අම්මාගේ හීන...

අම්මෙක් දරුවෙක් වෙනුවෙන් නොකරන්නේ මොනවාද?

මුණ ටිකක් කළුවෙලා සැලුන් එකට යන්න ඕනී. ෆේෂල් එකක් කීයක්ද දන්නේ නැහැ. රුපියල් දෙදාහස් පන්සීයක් ??? පොඩ්ඩන්ට පිටි පැකට් තුනක් අරන් දෙන්න පුළුවන් සල්ලී. ෆේෂල් එකක් ඕනී නැහැ. පොඩ්ඩෝ දෙන්නාට තව කිරී වේලක් වැඩි කරලා දෙන්න ඕනී.

ෂා හරිම ලස්සන ඇදුමක්. ඉස්සර මං අදින්න ආස කල විදියේ එකක්, ගාන කීයද දන්නේ නැහැ. මේ තියෙන්නේ ටැග් එක, රුපියල් දෙදාහක් ??? අපෝ පොඩ්ඩෝ දෙන්නාටම ෂුට් දෙකක් ගන්න පුලුවන් ඒ සල්ලී වලින්, අද යන ගමන් අරන් යන්න ඕනී. මේ ඇදුමේ අත චුට්ටක් මහ ගත්තොත් තව මාස දෙකක් විතර ඇන්දැහැකි.

ලේටස් පැටන් ෂුස් දෙකක්, මගේ කකුල් වලට ලස්සන ඇති. මං ආසම පාට. හම්මෝ ගාන රුපියල් දෙදාහක් ,, කෙල්ලට ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් අරන් දෙන්න ඕනී. පව් ඊයෙත් ඒක හිරයි කිව්වා. අර තියෙන්නේ ලාබ සෙරෙප්පු දෙකක් රුපියල් දෙසීයයි.

පීසා එකක් මතක් වෙනකොටත් කටට කෙළ වුනනවා කාපු කාලයක් මතක නැහැ. රුපියල් දාහක් යනවා??? ළමයින්ට සතියකට  පළතුරු  අරන් යන්න පුලුවන් සල්ලී.  කැන්ටීමෙන් රුපියල් සීයේ බත් එකත් එච්චරම අවුලක් නෑනේ.

අනේ මං ආසම පොත් , පරිවර්තන ,අරන් ගියොත් මට ගෙදර ඉන්න කොට කම්මැලි හිතුනාම කියවන්නත් තිබ්බා. කෝ මේ ගාන. අම්මෝ රුපියල් හයසිය පනහක්? කෙල්ලට පාට පැන්සල් පෙට්ටියක් ඕනී කිව්වා. ඒ ගානට හොද එකක් අරන් දෙන්න පුලුවන්. මට ඉතින් බත් ඔතන්න ගෙනාපු පත්තරයක් කියවන්න බැරියෑ.

ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යනවාලු. වව් නියමෙට විනෝද වෙන්න පුලුවන්. ඒත් රුපියල් දේදාහක්??? ඒකට තව කීයක් දැම්මොත් පොඩ්ඩෝ දෙන්නාව zoo එක බලන්න එක්ක යන්න පුලුවන්. මගේ සතුට වගේ නෙවෙයි. පොඩ්ඩෝ සතුටු වෙයිනේ.

ටීවී එකේ දැන් මං ආසම කතාව, ඒත් කිරට මොනවා හරි හැදුවොත් පොඩ්ඩෝ ටිකක් වැඩිපුර කයි. කථාව වගේ ද පොඩ්ඩන්ගේ බඩගින්න.

මගේ සතුට වගේ නෙවෙයි. පොඩ්ඩෝ සතුටු වෙයිනේ...