මම මහත වැඩියි කියලා වසර 17 කට පසු මගේ සැමියා මා අතහැර ගියා

lead image

මහත වැඩියි කියා වසර 17කට පසු සැමියකු තම බිරිඳ හැර යාමේ කඳුළු කතාව.

අපි විවාහ වුණ දවස මට අද වගේ මතකයි. ජුනි මාසයේ උණුසුම් දවසක්. මට එතකොට අවුරුදු 22 ක්. මගේ සැමියට අවුරුදු 26 ක්. අපේ පවුල් දෙක හොඳට දැන හඳුනනවා. එයම අපේ විවාහයට හොඳ හේතුවක් වුණා.

මට මංගල්‍යක් ගැන ලොකු අවබෝධයක්වත් ලෑස්තියක්වත් තිබුණේ නැහැ. මම හැදී වැඩුණේ පුංචි ගමක. ඒත් අනෙක් යහළුවන් හා ගමේ අය අනුව මගේ මේ අලුත් ජීවිතයට මුහුණ දෙන්න මම තීරණය කළා.

ආරම්භය ඇත්තටම හොඳින් ගෙවුණා. අපි අලුත් නගරයකට යනවා. අලුත් යහළුවන් මුණගැහුනා. ඇවිදින්න ගියා. අපි වගේම අපේ දෙමාපියනුත් සතුටු වුණා. මගේ සැමියාගේ දෙමාපියන් මට හුඟක් ආදරේ කළා. ඔවුන් මගේ කෑම වලට හුඟක් කැමති වුණා.

මගේ හැසිරීම හා අනිත් අතට ලේසියෙන්ම මම ඔවුන්ගේ ක්‍රමයට හුරුවීමත් ඊට හේතු වෙන්න ඇති. ඔවුන් නිතරම අපේ ගෙදර ඇවිත් කාලය ගෙවුවා. ඒකට මගේ අකමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ කාලේ පවුලේ අයට කෑම හදන එක මට සතුටක් වුණා.

කාලයක් ගෙවෙන කොට මම මටම කියලා රැකියාවක් කළයුතුයි කියලා හිතුවා. මම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවයට බැඳුනා. රැකියාව ලැබුනම හැමදේම සම්පූර්ණයි කියලා මට හිතුණා. හැමදේම හොඳින් සිදුවුනත් මොකක් හරි නරකක් වෙයි කියලා මම බයෙන් හිටියා.

වසර තුනකට පස්සේ මට පළවෙනි බබා ලැබුණා

අවුරුදු තුනකට පස්සේ ආශ්චර්යක් වගේ මගේ පළවෙනි පුතා අපේ ලෝකයට ආවා. අපේ හැමදේම සම්පුර්ණයි. මම මව් පදවිය වෙනුවෙන් හැමදේම ඉටු කළා. මම මං ගැන හිතුවේ නැති තරම්. මගේ සැමියා සතුටින් පිනා ගියා. දෙමාපියන් ඔහුගේ දෙමාපියන් හැමෝම සතුටු වුණා. මම ප්‍රර්ථනා කරපු ජීවිතය මට ලැබුණා කියලා මම හිතුවා. හුඟක් අම්මලාට වෙනවා වගේම මගෙත් බර වැඩිවුණා. අපි වෙනත් නගරයක තනිව ජීවත් වන නිසා මම හුඟක් මහත් වෙලා කියලා දැනුනෙවත් ව්‍යායාම කරන්න කාලය හොයාගන්නවත් මට බැරුව ගියා. අවංකවම මම ඒ ගැන තැකීමක් කළේ නැහැ. මම කොහොමත් පිටත ලස්සන ගැන වදවෙන කෙනෙක් නෙමෙයි. මට වැඩිය අවශ්‍ය වුණේ හදවතේ ලස්සනයි. ඉතින් හැමදේම අමතක වෙලා මම මගේම ලෝකෙක ජීවත් වුණා. මගේ සැමියා හරියට බැඳපු අලුත වගේම පෙනුමෙන් නොවෙනස්ව හිටියා. මම හරි වාසනාවන්ත බව හුඟ දෙනෙක් කියනකොට ආඩම්බරයෙන් මගේ මුහුණ බර වුණා.

දෙවැනි බබා ලැබුනහම මම හුඟක් මහත් වුණා

ඒ එක්කම දෙවැනි බබත් මට ලැබුණා. මාව හුඟක් මහත් වුණා. සංවේදීව බලන මට මගේ ශරීරය මහත ගැන නම් එතරම් සංවේදී දේවල් හිතුනෙම නැහැ. මගේ වටේ හිටපු හැමෝම සතුටින් හිටියා. මගේ සැමියත් ඒ වගේම යි.

