theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

5 අවම කියවීම
මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.

මල්වර වෙන වියේ වර්ධනය ක්ෂණික සිදුවීම බහුලව දැකිය හැකිය. මල්වර වෙන වියේදී ඔබගේ දුවගේ වර්ධනය උපරිම කිරීම සඳහා අදාල සාධක මෙන්න.

මල්වරවීම යනු මිනිස් සිරුරේ විශාල වෙනස්කම් සිදු වන මිනිස් වර්ධනය තුල වු කාලසීමාවයි. ගැහැණු ළමුන් සඳහා මල්වරවීම ආරම්භ වන්නේ  වයස අවුරුදු 8 ත් 14 ත් අතර කාලයේ ය.

මල්වර වෙන වියේ වර්ධන වේගය බහුල වන අතර, හැකි තරම් වර්ධන වේගය ඉහල නැංවීම බොහෝ දෙමාපියන්ගේ  ඉලක්කය වේ.

ඔබේ දියණියගේ වර්ධනයේ උපරිම වේගය  ගැන ඔබ උනන්දු වෙනවා  නම්, ඔබ දැනටමත් එයට අදාළ විවිධ තොරතුරු සොයා බලන්න  ඇත.

දියණියගේ මල්වර වෙන වියේ වර්ධනය උපරිම කිරීමට හැකි වෛද්‍යමය වශයෙන් තහවුරු කරන ලද ක්‍රම කිහිපයක් පහත දැක්වේ.

මල්වර වෙන වියේ වර්ධනය

1.හොඳින් සමබර ආහාර වේලක්

ප්‍රෝටීන් , විටමින්, පොස්පරස්, කැල්සියම් සහ සින්ක් වලින් සපිරි  ආහාර  ඔබේ දරුවාට ලබා දෙන්න.

එසේම මස්, කිරි, එළවළු, පලතුරු හා කාබෝහයිඩ්රේට් අඩංගු සමබර ආහාර වේලක් ඇය අනුභව කරන බවට තහවුරු කර ගන්න.

මෙම ආහාරවල ඇති පෝෂ්‍ය  පදාර්ථ  එකට ක්‍රියාකර දරුවන්ට ඉහලම උසට ලගාවීමට  උපකාරි වේ. මෙම පෝෂ්‍ය  පදාර්ථ හීන   ආහාර ගැනීමෙන්  ඇයගේ ශාරීරික වර්ධනයට අඩාල කරයි.

පහත සඳහන් ආහාර හා එහි අනුපූරක පෝෂක ද්‍රව්‍ය ඇය වැඩිවිය පැමිණෙන කාල සීමාව තුල අත්‍යවශ්‍ය බව මතක තබාගන්න.

පළතුරු සහ බෙරි: විටමින් සී

කිරි, මාළු, කිරි ආහාර, හරිත එළවලු: කැල්සියම්

බිත්තර, රතු මස්, පීකදු: යකඩ

කුකුල් මස්, ඌරු මස්, හරක් මස්: ප්‍රෝටීන්

ඔබේ දරුවාගේ වර්ධනය සදහා තවත් වැදගත් පෝෂකයක් වන්නේ විටමින් ඩී. එය සඳහා හොඳම ප්‍රභවය වන්නේ සූර්යයායි. 

සාමාන්‍යයෙන්, විනාඩි 10 සිට 15 දක්වා හිරු එළිය නිරාවරණය  විමෙන්  ඔබේ සිරුරට දිනකට අවශ්‍ය විටමින් ඩී ප්‍රමාණය ලබාගත හැකි වේ.

ඔබට විටමින් D අතිරේක ලෙස ලබා ගත හැකිය. ඔබේ දියණියට  වැඩි පුර හිරු එළියේ සිටීමට නොහැකි නම්  මෙය ඒ සදහා මෙය හොඳ විකල්පයක් වේ.

විටමින් ඩී3 අතිරේක පෙති හෝ කැප්සුල් ලෙස ලබාගන්න බලන්න.

අස්ථි වර්ධනයේ ප්‍රධානතම පෝෂ්‍ය පදාර්ථ කැල්සියම් සහ විටමින් D වන බැවින් ඒ කෙරෙහි අවධානය යොමු කිරීමට වගබලා ගන්න.

මෙම විටමින් දෙක සපිරි   ආහාර වලින් ඇය පෝෂණය කිරීමෙන් ඇගේ මල්වර වන අවධියේ ප්‍රශස්ත අස්ථි වර්ධනයට දිරි දෙනවා පමණක් නොව ඔබ ඔබේ දියණියගේ ජීවිත කාලය පුරාවටම ශක්තිමත් අස්ථී සකස් කරනු ඇත

2. සාමාන්‍ය  ආහාර  රටාව

ඇය ආහාර  හරියටම  ගන්නා බව සහතික කිරීම හැර, ඇය වේලාවට  ආහාර ගන්නා බවට  වගබලා ගත යුතුයි.

