මදුරු දඟර දරුවන්ට ආරක්ෂිතද?

Share this article with other mums

මදුරුවන්ගෙන් දරුවන් ආරක්ෂා කරගන්න අම්මලා මදුරු දඟර පත්තු කරනවා වෙන්න පුළුවන්. නමුත් එය දරුවන්ට සුදුසුදැයි දැනගන්න මේ ලිපිය කියවා බලන්න.

ඇමරිකාවේ ජාතික සෞක්‍ය ආයතනය දක්වන ආකාරයට මදුරු දඟරයක් දැල්වීම සිගරට් 50-130 ක් දැල්වීම තරම් වන බව පවසනවා. මදුරු දඟර නිවෙස් වල භාවිතය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. අලුත් දෙමාපියන් මදුරු වදයට බියෙන් කොයිල් පත්තු කළත් ඒවා දරුවන්ට සුදුසුද?

මදුරු දඟර වලින් සිදු වන්නේ කුමක්ද?

මදුරු කොයිල් මදුරුවන්ට විකර්ශනයක් ලෙස ක්‍රියාකරනවා. එය එතරම් මිල අධික නැහැ වගේම පාවිච්චි කිරීමත් පහසුයි. එක කොයිල් එකක් පැය 8 ක් පමණ පත්තු වෙනවා. පෙරනම් එය කොළ පාටින් හා සැර දුම් ගඳකින් යුතු වුවත් නවීන තාක්ෂණය අනුසාරයෙන් විවිධ සුවඳ හා පාට වලින් වෙළඳපලට එනවා.

මේවා භාවිතය ආරක්ෂිතද?

හුඟක් වෙලාවට මිනිසුන්ට අමතක වෙන කාරණය තමයි මදුරු කොයිල් ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක පත්තු කළ යුතුයි යන කාරණය. ගෘහස්ථය තුළ ජනෙල් දොරවල් වහපු තැන්වල මේවා දැල්වීම නුසුදුසු අතර ඉන් දරුණු සෞක්‍ය ගැටළු ඇතිවීමට ඉඩ තිබෙනවා. 

ඇමරිකාවේ ජාතික සෞක්‍ය ආයතනය පවසන ආකාරයට කොයිල් එකක් දැල්වීම සිගරට් 50-130 ක් දක්වා දැල්වීම තරම් හානිකර බව පැවසෙනවා. මේ නිසා කෙතරම් පැය 8 ක නින්දකදී හුඟක් අය එය ඇඳ අසලම තබන අතර ඉන් කෙතරම් විෂ ශරීර ගත ව්වේදැයි සිතනවාද?

කුඩා දරුවන්ට මදුරු කොයිල් ආරක්ෂිතද ?

ළදරුවන්ගේ ස්වසන ක්‍රියාවලිය තවමත් සැකසෙමින් තියෙන නිසා ඔවුන් නව පරිසරයට හුරුවෙමින් වැඩෙනවා. එහිදී හැකි තරම් රසායනික කටයුතු හා විෂ දුම් වහනය වන තැන්වල ළදරුවන් තැබීම සුදුසු නැහැ.

ළදරුවන්ට ඉන් ලැබිය හැකි අතුරුල මොනවාද?

කොයිල් හෝ වේපරයිසර් පත්තු කිරීම මගින් ඉන් පෙනෙන හෝ නොපෙනෙන දුම් මගින් දරුවන්ට අපහසුත ඇතිකරන්න පුළුවන්. ඒ වගේම ඒ මගින් ආසාදන ඇතිවෙන්නත් පුළුවන්.

මදුරු දඟර වලින් ඇතිවන අනෙකුත් විපත් මොනවද?

කුඩා දරුවන් වගේම සුරතලුන්ද මේවාට ආකර්ෂණය වීමෙන් අනතුරු ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඉන් ගිණි ගැනීම් වුවත් ඇතිවන්නට ඇති අවධානම විශාලයි.

කෘමින් විකර්ෂණය කරන වෙනත් ආරක්‍ෂිත ද්‍රව්‍ය මොනවාද?

එය මාස 6 ට අඩු දරුවන් සඳහා මදුරුවන් හා කෘමින් පලවාහැරීමට දරුවන් වෙනුවෙන් හැදූ ස්ටිකර් හා ක්‍රීම් වර්ග වෙළඳපළේ ලබාගන්න තියෙනවා. නමුත් ඉන් සමට හානිකර විය හැකි නිසා පැඟිරි තෙල් පහනක් සාදා එහි දුමාරය නිකුත්වීමට හැරීම ඉතාම සුදුසු ක්‍රමයක්. සමහර දරුවන්ගේ ඇඳුම් වල පැඟිරි තෙල් බිඳිති කිහිපයක් ගැල්වීමත් කරනවා. නැතිනම් පැඟිරි තෙල් තැවරූ ලේන්සුවක් දරුවාගේ ඇඳ අසල එල්ලන්නත් පුළුවන්.

මදුරුවන් පලවා හැරීමට යොදාගත හැකි වෙනත් උපක්‍රම මොනවද?

  • මදුරු දැල් භාවිතය.
  • නිවෙස් අවට හා නිවාස ඇතුලත මදුරුවන් බෝවන තැන් පිරිසිදු කරන්න.
  • මදුරුවන් තද පැහැති වර්ණ වලට ආකර්ෂණය වන නිසා ලා වර්ණ වලින් දරුවන්ට ඇඳුම් ඇන්දවීම.
  • මදුරුවන් ගැවසෙන කාලයට හැකිතරම් දරුවන්ගේ සම නිරාවරණය වීම වළකන්න.
  • පඳුරු සහිත ස්ථාන වල දරුවා රැඳවීමෙන් වළකින්න. ඒ වගේම මදුරුවන් ගැවසෙන සන්ධ්‍යා කාලයේ දරුවන් එළියේ ගැවසීම වළක්වන්න.
  • මදුරුවන් පලවාහරින ස්වභාවික පැළෑටි නිවාස අසල පැළකරන්න.

අත්‍යවශ්‍ය නම් මදුරු දඟර එළිමහනට පමණක් යොදා ගැනීම සුදුසු වුවත් හැකිතරම් ඉන් වැළකීම දරුවන්ටත් ඔබටත් ඉතා සුදුසු බව මතක් කරන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Safety