මගේ ශරීරයේ මහත ගැන මම නොතැවුනට මම පුංචි වෙලාවක් වෙන් කර ගත යුතුයි කියලත් සිතුවා. කවදාවත් මගේ ශරීරයේ පෙනුම මගේ ලෝකය කඩා වැටෙන්න හේතුවක් වෙයි කියලානම් මම හිතුවේ නැහැ.

මුලදී මගේ සැමියා ඒ ගැන මට සෙමින් සෙමින් කිව්වා. ඒත් මම ඒ ගැන තැකීමක් කළේ නැහැ. මම ඒ ගැන නොතකා අනෙක් දේවල් ගැන උනන්දු වුණා. විවාහයට වසර හතකුත් මගේ දරුවන්ට වයස 5 සහ 4 ක් වෙන විටත් නැවතත් මම රැකියාවට යන්න තීරණය කළා. වාසනාවට ඔවුන් නැවතත් මාව රැකියාවට ගන්න කැමති වුණා.

මගේ ජීවිතය ඉතාම වේගයෙන් ඉදිරියට ගියා. ඉදිරි වසර 8 ඉතාම ඉක්මනින් ගෙවිලා ගියා. මගේ දරුවන් පාසල් වැඩත් එක්ක කාර්යබහුල වෙද්දී මම මගේ අධ්‍යාපන ආයතනයේ වැඩ සමග කාර්යබහුල වුණා. මගේ සැමියාත් කාර්යබහුල නිසා සමග හුඟක් මහන්සි වී හැමදාම රාත්‍රී 8 ට විතර ගෙදර ආවත් එහි ගැටළුවක් මට දැනුනේ නැහැ.

මගේ පුතා 10 යේ පන්තියට සමත් වුණා

2016 වසරේ මගේ ලොකු පුතා 10 වෙනි පන්තියට සමත් වුණා. ඔහුට එය වැදගත් කඩයිම් වසරක් නිසා මම පන්ති පැවැත්වීම අඩු කරලා ඔහු සමග වැඩි කාලයක් ගත කරන්න තීරණය කළා. මම 2-5 දක්වා පමණක් වැඩකරලා ඉන්පසුව ඔහුව ගන්න ඔහුගේ පන්තියට කෙලින්ම ගියා.

මේ අතරේ මගේ සැමියා නගරයෙන් පිට හුඟක් වේලාවන්ට වැඩ සඳහා යන බව මට දැනුනා. මම ඒ ගැන ඇහුවත් ඔහු කිව්වේ ඉහළට යද්දී වගකීම් වැඩිවෙන නිසා ඔහුට එවැනි දේවල් සිදු කිරීමට වෙන බවයි. ඔහුට ඒවා ප්‍රතික්ෂේප කළනොහැකි බවත් කිව්වා.

ඒ වගේම ඉස්සර වගේ මගෙත් එක්ක කාලය ගෙවන්න බැරිවීම ගැන ඔහු දුක්වෙන බවත් කිව්වා. මම ඔහුව විශ්වාස කළා.

මාස කිහිපයක් ගත වෙද්දී මට තවත් දෙයක් දැනෙන්න ගත්තා. ඔහු දරුවන්ගේ අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැති බව පෙනුනා. ඔහුට ඉංජිනේරු අංශයේ උපාධියක් හිමි නිසා දරුවාට ඉගැන්වීමට ඔහුට හැකියාව තිබුනා. මුලදී මම සිතුවා ඇත්තටම ඔහුට ඊට කාලයක් නැහැ කියලා.

ඒත් පුතාගේ පළමු වාරයේ ලකුණු නිකුත් වෙනකොට ඔහු යන්තම් සමත් වන ලකුණු මට්ටමක් පමණක් ලබා ගෙන තිබුණා.

මට තවත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඔහු ගෙදර ආවිට මම ඇහුවා “ ඇයි ඔයාට පුතාට ගණිතයට උදව් කරන්න බැරි? එයට උදව් අවශ්‍ය වෙලාවේ ඔයා එයාට නැහැ.

ගෙදර තාත්තාගෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙද්දී එයා පිටස්තර කෙනෙකුගෙන් ටියුෂන් ගන්න ඕනේ. ඇයි ඔයාට එයාට උදව් කරන්න බැරි?”

ඔහු පිළිතුරක් නොදී මුළු කාලයම නිහඬව හිටියා. ඒත් මේ කතාවල් දින චර්යාවට එක්වුණා. අපි පුංචි දේවල් වලටත් නිතර රණ්ඩු ඇති කරගත්තා. වැඩිපුර පුතාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඔහු රණ්ඩු කරලා කේන්තියෙන් ටික වෙලාවකට ගෙදරින් පිටවෙලා ගියා. ටික ටික ඔහු ගෙදර එන එක තවත් අඩු වුණා. නගරයෙන් පිටත් වැඩවලට යන එක වැඩිවුණා.

