ බලාපොරොත්තුව ඉටු වුණා. අනිත් කාරණය තමයි ඔවුන් අතර අවුරුදු 6 ක වෙනසක් වුනත් එකම දිනයක උපත ලැබුවා. එය ආශ්චර්යයක්. ඉතින් මම තාමත් දුක් වෙන්නේ ඇයි?

ඒත් අද සමාජය දිහා බැලුවහම අහන දකින දේවල් නිසා මට හිතෙනවා මට තව පුතෙකුත් හිටියානම් කියලා.

දුෂණය වීම ඇරඹෙන්නේ ගෙදරදිමයි

පිරිමි දරුවෙකුට දුෂණ ගෙදරින් ඉගෙන ගන්නත් ගැහැනු දරුවෙකුට ගෙදරදීම දුෂණය වීමත් තරම් හානියක් තවත් තියෙනවද? ඉන්දියානු සමාජය තුළ හුඟක් පිරිමි ළමයි තමන්ගේ තාත්තාගෙන් අම්මා පීඩනයට හිංසනයට ලක්වෙන හැටි දකිනවා. කෑගැසීම්, දුෂණය, පහර දීම් සහ තවත් බොහෝ දේවල්. එක්තරා වයසකදී දරුවන්ට හොඳ නරක තේරුම් ගන්න හැකියාව ලැබෙනවා.

නමුත් අවාසනාවකට මෙය ඔවුනට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් තමන් කවදා හරි විවාහ වෙන කාන්තාවටත් මෙහෙම සැලකිය යුතුයි කියලා හිතන එකේ පුදුමයක් නැහැ. ඒ වගේම දුවෙක් මේක දකින කොට සබඳතාවයන් ගලාගෙන යන්නේ මෙහෙම තමයි කියලා ඇයත්  හිතනවා වගේම ඇයගේ ජීවිතයත් මේ විදිහටම ගලාගෙන ගියාට වරදක් නැති බවත් එය ස්වභාවය බවත් ඇය සිතනවා. මේවාට එරෙහි වීමක් හෝ ඊට ක්‍රියාමාර්ග ගැනීමක් නැතිනම් පැමිණිලි කිරීම් සිදුවන්නෙත් නැහැ.

ඕන තරම් ගහන්න බනින්න පුළුවන්. එය දුෂණයෙන් එහාට ගිය ඛේදවචකයක්. ඒත් මට පුතෙක් හිටියා නම් එයා ගැහැනියකට ගෞරව කළයුතු ආකාරය කියාදෙන්න තිබුණා. එයා බිරිඳට, දුවට, නංගිට ඒ වගේම ඕනෙම මිනිසෙකුට ගරු කරන හැටි එයාට කියලා දෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජයේ සම්ප්‍රදායික බවෙන් මිදෙන්න

හුඟක් පිරිමින් ඔවුන් යම් කාන්තා දුෂණයක් කළ පසු ඊට හේතු විමසූ විට කියන්නේ කාන්තාවගේ උවමනාවෙන් එය සිදුවූ බවයි. කාන්තාවන් ඇඳුමක් කොටට ඇන්ඳ පමණින්, පිරිමියෙකු සමග සිටිය පමණින් හෝ රාත්‍රියේ පිටත සිටි පමණින්, මත්පැන් දුම්වැටි බිව් පමණින්, ඇගේ විවෘත බව ප්‍රකාශ කළ පමණින් ඇය මෙවැනි යෝජනාවක් කරන බව හුඟක් පිරිමින් විශ්වාස කරනවා.

ඔවුන් සිතන ආකාරයට අකමැතියි කියන්නේ රහසින් ඔවුන් ඊට කැමති නිසාලු. ඇය ඇගේ ශරීරය පෙන්වමින් ඔවුන් කරන්නේ ඊට ඇරයුම් කරන බවයි. ඔවුන් කියන්නේ ඇගේ සමාජය තුළ සාරියක් ඇඳ සිටින කාන්තාවක් හොඳ කාන්තාවක් ලෙස පිළිගන්නවා. ඇගේ ඇතුලාන්තය ඔවුන්ට වැදගත් නැහැ.

ඇය කුමක් කළත්, කොතැනක සිටියත්, ඔබට ආරාධනයක් කළත් ඇයව පාවිච්චි කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. නෑ, කැමති නැහැ.  එපා කියන්නේ එපා කියන එකටයි. එය ඇගේ ශරීරයයි. එයට අයිතිය ඇත්තේ ඇයටයි. ඇය ඊට කැමති නම් ඇය ‘කැමතියි’ යන්න කෙලින්ම කියනවා. මම මට පුතෙක් හිටියානම් හොඳයි කියන්නේ ඒකයි. එහෙනම් එයාට කියා දෙන්න තිබුණා කාන්තාවකට ගෞරව කරන්නේ කොහොමද කියලා.

දුෂණයට ගැහැනු පිරිමි කියලා භේදයක් ඇත්තේ නැහැ. සමහර විට දුෂණයට ලක්වෙන පිරිමින් පවා ඉන්නවා. ඒ නිසා මම මගේ දුලා දෙන්නට නිතර හැම කෙනෙකුටම ගෞරව කරන්න කියලා දෙනවා. පිරිමියෙක් වුනත් ගැහැනියෙක් වුනත් ඔවුන්ට එකසේ ගෞරව කරන්න මම ඔවුන්ට කියා දෙනවා.

කුමන රටක වුවත් තරාතිරමක වුවත් ගෞරවය හැමෝටම හිමිවිය යුතු බව දරුවන්ට කියා දීම ඔවුන්ගේ ජීවිතයට හරිම වැදගත්. ඒ වැදගත් පණිවිඩය අද අපි theAsianparent Sri Lanka වෙතින් ඔබට ගෙන ආවා.  

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