විවිධ හේතූන් නිසා නව යෞවන යෞවනියන්  ආහාර  වේල මග හැරිය හැකි අතර ඒ නිසා කුසගින්නෙන් පෙළෙන  හැඟීමක් ඇති වී අධික ආහාර ගැනීමට පෙලඹිය හැකිය.

නව යෞවනියන් දිනකට ආහාර වේල් තුනක් ගැනීම  අවශ්‍ය වේ. ඇය අවදිව සිටින විට ඇය ගන්නා අහාර බෙදා ලබා දෙන්න.

නිදසුනක් වශයෙන් ආහාර වේල අතර තුර වේලාවක් තැබමින්  පැය හතරක් හෝ පහක් වරක් ආහාර වේලක් ලබා දී ඇය කුසගින්නේ නොතබන්න.

3. ඉක්මනින් නිදාගන්න  යවන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මල්වර වියේ සිටින දරුවන්ට  සෑම රැයකටම පැය 7 - 8 පැය නින්දක් අවශ්‍ය වේ. නින්දේ දී වර්ධන හෝර්මෝන උච්චතම අවස්ථාවට පැමිණේ.

දවසේ ක්‍රියාකාරකම් වලින් පසු වේගයෙන් ශරීරයට යථා තත්වයට  පත් වීමට උදව් කිරීම සඳහා හොඳම කාලය මෙයයි.

ඔබේ දරුවාට  ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගැනීම සඳහා ඔබේ දරුවා සවස් වරුවේ නිදා ගැනීමට  දිරිගන්වන්න.

ප්‍රමාණවත් විවේකයක් සහිතව, ඇයගේ සිරුරේ වර්ධන චක්‍රය උපරිම කිරිමෙන්   ඇ‍යගේ සිරුර නිසි ලෙස වර්ධනය විය හැකිය.

නිවැරැදිව නිදාගැනීමේ ඉරියව්ව පවා උපරිම වර්ධනය සඳහා උපකාරී විය හැකිය.

එය ශරීරය හැකි තරම් පැතලිව තබාගැනීමට උපකාරී වේ.  කොඳු ඇට පෙළට අනිසි පීඩනය යෙදෙන  නිසා ඔබ කොට්ටය ඉවත් කළ යුතුය.

4.ව්‍යායාම

ඇය දිනපතා ව්‍යායාම  කිරීමට දිරිගන්වන්න. බයිසිකල් පැදීම, පිහිනීම සහ ඇවිදීම වැනි ක්‍රියාශීලී ක්‍රීඩාවල යෙදීමෙන්  ඇයගේ වර්ධනය නොනවතින වේගයක පවත්වා ගන්නවා.

වර්ධනය හැරුණු විට, තරබාරු බව මර්දනය කිරීමට  හා ඇය නිරෝගී  හා ක්‍රියාශීලී ජීවන රටාවකට යොමු කිරීම සඳහා ව්‍යායාම කිරිමෙන් ප්‍රතිලාභ ලැබෙනවා.

චලනය නොවන බයිසිකල් (exercise bike) පැදීම වර්ධනය සඳහා හොඳම ව්‍යායාම වලින් එකකි.   කකුල් වල මාංශ පේශිවල නියත දිගහැරීම හා හැකිලීම කකුල් දිගු වීමට උපකාරී වේ.

හොඳම  ප්‍රතිඵල සඳහා, බයිසිකල් අසුනේ උස වැඩි කිරීම, පැඩල් පෑගීම  සඳහා කකුල් දිගු කිරීම සුදුසු වේ. ආසන උස කරන විට සිරුරට සිදුවෙන හානිය වැලක්වීමට හැඩල් බාර් එකත් උස් කරන්න.

5.වෛද්‍ය හමුවීම්

ඔබගේ පවුලේ වෛද්‍යවරයාට නිතිපතා ඔබේ දරුවා පරීක්ෂා කිරීමට ඉඩ දීම  ඇගේ වර්ධනයේ ගැටලු හඳුනා ගැනීම සඳහා හොඳම ක්‍රමයයි.

ඔබේ දරුවාගේ උස හා බර පරීක්ෂා කර බැලීමට ඔබේ දරුවා නිතිපතා වෛද්‍යවරයා වෙත ගෙන යන්න.

වෛද්‍යවරයාගේ  උපකාරය ඇතුව, මුල් අවධියේදී මිටි වීමේ ගැටලුව  හදුනා පිළියම් යෙදිය හැකිය.

