මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

lead image

මව්වරුන් නිතර සැහැල්ලු වීමට ඉගෙනීමට අවශ්‍ය වෙනවා....

ආදරණීය පැටියෝ,

අම්මා ඔයාට ගොඩක් වැදගත් දෙයක් කියන්න යන්නේ

මට සමාවෙන්න.

ඔබට වැරදීමක් සිදු වන සෑම අවස්ථාවකදීම  පැවසීමට ඉගැන්නුවා සේම දිගින් දිගටම එසේ කීමට මතක කලා.

නමුත් මම  එය ඔබට  ප්‍රමාණවත් යැයි කියන්නේ  නැහැ.   එය හැම විටම අනෙක් පැත්ත හැරෙනවා.  පොඩි දේවල් වලට  ඔබට   සමාව ඉල්ලන්න කියලා මම ඉල්ලා සිටියා. "ඔයාගේ   පළතුරු යුෂ බිම ඉහිරෙව්වාට සමාවෙන්න  කියන්න." "බිම පුරාම ඔයාගේ සෙල්ලම් බඩු දැමීම  ගැන සමාවෙන්න කියන්න " "අම්මාගේ ලිප්ස් ටික් එක කැඩීම ගැන සමාවෙන්න කියන්න"

නමුත් මම දැන් ඔබට කියනවා. මට සමාවෙන්න.

මොකද මම නපුරු  අම්මෙක්. ඉක්මනින්ම කෝපයට පත්වෙන  අයෙක්.

මම අනුකම්පා විරහිත , දැඩි, නොඉවසිලිමත් වෙනවා. මම කෑගහලා, මම ප්‍රසිද්ධියේ බනිනවා, ඔයාගේ මැණික් කටුව මිරිකනවා. (සමහර වෙලාවට ඔබේ අත කැරකෙන්න තරම් එය ශක්තිමත්).

පැය දෙකක කාලයකදී මගේ කෝපය  තුන් වතාවක්ම ඉහල ගිය අයුරු එක් සැන්දෑවක මම  සිහිපත් කළෙමි. අපි සාප්පු සංකීර්ණයක සිටියෙමු. ඔබ, ඔබම වුනා , ඔබ ඔබගේ දෙපා හරස් කර   උඩ පනිමින් තනි කකුලෙන් පනිමින් ඔබ  විසින් සිටින් මවා ගත් සෙල්ලමක් කරන්න වුනා. "ඔයා හරියට ඇවිදින්න , නැත්තම් ඔයා වැටී ඔයාටම රිදෙන්න පුලුවන් " යනුවෙන් ඔබ ඇද වැටුණු විට, මම ක්ෂණිකව කෑගැසූවා.  ඉන්පසු ඔබව නැගිටුවීමට ඔබේ අතින් ඇද්දා.

ඊට ටික කලකට පසුව මම ඔබට ලී බඩු සාප්පුවක් තුළදී වාග් ප්‍රහාරයක්  දියත් කලා.  ඔබ මා අමතන්නේ " අම්මේ මේ බලන්නකෝ මේ ආභරණ පෙට්ටිය ඇතුලේ කැරකෙන නැටුම් ශිල්පිනියක් ඉන්නවා."

ඔබ එය ඔසවා ගන්නත් පෙර වැටී  කකුල් කැඩී  සහ වාර්නිෂ් සීරීම ලක්වුනා. මම හානියට පත් භාණ්ඩයට ගෙවූ පසු, මම සාප්පුවේ සේවකයන් ඉදිරිපිටදීම  "මම ඔයාට කියලා තියෙනවා නේද තමන්ගේ නොවන දේවල් අල්ලන්න එපා කියලා!"  කියා  ඔබට කෑගැහුවා.

මම ආපන ශාලාවක දී රාත්‍රී ආහාරය ගන්නා අතර නැවත වරක් මා පුපුරා ගියා.  ඔබ වීදුරුවකින් ජලය පානය කරන අතරම, "අයියෝ, අම්මේ. වතුර වැටුනා. " ඔබ  පාපොච්චාරණය කළා. 

 "මම ඔයාට වීදුරුව  අත් දෙකින්ම අල්ලා ගැනීමට කිව්වා නේද. දැන් ඔයා කරලා තියෙන අවුල දෙස බලන්න." මම ආක්‍රමණශීලී වුනා.

ඔබ අතින් වරදක් සිදු වී ඇති බව ඔබ වටහාගෙන ඔබ එය නැවත නොකළ යුතු බව අවධාරණය කල බැවින් මම ඒ පිලිබඳ සැලකිලිමත්    වුණේ නැහැ. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔබේ දීප්තිමත් මුහුණ මදක් අදුරු වෙන අයුරු මා දුටුවා.