ඉවසුවා ඇති

මම හුඟක් කළකිරුණා. මට ඔහුව ඕනෙම වෙලාවේ ඔහු මං ළඟ නැහැ. මං ගැන අමතක කළත් මගේ පුතාට එයාව උවමනා වෙලාවේ එයා නැහැ. මේක ඉවසුවා ඇති කියලා මට හිතුනා.

එක දවසක් ගෙදර ආවහම මටත් දරුවන්ටත් අපේ ජීවිත වලටත් මෙහෙම කරන්න හේතුව මම ඔහුගෙන් ඇහුවා. ඔහු වචනයක්වත් කතා කළේ නැහැ. මම නැවත නැවත එයම අහනකොට ඔහු තව දුරටත් අපට නොදැනීම අපත් සමග ජීවත් නොවන බව ඔහු කිව්වා.

“අවංකවම මම ඔයාට තවත් ආදරේ කරන්නේ නැහැ. මම කියන්නේ ඔයා ඔයා දිහාම බලන්න. ඔයාට වෙලා තියෙන දේ බලන්න. අපි කසාද බඳිනකොට ඔයා කොයිතරම් ලස්සනද? ඔයා දැන් හුඟක් මහත් වෙලා. මට ඔයා මගේ නෝනා කියලා කතා කරන්න ලැජ්ජයි. මගේ හිත දැන් ඔයාට ඇදිලා යන්නේ නැහැ”. මට මේ දැන් ඔහු කියපු දෙය අදහා ගන්න බැරි වුණා.

“ඔයා මොනවද මේ කියන්නේ. මම මහත් වුණේ ඔයාගේ දරුවෝ දෙන්නා ලැබෙන්න ඉන්න කාලෙයි. මම ඒගොල්ලන්ව බලාගත්තා. ඒගොල්ලන්ගේ ඉස්කෝලේ වැඩ, ඔවුන්ගේ ජීවිතය, ඔයාගේ දෙමාපියන් මෙහෙ ආවහම සලකන්න මට කියලා වෙලාවක් තිබුණේ නැහැ”. “ඒත් ඔයා උත්සහයක්වත් ගත්තේ නැහැ” ඔහු කිව්වා. “ඇයි ඔයා ඕක මට ඉස්සෙල්ලා නොකිව්වේ. මට අවුරුදු 40 ක් වෙනකන් ඉඳලා ඔයා මට ඒක කියනවා.

මම හිතුවා ඔයා ජීවිතේ සතුටින් ඉන්නවා කියලා. මම හිතුවා ඔයා මගෙත් එක්ක සතුටින් ඉන්නවා කියලා. ඉතින් මම ගණන් ගත්තේ නැහැ”. “ඒක තමයි ඔයාගේ ප්‍රශ්නේ. ඔය ගණන් ගත්තේ නැහැ. ඔයාගේ පෙනුම ගැන ඔයාට ගානක් නැහැ.

ඔයා ඔහොම මහත් වෙලා ඉන්න එක ගැන අනිත් මිනිස්සු කියන දේවල් ගැන ඔයා ගණන් ගත්තේ නැහැ. අනිත් ගැහැණු වගේ ලස්සනට ඔයා අඳින්නේ නැහැ. ඔයා නිකන් සාමාන්‍ය ඔහේ ඉන්න ගෑණු කෙනෙක් වගේ”. මම නිකන් හීනයක් දකිනවා වගේ ඇස් අදහා ගන්න බැරුව බලාගෙන හිටියා. “අවංකවම මම සාමාන්‍ය බිරිඳක්. පවුල බලාකියා ගන්න බිරිඳක්.

ඔයා මොනවද කරන්නේ. ඔයාට මේ ටික කියන්න අවුරුදු 18ක් ගත වුනාද? අපේ ලොකු පුතා ඉපදුනාට පස්සේ ඔයා ඇයි මට ඒක නොකිව්වේ. මාව ඇඟ කෙට්ටු කරගන්න තල්ලු කරන්න ඔයාට තිබුණා. ඇයි දැන්, ඇයි?” මම ඇහුවා.

“මට ඔයත් එක්ක තර්ක කරන්න උවමනා නැහැ. මට තවත් ඔයත් එක්ක ජීවත් වෙන්න බැහැ කියලා මම තීරණය කරලා ඉවරයි. මට ඔයා මගේ නෝනා කියන්න ලැජ්ජයි. ඔයා කැත මහත ගෑණියෙක්. මම පොඩි තැනක් කුලියට අරගෙන රෑට එහෙ ඉන්නවා. නැතුව මම කොහෙවත් ටවුමෙන් පිට යන්නේ නැහැ”.

මට කෑමොර දීලා ඔහු  කාර්යාල බෑගයත් අරගෙන ගෙදරින් පිටවෙලා ගියා. මම තාමත් ඔහු එනතුරු බලාගෙන ඉන්නවා.   

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