ඇයගේ වර්ධනයට හේතු  වන සැගවුන රෝග තත්වයන් තිබේ නම්, ඔවුන්ට වහාම ඒ සදහා කටයුතු කළ හැකිය.

ඔබේ දරුවා මල්වර වන අවධියේදී දරුවාගේ උස වැඩි දියුණු කර ගැනීමට ඔබට කළ හැකි දේ ගැන ඔබේ වෛද්‍යවරයා  ඔබට උපදෙස් දෙනු ඇත.

6.හෝමෝන චිකිත්සාව

ලිංගික හෝමෝන සහ තයිරොයිඩ් හෝමෝන වැනි ඇතැම් හෝමෝන ශාරීරික සංයුතියේ වෙනස්කම් පාලනය කරමින් ශරීරයේ වර්ධනය  තීරණය කරනු ලබනවා.

මෙම හෝමෝනවල ඌනතාවයන් වර්ධනය අඩාල කල හැකිය. අනික් අතට, විශාලත්වය මල්වර වීමේදී වේගවත් වර්ධනයක් අදහස් කරයි.

එසේම, සමහර පෙති වර්ධනය, ශරීරයේ ප්‍රෝටීන සංස්ලේශණය දිරිමත් කරයි. හෝමෝන ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

7.නාගරීකරණය

මෙම ලැයිස්තුවේ අනෙක් කොටස් මෙන් නොව, නාගරීකරණය  සාමාන්‍යයෙන් දරුවන්ගේ   වර්ධනයේ සාධකයක් ලෙස නොසැලකේ.  

ඔවුන්ගේ වර්ධනය හා සංවර්ධනය යන දෙක කෙරෙහිම එහි ධනාත්මක බලපෑමක් ඇති බව මෑතකදී නිරීක්ෂණය කර තිබේ.

නාගරිකකරණය යනු ආහාර, ඇඳුම්, නිවාස, සනීපාරක්ෂාව සහ අධ්‍යාපනය  වැනි ඔබේ දරුවාගේ මූලික අවශ්‍යතා  සපුරාලීමයි.

මෙම මූලික අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් ලෙස සැපයෙන දරුවන්  එසේ නොලබෙන දරුවන්ට වඩා වැඩි උසකින් හා වේගවත් පරිණතභාවයක් ඇති බව පෙනෙන බව විද්‍යාඥයන් පවසනවා.

8.මිත්‍යා විශ්වාසයන්

වර්ධනය පිළිබඳ මිත්‍යාවන්  කිහිපයක් තියෙනවා. සමහරවිට ඒවායින් සමහරක් විශ්වාස කිරීම ගැන ඔබර වැරදි හැගීමක් දැනෙන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, ලණු පැනීම සහ බාස්කට් බෝල් ක්‍රීඩාව වෙනත් ක්‍රීඩාවන්ට  වඩා දරුවාගේ උස වැඩි දියුණු කළ හැකි බව සමහර දෙමාපියන් විශ්වාස කරනවා.

සමහර දරුවන්ට සාමාන්‍ය වයස 21 වෙනුවට  වයස අවුරුදු 25 වන තෙක්  වර්ධනය ඉහල නැංවිය හැකි බව සමහරුන් විශ්වාස කරනවා

ගැහැණු ළමයින් බොහෝ දෙනෙක් මෙම ඵලදායී නොවන, හානිදායක වන  තහවුරු නොවුන විශ්වාසයන්ගේ ගොදුරු බවට පත්වෙලා තියෙනවා.

ඔබේ දරුවාගේ වර්ධනය ගැන යථාර්ථවාදී බලාපොරොත්තු තැබීම වැදගත් වේ. ඒ දරුවාගේ වර්ධනය සදහා සෘජු බලපෑමක් ඇති වන්නේ දෙමාපියන්ගේ උසින්ය.

ඔබ සහ ඔබේ සහකරු  මිටි බවකින් යුක්ත  නම්, ඔබේ දරුවා ඉහළ උසක් කරා ළඟා කිරීමට අපේක්ෂා කළ නොහැකි වුවත්, එය සිදුවීම මුලුමනින්ම නොහැකියාවක් නොමැත.

ඔබේ ආදරණීය දියණියගේ මල්වර වෙන වියේ වර්ධනය නිසි පරිදි ලගා කර දෙන්නට මේ දයාබර මගපෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දෝණිගේ වර්ධනය මෙහෙම ඉහල නංවමු.
බෙදාගන්න :
  • දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

    දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

    මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

  • දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

    දියණියගේ මල්වර වීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි

  • මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

    මල්වර දිනය මංගල්‍යක් නොකරගෙන එහි අරුත පුංචි දියණියට කියා දෙන්න.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it