එදා අපි ගෙදරට ආවා - මම වෙහෙසට  සහ නොසංසුන්තාවයට පත් වුනා. නමුත් ඔබ සුපුරුදු සිනා මුහුණත් සමග, "නිවස සුන්දර  නිවස"  කියා චූටි කටහඬින් කිව්වා.

ඔබ  මුමුණද්දී මම කෙදිරිගාමින්, පාද ඇදගෙන ඇවිදිමින්  නිදන කාමරයට ගොස්  මුනින් අතට ඇදට වැටුනෙමි.

ඒ මොහොතේදී, මට අවශ්‍ය  වූයේ ඔබෙන් , ඔබේ කුඩා අක්‍රමිකතා සමඟ කටයුතු කිරීමෙන් , ඔබට දිගින් දිගටම ඔබේ වැරදි වලට බැන වැදීමෙන් ඈත් වී සිටිමටයි.

මිනිත්තු කීපයකට පසු ඔබ මගේ පසෙකින් වැතිරි සිටිනවා. මා ඔබට කෝපයෙන් බැන වැදි තිබියදී  ඔබ සිනහවෙන් යුක්තව මගේ ඇසුර සොයනවා. 

මට පහසුවෙන්ම  බිද නොවැටෙන දරුවෙකු ලැබීම  ගැන ස්තුතිවන්ත වෙනවා. එවිට  මට අවශ්‍ය  වූ විවේකය ගත යුත්තේ  මගෙන් බව  මම තේරුම් ගත්තා, .

මට ඒ  ඉක්මනින් කෝපයෙන්, කෝපාවිෂ්ට, නොඉවසිලිමත්, හැම විටම කෑ ගසන අම්මා වෙන්න ඕනේ නැහැ.   මට මගේ නරක හැසිරීම ඔබේ ඇස්වල ඒ මගේ අම්මාගේ විදිය කියන  සම්මතය  බවට දකින්නට අවශ්‍ය නැහැ. කොහෙත්ම නැහැ.

අම්මා ඇගේ මේ චර්‍යාවෙන් බැහැර වීමට ඔබ කුඩා දරුවෙකු බව (නැවත නැවතත්) ඇයට මතක් කර ගත යුතු වේ. වයස අවුරුදු හතරක් පමණයි. මේ අවධියේදී  දී, ඔබ අතින් වැරදි සිදු වන අතර එහෙම වෙන එක සාමාන්‍යයි. ඔබ ඔබේ සීමාවන් පරීක්ෂා කරයි. එහිදි මගේ සීමාවන්ද පරීක්ෂා වන බව පවා එහිදී අදහස් වේ.

හරි දෙය සහ පිළිගත නොහැකි දේ අතර වෙනස දැනගන්නේ ඔබ දැන ගන්නේ කෙසේ ද? ඔබේ වැරදිවලට ​සහ ඔබට ඇතිවන අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට ඉඩ නොදුන්නොත් ඔබේ  ක්‍රියාවන්ට ලැබෙන  ප්‍රතිවිපාක ඉගෙන ගැනීමට හොඳම ක්‍රමය කුමක්ද?

දෙමව්පියන්ට සියළුම ආකාරයේ හානිවලින් ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීමට වුවමනා වුවද,  ඔවුන්ට ගොස් ඔවුන්ගේ ක්‍රමයක් සොයා ගැනීමට ඉඩදිය යුතුයි යන්න අපි ඉගෙන නොගතහොත්  අපි වඩා වැඩි හානියක් කරන බව සමහර විට අපිට වැටහෙන්නෙ නැහැ.

නොඉවසිල්ල හා ඉක්මන් කෝපය  හොඳ තැනකින් පැමිණිය හැකි නමුත්, සැබවින් ම, මවක්  සැහැල්ලු වීමට  ඉගෙනගත යුතු බව මගේ වැදගත්ම අදහස වේ. ඉක්මන් බැණ දීමක් වෙනුවට, "මම ඔබට කිව්වා ..." මගේ මුවෙන් පිටතට එන මුල් වචන තුන විය යුත්තේ "ඔයා හොදින් නේද" යන්න වේ

නමුත් දැන් මට වැදගත් වචන තුනක් පැවසීමට  තිබේ.

"මට සමාවෙන්න."

මම කොතරම් සීමාව ඉක්මවා ගියත් වැඩක් නැහැ.   මම  මගේ හදවතින්, මනසින් සහ ආත්මයෙන් සදහටම ප්‍රකාශ  කරන මේ වඩාත් වැදගත් තුනක් වචන මතකයේ තබාගන්න.

"මම ඔයාට ආදරෙයි."

අම්මා කෙනෙක්ගේ හදපත්ලෙන් ගලා ආ පසුතැවීමේ වේදනාව ඔබටත් අපූරු පාඩමක් කියා දේවි කියලා The Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී